නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චතුරාර්ය සත්යය ඇත්තේ ඇසීමට බව සාක්ෂි සහිතව ඔප්පු කිරිම :D

    සමථය යනු හුස්ම බැලීම හුලo බැලීම මැටි ගුලි බැලීම වැනි පිස්සුවක් නොව ආශ්වාදය ,ආදීනවය ,නිස්සරණත්වය දැකීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    අස්සාසය සහ පරමස්සාසය යනු හුළං නොවන බවත් ස්පර්ෂ ආයතන 6හි ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය දැකීම බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    චතුරාර්ය සත්යය = ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක දුක් වේදනා බුදුවරයෙකුට උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක සැප වේදනා උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා රහතන් වහන්සේටද ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කිලෝජූල්, කොන්ටම්, නිව්ටන්, අයින්ස්ටයින් ගැන කියවන අභය ජෝකර් එහෙමද උඹලාට සමුදය බලන්න ඉගැන්නුවේ. ලොල්!
    සමුදය බලන්න දන්නේ නැත්නම් කරුණාකරලා ත්‍රිපිටකයේ අනිච්ච සඤ්ඤා සුත්‍රය බලන්න. එතනින්ම අනිච්ච කියන්නේ මොක්ද්ද කියන එකටත් නිවැරදි අර්තකනය ලැබෙනවා. අභය-වහරක් උන්නාන්සෙලා අනිච්ච ගැන කතා කලාට කවදාවත් පෙන්වන්නේ නැති සුත්‍රයක්!

    උඹ කියන අනිච්ච සංඥා සූත්‍රය බැලුවා. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි

    "මහණෙනි, කෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවා ද ... සියලු අස්මිමානය ගෙවා ද නසා ද යත්:

    රූපය මෙසේ යැ, රූපයේ හටගැන්ම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයාගේ හටගැන්ම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසා යි."

    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1157

    ඕකේ කියලා තියනවා රූපයේ හටගැන්ම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ කියලා. ඒක අහලා උඹලා රූප වල පරමාණු ඇති වෙන හැටි නැති වෙන හැටි බලන්න පටන්ගත්තා නේද? දැන් නියුට්‍රෝන එහෙම දැක්කද? :shocked::shocked:

    ඕකේ පාලි වල තියෙන්නේ මෙහෙමයි

    ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා... ඉති සඤ්ඤා... ඉති සඞ්ඛාරා... ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති - එවං භාවිතා ඛො, භික්ඛවෙ, අනිච්චසඤ්ඤා එවං බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති, සබ්බං රූපරාගං පරියාදියති, සබ්බං භවරාගං පරියාදියති, සබ්බං අවිජ්ජං පරියාදියති, සබ්බං අස්මිමානං සමූහනතී’’ති. දසමං.
    https://pitaka.lk/main/?n=23100

    රූප වල සමුදය, අත්තංගමය බලන්න කියලා ඔය කියන්නේ

    සමුදය, අත්තංගමය ගැන දැනගන්න මෙන්න මේක බලන්න

    නිවන්_මඟ_මෙන්න-(06/20)
    3.8 ලෝක සමුදය, ලෝක නිරෝධය

    ඒකේ තියන ටික ආයේ පහතින් දාන්නම් කියවගන්න.

    3.8 ලෝක සමුදය, ලෝක නිරෝධය

    සමහර අය හිතාගන ඉන්නේ ලෝක නිරෝධය කියන්නේ ඇසට රූපයක් ගැටුනම ඇසත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, හිතත් (චක්ඛු විඥ්ඥානයත්) ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඔන්න එතකොට ලෝකය නිරුද්ධ වෙනවා කියලයි.

    ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙන එක නවත්තන්න බුදු කෙනෙකුට වත් බෑ... ඒක නැති කරන්න දෙයක් නෑ ඉබේම නැති වෙනවාමයි. එහෙනම් අමුතුවෙන් නිරෝධ කරන්න දෙයක් නැහැ. එහෙම වුනාම ලෝක නිරෝධය වෙනවානම් මේ වෙද්දී අපි හැමෝම නිවන් දකින්න එපැයි.
    ඕක සමුදය-නිරෝධය නෙවෙයි. ඕක උදය-වැය නෙවෙයි. ඕක දැක්කා කියලා නිවන් දකින්නේ නෑ

    එහෙම බැලුවොත් ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙලා නැති වෙලා යන්නේ නැතුව තාමත් තියනවා කියලා හිතාගන ඉන්නවා කියලා හිතන එක අවිද්‍යාව වෙන්න ඕනේ. ඕක නෙවෙයි සමුදය නිරෝධය කියන්නේ

    අවිද්‍යා, තන්හා, ජන්දරාගය (ආශ්වාදය) ඔතනයි අවුල තියෙන්නේ

    එතකොට ලෝක සමුදය කියන්නේ මොකක්ද?

    "මහණෙනි, ලෝකයේ සමුදයත් අත්තංගමයත් දේශනා කරන්නෙමි එය අසවු. මහනෙනි ලෝකයේ සමුදය කවරේද යත්: ඇසත් රූත් නිසා චක්ඛු විඥ්ඥාණය උපදී. තිදෙනාගේම එක්වීම පහසයි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තන්හාව වේ. තන්හාව නිසා උපාධාන වේ. උපාධාන නිසා භවය වේ. භවය නිසා ජාති වේ. ජාති නිසා සෝක පරිදේව දුක්ඛ දෝමනස හටගනිත්. මෙය ලෝකයේ සමුදයයි"
    (සංයුත්‌ත නිකාය, ලෝක සමුදය සූත්‍රය)

    ඔය කිව්වේ පටිච්ච සමුප්පාදයමයි. ඇස ඇත-නැත කතාවක් ඔතන නෑ.

    ඇස, රූප චක්ඛු විඥ්ඥානය ස්ඵර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා
    එතනට එනකම් බුදුවරයෙකුට වත් නවත්තන්න බෑ....වේදනාවක් දැනුනම ඔන්න අපි "අවිද්‍යාව නිසා" තන්හාව හදාගන්නවා ඒ නිසා දුක හටගනන්වා. ඔන්න ඕක තමයි "ලෝක සමුදය"

    එතකොට ලෝක නිරෝධය කියන්නේ මොකක්ද?

    "මහණෙනි, ලෝකයේ අස්තංගමය කවරේද යත්: ඇසත් රූත් නිසා චක්ඛු විඥ්ඝ්නානය උපදී. තිදෙනාගේම එක්වීම පහසයි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තන්හාව වේ. ඒ තන්හාවේ ම "නිරවශේෂවිරාග නිරෝධයෙන් උපාධාන නිරෝධ වේ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ අස්තංගායයි."
    (සංයුත්‌ත නිකාය, ලෝක සමුදය සූත්‍රය)

    ඔන්න ලෝකය නැති වෙන හැටි.

    ලෝකය නැති වුනාම රාගයෙන් ශුන්‍යයි, ද්වේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශූන්‍යයි

    ඔව්වයි ඇත නැත වෙන්නේ.

    සතර මහා භූතයෝ ඇත නැත කියන එක නෙවෙයි. ඒවා දෘෂ්ඨි.
    ඔය වගේ දෘෂ්ඨි වලින් යන්න පුළුවන් සතර අපායට තමයි
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    1)කායානුපස්සනා සතිපඨ්ටානය

    i)කායානුපස්සනා සතිපඨ්ටානය වඩද්දී,දිග සුසුම්,කෙටි සුසුම් උබට අහුවෙනවා (දීගන්වා අස්සසන්තෝ දීගන්වා අස්සසාමීථි පජානාතී..)
    කායසන්ඛාරයක් වන අස්වාසය අරමුණු කරගන එතනදී උබගේ සතිය හැදෙනවා, සමුදය දැකීමට

    ii)දෙවනුව සමුදය දැකීම
    ආසවාස හටගන්න , නැතිවෙන ආකාරය සිහියෙන් බලනවා(සමුදය දම්මානුපස්සී වා කායස්මින් විහරති.වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති )

    --මහා සතිපට්ඨාන සූත්‍රය -කායානුපස්සනා--ආනාපාන පබ්බය

    2) ඊටපස්සේ උබට වේදනානුපස්සනාවට ගිහින් ,

    I)වේදනාවට හිත සිතපිහිටුවනවා.වේදනාව තුන් ආකාරයකට ,සුඛ ,දුක්ඛ , අදුක්ඛම අසුඛ විදියට කැටගරයිස් වෙනවා මෙහිදී(සාමිසන්වා සුඛන් වේදනන් වේදියමානෝ--)
    II) වේදනාවක (ඒ වෙලාවට ඉදිරිපත්වුන ) සමුදය වය බලන්න පුලුවන් (සමුදය දම්මානුපස්සී වා ---. වය ධම්මානුපස්සීවා ---- )

    --මහා සතිපට්ඨාන සූත්‍රය --වේදනානුපස්සනාව

    උඹලත් කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකද කරන්නේ? ඕවා නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ

    බුද්ධ සාසනේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි, කායේ කායානුපස්සනා

    ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන දාලා තියනවා. බලන්න

    නිවන්_මඟ_මෙන්න-(07/20)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උසමහර අය හිතාගන ඉන්නේ ලෝක නිරෝධය කියන්නේ ඇසට රූපයක් ගැටුනම ඇසත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, හිතත් (චක්ඛු විඥ්ඥානයත්) ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඔන්න එතකොට ලෝකය නිරුද්ධ වෙනවා කියලයි.

    ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙන එක නවත්තන්න බුදු කෙනෙකුට වත් බෑ... ඒක නැති කරන්න දෙයක් නෑ ඉබේම නැති වෙනවාමයි. එහෙනම් අමුතුවෙන් නිරෝධ කරන්න දෙයක් නැහැ. එහෙම වුනාම ලෝක නිරෝධය වෙනවානම් මේ වෙද්දී අපි හැමෝම නිවන් දකින්න එපැයි.
    ඕක සමුදය-නිරෝධය නෙවෙයි. ඕක උදය-වැය නෙවෙයි. ඕක දැක්කා කියලා නිවන් දකින්නේ නෑ

    එහෙම බැලුවොත් ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙලා නැති වෙලා යන්නේ නැතුව තාමත් තියනවා කියලා හිතාගන ඉන්නවා කියලා හිතන එක අවිද්‍යාව වෙන්න ඕනේ. ඕක නෙවෙයි සමුදය නිරෝධය කියන්නේ

    සතර මහා භූතයෝ ඇත නැත කියන එක නෙවෙයි. ඒවා දෘෂ්ඨි.
    ඔය වගේ දෘෂ්ඨි වලින් යන්න පුළුවන් සතර අපායට තමයි

    පවු ඉතින් 5 පන්තියේ ගනන් ෆේල් එකාට කොන්ටම් මිකැනික්ස් උගන්නනවා වගේ! :P:P:P

    ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥානය උපදිනවා. මේ තුනේ එකතුවෙන් තමයි ස්පර්ශය හට ගන්නේ.

    මොකද්ද මේකේ සමුදය? ඇස, රූප තිබු පමණින් මලමීනි වලට රූප පේන්නේ නැත! එසේනම් මනසේ නිමිති-ගති-දැනුම් යෙදිලා තමයි රූපය හට ගන්නේ. මනසේ ගති-නිමිති නිරුද්ධ වන විටම ඒක නිරුද්ධයි, නමුත් පෘතග්ජනයාට මේ නිරෝධය පේන්නේ නැහැ. නිරොධයේ අවබෝදයක් නැහැ. මේ ලෝකෝත්තර දර්ශනය!
    මේක සම්මුති ලෝකෙට දාගෙන අලියා, ඉන්නවා, වාහන වලට හැප්පෙනවා, නහය කැඩිලා ඇක්සිඩන්ට් වෙන අය, ලෝක නිරෝධයවත් සමුදයවත් දැකලා නැහැ, අඩුගානේ පූර්ව ප්‍රතිපදාවේ වත් නෑ!

    නිවන ධර්මතාවයක් (ඌරාගේ මාලු උරා පිට තබා කපමි ) Nirvana is! . ඒ සත්‍ය නුවණින් අවබෝධ කල යුත්තක්, එසේ කරන කන් නිවන අවබෝධ වෙන්නේ නැහැ. ඒක පහල වන සත්‍යක් නොවේ.

    මේ නිරෝධය මෙහෙම විස්තර කල ගමන් "ආ හරි ඒක තේරුනා" කෝ නිවං?" කියන ජෝකර්ලාට කියන්නෙ, ඕක බහුලව වඩන්න, නැවත නැවත වඩන්න, එතකොට ඇත්තටම රූපය නිරුද්ධවෙලායි, ශබ්දය උපදින්නේ ශබ්දය නිරුද්ධවෙලායි තව ශබ්දයක් උපදින්නේ කියන " අවබෝදය" ලැබෙයි! අභයගේ ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් නිර්වණය නෙවෙයි මේ බුද්ධ වචනය!

    නහය තියෙනවා, නහයට දැනෙන සුවඳත්, කටට දැනෙනෙන තණකොල රසත්, පුන්නක්කු රසත් ඔක්කොම තියෙනවා, වර්ල්ඩ් කප් මැච් ගහනව, නිව්යෝර්ක් තියෙනවා, කියලා හිතාගෙන ඉන්න අයට කියන්නේ:D:D
    අහුත්වා සම්භූතං, හුත්වාන භවිස්සති! -පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවන!
    හිතාගෙන ඉන්න දෙයක් නැහැ මේ බුද්ධ වචනය, ලොල්! දන්නේ නැත්නම් ගිහින් බලනවා. අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :D

    "හටගන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා"

    ඕක වුනා කියමුකෝ. ඉතිං මොකක්ද ඕකේ ගැටළුව? ඕකේ බලන්න දෙයක් නැහැනේ. ඕක බැලුවා කියලා මොකක්ද ලැබෙන වාසිය

    බමුණොත් ඔය වගේ දේවල් බල බල හිටියා. උන්ට තේරුනේ නෑ ගැටළුව තියෙන්නේ ඕකේ නෙවෙයි "රාග, ද්වේෂ, මෝහ" වල කියලා. බුදු කෙනෙක් පහල වෙලාම ඒක කියන්න ඕනේ වුනා. "නිවන කියන්නේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං" කියලා.

    සතර මහා භූත විදර්ශනා කරලා වැඩක් නෑ. සතර මහා භූත කියන්නේ ඵලයක්. විදර්ශනා කරන්න ඕනේ හේතුවයි. හේතු තමයි "රාග, ද්වේෂ, මෝහ
    "
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේ සංවාදය කියවපු මේ ගැන උනන්දුවක් දක්වන අයෙක් ඉන්නවනම් කියන්න තියෙන්නෙත් මේවායේ ඇත්ත නැත්ත බලන්න එක මාස හයක් අවුරුද්දක් කැපවීමෙන් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්න. සම්මා සතිය ප්‍රගුණ කරගන්න. එවිටත් තේරුනේ නැතිනම් කැමැත්තක් කරන්න. මොකද මේවා භාවිතා නොකර කතා විතරක් කිරීම නියම ශාසන ප්‍රතිඵලය නෙමෙයි.

    මහත්තයෝ ඔබතුමාගේ හතුරෙක්ටවත් මේ ටික කියන්න එපා. මාස හයක් අවුරුද්දක් නෙමෙයි අවුරුදු කීපයක් අධික කැපවීමෙන් ඔබතුමා මේ කියන දේ කරලා තියනවා නමුත් කිසිම ප්‍රතිපලයක් නැහැ, දැහැන් වැඩෙනවා තමයි නමුත් ලෝකෝත්තර දැහැනක සහ ඔබතුමා ඔය කියන මාර්ගයේ දැහැනක වෙනස තේරෙන්නේ ඒ පිළිබඳව අත්දැකීමක් ලැබුනහම විතරයි. මම ඔබතුමා කියන මාර්ගය මෙච්චර දන්නේ මමත් ඉස්සර ඔබතුමා වගේ නිසා. ඔබතුමාට පාරමිතාවක් තිබුනොත් මේ ටික පසුව හරි තේරුම් යයි.
    ඔබතුමා වටේ ගිහිල්ලා එන්නෙම විපාක ලෝකය අපි දැනගන්නෙත් අවිද්‍යාවෙන් කියන තැනට. මෙහෙම උනොත් අපි කොච්චර අසරණද මහත්තයෝ? මොකද හිත පටන්ගන්නෙම කෙලෙස් වලින් නිසා අපිට කවදාකවත් ප්‍රභාස්සර තත්වයට හිත ගෙනියන්න බැහැ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඕක බහුලව වඩන්න, නැවත නැවත වඩන්න, එතකොට ඇත්තටම රූපය නිරුද්ධවෙලායි, ශබ්දය උපදින්නේ ශබ්දය නිරුද්ධවෙලායි තව ශබ්දයක් උපදින්නේ කියන " අවබෝදය" ලැබෙයි!

    මේක ඕනි මෝඩයෙකුට තේරෙනවනේ Harvard මහත්තයෝ. ඔබතුමා ඔච්චර තටමලද මේක තේරුම් ගත්තේ? විපාක ලෝකේ රූප ශබ්ධ නිරුද්ධවීම වගේ majic බල බල ඉඳල කොහොමද දුක නැතිවෙන්නේ? :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නහය තියෙනවා, නහයට දැනෙන සුවඳත්, කටට දැනෙනෙන තණකොල රසත්, පුන්නක්කු රසත් ඔක්කොම තියෙනවා, වර්ල්ඩ් කප් මැච් ගහනව, නිව්යෝර්ක් තියෙනවා, කියලා හිතාගෙන ඉන්න අයට කියන්නේ:D:D

    දැන් ඔබතුමාට පුන්නක්කු රස දුක ගෙනත් දුන්නේ පුන්නක්කු රස දැනුණු නිසාද නැතනම් ඔබතුමා ඒ කාපු පුන්නක්කු ඔබතුමා කැමති බ්‍රෑන්ඩ් එකේ නොව්න නිසාද? වෙනත් වචන වලින් කිව්වොත් ඔබතුමාගේ පුන්නක්කු ඔබතුමාට කැමතිසේ නොතිබුණ නිසාද?
    අර "යම්පි ඉච්ඡං න ලභති තම්පි දුක්ඛං" කිව්වේ ඕක තමයි :)

    වර්ල්ඩ් කප් මැච්, නිව්යෝර්ක් එහෙම නැද්ද එතකොට? අනේ මහත්තයෝ හිනාව නවත්තගන්න ක්‍රමයකුත් කියන්න:D:D:D:D:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ලොල්! දන්නේ නැත්නම් ගිහින් බලනවා. අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය

    දැන් ඔබතුමා කියන්නේ අපිට තථාගතයන් වහන්සේගේ අසාධාරණ ඥාන වලින් එකක් වන අනාවරණඥානයට ගෝචර වන රූපකාණ්ඩය අපිට බලන්න කියලද? ඔබතුමා නම් supreme බුද්ධම තමයි :D

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක ඕනි මෝඩයෙකුට තේරෙනවනේ Harvard මහත්තයෝ. ඔබතුමා ඔච්චර තටමලද මේක තේරුම් ගත්තේ? විපාක ලෝකේ රූප ශබ්ධ නිරුද්ධවීම වගේ majic බල බල ඉඳල කොහොමද දුක නැතිවෙන්නේ? :)

    ඔනේ මෝඩයෙකුට තේරුනා කියලා හිතාගෙන ඉන්න පුන්නක්කු බොන හරකුන්ට තමයි කිව්වේ අවබෝදයයි, තේරුනා කියලා හිතාගෙන ඉන්න එකයි දෙකක් කියලා! මෝඩ පෘතග්ජනයෝ ඔහොම කොනෙන්, වචන අල්ලන් බ්‍රේක් ඩාන්ස් නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ "බහුල කොට වඩන්න නැවත, නැවත වඩන්න" කියා. පුන්නක්කු බොන හරක් දුක ගැන කතා කරනවා- සංකාර දුක පිරිසිඳ දැකපු නැති, සංකාර දුක මොකද්ද කියලා දන්නේ නැති එකෙක් උම්බෑ කීමත් සතුටක්!
    :rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේක සම්මුති ලෝකෙට දාගෙන අලියා, ඉන්නවා, වාහන වලට හැප්පෙනවා, නහය කැඩිලා ඇක්සිඩන්ට් වෙන අය, ලෝක නිරෝධයවත් සමුදයවත් දැකලා නැහැ, අඩුගානේ පූර්ව ප්‍රතිපදාවේ වත් නෑ!

    එතකොට අර මහත්තය කියන "දිග සුසුම්,කෙටි සුසුම්" දැනෙන්නේ සුෂුම්නාවටද?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඔනේ මෝඩයෙකුට තේරුනා කියලා හිතාගෙන ඉන්න පුන්නක්කු බොන හරකුන්ට තමයි කිව්වේ අවබෝදයයි, තේරුනා කියලා හිතාගෙන ඉන්න එකයි දෙකක් කියලා! මෝඩ පෘතග්ජනයෝ ඔහොම කොනෙන්, වචන අල්ලන් බ්‍රේක් ඩාන්ස් නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ "බහුල කොට වඩන්න නැවත, නැවත වඩන්න" කියා. පුන්නක්කු බොන හරක් දුක ගැන කතා කරනවා- සංකාර දුක පිරිසිඳ දැකපු නැති, සංකාර දුක මොකද්ද කියලා දන්නේ නැති එකෙක් උම්බෑ කීමත් සතුටක්!
    :rofl::rofl:

    ඉතින් අවබෝදය තියනවනේ :) ඒ කියන්නේ මම රහත්ද?
    :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::cool::cool:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වර්ල්ඩ් කප් මැච්, නිව්යෝර්ක් එහෙම නැද්ද එතකොට? අනේ මහත්තයෝ හිනාව නවත්තගන්න ක්‍රමයකුත් කියන්න:D:D:D:D:rofl::rofl::rofl::rofl:

    එම්බා පුන්නක්කු බොන වෘෂභය, මම නිව්යෝක් නගරය ඇතැයිද නොකියමි නැතැයිද නොකියමි, ඒ අන්ත වලට දෘෂ්ටි වලට නොවැටී පටිච්ච සමුපාදයම ඇසුරින් , රූපයේ, සඤ්ඤාවේ, වේදනාවේ, සංකාරයේ උදයවැය- සමුදය නිරොදය බැලීම නිර්දේශ කරමි!
    :D:D:D
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    එම්බා පුන්නක්කු බොන වෘෂභය, මම නිව්යෝක් නගරය ඇතැයිද නොකියමි නැතැයිද නොකියමි, ඒ අන්ත වලට දෘෂ්ටි වලට නොවැටී පටිච්ච සමුපාදයම ඇසුරින් , රූපයේ, සඤ්ඤාවේ, වේදනාවේ, සංකාරයේ උදයවැය- සමුදය නිරොදය බැලීම නිර්දේශ කරමි!
    :D:D:D
    අන්න ඒක නම් ටිකක් දුරට හරි නමුත් පොඩ්ඩක් හරිගියා කියල ඔබතුමාගේ නම මුල් වාක්‍යයේ දාන්න අවශ්‍ය නැහැනේ :rofl::rofl::rofl:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :D

    "හටගන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා"

    ඕක වුනා කියමුකෝ. ඉතිං මොකක්ද ඕකේ ගැටළුව? ඕකේ බලන්න දෙයක් නැහැනේ. ඕක බැලුවා කියලා මොකක්ද ලැබෙන වාසිය

    බමුණොත් ඔය වගේ දේවල් බල බල හිටියා. උන්ට තේරුනේ නෑ ගැටළුව තියෙන්නේ ඕකේ නෙවෙයි "රාග, ද්වේෂ, මෝහ" වල කියලා. බුදු කෙනෙක් පහල වෙලාම ඒක කියන්න ඕනේ වුනා. "නිවන කියන්නේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං" කියලා.

    සතර මහා භූත විදර්ශනා කරලා වැඩක් නෑ. සතර මහා භූත කියන්නේ ඵලයක්. විදර්ශනා කරන්න ඕනේ හේතුවයි. හේතු තමයි "රාග, ද්වේෂ, මෝහ
    "
    සතර මහා භූත වශයෙන් විදර්ශනා කරන්න කිව්ව එකාට ගිහින් ඒක කියන්න. පැහැදිලිව ඉහල පොස්ට් එකක දක්වා තියෙනවා රුපයේ සමුදය බලන ආකාරය!

    ඇයි නිරෝධය බලන්නේ කියලා අහනවාද? සීරියස්ලි? හුහ්! නිරෝධය දකින්නේ නැති එකාට අස්සාදය "තියෙනවා"! ලෝකය "තියෙනවා"! සංකාර දුක ගැන අහලවත් නැති අස්සෘතවත් පෘතග්ජනයෙක්. තායිලන්ඩ් ගිහින් ගත්ත ආතල් "තියෙනවා" ඒවා මතක් කරලා ආයි ආතල් ගන්න පුලුවන්! ලෝකෙම "ආතල්" තියෙනවා. නිච්ච සඤ්ඤාවේ (අහ්! සොරි ඉච්ච සඤ්ඤාව නෙවෙයි, මයි ප්‍රොෆවුන්ඩ් ඇප්ලොජීස් අභය:D:D ) පතුලේ ඉඳගෙන විකාර කියවනවා!
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උබට ගොඩාක් පින් සහෝදරයා
    මේ පිනෙන් හැකි ඉක්මනින් නිවන් මගට එලබේවා.....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    මහත්තයෝ accident එකකින් නහය කඩල ගියොත් එහෙම ඔබතුමා කියන විදියට නිවන් දකිනවනම් බොරු. :D:D:D:D:D

    තවම එහෙම වෙලා නෑනේද බන්,ඒනිසා නොවුන ඒවා හොයන්නැතුව තියන වෙලාවේ කරගන්න බලපන්.
    ඇක්සින්ට් වෙලා නහය කැඩිලා ඉතුරු උනොත් ඇති
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උඹලත් කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකද කරන්නේ? ඕවා නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ

    බුද්ධ සාසනේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි, කායේ කායානුපස්සනා

    ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන දාලා තියනවා. බලන්න

    ඔතන දාල තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියන පාලි වාක්‍යත් එක්කමයි.
    එතකොට බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි කිව්වේ කියලා සින්හලෙන් කෝට් කරපු ටිකක් පෙන්නනවානම් එතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.
    සින්හලෙන් කවුරුහරි කෙනෙක් ලියපු එකක් පෙන්නන්නැතුව, කෙලින්ම පරිවර්තනය කරපු ත්‍රිපිටකය(සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කොටස) පෙන්නන්නුවානම් හරිනේ.
    කමක් නෑ උබලට ගැලපෙන විදියකට නිවන් දැකපන්
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔතන දාල තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියන පාලි වාක්‍යත් එක්කමයි.
    එතකොට බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි කිව්වේ කියලා සින්හලෙන් කෝට් කරපු ටිකක් පෙන්නනවානම් එතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.
    සින්හලෙන් කවුරුහරි කෙනෙක් ලියපු එකක් පෙන්නන්නැතුව, කෙලින්ම පරිවර්තනය කරපු ත්‍රිපිටකය(සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කොටස) පෙන්නන්නුවානම් හරිනේ.
    කමක් නෑ උබලට ගැලපෙන විදියකට නිවන් දැකපන්

    කෝ... දාලා නැහනේ මොකුත්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මහත්තයෝ accident එකකින් නහය කඩල ගියොත් එහෙම ඔබතුමා කියන විදියට නිවන් දකිනවනම් බොරු. :D:D:D:D:D

    මචන් බොරු වැඩ නොකර හිටපන්. උඹ මොනවා කිව්වත් මේ මහත්තුරු මේ හුලං වලින් නිවන් දකින එක (ආශ්වාස / ප්‍රාශ්වාස) සහ රොබෝ කොප් නිවන (හිත හිත අත පය හොල්ලන එක) අත් හරින්නෙ නැහැ.

    එතුමලාගෙ නිවන රාගක්ඛය ද්වේශක්ඛය මෝහක්ඛය නෙවෙයි.

    එතුමලාගෙ නිවන ලෝකෙ ශුණ්‍යයි කියන එක. (ශුණ්‍ය වුනත් නැතත් මොකෝ. හැබැයි ආශ්වාදයෙන් නම් ශුණ්‍යයි තමයි)

    එතුමලා ඉන්නෙ මේ කිසිවක් නැත යන අන්තයේ. ආත්මය නැත යන අන්තයේ. අපිට ඔය ආත්මය ස්ථිර අස්ථිර (ධුවං අද්ධුවං) තිබුනත් නැතත් පුක යැ. අපිට ඕන රාග ද්වේශ මෝහ හට ගැනීම නැති කර ගන්න.

    මොනව උනත් උඹලා අපි හැමෝම නිවන් ලබත්වා.

    ‍(නිවන කියන එක ලබත්වා කියන්නද, දකිත්වා කියන්නද කියලා හිතාගන්න බැහැ. මොකද ‍නිවන ලෝකෙට අයිතිි නැහැනෙ. ලෝකයෙන් මිදීම තමයි නිවන. ‍උපාදානස්කන්ධ ලෝකයට මම ලෝකෙ කිව්වෙ)