නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තුවාලයක් උනාම බෙහෙත් දාන එක නේද හොදම ක්‍රමය?

    Prothean..seems like you are a Christian,,Any way here's the answer..

    මරණීය හී පාරක් කාපු කෙනා ඒ හී පාරෙන් මැරෙන්නේ එක පාරයි... ඒත් අපිට නිවන් දකින්න බැරි උනොත් මේ සංසාරේ වාර කෝටි ප්‍රකෝටි ගණන් තිරිසන්ව,ප්‍රේතව,අපාය වල, මනුස්ස ලෝකෙ.දිව්‍ය ලෝකෙ ඉපිද ඉපිද දුක් විඳ විඳ මැරි මැරි යන්න වෙනවා...ඒ දුක්ඛය මෙච්චරයි කියලා...කාටවත් කියන්න බෑ..

    අන්න ඒකයි අපෙ බුදු හාමුදුරුවෝ ඔය වගේ උපමාවක් යොදා ගත්තේ.. ගොඩක් ආගම් වල තියෙන්නෙ මෙලොව සාර්ථක කරන ක්‍රම..ඒත් බුද්ධාගමේ තියෙන්නේ මෙලොව-පරළොව දෙකම සාර්ථක කරගෙන සියළු දුකෙන් මිදෙන ක්‍රමය..

    උදාහරණයක් විදියට මනුස්සයෙක් විදියට මේ අවුරුදු 100 ක් වගෙ ඉන්න මේ ටික කාලෙ වගේ නෙමේ අනාගත කාලය අති දීර්ඝයි,,සසරේ රැඳී සිටීම අති භයානක ඒකයි..
    :shocked:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි. නමුත් වැඩිදුර ලෙස නිවන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි. නමුත් වැඩිදුර ලෙස නිවන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

    නිවන යනු කුමක්ද?

    ගැඹුරු ප්‍රශ්නයක්..නිවන කියන එක තේරුම් ගන්න නම් බුද්ධ ධර්මය ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්න ඕනෙ යාලුවා.. කෙටියෙන් කියනව නම් මේකයි.

    අපි මරණයට පත් වෙලා නැවත ඉපදෙන්නෙ අපි මේ ලෝකෙ තව දුරටත් යම් කිසි කෙනෙක් විදියට ජීවත් වෙන්න ආශාව තියෙන නිසා..ඒ කියන්නේ මැරෙන මොහෙතෙත් මැරෙන්නේ අපි තව දුරටත් ජීවත් වෙන්න තියෙන ආශාව,තණ්හාව තියෙද්දි.ඒ තණ්හාවෙන් තමයි අපි කරපු පින් පව් වලට අනුව මිනිහෙක් ,දෙවියෙක්,සතෙක් වෙලා ඉපදිල දුක් විඳින්නේ.

    සේරම දුක් විඳින්න වෙන්නෙ ඉපදීම නිසානේ..මෙන්න මේ ඉපදීම නැති කරන්න අපි අපේ තණ්හාව නැති කරන්න ඕනෙ.. ඒ කියන්නේ මේ ලෝකෙ වස්තු වලට,ගේ දොර වලට,මිල මුදල් වලට,අඹු දරුවන්ට තියෙන බැඳීම නැති කරන්න ඕනෙ..මේක එක පාරට කරන්න පුලුවන් දෙයක් නෙමේ.. ඒකට ටික ටික ආත්ම ගානක් පුරුදු පුහුනු කරන්න ඕනෙ,,පාරමිතා පුරනව කියන්නෙ ඕකට,,

    ඉතින් ඔහොම පෙරුම් පුරාගෙන පින් කරගෙන යනකොට තමන්ගේ පින් දහම් වැඩිලා පාරමිතාව සම්පූර්ණ වෙනවා..අපිට භාවනාවෙන් තොරව ඒක කියන්න අමාරුයි,,භාවනා කරලම බලන්න ඕනෙ තමන්ට නිවන් දකින්න පුලුවන්ද කියලා මේ ආත්මෙම.

    භාවනා වෙන් සිත දියුනු කරලා දියුනු කරල යනකොට සෝවාන්,සකෘදාගාමි,අනාගාමි,අරහත් යන අවස්ථා 4 දි නිර්වාණ මාර්ගය පහල වෙනවා..
    සෝවාන් වෙච්ච කෙනා අයෙත් නිර්වාන මාර්ගයේ ඉදීරියට යනව මිසක් ආපස්සට එන්නෙ නෑ.
    අර්හත්වයට පත් වුනාම තමා සම්පූර්ණයෙක් තණ්හාව සිඳලා නිවන් දකින්නේ..එයා අයෙත් ඉපදෙන්නෙ නෑ.
    නිවන කියන්නේ අයෙත් ඉපදෙන්නෙ නෑ කියන එක.

    එක මරණයකින් නිදහස් වීමේ වටිනකම කියල නිම කරන්න බෑ නෙ.. ඉතින් මේ සං සාරෙ ඉස්සරහට වාර කෝටි ප්‍රකෝටි ගානක් ඔයාට ඉපිදිලා,දුක් විඳල,,මැරිල යන එක නැති කරනව කියන්නේ ඒක මොන තරම් සුවයක්ද?

    Nirvanaya%20Chart.jpg

    Dasa%20Paramitha%20Dhamma.jpg

    ටිකක් හරි තේරුනා කියල හිතනවා,, මම දාල තියෙන පොත් වලින් මුලින් 1ක්,2ක් බාගෙන කියවන්න.. එතකොට හොඳටම තේරෙයි.
    :yes:
     
    Last edited:

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ගොඩක් ආගම් වල තියෙන්නෙ මෙලොව සාර්ථක කරන ක්‍රම..ඒත් බුද්ධාගමේ තියෙන්නේ මෙලොව-පරළොව දෙකම සාර්ථක කරගෙන සියළු දුකෙන් මිදෙන ක්‍රමය..


    :yes::yes::yes:
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    නිවන කියන එක තේරුම් ගන්න නම් බුද්ධ ධර්මය ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්න ඕනෙ යාලුවා..

    හරියට සුනීත සොපාකට තිබ්බා ව
    ගේ...:)

    අපි මරණයට පත් වෙලා නැවත ඉපදෙන්නෙ අපි මේ ලෝකෙ තව දුරටත් යම් කිසි කෙනෙක් විදියට ජීවත් වෙන්න ආශාව තියෙන නිසා..ඒ කියන්නේ මැරෙන මොහෙතෙත් මැරෙන්නේ අපි තව දුරටත් ජීවත් වෙන්න තියෙන ආශාව,තණ්හාව තියෙද්දි.ඒ තණ්හාවෙන් තමයි අපි කරපු පින් පව් වලට අනුව මිනිහෙක් ,දෙවියෙක්,සතෙක් වෙලා ඉපදිල දුක් විඳින්නේ.

    :yes::yes::yes:

    සේරම දුක් විඳින්න වෙන්නෙ ඉපදීම නිසානේ..

    මමනං ආයේ උපන්දින පාටි දාන්නේම නෑ.

    භාවනා වෙන් සිත දියුනු කරලා දියුනු කරල යනකොට සෝවාන්,සකෘදාගාමි,අනාගාමි,අරහත් යන අවස්ථා 4 දි නිර්වාණ මාර්ගය පහල වෙනවා..

    සිත දියුනු කරන්න කරන්න... සිත අල්ල ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද?
    සිත දවන්න වගේ කරොත් නරකද?
    මං කිව්වේ සිත ඉවරෙටම ඉවර කරලා දාන්න...:)

    එක මරණයකින් නිදහස් වීමේ වටිනකම කියල නිම කරන්න බෑ නෙ..
    :yes:

    :yes::yes::yes::yes:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    නිවන

    පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි. නමුත් වැඩිදුර ලෙස නිවන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

    සරලවම කියනවනම් නැවත ඉපදීමක් නැති එකට...!!!
    (ඇත්තටම සරලව කියන්න බැහැ)
    ඒ අනුව ඒක වැදගත් වෙන්නේ නැවත නැවතත් ඉපදීමක් විශ්වාස කරන අයට. :eek:
    ඒ කතාවේ යම්තාක් දුරට ඇත්තක් තියනවා!
    එතකොට ජීවත්ව ඉන්න කාලේ නිවන් දකිනවා කියන්නේ මොකක්ද?:confused:
    මම පුළුවන් තරම් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්! (මට හැකි පමණින්)
    මේකට සිත ගැන දල අවබෝධයක් තියෙන්න ඕනෑ. සිත කියල අපි බුද්ධ දර්ශනයේදී අරගන්නේ සළායතන (ඇස,කන,නාසය,දිව,කය,මනස) වලට ගැටෙන අරමුණු නිසා (ඇසට-රුපයක්, කනට-ශබ්දයක් ආදී ලෙස) ඇතිවන දැනීමට (චිත්ත)! ඒ දැනීම සමඟ අරමුණේ ස්වභාවය අනුව, අරමුණ ලබාගැනීමේ ස්වභාවය අනුව විශේෂ ලක්ෂණ එම සිත එක්කම ඇතිවෙනවා. ඒවා තමයි සිතුවිලි(චෛතසික) කියන්නේ(ලස්සන සින්දුවක් අහනකොට ඇතිවන සතුටු සහගත බව, "සෝමනස්සය"). (සාමාන්‍ය ව්‍යවහාරයේදී සිතුවිලි කියලා කියන්නේ සිත් පරම්පරාවකට).
    මේ සිත් අතර ඇතිවෙනවා ක්‍රියා සිදුකළහැකි සිත්(කයින්,වචනයෙන්,මනසින්) සහ එවන් සිත් අතරින් නැවත ප්‍රතිපලයක්(විපාකයක්) ඇතිකලහැකි සිත් නිසා ඇතිවන ඵල සිත්(විපාක සිත්).
    ක්‍රියා සිත් අපි ඇති කරගන්නේ කලින් කිවූ සළායතන වලට අපි ලබාගන්නා අරමුණු අනුව. ඉතින් මේ ක්‍රියා සිත් අපිට ඒවා ඇසුරුකරන සිතුවිලි අනුව
    සෝමනස්ස(සතුටු), දෝමනස්ස(දුක,තරහ ආදී) සහ උපේක්ෂා(මැදහත්බව- නිර්වාණාවබෝධය කල උතුමන්ට ඇතිවන උපේක්ෂාව නොවේ!) ප්‍රධාන කොටස් 3ක් ලෙස බෙදන්න පුළුවන්(තව උපකොටස් රැසකට බෙදෙනවා). මේ ක්‍රියා සිත් විපාක සිත් ඇතිකරනවා. සරලව සතුටු සහගත ක්‍රියා සිත් වලින් සතුටු සහගත විපාක සිත්, දුක් සහගත ක්‍රියා සිත් වලින් දුක් සහගත විපාක ආදී වශයෙන්. මේ ක්‍රියා සිත් තමා කර්ම කියන්නේ. සතුටු සහගතනම් පින්, දුක් සහගතනම් පවු. අපි නිතර කරන ක්‍රියා නිසා (ක්‍රියා සිත් නිසා) අපිට නිරතුරුවම මේ විපාක සිත් ඇති වෙනවා! ඒවා අවසන් වෙනකම් අපට මේ සිත් පරම්පරාවේ කෙළවරක් දකින්නබැහැ. වෙන්නෙත් නැහැ මොකද මේවා අපිම ඇති කරගන්න ඒවා නිසා.
    ඉතින් නිර්වාණාවබෝධයේදි වෙන්නේ අනිත්‍ය(නැසෙන බව), දුක්ඛ(දුක් සහිත බව), අනාත්ම(තමාගේ, මගේ යන අදහස) යන කොටස් ගැන අවබෝධයෙන් යුතුව අනුව අරමුණු ගැනීමට හැකියාව ලැබීමයි. එතකොට ඇතිවෙන ක්‍රියාසිත් වල සතුටු, දුක්, මැදහත්(පෘතග්ජන) ස්වභාවයන් ඇති නොවීමයි. පින් පවු දෙකම නොකිරීමයි(මෙතැන වරදවා වටහ ගන්න එපා පින් නොකිරීම කිව්වම) එතකොට විපාක සිත් ඇතිවෙන්නේ නැහැ. ඉතින් තවදුරටත් විපාක සිත් ඇති වෙන්නේ නැත්නම් ඒ භවයේ ඇතිවෙන්නේ
    නිර්වාණාවබෝධය කරන්න කලින් කල ඉහත ආකාරයේ තුන් වැදෑරුම් ක්‍රියා සිත් වල විපාක ලැබීමට පමණයි! (සොපදිශේෂනිර්වානය). එමභවයේ අවසානයෙන් එම පුද්ගලයාගේ චිත්ත පරම්පරාව අවසන් වෙනවා, අලුත් විපාක සිත් නැති නිසා(අනුපදිශේෂනිර්වානය).


    මේක මගේ දැනුම ප්‍රමාණයෙන් කිව්වේ. වැරදි තියනවානම් කියන්න. පැහැදිලි කිරීම් අවශ්‍යනම් කියන්න, PM හරි එවන්න!:yes:

    තෙරුවන් සරණින් හැමට ධර්මාවබෝධය ලැබේවා...!!!:yes::)
     
    Last edited:
    • Like
    Reactions: besteye

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    One of Most Valuable Thread in Elakiri................
    Thanks So Much.................
    :):):):):):):):):):):):):):)
    +++++++++++++++++++++++++++++++++rep
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පිපෙන්නට හදන නෙළුම් පොහොට්ටුවක් නියම ගණනට මෝරා නැත්නම් හිරු රැස් ලැබුනත් නොපිපෙන්නා වගේ පාරමිතා පුරලා නැත්නම් නිවන් දකින්න බෑ..ඒකයි අද අදම පුලු පුලුවන් විදියට දස පාරමිතා පුරන්න කියන්නේ.

    ගෞතම බුදුන්ගේ කාලෙ ඔය කොසොල් රජ්ජුරුවෝ, මල්ලිකා දේවිය වගේ අය බුදුන් ලඟින්ම ඇසුරු කරල,දාන මාන,වෙහෙර විහාර පූජා කරලත් පෘතග්ජනව තමා මැරිලා තියෙන්නෙ,අඩුම ගානේ සෝවාන් වත් නොවී...

    ඔය සිද්ධියම මෛත්‍රී බුදුන් දකින්න බලන් ඉන්න ගොඩක් අයට වෙනවා.
    කට්ටිය හිතන් ඉන්නෙ ඔය මලක් පහනක් පූජ කරල වැස්සට වගේ පන්සල් ගිහින් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මෛත්‍රී බුදුන්ගෙන් බණ පදයක් අහල එවෙලෙම නිවන් දකින්න.
    එව්ව ඉතින් හඳේ තමා ..


    අනික අපේ කට්ටිය නිකන් හිතන් ඉන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ වේ කියලා.. ඒකට හිතා ගන්න බැරි කාලයක් යනවා..
    ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලෙනේ.. අපේ ආච්චිලා සීයලා 80-90 ක් හිටියට අපිට ඉන්න පුලුවන් ඉතින් 50-60 ක් වගේ තමා..ඒකත් ෂුවර් නෑ.

    ඉතින් ඔහොම ආයුෂ අඩු වෙල උපරිම ආයුශ අවුරුදු 10 ට එනවා.. ඇවිත් ඊට පස්සෙ මිනිස්සු ගුණ දහම් වඩලා වඩලා ආයුෂ නගිනවා අවුරුදු අසංඛ්‍යය (1යි බිංදු 140)තෙක්..හිතා ගන්නත් බෑ නේද? ඊට පස්සේ මිනිස්සු න්ගේ ගුණ ධර්ම පිරිහිලා ආයුෂ බහිනවා අවුරුදු 80000 ට..එතකොට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඉන්දියාවේ කේතුමති නුවර උපදින්නෙ..

    අනික මේක තාම අපෙ ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය..
    මෙච්චර ධර්මය අහන්න දකින්න ලැබිලා මෛත්‍රී බුදු හාමුදුරුවො වඩින කල් බලන් ඉන්නෙ පට්ට මෝඩයො.. සමහර විට මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ සාසනෙත් ඉපදිලා කියයි ඊලඟ බුදු හාමුදුරුවන්වත් දැකලම නිවන් දකින්න ඕනෙ, කියල
    ඔන්න ඔය වගේ නිවනටත් බාලගිරි දෝෂෙ හැදෙනවා,,ඉතින් කොහේද නිවන් දකින්නෙ..


    මේ ලැබිල තියෙන්නේ නිකන් ලොතරැය්යක් ඇදුනා වගේ චාන්ස් එකක්.:yes:

    නියම බුදු දහම,දහම් පොත් පත්,ධාතුන් වහන්සේලා, ගුණ දහම් පුරණ හාමුදුරුවරු..විහාර ආරණ්‍ය ඔක්කොම තියෙද්දි කවුද බන් බලන් ඉන්නේ..
    මේ මම යනවා.. ප්‍රමාද උනොත් සොරිම තමා..
     

    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    සියලු දාන වලට වැඩ ධර්ම දනය උතුම්

    සියලු දාන වලට වැඩ ධර්ම දානය උතුම් ......
    ඔබට පින් අත් වේවා...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    නිවන් දකින්න ලේසිම ක්‍රමය

    මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක.

    1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා..

    2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා..

    3. Right..ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ..

    4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..
    ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න.

    5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න..

    6. Final Step ගන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ.

    මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...

    හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..

    තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා..

    අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්‍යක්‍රියවක්..

    සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා.

    බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.


    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

    ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි!


    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!



    බොහෝම ස්තූතියි පොත්වලට.

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
    මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
    එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    සරලවම කියනවනම් නැවත ඉපදීමක් නැති එකට...!!!
    (ඇත්තටම සරලව කියන්න බැහැ)
    ඒ අනුව ඒක වැදගත් වෙන්නේ නැවත නැවතත් ඉපදීමක් විශ්වාස කරන අයට. :eek:
    ඒ කතාවේ යම්තාක් දුරට ඇත්තක් තියනවා!
    එතකොට ජීවත්ව ඉන්න කාලේ නිවන් දකිනවා කියන්නේ මොකක්ද?:confused:
    මම පුළුවන් තරම් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්! (මට හැකි පමණින්)
    . ............................................
    .................................

    මේක මගේ දැනුම ප්‍රමාණයෙන් කිව්වේ. වැරදි තියනවානම් කියන්න. පැහැදිලි කිරීම් අවශ්‍යනම් කියන්න, PM හරි එවන්න!:yes:

    තෙරුවන් සරණින් හැමට ධර්මාවබෝධය ලැබේවා...!!!:yes::)

    very good friend very good. don't stop.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    බොහෝම ස්තූතියි පොත්වලට.

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
    මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
    එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?

    bump
    emoticon-0141-whew.gif
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එල පොස්ට් එක මචං!

    සමහර ගඳයෝ , උන්ගෙ අර අහින්සක්යෝ මරන, ගෑනු දූෂණය කරපු, අත් පා කපල ඇස් පුච්චල අමානුෂික වධ දීපු ප්‍රොපට් ගැන කට උත්තර නැතුව, ගොන් ප්‍රස්න අහනවා, ගනන් ගන්න එපා.
    :lol: