ඉතින් බන්ස්, එහෙමනම් පෘතග්ජනයන්ට බණ කියලා වැඩක් නෑනේ ඇහ්?ආත්ම දෘස්ටිය කියන්නෙ පෘටක්ජන මිනිස්සු ඉන්න මිත්‍යා දිට්ටියක්, ඕක කොහොම හිතුවත් පෘටක්ජන මට්ටමේ ඉදන් නැති කරන්න බැහැ සෝවාන් වෙනකන්
පෘටක්ජන කෙනෙක්, "මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි." කියලා කියද්දි, අවිද්‍යාව ඇතුලේ
ධාතු මාත්‍රයක්,
සත්වයෙක්ද නොවන ජීවයක්ද නොවන,
සුන්ය අනිත්‍ය වූ ධර්මතාවයක්,
ගොඩනගාගෙන එහෙම ධර්මතාවයක් තමයි මේක කියන මිත්‍යා දිට්ටියේ බැස ගෙන ඉවරයි, ඉතින් සක්කාය දිට්ටිය දුරු වෙලා නැහැ, ඊට පස්සේ එයා ඇසෙන් ලැබෙන පෙනීමට අවිද්‍යාව නිසා පෙනෙන රූප වල සත්වයෙක් පුද්ගලයෙක් ජීවයක් නොවන සූන්‍ය අනිත්‍ය ධාතු මාත්‍රයක් පමනක් වනවා කියලා අවිද්‍යාව ඇතුලෙම ගොඩනගාගත්ත ලක්ශන අර අවිද්‍යාව නිසාම පේන රූප වල හොයන්න යනවා
උඹ ඔය කියන "කෝකටත් තෛලය" රෙස්පොන්ස් එක අනුව මොනවා දේශනා කලත් වැඩක් නෑ, සක්කාය දිට්ටිය දුරුවෙලා නැති නිසා, අවිද්‍යාව ඇතුලෙමයි තේරුම් ගන්නේ?
එහෙනම් බුදු හමුදුරුවෝ බණ කිව්වේ සෝවාන් කට්ටියට විතරද?
යමක් විස්තර කරලා පහදන එකයි වඩන මාර්ගයයි කියන දෙක දෙකක් නේද?
මිරිඟු ඇතුලේ මාලු දැකපු එකෙක් මට හම්බෙලා නෑ බන්ස්, ඒක මෝඩ උදාහරණයක්.ඕක මිරිගුවක් ඇතුලේ පේන මාලුවගේ හරි පාට මොකක්ද කියලා හොයනවා වගේ වැඩක්, පෙන්නේ මිරිගුවක්නම් ඒ පේන දේ පාටක් ගැන කතා කරන්න බැරි වෙනවා, ඒ වගේ තමයි අනිත්‍ය අනාත්ම දුක්ක කියන යථා ස්වභාවයත්, යථා ස්වභාවය කියන්නේ ඔය පේන මිරිගුව අවබෝධ කිරීම තුල ඇති සූන්යතාවය, එතන තමයි හරි සිහිය, යෝනිසෝ මනසිකාරය, සක්කාය දිට්ටි දුරු වීම, සක්කාය දිට්ටිය දුරු වුන ආර්ය කෙනාට ඒ තුල ලබන නිවනක් වත්, ත්රිලක්සනයක් වත්, යථා ස්වභාවයක් ගැනවත් කතා කරන්න දෙයක් නැත්තේ ඒකයි
එතකොට කොත්මලේ හාමුදුරුවෝ වචන වලින් කියන ශුන්‍යතාව නොවන, තවත් ශුන්‍යතාවයක් තියෙනවද?වර්තමාන මොහොතට සිහිය එලබෙගෙන මේ පන්චස්කන්ධයෙන් ගන්න අරමුනු අනුව මේ ලෝකය ගොඩනැගෙන ආකාරය දිහා බලන් ඉන්න එක තමයි විපස්සනාව, එතකොට මොන වෙලාවක හරි දකියි ඔය ඇති වන දෑනීම් ඔක්කොම ඇත /නැත අන්තවලට පනවන්න බැරි අවිද්‍යාව නිසා සකස් කර ගත් මිරිගුවක් කියලා, වචන වලින් පෙන්නන්න බැරි සූන්යතාවය අවබෝධ වෙයි එතකොට, ආත්ම දෘස්ටියත් දුරු වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙයි

