මචන්, උබත් හොයන්නේ ඇත්තටම දැනට තියන දහමෙන් නිවනට යන්න පුලුවන්ද කියලා.
මේක කතාකරන එක හොදයි.මුලින් උබේ කමෙන්ට් එක දැක්කම ටිකක් එකග වෙන්න බැරි ගතියක් තිබුනට උබ මැදදී උබ අහන දේ කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.ඒත් මුබ මේ මාර්ගය ට්‍රයි කරලවත් නැතුව කොහොමද සන්වාදයක් ගෙනියන්නේ.මම කියන්නේ මුලින්ම උබ මේක ප්‍රැක්ටිස් කරන්න ගනින්.නැත්තන් වෙනදේ මේක ප්‍රැක්ටිස් කරපු එකෙක් මේක තේරෙනවා, මේක මෙහෙමයි කියයි, උබ කියයි නෑ නෑ මොකද උබට කිසිම ප්‍රැක්ටිකල් ඇත්දැකීමක් නෑනේ. අන්තිමට ආයෙත් උබ බැහැර කරපු පොතම අයෙත් අතටගන්න වෙනවා අරු එක්ක සාකච්චාව ගෙනියන්න.
මමත් විශ්වාස කරනවා, පොතේ තියනදේ හරි ඒත් , මේක ප්‍රායෝගිකව අත්දකින, මාර්ගයේ යන්න අවශ්‍ය පහසුම, හොදම, ලේසිම තාක්ශනය පොතේ නැතිවෙන්න පුලුවන්.
උදාහරනෙකට මේසන් වැඩ කරන පොතක් හොයාගත්තොත් ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් ආදුනිකයෙක්ට ,තියරිකලි කතාකලොත්. ඒත් ඒක ඒත් එයා ඒක හදන්න ගතවන කාලය, බිත්ති ඇදවෙලාමුලු පරස් හිටලා, මුලු මට්ටම නැතුව මුලු කැලේ ගිහින් , ඒවා ආයෙ කඩලා ඉගනගන හදන්න අවුරුදු ගානක් යයි. ඒත් පලපුරුදු බාස් කෙනෙක්ගේ පලපුරුද්ද වගේම මිනිහට වැඩකරලම තාක්ශනයක් තියනවා.එක එක ඒවට ලේසි ක්‍රම , රහස් ක්‍රම තියනවා . ඒවගෙන් මිනිහා ගේම ගහනවා දවසෙන් දෙකෙන් නිවැරදිව.
ඒවගේ බුදුදහමත් වෙන්න පුලුවන් ඇතිකියලා මම හිතනවා.
-- cts