තුවාලයක් උනාම බෙහෙත් දාන එක නේද හොදම ක්‍රමය?

පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි. නමුත් වැඩිදුර ලෙස නිවන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

ගොඩක් ආගම් වල තියෙන්නෙ මෙලොව සාර්ථක කරන ක්‍රම..ඒත් බුද්ධාගමේ තියෙන්නේ මෙලොව-පරළොව දෙකම සාර්ථක කරගෙන සියළු දුකෙන් මිදෙන ක්‍රමය..



නිවන කියන එක තේරුම් ගන්න නම් බුද්ධ ධර්මය ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්න ඕනෙ යාලුවා..

අපි මරණයට පත් වෙලා නැවත ඉපදෙන්නෙ අපි මේ ලෝකෙ තව දුරටත් යම් කිසි කෙනෙක් විදියට ජීවත් වෙන්න ආශාව තියෙන නිසා..ඒ කියන්නේ මැරෙන මොහෙතෙත් මැරෙන්නේ අපි තව දුරටත් ජීවත් වෙන්න තියෙන ආශාව,තණ්හාව තියෙද්දි.ඒ තණ්හාවෙන් තමයි අපි කරපු පින් පව් වලට අනුව මිනිහෙක් ,දෙවියෙක්,සතෙක් වෙලා ඉපදිල දුක් විඳින්නේ.



සේරම දුක් විඳින්න වෙන්නෙ ඉපදීම නිසානේ..
භාවනා වෙන් සිත දියුනු කරලා දියුනු කරල යනකොට සෝවාන්,සකෘදාගාමි,අනාගාමි,අරහත් යන අවස්ථා 4 දි නිර්වාණ මාර්ගය පහල වෙනවා..

එක මරණයකින් නිදහස් වීමේ වටිනකම කියල නිම කරන්න බෑ නෙ..
![]()




PDF Versions of Ven. Rerukane Chandawimala Maha Thero's books - right click save as
01 Bauddhayage Athpotha
02 Punyopadeseya
03 Suuvisi Maha Gunaya
04 Mangala Dahrma Wistharaya
05 Buddha Neethi Sangrahaya
06 Paramitha Prakaranay
07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
08 Bodhi Poojawa
09 Keles Ekdahas Pansiyaya
10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
11 Satipattana Bhawana kramaya
12 Bodhi Pakshika Dharma Wistharaya
13 Vidarshana Bhavana kramaya
14 Chathalisakara Maha Vipassana Bhawanawa
15 Upasampada Sheelaya
16 Ubhaya Prathimokshaya
17 Abhidharmaye Mulika Karunu
18 Patthana Maha Prakarana Sannaya Part 1
19 Patthana Maha Prakarana Sannaya Part 2
20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa
පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි. නමුත් වැඩිදුර ලෙස නිවන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?






නිවන් දකින්න ලේසිම ක්‍රමය
මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක.
1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා..
2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා..
3. Right..ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ..
4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න.
5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න..
6. Final Step ගන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ.
මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...
හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..
තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා..
අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්යක්රියවක්..
සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා.
බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.
සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.
ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි!
සාදු!සාදු!සාදු!
බුදු දහම ලොවෙහි බැබලේවා!
සරලවම කියනවනම් නැවත ඉපදීමක් නැති එකට...!!!
(ඇත්තටම සරලව කියන්න බැහැ)
ඒ අනුව ඒක වැදගත් වෙන්නේ නැවත නැවතත් ඉපදීමක් විශ්වාස කරන අයට.
ඒ කතාවේ යම්තාක් දුරට ඇත්තක් තියනවා!
එතකොට ජීවත්ව ඉන්න කාලේ නිවන් දකිනවා කියන්නේ මොකක්ද?
මම පුළුවන් තරම් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්! (මට හැකි පමණින්). ............................................
.................................
මේක මගේ දැනුම ප්‍රමාණයෙන් කිව්වේ. වැරදි තියනවානම් කියන්න. පැහැදිලි කිරීම් අවශ්‍යනම් කියන්න, PM හරි එවන්න!
තෙරුවන් සරණින් හැමට ධර්මාවබෝධය ලැබේවා...!!!
බොහෝම ස්තූතියි පොත්වලට.
මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?
