පෝරිසාදයා;24611026 said:මචං හිපෝ, උඹෙ ගුරාටත් උඹටත් පාලි බෑනෙ..අලුත් තාලෙ remix බණ අහලා instant නිවන් යන්න කලින් 1950-1975 වෙනකන් කාලෙ ලියපු රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙල කියවල ඉමුද? සරල සිංහලෙන් තේරුම් කරල තියෙනවා ප්‍රශ්න වලට වෙනමම උත්තරත් දීල තියෙනවා .. උඹ මහා මුලාවක ඉන්නෙ ... ධර්මය දන්නව කියල මාන්නෙන් රැවටිලා උඹටම.
පුස්තකාලයකට ගිහින් බණ පොත් 1,000ක් කියෙව්වත් ඒවගේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු ඒව නම් නෙවෙයි
ඒවගේ තියෙන්නේ
1) අනිත්‍ය
2) අනාත්ම
ඔය දෘෂ්ඨි 2න් මිදෙනකම් නිවන වැහෙනවා
3) පටිච්චසමුප්පාදය කිව්වම තියෙන්නේ අවිද්‍යා පච්චයා වලින් පටන්ගන සතෙක් හැදෙන පටිච්චසමුප්පාදය විතරයි
ඔය පටිච්ච සමුප්පාදයේ විදිහට භවයන් 3ක පටිච්චසමුප්පාදයක් තමයි ඔය තියෙන්නේ
කලින් භවයේ අවිද්‍යාවයි
මේ භවයේ සලායතනයි
ඊ ලඟ භවයේ ඉතුරු ටිකයි
ඔය පටිච්චසමුප්පාදයෙන් නිවන් දකින්න නම් අවිද්‍යාව නැති කරන්න කලින් භවයට යන්න ඕනේ.
ඕක විශුද්ධිමාර්ගයේ පටිච්චසමුප්පාදයයි.
බුදුවුනාට පස්සේ අජපාල නුග රුක මුල විවේකීව උන්න බුදුරජානන්වහන්සේට සිතුවිල්ලක් පහල වුනා මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය අමාරුයි, කාමයෙන් මුසපත් වෙලා ඉන්න මේ පෘතජනයෝ මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය කොහොම තේරුම්ගනීවිද කියලා.
"එකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුන ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි."
(සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, බ්‍රහ්‌ම සංයුත්‌තය, ආයාචන සූත්‍රය)
ඊට පස්සේයි සහම්පතී බ්‍රහ්මයා ආරාධනා කළේ දහම් දෙසන්න කියලා. ඒ විතරක් නෙවෙයි බුදුරජානන්වහන්සේ බුදුවෙන්න කලින් මේ කෙලෙස් නැතිකරගන්න හැටි ගැන හෙව්වා. ඒ කරපු පර්යේෂණය ගැන සඳහන් වෙනවා අරිය පර්යේෂන සූත්‍රයේ. ඒකෙත් තියෙන්නේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැනයි
4) විශුද්ධිමාර්ගයෙන් අරගන ආනාපානාසතිය කියලා තියෙන්නේ හුස්ම රැල්ලක්.
ලෝකෝත්තර අර්ථ අරගන නෑ. ලෝකයේ දෙයක් අල්ලලා ලෝකයෙන් එතෙර වෙන්න හදනවා
5) සත්ත්වයා දෙයක් දකින්නේම අවිද්‍යාවෙන් කියලා තියනවා.
දෙයක් හඳුනාගද්දී කෙලෙස් නෑ, පස්සේ තමයි කෙලෙස් හටගන්නේ කියලා ඕවගේ නෑ
(චිත්තවීථි වල ඔය කතාව තියනවා, ඒකයි ලබුනෝරුවේ හාමුදුරුවරු චිත්ත වීථි ප්‍රතික්ෂේප කරන්නේ
තමන් හදාගන කියන බන වලට චිත්ත වීථි ගැලපෙන්නේ නැති නිසා )
6) ඊ ලඟට ඔය පොත් සේරගේම තියෙන්නේ සක්කායදිට්ඨිය කියලා "මම ය මාගේ දෘෂ්ඨිය" ලු
ඒ නිසා ඉස්සරලා මම ණැති කරන්න ඕනේ කියනවා
7) කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්නවා
8) යෝනිසෝමනසිකාරය කියලා තියෙන්නේ "නුවනින් මෙනෙහි කිරීම" කියලයි
මොකක්ද නුවනින් මෙනෙහි කරන්නේ ඇහුවම කියනවා අහපු බන ටික කියලා.
"අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලොම විසින් හෝ චිත්තයාගේ ආවර්ජනයෙක් පුනපුනා ආවර්ජනයෙක් ආභෝගයෙක් සමන්වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ."
(විභංග ප්‍රකරණ -2, බුද්ධක වත්ථු විභංගය, 234 පිටුව)
කිය කිව්වේ මොකක්ද?
අයෝනිසෝ මනසිකාරය කියන්නේ "අනිච්ච දේ නිච්ච විදිහට මෙනෙහිකරන එකත්, දුක්ඛ දේ සුඛ විදිහට මෙනෙහිකරන එකත්, අනත්ත දේ අත්ත විදිහට මෙනෙහිකරන එකත් කියන එකයි
එතකොට යෝනිසෝමනසිකාරය කියන්නේ
"අනිච්ච දේ අනිච්ච විදිහට මෙනෙහිකරන එකත්,
දුක්ඛ දේ දුක්ඛ විදිහට මෙනෙහිකරන එකත්,
අනත්ත දේ අනත්ත විදිහට මෙනෙහි කරන එකත්" කියන එකයි.
ඔන්න යෝනිසෝමනසිකාරය.
අනිච්ච වරද්දගත්තම ඕක කරන්නත් බෑ
අනත්ත වලට අනාත්මයි (ආත්මයක් නෑ) කියලා දාගත්තම ඕක කරන්නත් බෑ
9) අසුබය වඩනවා කියලා කරන්නේ මොකක්ද?
බුදුහාමුදුරුවෝ වස් තුන්මාසේ ඉඳලා ආපහු වැඩලා බලද්දී හාමුදුරුවරු අඩු මොකද කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපුවහම කියනවා මේ කය අසුබයි කියලා වඩලා කයෙන් මිදෙන්න අවි අරන් හාමුදුරුවරු දවසට 10, 20, 30 බැගින්සි යදිවි හානිකරගන කියලා.
(අද නම් හොඳයි ඇටකට්ටක් දිහා හරි බලන් ඉන්නවා).
මේ වගේ වෙන්න හෙතුව තමයි මාතෘකාපාලියෙන් කියපුවා තේරුම් ගන්න බැරිකමයි
අසුබ සූත්‍රයේ ඔය කතාව තියෙන්නේ මෙහෙමයි,
"ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවෙකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යමසේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”
(සංයුත්ත නිකාය 5-1, අසුබ සූත්‍රය, 105 පිටුව)
ඊට පස්සේ බුදුරජානන්වහන්සේ අසුභය ගැන කියලා තියෙන්නේ මෙහෙමයි
"මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගොචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගොචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී."
(ඛුද්දකනිකාය-1, අසුභානුපස්සී සූත්‍රය, 427 පිටුව)
ඔය කියන්නේ මොකක්ද?
සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ කියන්නේ සියළු සංස්කාර අනිච්ච විදිහට දකින්න කියන එකයි.
ශුභ අරමුණෙහි කියන්නේ මන වඩන රූප ශන්ධ ගන්ධ රස ස්ඵර්ශ
කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ කියන්නේ මොන කයද? ආශ්වාද කය. (දෙවෙනි කය )
අනිච්ච වරද්දගත්තම ඕක කරන්නත් බෑ
අනත්ත වලට අනාත්මයි (ආත්මයක් නෑ) කියලා දාගත්තම ඕක කරන්නත් බෑ
ඔය ටිකක් විතරයි කිව්වේ.
නිවැරදි නිවන් මඟ වඩන්න ඕනේ නම් මේ චැනල් දෙකේ තියනවා
"නිස්සරණය කරා"
"නිරපේක්ෂත්වයේ මග"
.
Last edited:


. නමුත් මම හිතනවා ඔබතුමාගේ මේ post බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල.

