බුදු හාමුදුරුවොම කියල තියෙනවනේ විශ්වයේ දිග පළල හොයන්න ගිහින් අමාරුවේ වැටුන කෙනෙක්ට මුළු විශ්වයම තියෙන්නේ අපේ මේ ශරීරය ඇතුලේ කියල....
විශ්වය කෙළවරක් පෙන්නේ නෑ වගේ තම නිවන අපේ ලගම අපි එක්කම හිටියට තේරුම් ගන්නේ නෑ, එකට හරි අවබෝධය විතරයි ඕනි. අපි ගොඩක් දේවල් වලින් ඒ යථාර්තය වහගෙන ඉන්නේ. හරියට ලුණු ගෙඩියක් වගේ, ටිකෙන් ටික පොත්ත පොත්ත ගලවාගෙන ගියාම නිවන අවබෝද වෙයි.(මට තේරුන විදිහට කිවේ)
බුදු හාමුදුරුවන්ගේ කාලේ රංචු පිටින් නිවන් දැක්කේ එයාල පාරමිත සම්පුර්ණ කරලා හිටපු නිසා...කාලනු රුපීව එයාල ඒ කලේ ඉන්දියාවේ බුදු හාමුදුරුවන්ගෙන් බණ අහන්න පුළුවන් පැති වල ඉපදුන... එත් බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපු හැම එක්කෙනාම මාර්ගපල ලබා ගත්තේ නෑ ..
නිවන පුර්ණය කරගත්තා කියන්නේ උතුම් අරිහත්වයට පත් උන එක, ඒ කියන්නේ මාන්නය සම්පුර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේ උතුමෝ මේ වගේ විකුර්ති වෙලා තියෙන සමජෙකට ඇවිත් මම රහත් මේ පාර හරි පාර කියල කියන එකක් නෑ ... ඕනෑම කෙනෙක් ගිහින් ඇහුවොත් කියල දෙයි.
පන්සිල් පද පහ හැරියට් තේරුම් අරං එකෙන් පටන් ගමු....
ලෝකෙම තියන පස් ගොඩේ ඉන්න අපි, ටිකෙන් ටික ලංකාවට, පළාතට,දිස්ත්‍රික්කයට ග්‍රාමසේව වසමට ඇවිත් අන්තිමට කොහොම හරි බුදු හාමුදුරුවෝ නියපිටට ගත්ත පස් ගොඩට යමු. අපු සංසර ගමනත් එක්ක බලනකොට මේ යන්න තියන දුර එච්චර ලොකු නෑ...