නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24612476 said:
    Malseven = Hipapotemus

    සමහර තැන් වල username මාරු වෙලා අනික් එකෙන් reply දාල තියෙනවා . පව් බන්..

    මූ කලින් sj91 මෝඩයගෙ ඒවට reply දදා ඌවම අනුමත කර කර හිටියෙ.sj91 නම් අමු ක්‍රිස්තියානි කාරය..ඌට පන්සිල් පද පහවත් බෑ.:lol::lol::lol:

    මූ නම් බෞද්ධයෙක් පාටයි, හැබැයි පල්ලි අබේට අහුවෙලා බ්‍රෙන්වොශ් කරන් ..:baffled:
    මම බැලුවා කවුද මේ එලකිරි එකේ එකපාරට නිවන් ගිහින් සූ ගාල ත්‍රෙඩ් 20ක් දාල තියෙන්නෙ කියලා..:rofl:
    එහෙම කොහෙද නිවන් යනව නම් අපිටත් කියලම හරි පාරෙන් යන්න ඕන Elakiri.com එකේ.

    බැලුවාම අබේගෙ එහෙය්යෙක් ..:lol::lol::lol:

    වහරක කුනුගොඩෙ පනුවො වෙච්ච කී දාහක් ඇද්ද ?


    මම හිතන්නේ පෝරිසාදයා මහත්තයාගේ වසරේ සොයාගැනීම. එකත් වැරදියි. :rofl::rofl::rofl::D:D:D මහත්තයෝ මට තව කෙනෙක් වගේ පෙනී ඉන්න උවමනාවක් නැහැ, මම හිතන්නේ මම ඉන්නේ Hipapotemus මහත්තය ඉන්න රටේ වත් නෙමෙයි.


    අනික මහත්තයෝ කෙනෙක් ගේ හරි දෙයක් හරි කියන්න එයා කවුද කියන එක අදාළ නැහැනේ. මම sj91 මහත්තයාගේ විතරක් නෙමෙයි ඔබතුමාගේ සහ Harward-බයෙන් මහත්තයගේ උනත් හරි දේවල් වලට හරි කියල තියනව ඔබතුමා දැකල ඇතිනේ. අනිත් එක අපි වෙනස් මත දැරුවට තරහ කාරයෝ නෙමෙයිනෙ.


    ඔබතුමා අර දාපු දංකන්දේ ධර්මරතන ස්වාමින් වහන්සේගෙ බණ අහන්න පටන්ගත්තේ නැද්ද?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24613317 said:
    මේව කියවල කොහෙද බන් නිවන් දකින්නෙ.මේක ලියපු එකාගෙ ගුරාගෙ සාමනේර කමත් අහෝසි කරල තියෙන්නෙ ධර්මය විකෘති කලාට.




    ඔව් ඉතින් ඔබතුමා වගේ අය හිතාගෙන ඉන්නේ සාමනේර certificate, සිවුරු, සුදු රෙදි, හුළං, මටිගුලි, එළවලු, ඇටසැකිලි, මළමිනී වගෙ දේවල් වල නිවන් තියනව කියලනේ :rofl::rofl::rofl::rofl::P:P:P
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැහැනේ ඔන්න ඔතනනේ ඔබතුමාගේ බුද්ධිය අඩු කම සහ වල්ගය පාගාගත් බව පෙනෙන්නේ. "එතකොට එකට අනුව ආත්මයක් නැතැයි යන්න තථාගතවරුන් ප්‍රකාශ නොකරයි" කියන්නත් බෑ මොකද තථාගතවරුන් ආත්මයක් ඇතැයි යන්නත් ප්‍රකාශ නොකරයි. මේ නිසා බුද්ධ ධර්මයේ ආත්ම සහ අනාත්ම යන දෙකම පාවිච්චි නොකළ(1) යුතුයි. ඔබතුමා ඔය කරන්නේ හරියට ගණිතයේ එකේ ඉල්ලක්කම නැහැ කියල තියෙද්දී පහ හැදෙන්නේ කොහොමද කියල ඇහුවහම හතරයි එකයි එකතුවෙල කිව්වා වගේ වැඩක්. දැන්වත් ගොං කම තේරුනාද මන්දා....


    ඉතිං මල්සෙවන් ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙත් නෑ ආත්මය නැතැයි ප්‍රකාශ කරන්නෙත් නෑ. ඉතිං ඒකට අනුව ආත්මය නැතැයි කියන්නෙත් නෑ (ඔව් ඔව් ආත්මයක් ඇතැයි කියන්නෙත් නෑ). ඕක නේන්නං කියල තියෙන්නෙ උඩ මම.

    (1)ඔහෙට ඔය පැටලෙන්නෙ අනාත්ම කිව්වම "ආත්මය නෑ" කියල හිතාගෙන ඉන්න නිසා. අනාත්ම කිව්වම කියන්නෙ ආත්මයක් කොට/ලෙස ගන්න සුදුසු නෑ/ගන්න බෑ කියන එක. දැං ඕක කී පාරක් නම් කිව්වද. කලින් පෝස්ට් වල (අනුරාධ සූත්‍රය) ඕකමනෙ පැහැදිලි කරේ.

    "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කියන එකෙයි ආත්මයක් නැහැ කියල ප්‍රතික්ශේපකරන එකෙයි තියන සියුම් දර්ශනාත්මක වෙනස නොපෙනෙන එකයි ඔබතුමාගෙ අවුල. ගන්න බැහැ/සුදුසු නැහැ කිව්වම "නෑ" හෝ "තියනවා" යන්න ගම්‍ය කරන්නෑ.

    ඔය අන්තිමට අරං තියන උපමාවත් වැරදී. ඕක නිවැරදි කරල කියතොත් කියන්න වෙන්නෙ,

    1 යි 4 යි(*) කියන ඒව අන්ත නම් (**)1ත් 4ත් එකතුවී සෑදෙන 5ක් (ආත්මයක්) (***) ගැනීම යෝග්‍ය නොවන බවක්.

    * කච්චාන, මේ ලෝකයා අස්තිත්වය (ශාශ්වතය) ද නාස්තිත්වය (උච්ඡෙදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ.
    ** ලෝකයෙහි යම් නාස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරොධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ.
    *** මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි.

    (කච්චායනගොත්ත සූත්‍රය)
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඔව් ඉතින් ඔබතුමා වගේ අය හිතාගෙන ඉන්නේ සාමනේර certificate, සිවුරු, සුදු රෙදි, හුළං, මටිගුලි, එළවලු, ඇටසැකිලි, මළමිනී වගෙ දේවල් වල නිවන් තියනව කියලනේ :rofl::rofl::rofl::rofl::P:P:P

    :lol::lol::lol:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ත්‍රිපිටකයේ දෙයක් විස්තර කරද්දී එකම න්‍යාය එකකට විතරක් තමයි විස්තර කරන්නේ

    උදාහරණයක් විදිහට ඇස, කන, දිව, නාසය ශරීයට, මනස කියන මේ ආයතන ගැන යම් දෙයක් විස්තර කරද්දී "ඇසට විතරක්" ඒ න්‍යාය සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඊට පස්සේ ඒ ටිකේ "ඇස" කියන එක "කන" කියලා Replace කරලා ආයෙත් දාන්නේ නෑ, නාසය කියලා ආයේත් ඒකම ලියලා නෑ. එහෙම ලිව්වා නම් ඔය ත්‍රිපිටකයේ පොත් ගාන 57න් ඉවර කරගන්න වෙන්නේ නෑ

    ඒ නිසා ඇසට විස්තර කරලා "-පෙ-..." කියලා දාලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    ඒ කියන්නේ "පෙර පරිදි" කියන එකයි

    අපි ඉස්කෝලේ යද්දිත් අපිට 13 වරක් එනකම් විතරයි චක්කරය ඉගැන්නුවේ, ඒ ටික බලලා 40 වරක් චක්කරේ අපි දැනගන්න ඕනේ

    ඔන්න ඔය කිව්වා වගේම තමයි ඔබට තියන ගැටළුවත්.
    ඉස්සරලම සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය මේ ලින්ක් එකට ගිහින් බලන්න

    අනිච්ච, දුක්ඛ අනත්ත කියන 3න් අනිච්ච් වලට විතරක් ඒ න්‍යාය විස්තර කරලා තියනවා.
    ඊට පස්සේ ඩොට් 3ක් තියනවා. ඒ Dot 3න් කියන්නේ කලින් වගේම කියන එකයි .
    (සමහර තැන් වල "-පෙ-..." කියලා තියනවා වගේ)

    ඔය කිව්ව දේ හොඳටම තේරෙන්න පහත පින්තූරය බලන්න

    අනේ මෝඝ පුරුෂයෝ....
    උබ ඔය දාලා තියෙනෙන අනිච්ච සූත්‍රයේ අනිච්ච වෙනුවට දුක්ඛ කියලා Replace කරලා.
    ඕක උඹ හදපු සූත්‍රයක්.
    උඹ ලොකු පාපයක් කරගත්තේ ඔහොම සූත්‍ර විකෘති කරලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1556

    එහෙම නෙවෙයි නම් පෙන්නපන් ඔහොම තියන තැන

    උඹට දැන් ඕනේ කරන්නේ දුක්ඛ සූත්‍රය විකෘති කරලා හරි උබේ වීඩියෝ එක හරි කියලා ලෝකෙට පෙන්නනයි

    උබ හදපු වීඩියෝ එකේ තියනවා සියල්ල දුකයි කියලා. ඒත් ඒ "සියල්ල"
    කියන්නේ මොකක්ද කියන එක උබ හැංගුවා. ඒකෙන් මිනිස්සු මුලා කළා. මිනිස්සු නොමඟ යැව්වා.
    උඹ තවත් පාපයක් එතනනිනුත් කරගත්තා

    ත්‍රිපිටකයේ තියන දුක්ඛ සූත්‍ර ටික මෙන්න
    https://thripitakaya.org/tipitakaya/Index/105?s=814
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1122
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1159
    https://thripitakaya.org/tipitakaya/Index/115?s=1241
    https://thripitakaya.org/tipitakaya/Index/130?s=1811
    https://thripitakaya.org/tipitakaya/Index/519?s=10950
    https://thripitakaya.org/tipitakaya/Index/481?s=11097
    https://thripitakaya.org/tipitakaya/Index/115?s=1229
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1068
    https://thripitakaya.org/tipitakaya/Index/115?s=1253
    https://thripitakaya.org/tipitakaya/Index/521?s=10974

    මෙන්න බුදුහාමුදුරුවෝ දුක ඇති වෙන හැටි කියලා තියන දුක්ඛ සූත්‍රය මෙන්න

    1.5.3. දුක්‌ඛ සූත්‍රය

    43. සැවැත්නුවර -

    මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දෙශනා කරන්නෙමි. එය අසවු.

    මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වෙදනාව වේ. වෙදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.

    කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වෙදනාව වේ වෙදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දුක්‌ඛ සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/105?s=814

    ඔන්න ඔහොමයි පටිච්චසමුප්පන්නව දුක හටගන්නේ


    :P:P:P:P
    මම මේ කල්පනා කරන්නේ මූට හොඳටම පිස්සු නේද කියලා ! මූ කියපු දේම නැහැයි කියන්න මූ මාර පිස්සෙක් වෙන්න එපැයි. මමද ධර්මය විකෘති කලේ, සබ්බං දුක්ඛං නෑ කියපු අභයද?


    :rofl: ඒක දැක්කගමන් මටත් හිතුන මෙයා නම් එක්කෝ මෝඩ පුද්ගලයෙක් නැතිනම් දුන්න මැටීරියල්ස් කොපිපේස්ට් කරකර හරියට අර කෝල් සෙන්ටර් උං පොත් බලාගෙන අවශ්‍ය රිප්ලයි කරනව වගේ ඉහල තැනවලිං දුන්න මැටීරියල්ස් ආයෙ ආයෙ දාන පොරක් කියල. මිනිහවත් දන්නෑ මොනවද කියන්නෙ කියල. සාධාරණ සැකයක් එනව අභය/වහරක කල්ට් එකේ මීඩියා යුනිට් වලිං දෙන ගේමක්ද මේ කියල.


    ඔය කල්ට් වලට අහුවුණාම ගැලවෙන්න අමාරුයි. ගැලවෙන්න දෙන්නෙත් නෑ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔව් ඉතින් ඔබතුමා වගේ අය හිතාගෙන ඉන්නේ සාමනේර certificate, සිවුරු, සුදු රෙදි, හුළං, මටිගුලි, එළවලු, ඇටසැකිලි, මළමිනී වගෙ දේවල් වල නිවන් තියනව කියලනේ :rofl::rofl::rofl::rofl::P:P:P

    යාලු....හරියට බුද්ධ දේශනාවට එකගව බණ කිව්ව නම් සිවුරු ගලවලා සාසනෙන් නෙරපලා දායිද??
    උඹලගෙ අන්ධ වීම කොච්චර ද කිව්වොත් එදා ඉදන් බණ කියපු භාවනා කමටහන් දිපු උගත් හාමුදුරුවරු ඔක්කොම වැරදි.පල්ලි අභය හරි..

    ඔව්. සිවුරු,සුදුරෙදි,ඇටසැකිලි ,මලමිනි හැම දෙයකම ශූණ්‍යතාවය දැකලා නිවන් යන්න පුලුවන් හරියට විදර්ශනා කළොත්..
    ඊලග කමෙන්ට් එකෙ දාල තියෙනවා මළ සිරුර අරමුණු කරල නිවන් දකින හැටි.

    මම මේකෙ මුල ඉදන්ම කිව්වෙ කාට හරි ඇත්තටම නිවන් දකින්න ,භාවනා කරන්න ඕනෙ නම් උදව් කරන්න පුලුවන් . :yes:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මළ සිරුරෙන් විමුක්තිය
    ---------------
    අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ..
    ---------------
    තමා ඇලුම් කරන ඥාතිමිත්‍රාදීන්, සහෝදරසහෝදරියන්, අඹුදරුවන් ආදි අය ඉන්නවා. මේ අය තමන්ගේ ශරීරය මේ විධියට මරණයට පත් වුණාට පස්සේ, කිසිම අපේක්ෂාවක් නැතිව නිරපේක්ෂක ව ම ගිහිල්ලා වළ දානවා. නැත් නම් පුලුස්සා අළු කරනවා. මේ තත්ත්වය හරිහැටි තේරෙනවා නම්, මොකක් ද මේ කයේ තිබෙන සාරවත් භාවය? මේක නිස්සාර එකක් නේද? කියන අවබෝධය තමාට ඇති වන්නට ඕනෑ.

    මේ සියල්ල සම්මා සංකල්ප – යහපත් කල්පනා, යහපත් දැකීම් – සම්මා දිට්ඨි; ඒ වගේ ම යෝනිසෝ මනසිකාර – නුවණින් මෙනෙහි කිරීම්. ඒ නිසා එසේ කටයුතු කරන විට පහළ වූ චිත්ත පරම්පරාවන්ගේ පුණ්‍ය ශක්තිය, නියත වශයෙන් ම කවර දා හෝ දවසක නිවන් ලබා දීමට හේතු උපනිශ්‍රය වෙනවා.

    මළ මිනියක් දැක ඒ ගැන මේ විධියට සිහිපත් කරමින් කටයුතු කරනකොට, ලෝකේ මිනිසුන් කෑගහන ඒ මෝඩකම තමාට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනෑ.

    ඊ ළඟට බුදු රජාණන් වහන්සේ වදාරන්නේ, “අÀථි කායෝති වා පනස්ද සති පච්චුපට්ඨිතා හෝති, යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිතෝච විහරති, න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති” කියලා.

    එහිදී පෙන්නුම් කරන්නේ මෙතන කයක් තිබෙනවා; රූප කයක්. එහෙත් මෙතන සත්ත්වයෙක් නැහැ; මගේ පුතෙක්, මගේ දුවෙක්, මගේ නෑදෑයෙක්, මගේ මිත්‍රයෙක් ආදි වශයෙන් ගැනීමට කිසිවෙක් නැහැ. මේ මිනිසුන් මළ මිනී බදාගෙන මගේ පුතා, මගේ දුව, මගේ අම්මා කියා කෑගහන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියා ඒවාට ආරෝපණය කරගෙන. එහෙත් “අÀථි කායෝති වා” මෙතන කයක් පමණ යි තිබෙන්නේ.

    මළ මිනී කපන හැටි සහ ශරීරය ඇතුළේ තිබෙන දේවල් මේ අය දැක්කා නම්, මිනියක් බදාගෙන අඬනවා තියා ඒ දෙස බලන්නටවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේක හරියට දන්නවා නම්, “අනේ මේක ඉක්මනට ම ගෙනිහිල්ලා වළ දමාපල්ලා!” කියා කෑගහයි. ඒ තරම් අපවිත්‍ර, ඒ තරම් ම දුගඳ හමන කොටස් තමයි මේ ශරීරයේ හමෙන් වැසී තිබෙන්නේ. මා දැක තිබෙනවා මිනී කපන අවස්ථා 10-12කට වැඩිය. ගැහැනුන්ගේ, මිනිසුන්ගේ, හැම කෙනකුගේම. මේ මිනිසුන්ගේ අවිද්‍යාව, මෝඩකම කොයි තරම් අරටු බැහැගෙන තිබෙනවා ද? කියා හිතෙනවා. මේවා නොදත්කම නිසා මේ මිනිසුන් මේවා අල්ලාගෙන, බදාගෙන, කෑගහගෙන, විලාපදීගෙන, සමහර විට අවුරුදු ගණන් වැලපෙනවා. එම නිසා මේ අය තේරුම් ගත යුතු යි, මේ මැරිලා තිබෙන්නේ “අÀථි කායෝති වා” කයක් විතර යි, සත්ත්වයෙක්, නෑදෑයෙක්, මිත්‍රයෙක් නො වෙයි කියා.

    මළ මිනියක් දැක්කාට පස්සේ, එක්කෝ එය ධාතු වශයෙන් බලන්නට ඕනෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන්. නැත් නම් කුණප කොටසක් ලෙස දකින්නට ඕනෑ.

    මේ හම ඇතුළේ තිබෙන සියල්ල දුගඳ හමනවා. මේ අය කල්පනා කර බලන්න මැරී දවසක්, දෙකක්, තුනක් ගියාට පස්සේ කොයි තරම් නම් දුගඳ හමනවාද කියා. එම්බාම් කළේ නැත් නම් කෙනකුට ළං වන්නට බැහැ. ඇස්, කන්, නාසා ආදි සිදුරුවලින් ඕජස් ගලනවා. පිට පැත්තෙනුත් ඒ තරම් ම අපවිත්‍ර යි, දුගඳ යි. ඇතුළු පැත්ත ඊටත් වඩා අතිශයින් ම දුගඳ යි. දුගඳ හමන දේවල්, බෙහෙත් ආලේප කර තාවකාලිකව යටපත් කළාට, ඒවා බදාගෙන කෑගහනවා නම් මගේ පුතා, මගේ බිරිය, මගේ අම්මා, තාත්තා ආදි වශයෙන්, එතැන තිබෙන්නේ මෝඩකම හැර වෙන කිසිවක් නො වෙයි. මෙතන සත්ත්වයෙක් නැහැ. මෙතන ගැහැනියක්, පිරිමියෙක් නැහැ. මමෙක්, මගේ කෙනෙක් හෝ මගේ දෙයක් නැහැ. සත්‍ය වශයෙන් ම මැරෙන්නට ඉස්සෙල්ලා තත්ත්වයත් ඕක ම යි. ඒ බව අවබෝධ කරගැනීමට බැහැ ප්‍රඥාව නැති කෙනකුට.
    ඒ නිසා, “මේක ඒකාන්ත වශයෙන් කයක් පමණයි” කියන අවබෝධය තමන්ගේ ශරීරය දෙසටත් යොමු කර බලන්න. “මේ මම, මගේ” කියලා හිතාගෙන හිටියාට, ආශා කළාට, මේ ශරීරයේ තත්ත්වයත් මේක ම තමයි. “මේක මගේ” කියන එක හිතේ තිබෙන හැඟීමක් විතරයි. ඒ නිසා මේක ශරීරයක් පමණයි; මම නො වෙයි; සත්ත්වයෙක්, පුද්ගලයෙක් නො වෙයි; ආත්මයක් නො වෙයි කියා දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනෑ. මෙහෙම කරන කොට “යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය” නැවත නැවතත් සතිය, යෝනිසෝමනසිකාරය ඇති වීමට, නුවණ වැඩීමට ඒ ක්‍රියාවලිය හේතු වනවා.

    එතකොට ඒ පුද්ගලයා “අනිස්සිතෝච විහරති” ලෝකයේ අජීව- සජීව සංස්කාර කිසිවක් අල්ලාගෙන, බදාගෙන, ඒවා හා නිශි‍්‍රත වී, බැඳී වාසය කරන්නේ නැහැ. තණ්හාවෙන් අල්ලන්නෙත් නැහැ. “මම, මගේ” ආදි දෘෂ්ටිවලින් අල්ලන්නෙත් නැහැ. නිශි‍්‍රත භාවයක් නැතිව, නොඇලී සිටීම මහත් සහනයක්. එහෙම කරනකොට “න ච කිඤ්චි ලෝකේ උපාදියති” – මේ ලෝකයේ කිසිවක් උපාදානය කරන්නට හිතෙන්නේ නැහැ.

    මේ මැරී සිටින තැනැත්තා මරණයට පෙර, ලෝකයේ තිබෙන දේවල් අල්ලාගෙන ඉන්නට හැදුවා; තමන්ගේ ශරීරය අල්ලාගෙන දැඟලුවා. නමුත් එය අතහැර යන්නට සිදු වුණා. තමන්ගේ බිරිය, දරුවන්, නෑදෑ හිතමිත්‍රයන් ආදීන් අල්ලාගෙන දැඟලුවා. ඒ අය කෙරෙහි ආදරයෙන්, ආශාවෙන් බැඳී සිටියත් නොසිටියත් ඒ සියලු දෙනා අතහැරදමා යන්නට සිදු වුණා. ඉඩකඩම්, ගේදොර, යානවාහන, උගත්කම් ආදි යම් තාක් දේ තිබුණා නම්, නැත් නම් මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ ආගම ආදි බාහිර ලෝකයේ තිබෙන දේවල් අල්ලාගෙන එදා කටයුතු කළා නම්, ඒ සියල්ලමත් අතහැර ඒ මනුෂ්‍යයාට යන්නට සිදු වුණා. ඒ හැර ඔහුට කරන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

    මටත් මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒකාන්තයෙන් ම මේ සියල්ල මට අතහරින්නට සිදු වෙනවා. ආදරයෙන්, ආශාවෙන් ඇලී බැඳී සිටියත් අතහරින්නට සිදු වෙනවා. එසේ නැතිව සිටියත් අතහරින්නට සිදු වෙනවා. මැරෙන විට ඇලීමක්, ආශාවක්, ආදරයක් ඇති වුණොත් ප්‍රේතයන් වී උපදින බවත්, ගැටීමක් ඇති වුණොත් මළයකුන් වැනි දුගතිගාමීව උපදින්නට සිදු වන බවත්, තේරුම් ගත යුතු යි. ඒ නිසා “න ච කිඤ්ඤි ලෝකේ උපාදියති” මේවා උපාදාන කරගෙන, අල්ලාගෙන, බදාගෙන කටයුතු කළ යුතු නැහැ. එසේ කටයුතුª කරන හැම වාරයක් පාසා ම, සංසාර ගමන නැවත නැවත දිග්ගැස්සෙමින් යනවා. ඒ නිසා සියල්ල සිතින් අතහරින්නට උත්සාහ ගත යුතු යි. ඒ කියන්නේ මේවා අතහැර දාලා පැත්තකට වෙනවා කියන එක නො වෙයි. කරන සියලු දේ වෙන දා වගේ ම කරනවා. තමන්ගේ ගේදොර ආදිය ආරක්ෂා කරගෙන නඩත්තු කිරීම, ස්වාමි පුරුෂයො, භාර්යාවන් ආදීන් සතුටු කිරීම, ඔවුන්ට ආදරයෙන් කථා බහ කිරීම, ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම්, වගකීම් සියල්ල නොපිරිහෙළා ඉටු කිරීම ආදිය කලින් වගේ ම කරනවා. එහෙත් අවබෝධයක් ඇතිව; “මේ සියල්ල ම, සියලු දෙනාම මට අතහරින්නට සිදු වෙනවා, මේවා උපාදාන කරගෙන සිටියත් අත හරින්නට සිදු වෙනවා, උපාදාන කර නොගෙන හිටියත් අතහරින්නට සිදු වෙනවා, උපාදාන කරගෙන සිටියොත් ඒකාන්ත වශයෙන් ම මගේ සසර ගමන දිග්ගැස්සෙනවා, සසර දුකට වැටෙනවා” කියන ඒ අවබෝධය ඇතිව. මේවා කෙරෙහි ඇති අනවශ්‍ය ආකාර බැඳීම් මේ විධියට මෙනෙහි කිරීමෙන් ටික ටික හෝ අඩු කරගන්නට පුළුවන්. මේවා කෙරෙහි සසර පුරා මේ දක්වා ම එසේ ඇලී බැඳී කටයුතු කිරීම නිසා, සංසාරයේ දිගින් දිගට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි සසර දුක් විඳින්නට සිදු වූ බව තේරුම් අරගෙන, මෙයින් පසුවවත් එය නිම කරන්නට හෝ අඩු වශයෙන්, අඩු කරගන්නටවත් උත්සාහ ගැනීම සුදුසු යි.
    නවසීවථිකයේ පළමු වැනි කොටස යි, අප මේ කෙටියෙන්, සරලව විස්තර කළේ.

    ඊළඟ කොටස්වලටත් මේ විධියට ම පිළිපදින්නට ඕනෑ. ඒවා ගැන විස්තර කියන්නේ නැහැ. ඒ කොටස් නවය පමණ යි දැන් අප ප්‍රකාශ කරන්නේ.

    01. පළමු වැනි එක “ඒකාහමතංවා ද්විහමතංවා තීහමතංවා” දවසක් හෝ දෙකක් හෝ තුනක් ගිහින් “උද්ධුමාතකං විනීලකං” ඉදිමී, නිල් වෙලා තිබෙන “විපුබ්බකජාතං” ඕජස් ගලන මළ මිනියක්.

    02. බුදු රජාණන් වහන්සේගේ කාලේ මළ මිනී වළලන්නේ, පුච්චන්නේ නැහැ. සොහොන් පිටියට විසි කරනවා. ඊට පස්සේ නොයෙක් සත්තු ඒක කඩාගෙන කනවා. කපුටන්, උකුස්සන්, බල්ලන්, හිවලුන් ආදි සතුන් කඩකඩා කා ඇති මළ මිනියක් දැකලා කල්පනා කරනවා, “මගේ ශරීරයත් මේ තත්ත්වයට පත් වෙනවා, මේ තත්ත්වය ඉක්මවා ගොස් නැහැ” ආදි වශයෙන්. කලින් කී මනසිකාර මෙහිදී තවත් ගැඹුරු ආකාරයෙන් සිතන්නට පුළුවන් වෙනවා. මෙය බුදුරදුන් දක්වන්නේ මේ විධියට. “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, කාකේහි වා ඛජ්ජමානං, කුලලේහි වා ඛජ්ජමානං, ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුපාණේහි වා ඛජ්ජමානං, සිඟාලේහි වා ඛජ්ජමානං, විවිධේහි වා පාණක ජාතේහි ඛජ්ජමානං.”විවිධ සත්ත්වයන් විසින් කා දමා ඇති මළ සිරුරේ තත්ත්වය යි දෙවන අවස්්ථාව.

    03. තුන් වැනි අවස්ථාව “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨික සංඛලිකං සමංසලෝහිතං නහාරූ සම්බන්ධං.” මේ තත්ත්වයේදී මළ මිනියේ හම කුණු වී යනවා; ඉතා දුගඳ යි. ශරීරයෙන් ගලන ඕජස් නිසා වටේට ඇති තණ කොළ පවා අළු පැහැ ගැන්වී පළාත ම දුගඳ හමනවා.

    04. ඊළඟ අවස්ථාව ”අට්ඨික සංඛලිඛං නිම්මංස ලෝහිතං නහාරූ සම්බන්ධං” මස් දිය වෙවී ගොස් මස් නැති, ලේ තැවරී ඇති, නහරවලින් සම්බන්ධ වී ඇති ඇට සැකිල්ල.

    05. ඊළඟට “අපගත මංසලෝහිතං නහාරූ සම්බන්ධං” මස් ලේ කිසිවක් නැහැ. ඇට කෑලි ටික තිබෙනවා, නහරවලින් සම්බන්ධ වෙලා. එච්චරයි.

    06. ඊට පසු අවස්ථාව “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඥේන හෙක්‍ථට්ඨිකං, අඤ්ඥේන පාදට්ඨිකං, අඤ්ඥේන ජංගට්ඨිකං, අඤ්ඥේන ඌරට්ඨිකං, අඤ්ඥේන කටට්ඨිකං, අඤ්ඥේන පිට්ඨිකණ්ටකං, අඤ්ඥේන සීසකටාහං” ආදි වශයෙන් දැක්වෙනවා. දැන් මළ මිනියේ නහරත් කුණු වෙවී ගිහින්. ඇට කටු ටික එහාට මෙහාට විසි වෙලා.

    07. ඊට පස්සෙ දක්වන්නේ, “පුනචපරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සේතානි සංකවණ්ණුපනිභානි.” හක් ගෙඩියක පාට වැනි අළු පාටට හුරු එවැනි ඇට ගොටක් දකිනවා.

    08. ඊළඟට “අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝවස්සිකානි” අවුරුදු ගණනක් යන විට වැසි වතුර ගලා යෑම ආදි විවිධ හේතු නිසා තැන් තැන්වල ගොඩගැසී ඇති ඇටකටු ගොඩ ගොඩවල්.
    09. ඊට පසු “අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි” ඒ ඇට කටු ටික දිරි දරා ගිහින් හුණු වගේ පස් වෙවී යන තත්ත්වයට පත් කළ හැකි අවස්ථාව.මේ විධියට සතිපට්ඨාන සූත්‍රයේ නවසීවථිත කොටසේ මළ මිනියක අවස්්ථා නවයක් දක්වා තිබෙනවා.

    මේ කොටස් සමාධියෙන් දැකදැක භාවනා කළ හොත්, එහාට මෙහාට විසිරී යන ඇටකටු දකින විට, කලින් ශරීරයක් වශයෙන් දිස් වුණාට දැන් මෙතන කෝ ශරීරයක්? කියන අවබෝධය ඇති වන්නට පුළුවන්. එසේ වුව හොත් තමන්ගේ ශරීරය සිතට පෙනෙන එක නැති වී ගොස්, සිත ශූන්‍ය තත්ත්වයකට පත් වන්නටත් ඉඩ තිබෙනවා.

    ඊ ළඟට දැන් මේ ඇට කටු ටික තැන් තැන්වල ගොඩගැහෙන ආකාරය දකිනවා. ඒක දකින විටත් “කලින් මනුෂ්‍යයෙක් වශයෙන් සිටියාට දැන් ඇට කටු ගොඩක් විතරයිනේ තියෙන්නේ! කෝ මමෙක්?” කියන අවබෝ්ධය සමාධි ප්‍රඥා දියුණු කෙනකුට ඇති විය හැකි යි.

    අදියරෙන් අදියරට මේ විධියට පත් වන බව දකින්නට පුළුවන් නම්, “මෙතන කෝ මමෙක්? මෙතන කෝ සත්ත්වයෙක්? මෙතන කෝ ජීවියෙක්? ආත්මයක් කියලා හරි, ගැහැනියක් පිරිමියෙක් කියලා ගන්නට හරි මොකක් ද තිබෙන්නේ?” කියන අවබෝධයත් සහිත ව ම ඒ අත්දැකීම් හරියට දකින්නට පුළුවන් නම්, රූප කය නිවී යනවා. ‘නිවී යනවා” කියන එකෙන් අදහස් කරන්නේ, භාවනා කරන ඒ අවස්්ථාවේ තමන්ගේ ශරීරයේ රූප නිමිත්ත, රූපය සිතට වැටහෙන එක සම්පූර්ණයෙන් නැති වී ගොස් ඕලාරික හිස් භාවයකට සිත පත් වෙනවා කියන එක යි.

    ඒ තත්ත්වයට පත් වුණාට පසුව, ඒ හිස් බවත්, ඒ දකින සිතත් පමණයි, මම හෝ මගේ ආත්මය කියා ගන්නට එවිට ඉතිරිව තිබෙන්නේ. ඒකත්, තව ටිකකින් නැති වී ගියාට පස්සේ, “මේකෙත් මම කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරි වන්නේ නැහැ නේ” කියන අවබෝ්ධයෙන් යුතුව, ඒ හිස් බව අනිත්‍ය හා අනාත්ම වශයෙන් දැකිය යුතු යි. නිවන් අවබෝධ කරගැනීමට සුදුසු මට්ටමට සිත දියුණු වී ඇති කෙනකුට මෙහිදී නිවන අත්දැකිය හැකි යි.

    ඒ විධියට කටයුතු කරන්නට මේ අය උත්සාහ ගන්නට ඕනෑ. සමාධිමත් සිතකින් තමන් මරණයට පත් වුණාට පසු මේ විධියට ඕජස් ගලනවා, දුගඳ හමනවා, කෙනකුට කිට්ටු වෙන්නටත් බෑ. ඊට පස්සේ හම කුණු වෙවී, කුණු වෙවී යනවා. ඊට පස්සේ ඇට කටු තැන් තැන්වල විසිරෙනවා. ඊට පසුව ඒ ඇටකටු තැන් තැන්වල එකතු වෙනවා. ඒවායේ පාට වෙනස් වෙලා අළු පාට වෙනවා. ඒවා දිරදිරා පස් වෙවී යනවා. පොළොවට පස් වෙවී යන එක නුවණින් දකින්න බලන්න. එහෙම දකිනකොට මේ කය කෙරෙහි තිබෙන ඇලීම බැඳීම තරමක් දුරට අඩු කරගන්නට පුළුවන්. මේක සාරවත් එකක්, වටිනා දෙයක් කියා හිතාගෙන සිටින එක නැති කරගන්නට පුළුවන්.

    ඊටත් අමතරව, ඇට සැකිල්ල දිස් වුණාට පසුව ඒ ඇට කටුත් ක්‍රමයෙන් දිරදිරා පොළොවට ම පස් වෙවී ගොස් නැත්තට ම නැති වී යෑම චක්කොත්, සිත ශූන්‍යතාවකට පත් කරගෙන, කලින් කියා ඇති හැටියට නිවන වුවත් අවබෝධ කළ හැකි යි.

    නිවන් යන මාර්ගය යි, ලෞකික ජීවිතයේ ගමන් කරන මාර්ගය යි දෙකක්. මා කීවේ නිවන් යන මාර්ගය. එහෙම කරනකොට තමන්ගේ දරුවන්, අම්මා, තාත්තා, සහෝදරසහෝදරියන් ආදි සියලු දෙනා දෙස ඔය ඇසින් බලන්නට ඕනෑ. ලෝකයේ කිසිම තැනක කිසිම සත්ත්වයෙක් සිටිනවා කියා දකින්නට සුදුසු නැහැ. හැම තැන ම රූප තුළ දකින්නට පුළුවන් වන්නේ ඔය තත්ත්වය පමණයි. මා ඉස්සර වෙයි ද, බිරිය ඉස්සර වෙයි ද, පුතා ඉස්සර වෙයි ද කියන්නට කිසිවකු දන්නේ නැහැ. දැන් මේ අල්ලාගෙන, බදාගෙන දඟලන ඇඟවල්, ඒ තත්ත්වයට පත් වුණා ම, අල්ලනවා තබා බලන්නටවත් කිසිවකු කැමති වන්නේ නැහැ.

    බුදු හාමුදුරුවන් වැඩ සිටින කාලේ සිරිමා කියා ඉතා රූමත් ගණිකාවක් හිටියා. හාමුදුරු නමක් ඇය දැකලා ඇති වූ රාගය නිසා ආහාර ගන්නේ වත් නැතිව පාත්‍රයත් පැත්තක තියලා පසෙකට වී නිදාගත්තා. “ඒ කාන්තාව නැති නම් මට ජීවිතෙන් වැඩක් නැහැ. මා මැරෙනවා” කියලා. කොයි තරම් පරිළාහයක් ද ඇති වුණේ කියා හිතන්න! ඒ සිරිමා ගණිකාව මළා. බුදු හාමුදුරුවෝ රජතුමාට නියම කළා, ඇගේ මළ මිනිය අමු සොහොනකට නොදමා දවස් කිහිපයක් තබාගන්නට ය කියා. දවස් කිහිපයකට පසු ශරීරය නිල් වෙලා, කුණු වෙලා ඕජස් ගලනවා. කලින් තිබුණු ලස්සන නැහැ. මැස්සොත් වහනවා. මිනිස්සු රැස් කරවන්න කියා බුදු හාමුදුරුවෝ රජ්ජුරුවන්ට නියම කළා. මිනිස්සු රැස් වුණා. මීට පෙර ඒ කාන්තාව සමඟ එක රැයක් ගත කිරීමට විශාල මුදලක් ගෙවන්නට සිදු වුණා. බුදු හාමුදුරුවෝ රජතුමාගෙන් ඉල්ලා සිටියා, කලින් එක රැයක් සඳහා දෙන ලද මුදල දී මෙය ගෙනියන්න කියා කියන්න කියලා. කවුරුත් නැහැ. ඊට පස්සේ ගණන අඩු කළා 10000, 5000, 500 ඔහොම අඩු කළා. මේ මළ මිනිය නිකං අරගෙන යන්න කියා කීවා. කිසි කෙනෙක් නිකං ගෙනියන්නටවත් කැමති වුණේ නැහැ.

    මෙවැනි කයක් තමයි අපි මේ අගය කරන්නේ. මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ. එම නිසා මෙය හරි හැටි තේරුම් ගන්න බලන්න. ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ මේ ශරීරය කොපමණ නම් පිළිකුල් ද? මැරෙන්නට පෙරත් සම ඇතුළේ තිබෙන හැම කොටසක් ම පිළිකුල්. මේ පිළිකුල හරියට දැකීම අපේ ශරීරය කෙරෙහි තිබෙන ඡන්ද රාගය, විශේෂයෙන් ම කාම රාගය නැති කරගැනීමට හේතු උපනිශ්‍රය වෙනවා. එය නිර්වාණාවබෝධය සඳහාත් බෙහෙවින් උපකාර වෙනවා.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113



    ඉතිං මල්සෙවන් ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙත් නෑ ආත්මය නැතැයි ප්‍රකාශ කරන්නෙත් නෑ. ඉතිං ඒකට අනුව ආත්මය නැතැයි කියන්නෙත් නෑ (ඔව් ඔව් ආත්මයක් ඇතැයි කියන්නෙත් නෑ). ඕක නේන්නං කියල තියෙන්නෙ උඩ මම.

    (1)ඔහෙට ඔය පැටලෙන්නෙ අනාත්ම කිව්වම "ආත්මය නෑ" කියල හිතාගෙන ඉන්න නිසා. අනාත්ම කිව්වම කියන්නෙ ආත්මයක් කොට/ලෙස ගන්න සුදුසු නෑ/ගන්න බෑ කියන එක. දැං ඕක කී පාරක් නම් කිව්වද. කලින් පෝස්ට් වල (අනුරාධ සූත්‍රය) ඕකමනෙ පැහැදිලි කරේ.

    "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කියන එකෙයි ආත්මයක් නැහැ කියල ප්‍රතික්ශේපකරන එකෙයි තියන සියුම් දර්ශනාත්මක වෙනස නොපෙනෙන එකයි ඔබතුමාගෙ අවුල. ගන්න බැහැ/සුදුසු නැහැ කිව්වම "නෑ" හෝ "තියනවා" යන්න ගම්‍ය කරන්නෑ.

    ඔය අන්තිමට අරං තියන උපමාවත් වැරදී. ඕක නිවැරදි කරල කියතොත් කියන්න වෙන්නෙ,

    1 යි 4 යි(*) කියන ඒව අන්ත නම් (**)1ත් 4ත් එකතුවී සෑදෙන 5ක් (ආත්මයක්) (***) ගැනීම යෝග්‍ය නොවන බවක්.

    * කච්චාන, මේ ලෝකයා අස්තිත්වය (ශාශ්වතය) ද නාස්තිත්වය (උච්ඡෙදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ.
    ** ලෝකයෙහි යම් නාස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරොධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ.
    *** මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි.

    (කච්චායනගොත්ත සූත්‍රය)


    අනාත්ම කිව්වම "ආත්මය නෑ" කිව්වත් ඒ කියන්නේ ආත්ම කියල "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කිව්වත් මේ අවස්ථා දෙකටම ආත්ම කියන සංකල්පය යොදාගන්න වෙනවනේ, මම කියන්නේ ආත්ම කියන සංකල්පයම ධර්මයේ නැහැ කියල, ඒ නිසා ආත්ම කියලවත් අනාත්ම කියලවත් ගන්න බෑ කියල. මහත්තයෝ ආත්ම කියල "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කිව්වහම ඔබතුමා ආත්ම කියන දේ තියනව කියල උපකල්පනය කරල ඉවරයි ඔන්න ඔය සිංහල මම කියන්නේ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    ek_rosh මහත්තය, ඇත්තටම ඔබතුමා තමයි වැදගත් කියල ප්‍රශ්නයක් අහල තියෙන්නේ. මේ ප්‍රශ්නේ මටත් තිබුණ ප්‍රශ්නයක්. ධම්මසංගනීප්‍රකරණය ඇසුරෙන් මේකට හොඳ විග්‍රහයක් පහත video එකේ තියනවා. පුළුවන් නම් එක පැයක් අරන් ත්රිපිටකයත් පැත්තකින් තියාගෙන බලන්න, හරි නම් පිළිගන්න. සාමාන්යෙන් මම බණ video මේකේ share කරන්නේ නැහැ නමුත් ඔබතුමාගේ specific ප්‍රශ්නයට උත්තරයක් මේකේ තියන හින්දයි share කරන්නේ. මෙතන සරල තේරුම තමයි "මමය, මම වෙමි, මගේය කියා ගැනීමට වටිනවද?" කියන එක. නමුත් මේ කියන්නේ මම ඉන්නවද මම නැද්ද කියන එක නෙමෙයි මේත් මාතෘකා පාලියක්.


    https://www.youtube.com/watch?v=8efJ3kDPeFI




    Mama terum aran tiyena widihata budun, mama innawada nadda kiyala naa... budun deshana karala tiyenne: yamkisi aramunakin athiwena panchasankdhaya mage hari, mama kiyala hari, mage athmaya kiyala kiyala ganna baa...ehanin kiyawenne naa mama innawada nadda kiyala..

    annatta/anathma kiyala adahas wenne ekai.


    Obatuma kiyannet ekada natttam wenas da?..wenas nam pahadili karanna..

    video eka balannam.. thanks.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24612666 said:
    ඉතින් උඹට වහරක අධර්මයම දැනුත් හරියි කියල
    පිලිගන්න එකතමා උඹේ පින්මදි කම,පාරමිතාවෙ අඩුපාඩු. වහරක, වලස්මුල්ලේ බණ දෙකක් අහන කොට මොන තරම් විකෘතියක්ද කියල තේරෙනවා..

    එහෙම තේරෙන්නේ උඹේ පාරමිහා පිරිලා මදි.
    ඒකයි
    මේක අහලා වත් තේරුම් ගන්න උත්සාහ කරපන්
    https://www.youtube.com/watch?v=KsX4eBw_8z4&t=176
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :P:P:P:P
    මම මේ කල්පනා කරන්නේ මූට හොඳටම පිස්සු නේද කියලා ! මූ කියපු දේම නැහැයි කියන්න මූ මාර පිස්සෙක් වෙන්න එපැයි. මමද ධර්මය විකෘති කලේ, සබ්බං දුක්ඛං නෑ කියපු අභයද?

    කියපු දේ මම නැහැයි කියන්නේ
    මම ඔය දෙකම කිව්වා තමයි

    1) සූත්‍රයක් කියවගන්නේ අර්ථය ගන්නයි
    ඒ නිසා එකම න්‍යාය ආයේ ආයේ ලියන්නේ නෑ
    ඒක ඒ අදාල විදිහට ගලපලා ගන්න ඕනේ
    මම ඊ තල ගහලා පෙන්නුවේ ඩොට් 3නේ අර්ථය. උඩ සූත්‍රයේ අර්ථය ඒ විදිහට ගන්න ඕනේ කියන එකයි

    අනිච්ච නිසයි දුක් එන්නේ

    ඒ නිසා උඹ කෙලින්ම "දුක්" කියලා Replace කරපු තැන "අනිච්ච හෙයින් දුකයි" කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළාද අපි දන්නේ නෑ. මොකද ඒකේ පාලෙ වලිනුත් නෑ, සිංහලෙනුත් නෑ.
    ඒ නිසා පණ්ඩිත වැඩ කරන්න යන්න එපා බුද්ධ දේශනාවත් එක්ක

    ඒ නිසා සූත්‍ර වලට තමන්ට අවශ්‍ය අර්ථ ගන්න ඔහොම පීචං තුප්පහි වැඩ කරන්න එපා.

    2) උඹ අනිත්‍ය කියන එකට දුක් කියලා දලා උඹ හදපු සූත්‍රයක් තමයි දිගින් දිගටම Copy Paste කර කර දැම්මේ

    උඹට ඒකෙන් කරන්න ඕනේ වුණේ මිනිස්සු නොමඟ යවන්න උඹ හදපු මඩ වීඩියෝ එකේ මම වැරදි නෑ කියලා ලෝකයට කියන්නයි
    කොයි තරම් නම් මානයකද උඹ ඉන්නේ. උඹ ඕනේ දෙයක් කරයි ඒකම හරි කියලා පෙන්නන්න

    ඒක ඔප්පු කරන්න ත්‍රිපිටකයේ සූත්‍රයකුත් ලිව්වා උඹ

    පාලි වලිනුත් නැති, සිංහලෙනුත් නැති සූත්‍රයක් උඹ හැදුවා

    ඕවට කියන්නේ පීචං වැඩ කියලා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එහෙම තේරෙන්නේ උඹේ පාරමිහා පිරිලා මදි.
    ඒකයි
    මේක අහලා වත් තේරුම් ගන්න උත්සාහ කරපන්
    https://www.youtube.com/watch?v=KsX4eBw_8z4&t=176
    තේරුමක් නෑ බන් හරයක් ගතයුත්තක් නෑ...වහරක හොරනඩය කුණු මල්ලට දාල ගොඩක් කල්..:lol::lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මුන්ට රෙද්දේ රෙවුනා දුක්ඛ සුත්‍රය ගැන කතා කරන්න ගිහින්. අර විඩියෝ තියෙන හැම දෙයක්ම හරි. මුං දැන් ඒ දුක්ඛ සූත්‍රය නැතුව වෙන එකක් පෙන්නලා මේක කියවන උන්ගේ ඇස් වලට වැලි ගහන්නයි හදන්නේ. විලි ලැජ්ජයි.
    :D:D:D

    අලුතෙන් සූත්‍රයක් ලිව්ව උඹලට තමයි රෙද්දේ රෙවුනේ
    උඹ හිතුවේ ඔහොම ඔය විදිහටම ලියපු සූත්‍රයක් සූත්‍ර පිටකයේ තියනවා කියලා අපි පිළිගනියි කියලා නේද?

    දැන් රෙද්දේ රෙවිලා ඒක වහගන්න හදනවා

    ලැජ්ජයි බං.. ලැජ්ජයි...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන කෙසේ වෙතත් මේ මුලු ත්‍රෙඩ් එකම කියවන එකාට පිස්සු නම් හැදෙයි. :lol:

    නිවැරදි මාර්ගයට එළියට එන්න මාරයා දෙන්නේ නෑ
    ඒක විකෘතියක් කියලා ඔලුවට දාලා ඒක වහනවා

    මොකද මාරයා කැමතියි විකෘති ධර්මයක් ලෝකේ තියනවට

    ඒක තේරෙන්න මුන්ට පාරමිතා පිරිලා මදි
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    copied youtube comment

    by kumara padmasiri



    මෙච්චර කාලෙකට අති පුජනිය රේරුකානේ චන්දවිමල ,නා උයනේ අරියධම්ම ,මඩිහේ පඥාසිහ ,රාජගිරියේ අරියඥාන ,උඩුදුම්බර කාශ්‍යප වැනි මහා තෙරවරුන්වත් වෙනස් නොකර දේශනා කල ත්‍රිපිටක ධර්මය එක පාරටම වෙනස් අර්ථ කථන දී දේශනා කරනවනම් හොදින් සොයා බලල අහන එක තම හොඳ . බුද්ධ දේශනාවේ මුලිකම දේ වන අනිච්ච(අනිත්‍ය ) ,අනත්ත(අනාත්ම ) වචන දෙකම වෙනස් තේරුම් දෙනවනම් අනිච්ජ (ඉච්ච නොවන) හා අනත්ථ (අසාර) ලෙස එක කෙතරම් ත්‍රිපිටක ධර්මය වෙනස් කිරීමක්ද ? මොවුන් පවසන තර්කය නම් අනිත්‍ය වෙන හැම දේම දුකක් නොවන නිසා සබ්බේ සංකාරා අනිච්චා (අනිත්‍ය) ලෙස කියන්න බැරිලු .ලෙඩක් සුව වෙනවා වගේ .එතකොට අනිත්‍ය නිසා දුක නැනේ .එකත් අනිත්‍ය වෙලා අපහු ලෙඩ හැදෙනවා කියල දුරකට හිතන් නැ  හරි එහෙනම් ඒ විදිහටත් හිතුවොත් සබ්බේ සංකාරා අනීච්ජා (ඉච්ච නොවන )කියමු.එත් ඉච්ච (කැමති විදිහට සිදුවන ) සංස්කාරත් තියෙනවනේ එහෙනම්.පාඩම් කරලා විභාගේ පාස් වෙන ඒවා වගේ ? .ලෙඩකට බෙහෙත් අරන් හොදවෙනකොට එහෙම.කැමති විදිහට සිදුවෙනවනේ.. කොහොමද කියන්නේ සියලු සංස්කාරයෝ ඉච්ච විදිහට වෙන් නැ කියල.?වෙන ඒවත් තියෙනවනේ. මෙතන කොටසක් විතරක් ගන් නැතිව සමස්ථයක් ලෙස බලන්න ඕනි නේද?(අනිච්ච ,දුක්ඛ ,අනාත්ම,) ,අනිත්‍ය වෙන දේම දුකට අයිතියි ,ඒ දුකට අයිති දේම අනාත්මයි ලෙස . ඒ නිසා ඕනනම් ඉච්ච විදිහට වෙන් නැ ,අසාරයි වගේ අර්ථ දෙන්න පුළුවන් හේතු ඵලයක් ලෙස හැබැයි මුලික අර්ථයට දුන්නම වැරදි.අනාත්ම කියන වචනෙ වෙනුවට අසාරයි දැම්මම කොච්චර ත්‍රිපිටක ධර්ම විකුර්තියක්ද ?
    මේ ස්වාමින් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාම සංවේදී ධර්ම කරුණු වෙනස් කිරීමකට ලක් කරන බව පේනවා.පුදුමේ කියන්නේ ධර්මය දන්නා යයි කියාගන්න අයත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එක පාරටම මේවා පිළිගන්න එකනේ .කෙටි ක්‍රම කියනවද දැන් නැ නේ ? රුප ,ආලෝක සඥාවක්(උපක්ලේශ ) දැක්කොත් ධ්‍යාන මට්ටම් වලට අවා වගේ? මෙතන මට නම් පෙන විදිහට ඉකමනින් නිවන් දකින්න කෙටි මාර්ග හොයන එක තම වැරදිලා තියෙන්නේ .වාහනේ ඇතුලේ දිව්වට ඉක්මනට යන්න බැනේ නේද :)
    අනික භෞතික විද්‍යාවෙන් ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරන්න පුලුවන්ද ? භෞතික විද්‍යාව කෙතරම් ප්‍රථමික පහලද තියෙන්නේ උතුම් සම්බුද්ධ ඥානය සමග. ඉංජිනේරුවෙක් නෙවේ ඇල්බෙර්ට් අයින්ස්ටයින් ආවත් තෙරුවන් සරණ ගොස් පාලි ,සංස්කෘත හදාරලා , සිල්වත් ,ධර්මය කාලයක් වඩා ඇති පාසල් වත් නොගිය සාමනේර බික්ෂුවක් ඔන නැ උපාසක මහත්වයෙක් ගේ ධර්ම දැනුම ගැන ලගී න් වත් තියන්න පුලුවන්ද? මානය අඩු කිරීමට ධර්මය දේශනා කල යුතු එකේ ,විද්‍යා ,ගණිත අයට තාර්කික හැකියාව වැඩි කියා ඒ ක්ෂේත්‍ර වල අය ගේ මානය තවත් වැඩි කර ධර්මයෙන් ඒ අහිංසක මිනිසුන් තවත් ඈත් කරන එක හරිද? වෙන්න පුළුවන් ඒ ඒ ක්ෂේත්‍ර වල .නමුත් ධර්මය වැඩීමේදී මේ කිසිවක් හදාරා නැති පසල්වත් නොගිය කෙනෙක් සංසර පුරුද්දෙන් වේගවත් ගමනක් යා හැකියි . චුල්ලපන්ථක හමුදුරුවොගේ කථාව ගන්නකො.තමන් දන් නැ ,බුදුහාමුදුරුවෝ තම සියල්ල දන්නේ කියන තැනට එන්න ඕනි අපි.නැත්නම් ඉතින් ශ්‍රද්ධාව නැතිව මානය තම වැඩෙන්නේ .
    දැන් ලංකා පාලි ත්‍රිපිටකය වෙනස් වූ දෙයක් කියල තර්ක කරනවානම් ,එකත් වැරදි .බුරුම පිටකයයි ,ලංකා පිටකයයි දෙකේ තියෙන්නේ එක අකුරක ඉස්පිල්ලක වෙනසක්‌ විතරයි ලු.එහෙනම් එකත් වෙනස් වෙන්න එපාය .
    ඒ නිසා මේ ඔක්කම සැක අයින් කරලා ,ඉස්සරලම තෙරුවන් කමා කරගෙන මේ වහරක මිත්‍යා දුෂ් වලින් අයින් වෙලා දැන් තියෙන තිබු අතීතයේ විසු මහතෙරුන් වරුන් ආරක්ෂා කරපු ත්‍රිපිටක ධර්මය හදාරලා කෙටි මාර්ග හොයන නැතුව ධර්මය වඩන එක තම කරන්න තියෙන්නේ. මොකද බුද්ධ දේශනාවේ වචනයක් වෙනස් කරත් /ඊට අනුබල දුන්නත් /ප්‍රචාරය කලත් බලවත් අකුසල් තම සිද්දවෙන්නේ .කපිල මත්සයාගේ කතාවේ තියෙනවනේ .කාශ්‍යප බුදධ ශාසනයේ ත්‍රිපිටක ධාරී බික්ෂුවක් වෙලා වාසියට ත්‍රිපිටකයේ එක වචනයයි හිතා වෙනස් කරලා තියෙන්නේ .කල්පයක් නිරයේ ඉඳල මේ ගෞතම බුද්ධ ශාසනයේ මාලුවෙක් කට ගඳ ගහන .අපහු මැරිලා නැවත නිරයට ගියේ. ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තැනක් විශේෂයෙන් ත්‍රිපිටක ධර්මයත් එක්ක කටයුතු කරන එක.

    තෙරුවන් සරණයි !
    පැහැදිලි විස්තරයක් දීල තියෙනවා ..:yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නිවැරදි මාර්ගයට එළියට එන්න මාරයා දෙන්නේ නෑ
    ඒක විකෘතියක් කියලා ඔලුවට දාලා ඒක වහනවා

    මොකද මාරයා කැමතියි විකෘති ධර්මයක් ලෝකේ තියනවට

    ඒක තේරෙන්නේ මුන්ට පාරමිතා පිරිලා මදි

    යකො උඹ හරියටම කියලා තියෙනවා .
    පිස්සු අබේට මාරයා වැහිලා ධර්මය ව්කෘති කරනවා. අබේට එකතු වෙන්නෙ අබේ එක්ක කල්ප ගාණක් අපාගත වෙන අබේගෙ පිරිවර.. කල්ප ගාණක් නිරයේ දුක් විදින්න එකතු වෙන පිරිවර.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :rofl: ඒක දැක්කගමන් මටත් හිතුන මෙයා නම් එක්කෝ මෝඩ පුද්ගලයෙක් නැතිනම් දුන්න මැටීරියල්ස් කොපිපේස්ට් කරකර හරියට අර කෝල් සෙන්ටර් උං පොත් බලාගෙන අවශ්‍ය රිප්ලයි කරනව වගේ ඉහල තැනවලිං දුන්න මැටීරියල්ස් ආයෙ ආයෙ දාන පොරක් කියල. මිනිහවත් දන්නෑ මොනවද කියන්නෙ කියල. සාධාරණ සැකයක් එනව අභය/වහරක කල්ට් එකේ මීඩියා යුනිට් වලිං දෙන ගේමක්ද මේ කියල.


    ඔය කල්ට් වලට අහුවුණාම ගැලවෙන්න අමාරුයි. ගැලවෙන්න දෙන්නෙත් නෑ.

    අනේ නෑ. මම එහෙම මීඩියා යුනිට් එකක කෙනෙක් නෙවෙයි

    කොටින්ම රූපයකින් දුක එන්නේ කොහොමද කියලා වත් තේරුම් ගන්න මොලයක් බුද්ධියක් උඹලට නෑ.
    උඹලා හිතාගන ඉන්නේ මේ ලෝකයේ හැම රූපයක්ම දුකයි කියලා

    මෙන්න දුක්ඛ සූත්‍රයට අනිව රූපකින් දුක එන හැටි

    1.5.3. දුක්‌ඛ සූත්‍රය

    43. සැවැත්නුවර -

    මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දෙශනා කරන්නෙමි. එය අසවු.

    මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වෙදනාව වේ. වෙදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.

    කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වෙදනාව වේ වෙදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.

    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දුක්‌ඛ සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/105?s=814

    ඔන්න ඔහොමයි පටිච්චසමුප්පන්නව දුක හටගන්නේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24613410 said:
    යාලු....හරියට බුද්ධ දේශනාවට එකගව බණ කිව්ව නම් සිවුරු ගලවලා සාසනෙන් නෙරපලා දායිද??
    උඹලගෙ අන්ධ වීම කොච්චර ද කිව්වොත් එදා ඉදන් බණ කියපු භාවනා කමටහන් දිපු උගත් හාමුදුරුවරු ඔක්කොම වැරදි.පල්ලි අභය හරි..

    ඔව්. සිවුරු,සුදුරෙදි,ඇටසැකිලි ,මලමිනි හැම දෙයකම ශූණ්‍යතාවය දැකලා නිවන් යන්න පුලුවන් හරියට විදර්ශනා කළොත්..
    ඊලග කමෙන්ට් එකෙ දාල තියෙනවා මළ සිරුර අරමුණු කරල නිවන් දකින හැටි.

    මම මේකෙ මුල ඉදන්ම කිව්වෙ කාට හරි ඇත්තටම නිවන් දකින්න ,භාවනා කරන්න ඕනෙ නම් උදව් කරන්න පුලුවන් . :yes:

    උඹලා පිළිකුල් භාවණාව කියලා මොකක්ද වඩන්නේ
    පිළිකුළ කියන්නේ ද්වේෂයක්

    උඹලා භාවණා කරනවා කියලා වඩන්නේ ද්වේෂයයි

    බමුණන්ගේ "මරණ සතිය" භය උපදවන එකක්
    භය කියන්නේ ක්ලේශයක්
    ත්‍රිපිටකයේ "මරණ සතිය" අකුසල නිරෝධ මඟක්

    උඹලා භාවණා කරනවා කියලත් වඩන්නේ කෙලෙස්

    පිළිකුල කියන්නේ ද්වේෂයේ එක් අවස්ථාවක්

    උඹලා රාගය ද්වේෂයෙන් වහනවා.
    වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

    ද්වේෂය තමයි මහාසාවද්‍ය පාපය වෙන්නේ.
    රාගය අල්පසාවද්‍යයි


    මෙන්න බලපන් මේ ලිපිය
    නාවලපිටියේ අරියවංශ හිමි

    "පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි"

    http://www.budusarana.lk/budusarana/2010/06/19/PrintPage.asp?REF=vision03



    රාගයෙන් තොරව ඉන්න පුළුවන් ලෝකෝත්තර 1 වෙනි ධ්‍යානයේ හෝ ඉන් ඉහළ ධ්‍යානයක

    එහෙම නැත්නම් සමාන්‍ය මේ ජීවත් වෙන ලෝකයේ ඉන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා
    ඒක තමයි උඹලා භාවණා වඩනවා කියලා වඩන්නේ

    ඒ තමයි රාගය ද්වේෂයෙන් වහන එක

    මොකද අභිධර්මයට අනුව එක අකුසල් හිතක රාග, ද්වේෂ 2 ම තියෙන්න බෑ
    (එක්කෝ රාග, මෝහ, එහෙම නැත්නම් ද්වේෂ මෝහ )

    ඒ නිසා උඹලා රාගය ද්වේෂයෙන් වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24613458 said:
    පැහැදිලි විස්තරයක් දීල තියෙනවා ..:yes::yes::yes:

    මම ඕකට වෙනම පිළිතුරක් දෙන්නම් පස්සේ