බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපේ මිනිස්සු දැන් ගොඩක් ඈතයි බං. මෑත කාලයේ මම දැකපු ප්‍රසිද්ධ හිමි නමක් අපවත් වුනු දා චාම් සරළ විදිහට අවමංගලයය උත්සවය ගත්තේ හාරිස්පත්තුවේ අරියවංසාලංකාර හිමියන්ගේ අවමංගල්‍යය උත්සවේ විතරයි මචං. පැය කීපයක අවසන් ගෞරවයන් සඳහා තිබීමෙන් පස්සේ මෘත දේහය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදයට භාර දුන්නා. ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නියම බුද්ධ පුත්‍රයෙකුට විතරයි බං.ඒ සරළ අවසන් කැමැත්තෙන්ම පැහැදිලි වෙනවා උන් වහන්සේ අනික් සංගරාජ හිමි වරුන්ට වඩා නිර්වාණයට ගොඩක් ළඟයි කියලා. Rest is history.![]()
ඔබ කියන කුනුහරුප බලනකොට බෞද්ධයෙක් වෙන්න බෑ.යුද්ධ කරන්න නෙවෙයි වුනත් ගිනි අවි පංසල් තුල ප්‍රොමෝට් කරන එක වැරදියි.ගිනි අවියකින් බුද්ධ පුත්‍රයන්ට කරන්න පුලුවන් ගෞරවයක් නෑ.ඒවාගෙන් වැලකීම තමයි බුදුන්ට බුදු දහමට කරන ගෞරවය.සාසනය තියෙන්නේ රටවල් රකින්න නෙවෙයි.මිනිසුන්ට නිවන් යන්න උදව් කරන්න.රට ජාතිය රකින්න බුදු දහමේ අරමුන නෙවෙයි
උබේ අරමුන මොකක්ද කියන්න මම දන්නේ නැ. නමුත් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. අද හාමුදුරුවරු රට හදන්න, ජාතිය ගලවගන්න උත්සහා කරනවා සාසනේ දෙකට කඩාගෙන. කට්ටියක් දේශපාලනෙත් කරනවා. මේ නිවන් මාර්ගය අවබොද කරලා දෙන්න ඉන්න බුද්ද පුත්‍රයො කරන්න ඔනේ වැඩ නෙමෙයි. ප්‍රන්ශකාරයෙකුට හරි රුසියන්කාරයෙකුට හරි උනත් කමක් නැ නිවන් යන්න අවබොදය ලබා දෙන එකයි බුදුන්ගේ නිර්මල දර්මයේ හරය. දැන් ඒක සින්හල බෞද්ද අයට විතරයි කියන තැනට ගේන්න හාමුදුරුවො දගලනවා මිසක, නියම දර්ම කාරනා දේශනා කරනවා අඩුයි. හරිනම් මේ මාර්ගයේ එන්න ඔනේ මහයාන්බ දර්මය. නමුත් අවාසනාවකට මහායාන හර්මය යන්න ඔනේ පැත්තට් දැන් ටේරවාදි දර්මය ගමන් කරනවා. ලෞකික සැප, ස්තූප, ප්‍රතිමා නෙමෙයි තෙරවාදයේ මුල් හරය.
ඔව් මේවා නිකන් පුහු දේවල්
අපවත්වුණු නායක ස්වාමින් වහන්සේ උනත් මේ දේවල් අනුමත කරන එකක් නැහැ
නමුත් පවතින ඕනිම රජයකට අවශ්‍ය තමන් උපරිම රාජ්‍ය දැක්කුවා කියලා පෙන්නන්නනේ ..
කොහෙද මචං දැන් අල්පෙච්ච් ජිවිත හතකරන හාමුදුරුවරු ඉන්නේ, අපේ මිනිසුන්ටත් ඕනි ප්‍රදශ්නත්මක බුද්දාගම. අර සමන්තබද්‍ර ගේ කෙස් එකේදී ගොඩක් දෙනක් එක්ක කතාකරා විවිද විදියට ත්රක් කල. ඒවගේ දී සමහර කරුණු නිසා බුද්දගන ගැන තයන පැහැදීම අඩුවෙච්ච තැන පවා තියනවා. කොහොමත් ලෝකෝත්තර ජීවිතය ගැන හිතන මිනිසුන් සැප විදිය යුතුය කියනවා වගේ දෙයක් කියවෙනව් ඒ දේශනා වලින්. එත් ඒ කරුණු වල නිවන කරා යාම කියන මග තියනවා කියලත් හිතෙනවා. එත් මචං සමහර මිනිස්සු අන්ත අසරණ වෙලා දුක් විදිනකොට තවත් කෙනෙක් ඒ මිනිසුන්ගේ පව කියල පින නැහැ කියල ඒ මිනිසුන්ට පිහිටක් නැත්තම් මොකද්ද ඒ දෙයින් වන යහපත. කොටසකට පමණයි නේද එක ලැබෙන්නේ


