නිවන් යෑම කියන්නේ

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නිවන් යෑම කියන්නේ

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලගා කර ගැනීමද ?

    දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ ,

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලබා ගැනීමද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව,ඒ අවසාන ජීවිතේ මතු උපතක් නොමැති වීම

    අනිත් බුවාලට මැරුනම "නිවන් සුව ලැබේවා" කියන්නෙ මතු ජීවිතේක කියන අදහසින්,නිවන් නෙවෙයි ගොඩක් අය නිරයට යනව කියලයි කියන්නෙ හිටං
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නිවන් යෑම කියන්නේ රෑට කළුවරේ මොකුත් එළියක්‌ නැතිව ටෝර්ච් එක නිවාගෙන කොටු පනින්න යන එකට
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිවන් දකිනවා කියන්නෙ , රාග ,දෙශ , මොහ, නැවත ඇති නොවෙන්නෙ දුරු කරන එකට,

    රාගක්කයො නිබ්බානන්
    දෙශක්කයො නිබ්බානන්
    මොහක්කයො නිබ්බානන්

    නැවත මතු ඉපැද්මක් නැ, නත්ති ජාති පුනබ්බවො, නැවත
    පුනර්බවයක් නැ
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව,ඒ අවසාන ජීවිතේ මතු උපතක් නොමැති වීම

    අනිත් බුවාලට මැරුනම "නිවන් සුව ලැබේවා" කියන්නෙ මතු ජීවිතේක කියන අදහසින්,නිවන් නෙවෙයි ගොඩක් අය නිරයට යනව කියලයි කියන්නෙ හිටං

    එතකොට නිවන් යන්නත් සෑහෙන්න පින් තියෙන්න ඔනෙ නෙ ?

    එතකොට නිවන් යන්න්න හැමොටම බෑනෙ, කලා තුරකින් නෙ එහෙම වෙන්නෙ ,
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නිවන් දකිනවා කියන්නෙ , රාග ,දෙශ , මොහ, නැවත ඇති නොවෙන්නෙ දුරු කරන එකට,

    රාගක්කයො නිබ්බානන්
    දෙශක්කයො නිබ්බානන්
    මොහක්කයො නිබ්බානන්

    නැවත මතු ඉපැද්මක් නැ, නත්ති ජාති පුනබ්බවො, නැවත
    පුනර්බවයක් නැ

    එකටත් ආත්ම ගානක් පෙරුම් පුරන්න ඔනෙ නෙද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට නිවන් යන්නත් සෑහෙන්න පින් තියෙන්න ඔනෙ නෙ ?

    එතකොට නිවන් යන්න්න හැමොටම බෑනෙ, කලා තුරකින් නෙ එහෙම වෙන්නෙ ,
    ඒක තමා බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මේ ලෝකෙ කොච්චර පස් තිබ්බත් මේ අතට ගත්ත පස් ප්‍රමාණයෙ අය විතරයි සුගතියට (මිනිස්,දේව,භ්‍රග්ම) යන්නෙ කියල..කොච්චර පින් කරත් වැඩක් නෑ මාර්ග ඵලයක් ලබාගෙන නැත්නම් අන්තිමට සකස්වෙන සිතුවිල්ල අනුව තමා ඊලඟ භවය හැදෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,525
    113
    ඒක තමා බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මේ ලෝකෙ කොච්චර පස් තිබ්බත් මේ අතට ගත්ත පස් ප්‍රමාණයෙ අය විතරයි සුගතියට (මිනිස්,දේව,භ්‍රග්ම) යන්නෙ කියල..කොච්චර පින් කරත් වැඩක් නෑ මාර්ග ඵලයක් ලබාගෙන නැත්නම් අන්තිමට සකස්වෙන සිතුවිල්ල අනුව තමා ඊලඟ භවය හැදෙන්නෙ.

    Ma boy got it
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඒක තමා බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මේ ලෝකෙ කොච්චර පස් තිබ්බත් මේ අතට ගත්ත පස් ප්‍රමාණයෙ අය විතරයි සුගතියට (මිනිස්,දේව,භ්‍රග්ම) යන්නෙ කියල..කොච්චර පින් කරත් වැඩක් නෑ මාර්ග ඵලයක් ලබාගෙන නැත්නම් අන්තිමට සකස්වෙන සිතුවිල්ල අනුව තමා ඊලඟ භවය හැදෙන්නෙ.

    අන්තිම මොහෙතෙ කරපු එක නරක වැක් මතක් වෙලා, නරකාදියේ ඉපදුනොත් , ඔහු පින් කරලා තියෙනවා න ම් ගොඩක් , ඔහු වැඩිකල් නරකාදියේ ඉන්නෙ නෑ නේද , ඉක්මනින් හොද තැනකට යනවා නේද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,525
    113
    අන්තිම මොහෙතෙ කරපු එක නරක වැක් මතක් වෙලා, නරකාදියේ ඉපදුනොත් , ඔහු පින් කරලා තියෙනවා න ම් ගොඩක් , ඔහු වැඩිකල් නරකාදියේ ඉන්නෙ නෑ නේද , ඉක්මනින් හොද තැනකට යනවා නේද

    Ma boy got it too
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තිම මොහෙතෙ කරපු එක නරක වැක් මතක් වෙලා, නරකාදියේ ඉපදුනොත් , ඔහු පින් කරලා තියෙනවා න ම් ගොඩක් , ඔහු වැඩිකල් නරකාදියේ ඉන්නෙ නෑ නේද , ඉක්මනින් හොද තැනකට යනවා නේද

    ඒක ඉතින් කරපු නරක වැඩේ අඩු වැඩි කම අනුව තමා..දෙවියොත් එහේ පින ඉවර උනාම නිරයට වැටෙන්ඩ පුලුවන්ලු,නිරයෙන් මිනිස්,දේව උපත් වලටත් එනව ඇති මොකද කරපු පින් කවද හරි ආය මතුවෙනව,ඒව නැති වෙන්නෙ නෑ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට නිවන් යන්නත් සෑහෙන්න පින් තියෙන්න ඔනෙ නෙ ?

    එතකොට නිවන් යන්න්න හැමොටම බෑනෙ, කලා තුරකින් නෙ එහෙම වෙන්නෙ ,
    උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ සිරාවටම නොදන්නා කමට නම් මේ පහල තියෙන ටික කියවපන්..
    එහෙම නැත්නම් අ* ගහල නිදා ගනින්..


    කෙටිම පිළිතුර වෙන්නේ "නැත" යන්නයි. දැන් කට්ටිය දුවගෙන එන්න එපා, 'නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ' කියාගෙන.. :D


    ලංකාවේ බෞද්ධ අපි, බුදුදහම ගැන දන්නේ මොන තරම් අල්ප මාත්‍රයක් ද කියල තේරෙන්නේ ඊට අදාළ පොතපත අහම්බෙන් අපේ පෙර වාසනාවට කියවන්න ලැබුනට පස්සේ. ඇත්තටම මම උනත් මේක තමයි බුදු දහම කියන්නේ කියල හිතන් හිටියේ මේ අවුරුදු ගණනාවටම, දහම්පාසලෙන් අවුරුදු 4ක් විතර ලබපු ඉතා ස්වල්ප දහම් අධ්‍යාපනයයි, හාමුදුරු කෙනෙක් බණකට කියන ටිකයි, internet එකේ ඉදල හිටලා කියවන ලිපි දෙකතුනකුයි, පත්තරෙක් දකින article එකක අඩංගු සරල දහම් කරුණුයි විතරයි.

    නමුත් බුදුදහමේ ඇතුලාන්තය හෙවත් සම්පූර්ණ හරය ඇතුලත් වෙලා තියෙන්නේ "අභිධර්මය" කියන කොටසේ කියන එක මං පොඩි කාලේ ඉදල අහල තිබුනත්, ඒ ගැන ඉගෙනගන්න ආසාවක් වත් නොලැබෙන විදිහට වැඩ සිද්ධ උනේ අපේම ඇතැම් හාමුදුරුවරු, ගුරුවරු සහ යාළුවො, ඒ ගැන දක්වපු ආකල්පය නිසා.. මොකද "අභිධර්මය" කියල කියන්නේ ඉතා ගැබුරුයි, ඒක සාමාන්‍ය ගිහියෙක්ට අනවශ්‍යයි, තේරුම් ගන්න බෑ, ඒක හොද හාමුදුරුවන්ට වගේ අදහස් අදත් ඉතා සුලභව සමාජයේ තියෙනවා.. මේ මතය සමාජගත උනේ කාගේ උවමනාවකටද කියල කියන්න නම් මං දන්නේ නෑ.

    නමුත් පෙර වාසනාවකට මට අහම්බෙන් හම්බුනා රේරුකානේ චන්දවිමල හිමියන් අභිධර්මය ගැන ඉතා සරලව ලියපු පොතක්.. ඒ තමයි "අභිධර්මයේ මුලික කරුණු" කියන පොත. ඒ පොත කියවන යද්දී මට තේරුනා, බුදුදහම ගැන කෙස් පැලෙන තර්ක එළකිරියේ වගේම වෙනත් එදිනෙදා කතාබහේදී අපි කරන්නේ, සුත්‍ර පිටකයේ අන්තර්ගත කරුණු උඩින් පල්ලෙන් අතගාල කියවන එක මිසක් සැබෑ බුදුදහමේ අන්තර්ගතය ගැන 1% ක් වත් දැනගෙන නෙමෙයි කියන දේ.

    බුදුන්වහන්සේගේ අසූ හාරදාහක් ධර්මස්කන්ධයෙන්,

    සුත්‍රපිටකයේ ධර්මස්කන්ධ 21,000
    විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000
    අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000

    මේ පිටක 3 න් , අභිධර්ම පිටකයේ තියෙන කරුණු වල ගැබුරු බව ඔයාලට පෙන්වන්න, චන්දවිමල හිමිගේ පොතේ සංඥාපානයෙන් ගත්තු එක පිටුවක් දාන්නම්



    10-5803befe05.jpg



    මේ පොතේ විශේෂත්වය වෙන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ගැබුරු ධර්මය, ඉතාම සරලව පාලි භාෂාව නොදන්නා කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලියල තිබීම. මට නම් ඇත්තටම මේ පොතේ පලවෙනි පිටු 10 කියවගෙන යනකොට මම බුදුදහම ගැන මේ දක්වා දැනගෙන හිටියේ මොනවද කියල හිතුනා. ඒ වගේම මගේ හිතේ තිබුන යම් යම් ප්‍රශ්න වලට උත්තර සියල්ලම මේ අභිධර්ම පිටකයේ ලියලා තියෙනවා කියල මට තේරුණා.. අපි ධර්මය ගැන සැක සංකා ඇති කරගන්නේ අපේම මෝඩකමට මේ දේවල් නොකියව, නොඅසා සිටීම නිසා නේද කියල හිතුනා.ඉතින් මං ඒ අදුරු වලාකුලෙන් මිදුනා වගේම, ඇත්තටම අභිධර්මය කියන්නේ ගිහියන්ට අවශ්‍ය නොවෙන කොටසක් කියන මිත්‍යා මතයේ ඉන්න මං වගේ අයට හරි පාර කියල දෙන්න තමයි මං මේ පොස්ට් එක දාන්නේ.

    අපේ සිත, භවය, නැවත උපතක් ඇති වෙනකොට සිත සකස්වෙන ආකාරය ගැන මේ තරම් පැහැදිලිව කරුණු කාරනා කියල නැතුව ඇති වෙන කිසිම පොතක. ඒ නිසා download කරන හැමෝම, මේ පොත කියවල බලන්න කියල කාරුණිකව ඉල්ලලා සිටිනවා..

    මං මේ පොතේ පිටු කීපයක් මේකේ share කරන්නම්.


    21-e2e95d4ea9.jpg



    සමහරවිට මේ කියල තියෙන කරුණු එක පාරටම නිරවුල් ව අපේ ඔලුවට යන එකක් නෑ. ඒ වෙලාවට ඒ කොටස නැවත කියවල බැලුවොත් ඒ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙයි.


    39-2b678c4e75.jpg





    පහතින් දාන්නේ සත්වයාගේ භවය ඇති වීමට අදාළ කරුණු..


    49-b3ed0f1691.jpg



    50-50e83ac8c6.jpg



    51-653d1347c9.jpg





    මේ ටික කියවද්දී මාර හැගීමක් එනවා මචන්, අපේ මනස ගැන යතාර්ථය වෙන කිසිම කෙනෙක්, කිසිම විදිහකට කියල නැති නිසා.. මේ දේවල් ගැන තමයි බුදුදහම පිළිගන්න සුද්දෝ ඇවිත් ඒ රටවල් වල ඉන්න හාමුදුරුවන්ගෙන් අහන්නේ. ඒකට අපේ රටේ ඉන්න බෞද්ධයෝ කරන්නේ අසවල් හාමුදුරුවන්ගේ කාර් එකේ වර්ගය වගේ දේවල් හොයා හොයා එක එකා වාද කර කර ඉන්න එක.


    මං දැක්ක කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඉතා තරයේ කියල තියෙනවා, මේ යුගයේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න කිසිම ඉඩක් නෑ කියල. ඉතින් මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් ඔහොම දෙයක් කිව්වම, අර සුත්‍ර පිටකය ගැන විතරක් දන්න 99% ක් බෞද්ධයෝ ඒ කීම විශ්වාස කරනවා. නමුත් නිකමට වත් නුවනින් විමසලා බලන්නේ නෑ, බුදුන් වහන්සේගේ ධර්මය අකාලික නම්, උන් වහන්සේගේ නිවන් මාර්ගය අකාලික නම්, උන්වහන්සේ පිරිනිවන්පාල අවුරුදු 500 ක් ගියාට පස්සේ රහතන් වහන්සේලා පහළවෙන එක නැවතෙන්නේ කොහොමද කියල..


    මේ ගැන හොදට විස්තර කරලා තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය" කියන පොතේ..


    19-9107701d3f.jpg



    කැමති අයට මේ පොත download කරගන්න පුළුවන් පහලින්..


    විදර්ශනා භාවනා ක්‍රමය



    සෑහෙන වෙලාවක් අරන් ලියපු මේ post එක, නිවන් මාර්ගය අනුගමනය කරන්නට වෙර දරන සියලුම පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වේවා, කියල අන්තිමට මේක ඉවර කරන්නම්..
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සරලව කෙටියෙන් කියන්නම් (බොහොම කෙටියෙන්)
    නිවන කියන්නේ නැවත නොපදින්න වැඩපිලිවලේ අවසාන ස්ථානයයි.....

    බුදු බව-
    එම මාර්ගව තනිවම සොයාගෙන එම මාර්ගයේ ගමන් කර අවසාන ස්ථානයට ළගා වෙලා.. හැකියාව ඇති අන් අයවද එම ස්ථානයට ළගා කරවීමට උපදෙන් හා අවවාද අනුසාසනා දි එම මාර්ගය මිනිසුන් අතරේ කාලයක් පැවතිමට අවශ්‍ය කරැණු කාරණා සලසා දිමට යම් පුද්ගලයෙක් පත් වේද ඔහු බුදු රජානන් වහන්සේ නමකි.

    පසේ බුදු බව
    එම මාර්ගව තනිවම සොයාගෙන එම මාර්ගයේ ගමන් කර අවසාන ස්ථානයට ළගා වෙද යම් පුද්ගලයෙක් පත් වේද ඔහු පසේ බුදු රජානන් වහන්සේ නමකි.

    රහත් බව
    එම මාර්ගව යම් පුද්ගලයෙකුයෙගේ අවවාද අනුසාසන් යටතේ ඔහුගේ මග පෙන්වීම යවතේ එම මාර්ගයේ ගමන් කර අවසාන ස්ථානයට ළගා වෙද යම් පුද්ගලයෙක් පත් වේද ඔහු රහතන් වහන්සේ නමකි.

    **දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ , **

    කිසියම් හො විදිහකින් නැවත නොපදින්න වැඩපිලිවලේ අවසාන ස්ථානයට ළගා වේවා යන ප්‍රර්තනිව ඇතිවයි එහෙම කියන්නේ..