නිවන් දකින්නේ කොහොමද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරි හරි අහන්නෙ නැහැ.... 😜 ප්‍රශ්ණ අහල අමාරුවේ දාන්න ඕනි නැහැනෙ නේද මචං? අන්තිමට මොන විදිහකින් ගත්තත් වැඩක් නැහැ කියල ඔහේ කියවනවනෙ ... ඔය ක්‍රමයට මාර්ග ඵල ලබුවහම වෙන දෙයක් වෙන්ටෑ. :lol:

    හොඳ වෙලාවට අනික් මාර්ග ඵල ලාබීන් ඔය වගෙ නැත්තෙ....:P

    මාර්ගඵල ලාබින් ගැන මාර්ගඵල ලබලම බලන්න, පෘටක්ජන කෙනෙක්ට මාර්ගඵල මනින්න බැහැනේ 😉
    මාර්ගඵග ලාබින්ට ඔයා අහන ලෞකික ප්‍රස්න එකක්වත් නැහැ, ප්‍රස්න තියෙන ප්‍රස්න වලට උත්තර හොයන පෘටක්ජන මිනිස්සු තමයි අමාරුවෙ වැටිලා ඉන්නේ, ඔය ප්‍රස්නවලට උත්තර කවදාවත් හම්බෙන්නැහැ, ඔය ඇන්දිලා ඉන්න ඇන්දිල්ල ඔයාට නිවන් දකිනකන් අවබෝධ වෙන්නෙත් නැහැ
    මිරිගුවක් ඇතුලේ පේන මාලුවෙක්ගේ පාට මොකක්ද ඇහුවොත් මට ඕන උත්තරයක් දෙන්න පුලුවන්, ඒත් ඒ එක උත්තරයක්වත් වැඩක් නැහැ
    ( මාර්ගඵල ලාබීන් කොහෙද ඉන්නේ? 😏)
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මන් නැති වුනා කිව්වේ නැහැ, "ඇති" "නැති" බවක් ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කිව්වේ, අනිත් එක මට ඕනෙ දෙයක් ගැන කතා කරන්න පුලුවන්, ඒත් මට වැඩක් තියෙද ඒ කතා කරන දේවල් වලින්?

    අනිවාර්යයෙන්, ඔබතුමා සොවාන් උනාට ලෝකයෙනෙ තාම ජීවත් වෙන්නෙ..ඉතින් ඇත, නැත අන්තයෙ තමයි...ඉතින් ඒවා වැඩක් නැති වෙනෙ කොහොමද? අහුවෙන්නෙම ඇත නැත විදිහට නම්...

    අවිද්යාව කියලා දැනගෙන තමයි අවිද්යාවේ ඉන්නේ, සම්මා දිට්ටිය නතර වෙලා නැහැ 😉

    සම්මා දිට්ටියට පත් උනා කියල කොහොමම්ද දන්නෙ?
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මාර්ගඵල ලාබින් ගැන මාර්ගඵල ලබලම බලන්න, පෘටක්ජන කෙනෙක්ට මාර්ගඵල මනින්න බැහැනේ 😉
    මාර්ගඵග ලාබින්ට ඔයා අහන ලෞකික ප්‍රස්න එකක්වත් නැහැ, ප්‍රස්න තියෙන ප්‍රස්න වලට උත්තර හොයන පෘටක්ජන මිනිස්සු තමයි අමාරුවෙ වැටිලා ඉන්නේ, ඔය ප්‍රස්නවලට උත්තර කවදාවත් හම්බෙන්නැහැ, ඔය ඇන්දිලා ඉන්න ඇන්දිල්ල ඔයාට නිවන් දකිනකන් අවබෝධ වෙන්නෙත් නැහැ
    මිරිගුවක් ඇතුලේ පේන මාලුවෙක්ගේ පාට මොකක්ද ඇහුවොත් මට ඕන උත්තරයක් දෙන්න පුලුවන්, ඒත් ඒ එක උත්තරයක්වත් වැඩක් නැහැ
    ( මාර්ගඵල ලාබීන් කොහෙද ඉන්නේ? 😏)
    ඔයා කියනව, අපි අහනව... අපි දන්න මාර්ගඵල ලබීන් ඔයවගෙ බහුබූත කියවල නැහැ මචං... ඒ අය මිරිගුව ඇතුළෙන්ම ඕකට උත්තර හොයන විදිය පෙන්නල තියෙනව, ඔයා ඒක මිස් කරගෙන වෙන වෙන ට්‍රැක් සීන් කියෙව්වට වැඩක් නැහැ... :P
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයා කියනව, අපි අහනව... අපි දන්න මාර්ගඵල ලබීන් ඔයවගෙ බහුබූත කියවල නැහැ මචං... ඒ අය මිරිගුව ඇතුළෙන්ම ඕකට උත්තර හොයන විදිය පෙන්නල තියෙනව, ඔයා ඒක මිස් කරගෙන වෙන වෙන ට්‍රැක් සීන් කියෙව්වට වැඩක් නැහැ... :P

    ඉතින් ගොඩක් හොදයි මිරිගුව ඇතුලෙම ඕකට උත්තර හොයන විදිහ කියලා තියෙනවනම් කව්රුහරි, ඉතින් ඒ පෙන්නල දීපු විදිහ කරලා නිවන් දකින්න, මන් කියන බහුබූත ගැන වදවෙන්න එපා 😉

    ඉතින් ඒවා වැඩක් නැති වෙනෙ කොහොමද? අහුවෙන්නෙම ඇත නැත විදිහට නම්...

    කොහොම අහුවුනත් අහුවෙන්නේ අවිද්යාව කියලා එක පාරක් දැක්ක කෙනෙක්ට ඊට පස්සෙ ඇත නැත නෙමෙයි මොන වචනයක් ගත්තත් එකයි, රැලි මොන සයිස් එකෙන් කොහොම ආවත් මුහුදම තමයි

    සම්මා දිට්ටියට පත් උනා කියල කොහොමම්ද දන්නෙ?

    නිවන් දැකලම බලන්න 😎
    අනික ඔයාලට ත්‍රිපිටකය ගැන ලොකු දැනුමක් තියෙනවා, නිකන් කාලෙ නාස්ති කරන්න එපා ඔයාගේ බාහිර ලෝකෙ ඉන්න කෙනෙක් එක්ක, වඩන මාර්ගයක් වඩලා නිවන් දකින්න
    ------ Post added on Feb 11, 2025 at 10:24 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඉතින් ගොඩක් හොදයි මිරිගුව ඇතුලෙම ඕකට උත්තර හොයන විදිහ කියලා තියෙනවනම් කව්රුහරි, ඉතින් ඒ පෙන්නල දීපු විදිහ කරලා නිවන් දකින්න, මන් කියන බහුබූත ගැන වදවෙන්න එපා 😉

    ඉතිං මචං අර රෝෂ් කියනව වගෙ අපි ඔයාගෙන් ඇහුවේ නැහැනෙ, ඔයාටනෙ ලොකු උවමනාවක් තියෙන්නෙ අපිව විදර්ශනා කරවන්න, නිවන් දක්වන්න... ඉතිං අපිට දෙයක් කිව්වහම ඒකට අපි අපේ අදහස කියනව... ඕනි උනහම නවත්වනව... nothing more, nothing less :rolleyes:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතිං මචං අර රෝෂ් කියනව වගෙ අපි ඔයාගෙන් ඇහුවේ නැහැනෙ, ඔයාටනෙ ලොකු උවමනාවක් තියෙන්නෙ අපිව විදර්ශනා කරවන්න, නිවන් දක්වන්න... ඉතිං අපිට දෙයක් කිව්වහම ඒකට අපි අපේ අදහස කියනව... ඕනි උනහම නවත්වනව... nothing more, nothing less :rolleyes:

    හරි හරි, ආයෙ කියන්නැහැ
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඉතින් ඒවා වැඩක් නැති වෙනෙ කොහොමද? අහුවෙන්නෙම ඇත නැත විදිහට නම්...

    මේක රහතන් වහන්සේ කෙනෙකුට නම් හරි...එන්නෙම, අවිද්යවෙන් තොරයි, අයෙ මොකක් උනත් එකයි..

    සොවන් කෙනෙකුට එහෙම වෙන්නෙ නැ..එහෙම වෙනවනම්:

    ඔබතුමාට අවිජ්ජවෙන් අරමුනා ආවටත් පස්සෙ, තවත් අවිජ්ජා මනසිකින්ම කල්පනා කරනව මේක අවිජ්ජාව නිසා වැරදී.. කියල...
    තනිකරම බොරුවක් වෙනවනෙ...පිස්සා , පිස්සගෙ පිස්සු මනසින්ම හිතනව පිස්සු නැ කියල..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මිනිස්සු අවිද්යා බූමියේ ඉන්නේ

    අවිද්යා පවතින විට දුක පවතිනවා, අවිද්යාව කියන්නේ යටා ස්වභාවය ස්වභාවය නොදැකීම, යටා ස්වභාවය තමයි අනිත්යයි අනාත්මයි දුක්කයි කියලා කිව්වේ, ඔතන වචන අර්ථයකින් කියන්න උත්සහ කරේ වචන වලින් පැහැදිලි කරනින බැරි ශූන්යතාවය, නිවන

    දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?

    මේ ටයිප් කරන මම කවුද? ඇස් දෙකෙන් දකින අරමුනු මත සකස් කර ගත්ත අවිද්යා බූමිය තුල ඉන්න පුද්ගලයෙක්, මේ ටයිප් කරන මම ඉන්නේ ඔයාගේ බාහිර ලෝකයේ විතරයි, ඒකට independently මම කොහෙවත් නැහැ, බුදුන් දහම් සගුනුත් ඒමයි, බාහිර ලෝකයම අවිද්යාව මත ගොඩනැගෙන්නේ

    ඒත් පෘටක්ජන මිනිස්සුන්ට අවිද්යාව හමුවෙන්නැහැ, මෙතන මේ හමුවෙන්නැහැ කියන "අවිද්යාව" මිනිස්සු තේරුමක් පනවලා සකස් කර ගත්ත අවිද්යාව නෙමෙයි, ඒක ලෝකොත්තර නිවන තුල පවතින දෙයක්, මිනිස්සු කරන්නේ අරමුනු වල යතා ස්වභාවය නොදැක ගොඩනගපු සංකල්ප ( ධර්මය, අභිධර්මය, භාවනාක්‍රම..) මේ හැම දේම තුලින්ම කොහෙද තියෙන නිවනක් දකින්න හදන එක, අර උඩ කිව්ව වගේ "දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?"
    ඈ? ඔබතුමා සෝවාන් වෙලාද? සාදු සාදු සාදු! 🙏🙏🙏
    අනේ මන්ද ආර්ය උපවාදයක් වත් උනාද දන්නේ නෑ. :baffled:

    අනේ අප ගැන අනුකම්පාවෙන්ම බලන්න. නොදැන කල වරදක් නිසා සමාව දෙන්න.:baffled:

    අනේ පින්වත් ඔබතුමාට හැකි නම් "ශුන්‍ය ශුන්‍ය කියල හැමෝම කියනවා නේ, කොපමණකින් ශූන්‍යද යන්න පහදන සේක්වා! 🙏🙏🙏
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමාට අවිජ්ජවෙන් අරමුනා ආවටත් පස්සෙ, තවත් අවිජ්ජා මනසිකින්ම කල්පනා කරනව මේක අවිජ්ජාව නිසා වැරදී.. කියල...
    තනිකරම බොරුවක් වෙනවනෙ...පිස්සා , පිස්සගෙ පිස්සු මනසින්ම හිතනව පිස්සු නැ කියල..

    ඉතින් අවිද්යාවේ ඇතුලේ ඉන්න හැමෝම අරමුන ගන්නේ අවිද්යාවෙන් තමයි, පෘටක්පිජන පිස්සා පිස්සු මනසින් හිතනවා පිස්සු නැ කියලා, සෝවාන් පිස්සා පිස්සු මනසින් හිතනවා පිස්සු තමයි නියලා
    පිස්සු කියලා දන්න සෝවාන් කෙනාට පිස්සු ටිකක් කොහොම කිව්වත් ඇති වැඩක් තියේද කියන්නේ පිස්සුනම් එයාට?

    දැනටම ඔයාට රහත් කෙනෙක් අරහෙමයි සෝවාන් කෙනෙක් මෙහෙමයි කියලා අවිද්යාවෙන් අහුවෙලා ඉවරයි, මම ඉන්නෙත් ඒ අවිද්යා ලෝකෙම තමයි ඔයාගේ

    ඒත් මට රහක් කෙනෙක් x විදිහයි සොවාන් කෙනෙක් y විදිහයි නෙමෙයි කොහොම කිව්වත් එකයි, අවිද්යාවම තමයි. සොවාන් කෙනාගෙයි රහත් කෙනාගෙයි ස්වභාවය රහත් වෙලාම බලන්න, ඉවර කරමු මේ බවයෙන්ම 😉

    ශුන්‍ය ශුන්‍ය කියල හැමෝම කියනවා නේ, කොපමණකින් ශූන්‍යද යන්න පහදන සේක්වා! 🙏🙏🙏

    සූන්යයි කියලා කියන්නේ වචනෙන් පෙන්නන් පුලුවන් දෙයක් නෙමෙයි, වචනෙකින් කියන්න බැරි ලෝකොත්තර ස්වභාවයක්, ඒ කියන්නේ මේ අවිද්යා ලෝකයෙන් පිට තියෙන දෙයක්, එතෙන්දි definitions, වචන කිසි දෙයක් හමුවෙන්නැහැ
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සූන්යයි කියලා කියන්නේ වචනෙන් පෙන්නන් පුලුවන් දෙයක් නෙමෙයි, වචනෙකින් කියන්න බැරි ලෝකොත්තර ස්වභාවයක්, ඒ කියන්නේ මේ අවිද්යා ලෝකයෙන් පිට තියෙන දෙයක්, එතෙන්දි definitions, වචන කිසි දෙයක් හමුවෙන්නැහැ
    එහෙමයි එහෙමයි. සාදු සාදු සාදු! 🙏 🙏 🙏

    P.S.
    ( මගේ කලින් පෝස්ට් වලින් මොන ආකාරයකට හරි සිත් රිදීමක් වුනේ නැහැයි කියලයි මගේ විස්වාශය ??):baffled:🙏
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ( මගේ කලින් පෝස්ට් වලින් මොන ආකාරයකට හරි සිත් රිදීමක් වුනේ නැහැයි කියලයි මගේ විස්වාශය ??):baffled:🙏
    අපෝ නැහැ
    නිවන මොන වගේද කියලා නිවන් දැකලම තමයි බලන්න පුලුවන්, නිවන් දකිනවා කියන්නෙත් ඉතින් අමුතු මැජික් එකක් නෙමෙයි, වර්තමාන මොහොතට සිහිය එලබගෙන පන්ච ස්කන්දයෙන් එන සන්ජා වලට අවිද්යාවෙන් බැස ගැනිම නිසා මේ බාහිර ලෝකය ගොඩනැගෙන ආකාරය බලන්න තියෙන්නේ, ඒතෙන්දි තමයි දුක්ක සමුදය හමුවෙන්නේ, සමුදය තුලින්ම නිරෝධයට බත් වෙන්නේ, නිවන් දකින්නේ
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සූන්යයි කියලා කියන්නේ වචනෙන් පෙන්නන් පුලුවන් දෙයක් නෙමෙයි, වචනෙකින් කියන්න බැරි ලෝකොත්තර ස්වභාවයක්, ඒ කියන්නේ මේ අවිද්යා ලෝකයෙන් පිට තියෙන දෙයක්, එතෙන්දි definitions, වචන කිසි දෙයක් හමුවෙන්නැහැ
    අවසරයි, ඔබතුමාට මේකත් බලලා යමක් කියන්ට, එකතු කරන්ට පුලුවන් නම් වටිනවා, සාදු! සාදු! 🙏 🙏

    ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ
    මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ
    මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.
    ආත්ම දෘස්ටිය කියන්නෙ පෘටක්ජන මිනිස්සු ඉන්න මිත්යා දිට්ටියක්, ඕක කොහොම හිතුවත් පෘටක්ජන මට්ටමේ ඉදන් නැති කරන්න බැහැ සෝවාන් වෙනකන්

    පෘටක්ජන කෙනෙක්, "මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි." කියලා කියද්දි, අවිද්යාව ඇතුලේ
    ධාතු මාත්‍රයක්,
    සත්වයෙක්ද නොවන ජීවයක්ද නොවන,
    සුන්‍ය අනිත්ය වූ ධර්මතාවයක්,
    ගොඩනගාගෙන එහෙම ධර්මතාවයක් තමයි මේක කියන මිත්යා දිට්ටියේ බැස ගෙන ඉවරයි, ඉතින් සක්කාය දිට්ටිය දුරු වෙලා නැහැ, ඊට පස්සේ එයා ඇසෙන් ලැබෙන පෙනීමට අවිද්යාව නිසා පෙනෙන රූප වල සත්වයෙක් පුද්ගලයෙක් ජීවයක් නොවන සූන්ය අනිත්ය ධාතු මාත්‍රයක් පමනක් වනවා කියලා අවිද්යාව ඇතුලෙම ගොඩනගාගත්ත ලක්ශන අර අවිද්යාව නිසාම පේන රූප වල හොයන්න යනවා

    ඕක මිරිගුවක් ඇතුලේ පේන මාලුවගේ හරි පාට මොකක්ද කියලා හොයනවා වගේ වැඩක්, පෙන්නේ මිරිගුවක්නම් ඒ පේන දේ පාටක් ගැන කතා කරන්න බැරි වෙනවා, ඒ වගේ තමයි අනිත්ය අනාත්ම දුක්ක කියන යථා ස්වභාවයත්, යථා ස්වභාවය කියන්නේ ඔය පේන මිරිගුව අවබෝධ කිරීම තුල ඇති සූන්යතාවය, එතන තමයි හරි සිහිය, යෝනිසෝ මනසිකාරය, සක්කාය දිට්ටි දුරු වීම, සක්කාය දිට්ටිය දුරු වුන ආර්ය කෙනාට ඒ තුල ලබන නිවනක් වත්, ත්‍රිලක්සනයක් වත්, යථා ස්වභාවයක් ගැනවත් කතා කරන්න දෙයක් නැත්තේ ඒකයි

    වර්තමාන මොහොතට සිහිය එලබෙගෙන මේ පන්චස්කන්ධයෙන් ගන්න අරමුනු අනුව මේ ලෝකය ගොඩනැගෙන ආකාරය දිහා බලන් ඉන්න එක තමයි විපස්සනාව, එතකොට මොන වෙලාවක හරි දකියි ඔය ඇති වන දෑනීම් ඔක්කොම ඇත /නැත අන්තවලට පනවන්න බැරි අවිද්යාව නිසා සකස් කර ගත් මිරිගුවක් කියලා, වචන වලින් පෙන්නන්න බැරි සූන්යතාවය අවබෝධ වෙයි එතකොට, ආත්ම දෘස්ටියත් දුරු වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙයි
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එහෙනම් මයිත්‍රි බාවනාවෙන් පටන් ගන්න
    මේ උබ සෝවාන් උනා කීව නේද
    එතකොට ඔය මානසික ලෙඩ හොදවෙන්නෙ නැද්ද
    සෝවාන් උනාම කොහොමද දැනෙන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සෝවාන් උනාම කොහොමද දැනෙන්නෙ

    මුකුත් වෙනසක් දැනෙන්නැහැ
    අර සෙන් කතාවක් තියෙනවා, කලින් වතුර ඇද්දා දර.. දැනුත් වතුර අදිනවා දර..

    එතකොට ඔය මානසික ලෙඩ හොදවෙන්නෙ නැද්ද

    ඇගේ ලෙඩ හොදවෙන්නැහැ මාර්ගඵල ලැබුවට
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුකුත් වෙනසක් දැනෙන්නැහැ
    අර සෙන් කතාවක් තියෙනවා, කලින් වතුර ඇද්දා දර.. දැනුත් වතුර අදිනවා දර..

    ඇගේ ලෙඩ හොදවෙන්නැහැ මාර්ගඵල ලැබුවට
    උබ සෝවාන් උනා කියල දැනගත්තෙ කොහොමද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ සෝවාන් උනා කියල දැනගත්තෙ කොහොමද

    නිවන කියන්නේ ලෝකොත්තර එක්ස්පීරියන්ස් එකක්, සෝවාන් මාර්ග සිත, ඵල සිත් 2/3
    ඉතින් ඒක නිවන් දැකපු කෙනාට තමයි කියන්න පුලුවන් දැක්කා කියලා, එතෙන්දි ලෞකික දැනීම් නැති නිසා, මේක මෙහෙම දැනුනා කියලා විස්තර කරන්න බැහැ ලෞකිකව ඒ නිසා

    ඔතෙන්දි ඇත්තටම නිවන් දැක්ක කෙනෙක්ට කියන්නත් පුලුවන් නිවන් දැක්කා කියලා, නැත්තම් වෙන මුලාවකට ඇන්දිලා ඉන්න කෙනෙක්ට කියන්නත් පුලුවන් නිවන් දැක්කා කියලා, නැත්තමි මිනිස්සුන්ගේන් ලැබෙන දේවල් අපේක්සාවෙන් බොරු කියන්නත් පුලුවන් (හාමුදුරුවො කෙනෙක් වගේනම්)

    කව්රු කිව්වත් ඒක මනින්න විදිහක් නැහැ, නිවන් දැකලා නිවන අත්දකින්න තමයි පුලුවන්

    හැබැයි නිවන් දැක්ක කෙනෙක්ට මිත්යා දිට්ටි නැහැ
    සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචික්ච්චා නැහැ
    ------ Post added on Feb 11, 2025 at 9:41 PM