නිවන්සුව සහෝදරවරුණි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නිවන්සුව සහෝදරවරුණි

    ඒ හිනා හඬ කොහේද
    නිල් අහස හොයාවි..
    හිනා පුරවපු විහිළු
    කොහේදැයි අසාවි..
    සමු අරන් බව නුඹලා
    අදහන්න බැරි වේවි ..
    හඬන්නට කඳුළු මදි
    වළාකුළු කියාවි...

    වීරයෝ සමු ගත්හ..
    ඔබ සැමට නිවන් සුව....

    පෝල් වෝකර්, ස්ටීව් ජොබ්ස්, ගඩාෆි ,ෆිල් හියුජ්ස්, මැරුණම පිරුන නිව්ස් ෆීඩ් එක
    අද නොපිරෙන්නේ සමහරවිට අපේ වීරයන්ගේ හම සුදු නැති නිසා වෙන්න ඇති.. නැත්තන් මයිත්‍රී මහින්ද ගැන කතා කරන එක ඊට වඩා ආතල් නිසා වෙන්න ඇති...

    Cq93V5r.jpg

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: gayankuwait

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව් දෙයියනේ...නිව්ස් බලලා ඇඬුනා...මොන තරන් වටින මොල ටිකක්ද?:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැවි දැවී තැවුණු සිත්
    සිය දහක් සුව කරන්
    හිරිමල් තුරුණු වියම
    රුපු යුදට පුද කරන්

    නොපැතුවෙන් යස ඉසුරු
    මව් බිමේ නාමයෙන්
    ගිනිගත් එ ලකඹරත්
    සිසිලසින් පොබ කළත්

    මා පියන් දූ දරුන්
    බිරින්දෑ සිහි උණත්
    අත්නෑර නුඹේ විරිය
    ගත සිතත් දැඩි කරන්

    පැතිරවූ ජය ගොසත්
    රුපු ඔද තෙදත් නසන්
    ගෙනා ඒ සැනසුමත්
    අප සිත් සතන් පිනත්

    අමතක නොවේ සොයුර
    එදා නුඹ විරු දරුන්
    සිහ සෙයින් දිරි වඩන්
    සැනසවූ ලක් මවුන්

    එදා මරු පරදවා
    ගිනි දැල් නිවු නමුත්
    දෛවෙ සරදමකින්ද
    සමු ගත්තෙ අපේ ලොවින්

    නිසලයි එදා දිලුණ
    නුඹේ නිල් නයනයන්
    නිහඬයි එදා ඒ
    ගිගුම් දුන් සිහ නදත්

    යලි දිනෙක හමු වෙන්න
    එක මවගේ දරු ලෙසින්
    පතමු අපි එක සිතින්
    අප අතර ඉපදියන්​

    **********************************************************************************************************************************************
    නුඹලාට හයිබ්‍රිඩ්,ඉන්ටකූලර් සිහින නොතිබුණු බව සැබෑය.සම වයස් අනෙකුත් කොල්ලන් ජීවිතය විඳිත්දී නුඹ එය විඳවූ බව නොරහසකි.ජීවිතයේ හොඳම කාලය ලේ,යකඩ වලට සිරකර නුඹ යස ඉසුරු නොපැතූහ.අනෙකුත් අම්මලා සනසවන්නට නුඹේ අම්මාට කඳුළු දුන් බව අප නොදන්නේ නොවෙමු.ජීවිතේට වත් නොදැක්කාවූත් සුද්දන් මිය යත්දී දුක් වුණු තරමට වත් ඒ අම්මලාගේ දරුවන් නුඹේ මළගම ගැන නොතැවුණු බවද පවසන්නේ පොලොව පලාගෙන යන තරමේ ආත්මීය ලජ්ජාවකින් සහ වේදනාවකිනි.
    ක්‍රීඩාවෙන් ජය ලැබුවන් රටේ නාමය ලොව පැතිරවූ බව සැබෑය.
    ඒත් උන් සෙල්ලම් කලේ ලැබෙනා අති මහත් වූ මුදල් කන්දරාවට මිසෙක රට ගැන ඇති කෙහෙල්මල් හැගීමකින් නොවනා බවද සක්සුදක් සේ පැහැදිලිය.එහෙව් එවුන් සිංහයින් ලෙස ලේබල් ගසා ඔවුන් වෙනුවෙන් ජය ගීත පවා ගැයුහ.
    බහුතරයා එසේ වුවත්,නුඹලාව අමතක නොවූ,නොකරන සුළුතරයක් තවත් මෙසිරිලකෙහි වසන බව අමතක නොකරනු මැනවි.උන් සැමදා නුඹ වෙනුවෙන් නැගී සිටිනු ඇත.නුඹලා වෙනුවෙන් උන්ගේ පන්හිඳ යොමනු ඇත.
    සෝවුරනි,අපේ කාලයේ වීරයන් වන නුඹලා නැවත මෙලෙසින්ම අප අතර ඉපිදේවා.මක් නිසාද යත් මව් බිමට අවැසි වනුයේ මුදලට සෙල්ලම් කරන්නන් හෝ උපන් බිමට පිටුපා පළා යන්නන් නොවන නිසාවෙනි.
    අප හදවත් තුල එදා මෙන්ම අදත්,හෙටත් නුඹලා ජීවමානව වැඩ වසනු ඇත....
    සටහන මලිත්තාගෙන්​

    ඇත්තටම ඇඬුනා මලිත්තෝ..:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වෙලාව ආපුවාම කාටත් යන්න වෙනවා,කර්ම චක්කරේ හැටියටයි ප්‍රථිපල,එක නිසා දුක් වෙලා වැඩක් නැ,මම නම් ප්‍රර්තනා කරන්නෙ සංසාරයේ එ අය ඉන්නකන් මෙවන් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා කියන එක විතරයි....
     
    :(