නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113

    පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.

    ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළෙහි සඳහන්ව තිබුණු විදේශ සංචිත ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට ඉතාම ආසන්නයි. මෙය උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීම වැනි නූලෙන් මිස් වුනොත් කිසිම වැඩක් නැති ඉලක්කයක් නොවන නිසා, ඉලක්කය ලඟා කර ගැනීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැහැ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි. එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

    කෙසේ වුවත්, දෙසැම්බර් මාසය තුළ සංචිත ඉහළ යාම ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදලට වඩා වැඩි නිසා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බව පැහැදිලියි. දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම එයට උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි.

    මෙසේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම හමුවේ වුවද ඩොලරයක මිල පහත වැටීම විශේෂත්වයක්. මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වසර අවසාන වන විට ජංගම ගිණුමේ පැහැදිලි අතිරික්තයක් සටහන් වීමට නියමිතව ඇති බවයි. එය වාර්තාගත තත්ත්වයක්.

    - https://economatta.blogspot.com/2024/01/44.html
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    200.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිලාබිමානි වන්දනා ගැන තිබ්බට චීනෙන් හම්බුනා යුවාන් ණය ගැන එහෙම මොකුත් නෑනේ ? එතන ඩොලර් බිලියන 2ක් කිට්ටුව තියෙනවා නේ ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් 75%ක් ණය. ගිය මාසෙත් ඩොලර් මිලියන 600ක් විතර හිඟා කාගෙන ආව. චීනෙන් ගත්ත බිලියන 1.7ත් ඕකෙ තියෙනවා.

    මොන බයිලය ගැහුවත් තාම හොස්පිටල් වල බෙහෙතුත් දොස්තරලත් නෑ

    රනිල්ට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරපල්ලා නැත්නම් ඔය සංචිතෙන් සල්ලි අරන් සිංගප්පුරු යයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රනිලාබිමානි වන්දනා ගැන තිබ්බට චීනෙන් හම්බුනා යුවාන් ණය ගැන එහෙම මොකුත් නෑනේ ? එතන ඩොලර් බිලියන 2ක් කිට්ටුව තියෙනවා නේ ද ?
    මුල් කාලෙ තනිකර සංචිත බැක් කලේ ඕක ගැන කියලා. දැන් මතක් කරන්නෑ නිකමටවත්. ඒක කොහොමත් trades වලදි විතරක් ගන්න swap එකක් කියලා නේද කිවුවෙ. දැං ඒ උට්ට තිබ්බත් එකයි නැතත් එකයි වගේ ඇත්තෙ..
     
    • Like
    Reactions: lasankandy

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    රනිලාබිමානි වන්දනා ගැන තිබ්බට චීනෙන් හම්බුනා යුවාන් ණය ගැන එහෙම මොකුත් නෑනේ ? එතන ඩොලර් බිලියන 2ක් කිට්ටුව තියෙනවා නේ ද ?
    $1.4 billion. ඒක ඇරත් $100 million විතර ඉඳන් $3 Billion වැඩි වෙලානේ :lol:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    රුපියල ස්ථාවර නෑ. සංචිත ප්‍රමාණය වර්ධනය වීමෙන් පමණක් ඕක කියන්න බෑ. සංචිත ප්‍රමාණය වර්ධනය උනේ මොන විදියට කියන එක බලපානවා. එක පුද්ගල ආදායම අඩු වෙද්දී උද්දමනය දිගින් දිගටම වැඩි වෙද්දී රටේ ආර්ථිකය හකිලෙද්දි කෘතිමව වැඩි කළාට වැඩක් නෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕකෙන් 75%ක් ණය. ගිය මාසෙත් ඩොලර් මිලියන 600ක් විතර හිඟා කාගෙන ආව. චීනෙන් ගත්ත බිලියන 1.7ත් ඕකෙ තියෙනවා.

    මොන බයිලය ගැහුවත් තාම හොස්පිටල් වල බෙහෙතුත් දොස්තරලත් නෑ

    රනිල්ට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරපල්ලා නැත්නම් ඔය සංචිතෙන් සල්ලි අරන් සිංගප්පුරු යයි
    Up
    කොහෙන්ද දැන් ඔය ඩොලර් එන්නෙ. රනිල් ගෙදරින් ගේන්වද
    Good question
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    If you stop paying for debts, earn more than you spend, and take some additional loans, your personal reserves will also go up.😛😛😛
     
    • Like
    Reactions: Sen-lu

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    uparima tawa maasa 3-4 i
    PUCA utto kari jeppo awot tamai

    ඕකෙන් 75%ක් ණය. ගිය මාසෙත් ඩොලර් මිලියන 600ක් විතර හිඟා කාගෙන ආව. චීනෙන් ගත්ත බිලියන 1.7ත් ඕකෙ තියෙනවා.

    මොන බයිලය ගැහුවත් තාම හොස්පිටල් වල බෙහෙතුත් දොස්තරලත් නෑ

    රනිල්ට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරපල්ලා නැත්නම් ඔය සංචිතෙන් සල්ලි අරන් සිංගප්පුරු යයි
    chinen 1.4 billion buruwo tiyenne. last year okkoma 1.8 billion tibbe dan 4.4 billion 😂 😂 jepi andonaa
    ------ Post added on Jan 5, 2024 at 10:52 PM
     
    • Haha
    Reactions: 2osama and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    රුපියල ස්ථාවර නෑ. සංචිත ප්‍රමාණය වර්ධනය වීමෙන් පමණක් ඕක කියන්න බෑ. සංචිත ප්‍රමාණය වර්ධනය උනේ මොන විදියට කියන එක බලපානවා. එක පුද්ගල ආදායම අඩු වෙද්දී උද්දමනය දිගින් දිගටම වැඩි වෙද්දී රටේ ආර්ථිකය හකිලෙද්දි කෘතිමව වැඩි කළාට වැඩක් නෑ.
    ඔය ඔක්කොම හොඳට වෙන්න මේක තම බංකොලොත් කියල අවුරුදු 1.5 නේ

    ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!

    පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    - https://economatta.blogspot.com/sea...:00-05:00&max-results=7&start=7&by-date=false

    ඔය normal ගානට වේගෙන් එන්නේ :lol:

    රුපියල ස්ථාවර නෑ.?

    Yw7P02S.jpg

    l8fJDy0.jpg

    O4a9s0D.jpg

    m5EkGbg.jpg

    මෝඩ ගෝඨා tax ඔක්කොම කපලා දාලා 8.2% ට වට්ටපු Governmet revenue to GDP ratio එක ආපහු 2018 මට්ටමට 12% කරගෙන තියනවා 2024 Jan. වෙනකොට.
     
    Last edited:

    Similar threads