මේ කියන්නේ පන්සිල්, දසසිල්,... ගැන නෙමෙයිනේ, කුක්‌කුරසීල ගැනනේ. මේකෙන් කියන්නේ නැහැ පන්සිල් රකින එක මිත්‍යා දෘෂ්ටියක් කියල... කලින් comment එකේ කියල තියනවා මේවගේ Basic ඒවත් පටලවාගෙන අනිත් අයවත් පටලනවා අනේ මන්ද..
නාලක මහත්තය, ඔබතුමා කියනවනම් සිල් රැකීමෙන් (ශ්‍රද්ධාවෙන්) යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් කියල, ඒක පිළිගන්න වෙනව. නමුත් ඔබ කියනව නම් සිල් රැකල නිවන් දකින්න පුළුවන් කියල, ඒක පිළිගන්න අමාරුයි. මොකද, ධර්මයේ කතාකරන්නේ ප්‍රඥාවෙන් පිහිටපු සීලයක් මිසක් රකින සීලයක් නෙමෙයිනේ. "
සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 1. දෙවතා සංයුත්‌තය » ජරා වර්ගය » දුතියා සූත්‍රය
[දෙවි:]
පුරුෂයාට කවරක් දෙවැන්නී වේ ද? කවරෙක් ඔහුට අනුශාසනා කෙරේ ද? කිමෙක මැනවින් ඇලුනු සත්ත්ව තෙමේ සියලු දුකින් මිදේ ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නී වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරෙයි. නිවණෙහි මැනවින් ඇලුනු සත්ත්ව තෙමේ සියලු දුකින් මිදේ.
