මගේ ගමන පැහැදිලියිනම් එච්චරයි. මම මේ ත්රෙඩ් එක ඇරියේ විවාදෙකට නෙමෙයි සංවාදයකට. කවුරුත් කියනවා නිවණ අපිට ගොඩක් දුරයි කියලා. මම අහන්නේ නිවණ ඇයි ඔච්චර දුරස්වුනේ කියලා මොකද මට හැඟෙනවා අපිමයි මේ දුරස් කරන් ඉන්නේ කියල. පන්සලෙන් ලොකු මෙහෙයක් වුනාට පන්සලෙන් වියයුතු රාජකාරිය 100% ක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. එතන තමයි බුද්ධ පුත්රයන්ගේ තෘෂ්ණාවේ උල්පත. උදාහරනෙකට අපේ ගමේ ගෙදර අල්ලපු වත්තේ තියෙන පන්සලට යන්න පාරක් නැතිව කෙඳිරිගානකොට මගේ ආච්චි වත්ත මැදින්ම පාරක් දාල දුන්නා, පන්සලට ඉඩ මදි කිව්වම ළඟ තියෙන ඉඩන් දන්දුන්නා ඒවා කරලා මදි වෙලා තව ගොඩ වැඩිකරන්න අපි මේ ඉඩන් කාලෙක ඉදන් පාවිච්චිකරනවා මේවා සඟ සතු දේපොළ කියාගෙන මගේ දෙමව්පියෝ එක්ක නඩු කියපු වහන්සේලාත් හිටියා. බෝ ගස් කපන්නේ නැති නිසා කුප්පකමට වහලට බෝ අතු එන්න වැට මායිමේ බෝධිය ඉන්දපු දේවදත්ත පරපුරේ ගනයොත් හිටියා. ලින්ඩට බලු වැඩ වලටනං බෙහෙත් ඕනතරන් තියෙනවා ඒත් ඕව කතාකරලා ඇති වැඩක් නෑ. අපි අපේ මාතෘකාව ගැන විතරක් කතාකරමු.
මුලින්ම ලෝකේ හැටි ඔන්න ඕකයි කියලා තෙරුම් ගන්න බලපන්.මොකද අතීතයේ අල්පේච්ච, සුපේක්ශල ශික්ශාකාමී, ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා සිටියා කියලා හිතන්න පුලුවන්.ඒ කොලිටීස් නිසාම උන්වහන්සේලාගේ සන්ඝ සමාජයේ මග වඩන , මාර්ගඵ්ල ලාභී ආර්යන්වහන්සේලා ඉන්න ඇති.ඒත් මේ ලොකේ සියලුදේම කාලයත් එක්ක වෙනස්වීම නිසා දැන් ගොඩක් එක්ස්පෝස් වෙලා තියන පන්සල්වල ඒ අල්පේච්ච තාවය නෑකියන්න පුලුවන්.හැබැයි අපිට ටක්කෙටම කියන්න බෑ ඒවගේ මගවඩන්කවුරුත් නෑ කියල අපි දන්නෑ.
ඉස්සර පන්සල්වල හාමුදුරුවෝ පන්සලේ හිටියා කියනවා, හවසට ගමේ මිනිස්සු ටික පන්සලට යනවා කියනවා(පිරිමි ටිකක්).පහනක් නේ ඉස්තෝප්පුවේ පත්තු කරන්න ඇත්තේ, බෝමලුවෙත් පහන් විතරයි.බයිසිකලයක්වත් නෑ පන්සලට, දානෙට වඩින්නේ පයින්.කැම්පස් යාමකුත් නෑ.එතකොට තමුන්ට තියනදේවල් ගැන අවධානය දෙනවා නිකම්ම.සමහර විට සතිපට්ඨානය.පන්සල්වල නෙවෙයි ඉස්සර මලගෙවල් වලත් මිනිස්සු එකතුවෙලා සතිපට්ඨානය කියනවලු.මොකද කටින් කිව්ව දෙයක් මිසක් තාස්සනේ නෑ දැන්වගේ.අඩුමගානේ හාමුදුරුවොත් භාවනාවක් කරන්න ඇති පොත්ගුලේ පොත් කියවන්න ඇති ඒ.
අනික ඒකාලේ ගුරු හාමුදුරුවෝ එහෙමත් ගොඩක් තදින්ත මන්ගේ ගෝල පිරිස හදලා තියනවා.ආනන්ද මයිත්රෙ මහනාහිමි චරිතාපදානය(-ඉත්තෑපානේ ධම්මලන්කාර හිමි) කියෙව්වොත් තේරෙයි මොනතරම් කට්ටක් කාලද කියන එක සාමනේර අවධියේ.ඒ පන්නරය මගපෙන්වීම නිසාම උන්වහන්සේලාගේ පරම්පරාව දැඩි විනය සිල්වත් භාවය,ධර්මඥාන,භාශා ඥානයෙන් ඉහලින් හිටියා ඒ සන්ඝ පරම්පරාව මේකේ ඉන්න බොහෝදෙනෙක්ට පොඩිකාලේදී හෝ දකින් වාසනාව තිබුනා.
එතනින් පසු මේ කාර්මික විප්ලය්වය විවුර්ත ආර්තිකය හමුවේ පන්සලටත් අර සරල , මැනුවල් ක්රමවලින් ගිය ගමන ටිකෙන් ටික වෙනස් වෙන්න වෙන්න ඇති.පන්සලේ ඉගනගත්ත හාමුදුරුවෝ බස් එකෙන් ඈත තියන පිරිවෙනට ගියා.පහන් පත්තු කරපු පන්සලේ ඉස්තෝප්පුවෙ ගමේ මුදලාලිගෙන් ලෑම්ප්ශේඩ් එකක් පත්තු වෙන්න ඇති.පොලතු විහාරගේ වෙනුවට සෙමෙන්තියෙන් මකර තොරන දාපු විහාරගේ .පයින් වැඩපු හාමුදුරුවෝ මිනිස්සු මොටර් රියෙන් දානෙට එක්ක යන්න ඇති, ඒනිසාම දුරදාන , බන බාරගන්න ඇති, දැන් පන්සලටම කියා වාහනයක් ගන්න වෙන්නැති, එක්කෝ දායක මහතෙන් පන්සලට වායහනය්ක් පූජාකරන්න ඇති හාමුදුරුවන්ට කටයුතුවලට අපහසුවකින් තොරව යන්න.
ඒහා සමගාමීව මිනිස්සු සීග්රයෙන් තාක්ශනය එක්ක හුරුවෙද්දී ඒ විදියට ස්වාමින්වහන්සෙඋඉලාගේ සන්ඝ සන්ස්ථාවත් අනුගතවෙන්න ඇති.පන්සලේ ලයිටි තියෙනම් මිනිස්සු ෆෑන් දෙනවා, උබ ඇමතිතුමානම් අදුරන ස්වාමීන්වහන්සේ කෙනෙක්ට ඒසී එකක් දාලදෙයි.ඉතින් ඔය ගලායාම නවත්තන්න බෑ කාටවත්, ඒකෙන් වැඩපහසුව වගේම ටිකෙන් ටික සැප පහසුවත් ගිහි හෝ පැවිදි සමාජයට ආවා.ඒකෙන් වැඩ පහසු උනා උනත්, වැඩවැඩිවෙලා අධික කාර්යබහුල උනා.මොකද වෙනදා ඇක්සස් කරපු පරාසයට එහා ලොකු පරාසයක් දැන් ඇක්සස් කරන්න වෙලා.මොකද තාක්ශනය නිසා දුර ඉන්න මිනිස්සුත් ලන්වෙලා,දැන් ප්රතිලාභ ලබන්නන් ගාන වැඩිවෙලා.
බොරැල්ලේ හාමුදුරුවන්ට හාමුදුරුවන්ට බනට නුවරටත් යන්න වෙලා.එදාතිබ්බ දහම්පාසල් වෙනුවට ඒවාගේ පරිපාලය ක්රමවත් වෙලා. එක ප්රශේශයක 10-20ක් එකතුකරලා සාශනාරක්ශක බල මන්ඩල හදලා. දිස්ත්රික්කයක බලමන්ඩල එකතු කරලා දිස්ත්රික් බලමන්ඩල හදලා.
මම දන්න ස්වාමෙන්වහන්සේනමක් දිස්ත්රික් බලමන්ඩලයක ලේකම් උනවහන්සේට (දිස්ත්රික්කයෙන් බලමන්ඩල 43 ) *(15- දහම්පාසල්) වගේ දහම්පාසල්වල විශේශ කටයුතුවලට ආරාධන ලැබෙනවා.උන්වහන්සේම කියනවා අපිට බණපොහක් බලන්නවත් වෙලාවක් නෑ කියන එක.දැන් ඒවගෙන් අයින්වෙන්න වැඩකරගන යනවා කියනවා.ගිහියන්ගේ කටයුතුවලට හාමුදුරුවෝ හිරවෙලා. ඒ හාමුදුරුවෝ දයක ගෙවල් 350ට දානෙකට වැඩමකලේ මිනිස්සු මුන බලන්නෑ.අපි මෙච්චර කරලත් අපිව ගනන්ගත්තේ නෑ කියලා.
එහෙම අධිකව කාර්යබහුල වෙලාතමයි බලන්ගොඩ හාමුදුරුවෝ ලොකු තනතුරු අතඇරලා තියෙන්නේ, ස්පිරිචුවල් පැත්ත හදගන්න බෑ කියලා.ඒත් හැමෝටම එහෙම කරන්න බෑ.
--cts-----
Last edited:
වෙන්න ඇති! හැබැයි මං මේ thread එකට අවේ ඔහෙට ධර්මය උගන්නන්න නෙවේ. Sorry! 









