නිවන්_පුරට_පාර_කියන_සල්ගල

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    නිවන්_පුරට_පාර_කියන_සල්ගල


    නිවන් පුරට පාර කියන සල්ගල වන සෙනසුන

    images

    5805746194

    images



    සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි.
    වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්‍ෂිතය යන වචන කිහිපයයි.
    මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්‍ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි.

    images


    කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය.
    අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි.
    උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය.

    images



    අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත හිමියන්ය.
    අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ.
    සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය.

    images


    ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු.
    මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි.
    ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක‍්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය.
    ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි.
    සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි.

    images


    එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත‍්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත.
    ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි.
    තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති.
    ”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න ඕන තැනක් විත්තිය”
    සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය.

    images


    වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක‍්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති.
    අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ.
    ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි.
    සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය.
    හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා.
    හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත‍්‍රයක් හිතේ ඇඳගත්තෙමු.
    බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය.
    අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ.
    වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම් ඕලූ ආදී මල් වර්ග රැසකි.
    කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි.
    මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි.
    එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී.
    මගේ හිතට වද දෙන ප‍්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි.
    ”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”?
    ”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ”
    අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු.



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අවිස්සාවේල්ල-කෑගල්ල ප‍්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා තිබෙන සල්ගල ආරණ්‍ය සේනාසනය සුපේෂල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සසරින් එතෙරවන්නට මං සොයන තවත් එක් පින් බිමෙකි.
    අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජු සතුරු ආක‍්‍රමණ වලින් බේරීම සඳහා සල්ගල සැඟවී සිටි බව ජනප‍්‍රවාදය කියයි. රජු සල්ගලට පැමිණීමට පෙර ද මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්කි ඇත. වන සෙනසුනෙහි ගිජ්ජකූට ලෙනෙහි කටාරමට පහළින් ‘බත දම ගුත ලෙන’ යනුවෙන් බ‍්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වූ යන්නයි. භාතෘ ධර්මගුප්ත මහ රහතන් වහන්සේද මෙහි වැඩ සිටි බව කියති. මේ ලෙන විහාර මන්දිරයයි. එහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවකි.
    වනස්පතින්ගෙන්ද, රක්ෂිතයේ උරුමකරුවන් වන සතුන් ද බහුල සල්ගල කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයකි.
    පිප්පලී ලෙන, වේහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, පාණ්ඩව ලෙන, ඇතුබැඳි ලෙන ඉන් කිහිපයකි.
    වළගම්බා රජුගේ මඟුල් ඇතු, බැඳ සිටි ස්ථානයේ පිහිටි ලෙන ඇතු බැඳි ලෙන නමින් හැඳින්වේ. මේ සෑම ලෙනක් සමීපයේම යෝගාවචර භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මළුවක් දක්නා ලැබේ. ඇතැම් තැනෙක පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමට යොදා ගන්නා ඇට සැකිල්ලකි.
    නා නා විධ ‘තුරුලතා හා වන මලින් අලංකාර වූ වනය මැඳින්් පර්වත මුදුණට නැඟි විට මනස්කාන්ත වූ කඳු ශිඛර අවටින් පෙනේ. දසත නෙත ගැටෙන මේ සුන්දර ස්ථානය බැලූම්ගලයි. පෙර රජ දවස සතුරන් පැමිණේදෝයි ඔත්තු බැලූවේද බැලූම්ගල සිට බව කියැවේ. ශ්‍රී පාදස්ථානය ද එතැනට පෙනේ.
    අරණ්‍යය සිත් කළුය.


    Source: Lankadeepa
     
    • Like
    Reactions: upulcla

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath ekaparak giya ape nedeyo tikakata pin sidda wenna... kalin dawase gihin pandara negitala heela piliyela karala aragena yanawa. dawal daneta thamai hamuduruwo pahalata wediye...
     
    • Like
    Reactions: upulcla

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    thankzz machan
    godak wadagath hoda post ekak

    machan matath eka paarak salgala yanna set una.....daanekata. harima puduma hithenawa..... kisima baahira balapaamak nathuwa api me pissu ballo wage duwana jeewithe wenas karaganna hithenawa. gihinma athwidinna.:):):):)

    ela ela machan! thanx share karata...

    අවිස්සාවේල්ල-කෑගල්ල ප‍්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා තිබෙන සල්ගල ආරණ්‍ය සේනාසනය සුපේෂල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සසරින් එතෙරවන්නට මං සොයන තවත් එක් පින් බිමෙකි.
    අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජු සතුරු ආක‍්‍රමණ වලින් බේරීම සඳහා සල්ගල සැඟවී සිටි බව ජනප‍්‍රවාදය කියයි. රජු සල්ගලට පැමිණීමට පෙර ද මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්කි ඇත. වන සෙනසුනෙහි ගිජ්ජකූට ලෙනෙහි කටාරමට පහළින් ‘බත දම ගුත ලෙන’ යනුවෙන් බ‍්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වූ යන්නයි. භාතෘ ධර්මගුප්ත මහ රහතන් වහන්සේද මෙහි වැඩ සිටි බව කියති. මේ ලෙන විහාර මන්දිරයයි. එහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවකි.
    වනස්පතින්ගෙන්ද, රක්ෂිතයේ උරුමකරුවන් වන සතුන් ද බහුල සල්ගල කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයකි.
    පිප්පලී ලෙන, වේහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, පාණ්ඩව ලෙන, ඇතුබැඳි ලෙන ඉන් කිහිපයකි.
    වළගම්බා රජුගේ මඟුල් ඇතු, බැඳ සිටි ස්ථානයේ පිහිටි ලෙන ඇතු බැඳි ලෙන නමින් හැඳින්වේ. මේ සෑම ලෙනක් සමීපයේම යෝගාවචර භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මළුවක් දක්නා ලැබේ. ඇතැම් තැනෙක පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමට යොදා ගන්නා ඇට සැකිල්ලකි.
    නා නා විධ ‘තුරුලතා හා වන මලින් අලංකාර වූ වනය මැඳින්් පර්වත මුදුණට නැඟි විට මනස්කාන්ත වූ කඳු ශිඛර අවටින් පෙනේ. දසත නෙත ගැටෙන මේ සුන්දර ස්ථානය බැලූම්ගලයි. පෙර රජ දවස සතුරන් පැමිණේදෝයි ඔත්තු බැලූවේද බැලූම්ගල සිට බව කියැවේ. ශ්‍රී පාදස්ථානය ද එතැනට පෙනේ.
    අරණ්‍යය සිත් කළුය.


    Source: Lankadeepa

    Thanks for sharing machan... Mamath Ingiriye Madakada, Baduraliye Kalugala, Dombagaskanda aranya walata gihin thiyenawa,, Salgalath yanna one lagadima :)


    Thanks.......
    Oluwak thiyena aya lankawe thawa tikak innawa kiyala dannawa macho.....Thanks....:yes::yes::yes::yes::yes: