නිවන් දුටු හිමිගේ රුවන් පිළිරුව...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2123premakeerthi_j.jpg


    මම අදයි ලිපිය දැක්කෙ.. ගොඩක් ස්තුතියි සහෝ.. ඇත්තටම මම ගොඩක් ආදරේ කරන ගීතයක්.. ඔය ගීතය අහනකොට මතක් වෙන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.. මම එතුමා මිය යන කාලෙවත් ඉපදිලා නැහැ.. ඒත් ඔහු ගැන ලිපින් බොහොමයක් කියවලා තියෙනවා.. දවසක් මට මතකයි වික්ටර් රත්නායක මහත්තයා රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කිව්වා "ප්‍රේමකීර්ති කියලා කෙනෙක් හිටියෙ නැත්නම් අද වික්ටර් රත්නාය කියලා කෙනෙකුත් නැහැ" කියලා.. ඒ කතාව නම් සම්පූර්ණයෙන් ඇත්ත.. ගොඩක් ගායකයොන්ට නව පණක් දුන්නෙ ප්‍රේමකීර්ති මහත්තයා.. විශේෂයෙන් වික්ටර් රත්නායක මහත්තයට, මර්වින් පෙරේරා මහත්තයට..


    ප්‍රේම කිර්ති මහත්තයගෙ වගේම කරුණාරත්න අබේසේකරගේත්, කේ ඩී කේ ධර්මවර්ධනගේත් ගීත වලට මම ඇත්තටම කැමතියි.. ඒ එයාලා යොදාගෙන හා තෝරාගෙන තියන වචන වල තියන අපුර්වත්වය නිසා.. ඇත්තටම සමහර ගීත ඉතාම සරලයි.. ලොකුවට හිතන්න දෙයක් නෑ.. ප්‍රේම කිර්ති මහත්තයා ලියපු මර්වින් පෙරේරා මහත්තයා ගායන කරන ඔබ දේදුන්න ආකාසයේ, කතරක තනි වී හරි කේ ඩී කේ ධර්මවර්ධන මහත්තයා ලියපු මර්වින් පෙරේරා මහත්තයා ගායන කරන නිලුපුල් යුවලේ වගේ ගීතයක් සහෝ අහලා බලන්න.. මම කියන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා ඔයාට තේරුම් යාවි.. එයාලට එහෙම ලියන්න පුළුවන් උනේ ඔවුනගේ සිංහල ශබ්දකෝෂය හරි පුළුල් නිසා...


    ඒත් එතුමන් අද අපි අතර නැහැ.. එතුමා අපි අතරින් වෙන් උනේ හරියටම
    1989 ජූලි 31 වෙනිදා.. ඒ වෙනකොට එතුමාට වයස අවුරුදු 42යි.. ඒ වගේම ඔය යුගයේ මේ රටට බොහොම වැඩ දායී පිරිසක් නිරපරාදෙ මරා දැම්මා.. ප්‍රේමකීර්ති විතරක් නොවේ ඒ පාපතර යුගයේ මරපු හැමදෙනාම ගැනම පාහේ මා නම් ඇත්තටම දුක් වෙනවා.. ගොඩ දෙනෙක් ඒ කාලෙ කතා උනේ ප්‍රේමකීර්ති මහත්තයව ඝාතනය කරලා තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් කියලා..

    ඇත්තටම නවක පරපුර මොවුන් ගැන මොලෝ දෙයක් දන්නෙ නෑ.. ගොඩක් අය මේ වගේ ගීතයක් ගියත් රේඩියෝව වහලා දානවා.. කාලයත් එක්ක අපි වෙනස් වෙන්න ඕන තමයි.. හැබැයි මේවා තමයි හදවතට දැනෙන ගීත.. මේ ගීතයක් ඇහුවම අපේ ජීවිතේට යම් දෙයක් එකතු කරගන්න හෝ පුළුවන්.. අලුත් ගීත වලට තැන දුන්නට කමක් නෑ.. අපේ පැරණි ගීතයක් ඉඳලා හිටලා හෝ අහනවා නම් ගොඩක් වටිනවා.. ප්‍රේමකීර්ති ලා කව්ද කියල දන්නේ නැති පරම්පරාවක් ඉන්නවා කියන එක ගැන නම් මට කනගාටුයි..


    කවුදෝ දවසක් කතා කරනවා මට ඇහුණා.. ජැක්සන් මහත්තයා දැන් කථා බහා කරන්නේ ප්‍රේමකීර්ති මහත්මයාගේ ටෝන් එක කියලා.. එතුමගෙ වැඩසටහනක් බලපු නැති නිසා කියන්න දන්නෙ නෑ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා..


    ඇත්තටම සහෝ මේ ගීත අපේ හදවතට මොන තරම් සමීපද.. ඒ වගේම මේ ගීත මොන තරම් සුන්දරද.. කියන්න වචන නැහැ..


    සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන...
    මිනිසකු පිට නැගි අසරුවෙකි
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ


    මර්වින් පෙරේරා මහත්තයා ගායනා කරන..
    මේ නගරය
    එක මොහොතක්
    ඔබ දේදුන්න ආකාසයේ


    වික්ටර් රත්නායක මහත්තයා ගායනා කරන..
    ආදරයේ උල්පත වූ අම්මා
    කුරුල්ලන්ට ගී ගයන්න
    සිහින සතක් දුටුවෙමි මම
    තනි තරුවේ

    එඩ්වඩ් ජයකොඩි මහත්තයා ගායනා කරන...
    සමනලයා මල හා ළමයා සේ


    ප්‍රියා සූරිය සේන මහත්තයා ගායනා කරන...
    ඈත රන් විමන්
    ආදරණීය නේරංජනා
    රටකින් එහා

    රෝහණ වීරසිංහ මහත්තයා ගායනා කරන...
    බිඳුණු පෙමට

    ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරන...
    මල් තරුණ සමය

    මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන...
    මා එක්කලා අමනාපව වී දබර
    කන්ද කෙන්ද කරනු පිණිස


    නන්දා මාලිනී මහත්මිය ගායනා කරන...
    සුරංගීට දුක හිතුණා

    මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගායනා කරන...
    එදා රෑ
    මා හා එදා
    මා නිසා ඔබ
    සුන්දරත්වයෙන් පිරි

    ටී.එම්. ජයරත්න මහත්තයා ගායනා කරන...
    සිතින් මා නොසැලී


    විකට නළුවෙකු වගේම විකට ගායන ශිල්පියෙකු වෙන ෆ්‍රෙඩී සිල්වා මහත්තයා ගායනා කර මේ ගීතත් රචනා කලේ ප්‍රේමකීර්ති මහත්තයා තමා..
    කැකිල්ලෙ රජ්ජුරුවෝ
    හඳ මාමා උඩින් යතේ
    පාන් කිරිත්තා
    කුණ්ඩුමනී ‍


    ප්‍රේමකීර්ති මහත්තයගෙ ජීවිත කතාව අද වෙද්දි පොතක් විදිහට එළි දක්වලයි තියෙන්නේ. මේ පොත ලියලා තියෙන්නෙ එතුමන්ගෙ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මියයි.. මට පොත හොයාගන්න බැරිවයි ඉන්නෙ.. :(

    මම සහෝගෙ ලිපියට අදාල නැති දෙයක් ගැන කතා කලා නම් සමාව ඉල්ලනවා..
     
    • Like
    Reactions: mldarshana