නිවනෙහි ඇති සැපය කුමක් ද?

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද?​

    විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු ඇතිවිය හැකි වූ ද, නානාප්‍ර‍කාර දුක් කරදර සන්සිඳීම ඒ දුක්ගිනි නිවීම මහත් වූ සුවයෙකි. එබැවින් රෝගයක සන්සිඳීමට සනීපවීම ය යි කියති. ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සන්සිඳීම් සැපය ය. දුකින් මිදීම නිසා එයට ‘විමුක්ති සුඛය’ යි ද කියති.

    තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නො දන්නා වූ, බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපය ය. සන්සිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත. එබැවින් ම ඒ ගැන ඔවුන් ගේ සැලකිල්ලක් ද නැත. සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයා ගෙන ආහාර පාන වස්ත්‍ර‍ ගෘහ යාන වාහනාදි පරිභෝග වස්තූන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි. අමාරුවෙන් ලැබුවත් එය එකෙණෙහි ම නැති වී යන්නක් මිස කල් පවත්නා සැපයක් නො වේ. ප්‍රිය වස්තූන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණෙකි. ඉන් පසු එය නැත. මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණෙකි. තවත් ඇති විඳීම් සැප පවත්නේත් ඒවා විඳිමින් ඉන්නා වේලාවේදී පමණ ය. ඉන් පසු ඒවා නැත. හොඳය කියා සලකන ඇලම් කරන දෙයක් නැතිවෙනවා නම් එය දුකෙකි. විඳින්නා වූ සෑම සැපයකින් ම නැතිවීමෙන් වන දුක ඇති වේ. එසේ ම ඒ නැති වී ගිය සුවය නැවත ලැබීමේ ආශාව ද ඒ නැති වීම නිසා ඇති වේ. විඳින සැම සැපයක් ම නැති වීමේ දුකක්, ආසා දුකක් ඇති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ “යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං” යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුක් ය යි වදාළ සේක. විඳීම් සැපයත් දුඃඛසත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇති නම් ඒ නිවනත් දුකින් මිශ්‍ර‍වූවක් වන්නේ ය. නිවන දුකින් අමිශ්‍ර‍ ශුද්ධ සුඛයක් වන්නේ විඳින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසා ය. එබැවින් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක් දැ යි ඇසූ භික්ෂුවකට “ඇවැත්නි, විඳීමක් නැති බව ම නිවනේ ඇති සැපය වන්නේය” යි වදාළ සේක. විඳීම් සැපයට වස්තු වන ආහාර පාන-වස්ත්‍ර‍-යාන-වාහන ගෙවල් ආදි සියල්ලත් දිරා බිඳී නැතිවී යන ඒවාය. සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරෙස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරෙස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තූන්ට ආසා කරන්නහුට ඒවායින් ඇති වන්නේත් මහ දුකෙකි. නිවනෙහිත් ඒවා ඇති නම් එය දුකින් මිශ්‍ර‍ තැනක් වන්නේ ය. ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේ ය.

    නිවනෙහි සැපයක් ඇතය යන කථාව පර්‍ය්‍යාය කථාවෙකි. කෙළින ්කියනවා නම් කිය යුත්තේ නිවන ම සැපය ය කියා ය. නිවන විඳින සැපයක් නොව නිවීම් සැපයෙකි. නිවනට පැමිණ නැති සත්ත්වයකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරාමරණාදි දුඃඛස්කන්ධයේ ප්‍ර‍මාණය දැක්වීමට උපමාවකුදු නැත. නිවනය කියනුයේ ඒ අනුපමේය මහා දුඃඛස්කන්ධයේ නිවීමට ය. සන්සිඳීමට ය. හිසේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ආදි එක් එක් දුඃඛ වේදනාවක සන්සිඳීම වුව ද මහත් වූ සැපයෙකි. සුළු දුකක් සන්සිඳීමත් සැපයක් වන කල්හි ඉහත කී මහා දුඃඛස්කන්ධයේ සන්සිඳීම කෙසේ සැපයක් නො වන්නේ ද? සැපයන් අතුරෙන් සියල්ලට ම මහත් සියල්ලට ම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නො වන සැපය නිවන් සැපය ය.

    නිර්වාණ සුඛයෙහි උසස් බව

    නිවනෙහි කාම සුඛය සම්පූර්ණයෙන් ම නැත. කිසි ම කාම වස්තුවකුදු එහි නැත. නිර්වාණය ම විමුක්ති සුඛය ය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍ර‍මාණ කළ හැකි ද්‍ර‍ව්‍යයක් ද නො වේ. එය සත්ත්වයන්ට ආධාරස්ථානයක් වශයෙන් කථා කරනුයේ ව්‍යවහාර පහසුව පිණිස ය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුඛයාගේ වටිනාකම කෙලෙසකින්වත් ප්‍ර‍මාණ කළ නො හේ. දින ගණනකින් ඒකාන්තයෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක් යම් කිසිවකුට වැළඳුන හොත් ඒ රෝගය සුව කිරීමට සමර්ථ වෛද්‍යවරයා එක් කෙනෙක් ම නම්, ජීවිතාශාව ඇති රෝගියා තමාගේ සකල සම්පත්තිය ම වුව ද ඒ වෙදැදුරාට දී රෝගය සුව කරවා ගෙන මරණයෙන් විමුක්තිය ලබා ගන්නේය. ඒ රෝගියා සිටුවරයෙක් නම්, සියලු සිටු සම්පත ම නො දෙත හොත් රෝගයට පිළියම් නො කළ හැකි ය යි වෛද්‍යවරයා කියා නම්, ඔහු මුළු සිටු සම්පත ම දී මරණයෙන් විමුක්තිය ලබා ගන්නේ ය. රෝගියා රජකු වී නම් රාජ්‍යය වුව ද දී මරණයකින් ම මිදීම ලබා ගන්නේ ය. මෙසේ බලන කල්හි එක මරණයකින් මිදීම වූ විමුක්ති සුඛය ම සිටු සම්පතක් පමණ ද රජ සම්පත් පමණ ද වටිනා බව කිව යුතුය. නිවනට නො පැමිණ විසුව හොත් අනාගතයෙහි එක් සත්ත්වයකුට ම ඒ ඒ ජාති වලදී පැමිණෙන මරණ සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් නො ව අනන්ත ය. එක මරණයකින් නිදහස් වීම ම රාජ්‍යයක් තරම් වුව ද වටිනා කල්හි අනන්තාපරිමාණ මරණයන්ගේ විමුක්තිය වූ නිවන් සුඛය කොතෙක් නො වටී ද? එහි වටිනාකම කවරෙකුට කෙලෙසින් නියම කළ හැකි වේ ද? නො හැකි ම ය. එක මරණයකින් මිදීමේ වටිනාකම ශතයක් පමණ වේ යයි සලකා ගණන් බැලුයේ ද නිවන් සුවයේ වටිනාකම ප්‍ර‍මාණ කළ නො හේ. නිවනට පැමිණීමෙන් ලැබෙනුයේ මරණ දුඃඛයෙන් මිදීම පමණක් නො වේ. ඇති තාක් සියලු ම දුක් වලින් නිදහස් වීම නිවනය. මරණ දුකින් නිදහස් වීමේ වටිනාකම ම පිරිසිඳිය හැකිද? නොහැකි ම ය

    නිර්වාණයාගේ විශාලත්වය

    දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව සූක්ෂම ධර්මයක් වුව ද අති විශාල දෙයකැයි ද කිය යුතුය. එහි විශාලත්වය දැක්වීමට උපමාවකුදු සුලභ නො වේ. ඒ විශාලත්වය නිරුද්ධ වන දුඃඛස්කන්ධයට අනුව දැක්විය යුතුය. අනාගත කාලයාගේ කොනක් නැත්තේ ය. නිවනට නො පැමිණියහොත් සත්ත්වයා ද ඒ කාලය මුළුල්ලෙහි ම නැවත නැවතත් කුඩා මහත් නොයෙක් ජාතිවල උපදනේ ය. එහි අවසානයක් නැත්තේ ය.

    එබැවින් සසර සැරිසරන එක් සත්ත්වයකුට අනාගත කාලයේ දී ලබන්නට වන ජාති දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ජරා දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ව්‍යාධි දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. මරණ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ශෝක දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. පරිදේව දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දුඃඛ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දෞර්මනස්‍ය දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. උපායාස දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. කැමති දෑ නො ලැබීමේ දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. නරකයෙහි ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. තිරිසන්ව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රේතව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත.

    සසර සැරිසරන සත්ත්වයාට හිමි වන මේ අනාගත දුඃඛස්කන්ධයාගේ මහත්වය යම් පමණ ද නිර්වාණයාගේ විශාලත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ කටුක බව යම් පමණ වේ නම් නිර්වාණයාගේ සුඛත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ රෞද්‍ර‍ත්වය යම් පමණ නම් නිර්වාණයාගේ සෞම්‍යත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ භයානකත්වය යම් පමණ වේ නම් නිර්වාණයාගේ රමණීයත්වය ද එපමණ ම වන්නේ ය.

    පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ සැප වලට වූ දෙය ම ය. එබැවින් ලෞකික සැපවල කිසි ම හරයක් නැත. නිවන් සුවය වනාහි වරක් ලදහොත් මතු කිසි කලෙක නො නැසෙන්නා වූ ස්ථිර සැපයෙකි. එය ම සැප අතුරෙන් සාරවත් සැපය වන්නේ ය.

    අති මධුර වූ අත්‍යුත්තම වූ මහාර්ඝ වූ මේ නිවන් සුවය ඇතමුන්ට කිසි ම ප්‍රයෝජනයක් නැති හිස් බවක් සැටියට සතයක් වත් නො වටිනා දෙයක් සැටියට බිය විය යුතු දෙයක් සැටියට වැටහෙනුයේ, කාම සුඛය ම වටිනා දෙයක් හැටියට වැටහෙනුයේ දුක නො හැඳිනීම නිසා ය. යමකට දුඃඛාර්‍ය්‍ය සත්‍යය වැටහුන හොත් ඔහුට මේ විමුක්ති සුඛයේ මධුරත්වය වැටහෙනු ඇත

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය/ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථ ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,562
    9,977
    113
    In the eyes of my girl
    Good Place කියල නෙත්ෆ්ලීක්ස් සිරිස් එකක් තියෙනවා
    එක ගොඩක් දුරට තේරුම් ගන්න පහසුයි
    දිව්‍යලෝකය කියන තැනට යන එක කියමු අපි බලාපොරොත්තු වෙන්නනේ
    ඔතන අපිට ඕනේ කරන හැම දෙයක්ම තියෙනවා හිතන පතන දේ ලැබෙනවා
    කාලය ඇති තරමක් තියෙනවා මැරෙන්නේ චුත වෙන්නේ නැ
    හිතන පතන සැප ඔක්කොම අර ගත්තම මිනිහට කරන්න දේවල් නැති වෙනවා එහෙම ඉන්න එකත් එපා වෙනවා
    අන්න එතැනදී නිවන කියන දේ ලොකු සුවයක්

    අපිට හැම දේම ලැබුන නම් කිසිම අගයක් නැ
    සතුටකුත් නැ
    එත් ඉදල හිටලා දෙයක් ලැබුනොත් සතුටුයි
    තියෙන දෙයක් නැති උනොත් දුකයි
    ඉතින් ඔය දුකත් සැප කිසිම දෙයක් නැති න්යුට්‍රල් එකක් වගේ තමා නිවන
     
    දිව්‍ය ලෝකයේ දුඃඛත්වය​

    පින් බලයෙන් ම මිස නිකම් දෙව්ලොව ඉපදිය නො හැකිය. නිකම් ම නො ලැබිය හැකි බව පින් කිරීමෙන් ම, ලබාගත යුතු බව, දිව්‍ය ස්කන්ධපඤ්චකයේ සංඛත ස්වභාවයයි. දිව්‍යස්කන්ධයන්ගේ මේ සංඛත ස්වභාවය නිසා දෙව්ලොව උපදින්නට කැමති තැනැත්තාට දුක සේ සපයා ගන්නා වස්තුව දන් දෙන්නට සිදු වේ. සිල් රක්නට සිදු වේ. වැඩිමහල්ලන්ට වඳින්ට පුදන්නට වතාවත් කරන්නට ලිං පොකුණු මාවත් විහාර දාගැබ් ආදිය කරන්නට කරවන්නට සිදුවේ. තමාගේ පින් කුඩා වුවහොත් ලැබෙන සම්පත් කුඩා වේය, දුර්වල වේය යන බියෙන් බොහෝ වියදම් කොට මහ දන් දෙන්නට සිදු වේ. එසේ කරන්නට වීමෙන් සමහර විට දුප්පත්ව මුළු ජීවිත කාලයමත් දුකසේ ගත කරන්නට ද සිදුවේ. කොතෙක් පින් කළත් පව් සිදුවුවහොත් අපායට යන්නට වී බලාපොරොත්තු වන දිව්‍යත්වයට පැමිණිය නොහෙන බැවින් පව් සිදු නොවන ලෙස කය වචන සිත යන තුන ආරක්ෂා කර ගන්නට ද සිදුවේ.

    පින් කිරීමත් මහත් කරදරයකි. පීඩාවකි. දුකෙකි. පව් සිදු නො වන පරිදි කායාදි ද්වාරත්‍ර‍ය ආරක්ෂා කිරීම ඉතා මහත් කරදරයෙකි. පව් සිදු නො වන සේ රැකෙන්නා වූ තැනැත්තාට ප්‍රීතිවීම සඳහා අන්‍යයන් කරන බොහෝ දේවල් අත්හැර දමන්නට සිදු වේ. ඔහුට රිසි සේ කෑම බීම පවා කරන්නට ද නො ලැබේ. රිසි සේ වස්තුව සපයන්නට ද නො ලැබේ. සමහර විට ඒ ප්‍ර‍තිපත්තිය නිසා ලැබූ වස්තුව ද ආරක්ෂා කර ගන්නට ද නො හැකි වේ. අඹුදරුවන් පෝෂණය කිරීමට ද අපහසු වේ. අසනීපයක් වූ කල්හි ප්‍ර‍තිකාර කර ගැනීමට පවා අපහසු වේ. කොතැනක දී වත් රිසි සේ හැසිරෙන්නට නො ලැබෙන බැවින් ඔහුට ලෝකය සිර ගෙයකි. මෙය දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ කුශල් කොට උපදවා ගත යුතු බව වූ සංඛත ස්වභාවය නිසා දිව්‍යස්කන්ධ පඤ්චකයට ආශා කරන්නා හට ලැබෙන දුක් රාශියයි. දිව්‍යත්වය බලාපොරොත්තු වන්නා ලවා මේ දුක් රාශිය වඳවීම දිව්‍යස්කන්ධ පඤ්චකයෙන් සත්ත්වයාට කරන පීඩනයයි. මෙසේ පීඩා කරන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්ත දුඃඛයකි.

    සත්ත්වයා විසින් දුකින් කළා වූ පින්වල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් කල්හි ද ඒ දිව්‍ය ශරීරයෙහි වූ චක්ෂුෂ් ශෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන ෂඩ් ද්වාරයෙන් රාග ගිනි කඳන් වැදී, ඒ දිව්‍ය සන්තානය දවන්නේය. ඇතැම් විට ද්වේෂාග්නිය ද වැදී දවන්නේය. මෝහාග්නිය ද වැදී දවන්නේය. ඒ කෙලෙස් ගිනි වලින් පසුව ඒ දෙවියා අපායට හෙලා එහිදී ද දවන්නේය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන ගිනි වලින් ද ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දවනු ලබන්නේය. මෙසේ රාගාදී ගිනි එකොළසකින් දවනු ලැබීම ඒ දිව්‍යස්කන්ධ පඤ්චකයේ සන්තාප ස්වභාවය යි. එකොළොස් වැදෑරුම් ගින්නකින් දවන තවන බැවින් ද දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්තයෙන් ම දුඃඛයෙකි.

    දෙවියන්ගේ ස්කන්ධ පඤ්චකය රූපාවචර ධ්‍යාන කුශලයට වඩා බොහෝ සෙයින් හීන වූ, දුර්‍වල වූ කාමාවචර කුශලයකින් උපදවන ලද්දක් බැවින් බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය පවත්නා කාලයට වඩා ඉතා කෙටි කාලයක් පවත්නේය. කුශල ශක්තිය අවසාන වූ කල්හි බිඳී යාම දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ විපරිණාම ස්වභාවය යි. රුපියලක් දෙකක් වටිනා සුළු දෙයක් නැති වීම පවා දුකක් කණගාටුවක් වන කල්හි වටිනාකම පමණ කළ නො හෙන දිව්‍යාත්මභාවය විනාශ වී යන කල කෙසේ නම් ඉවසිය හැකි දුකක් වන්නේ ද? දිව්‍ය ස්කන්ධයාගේ ඒ විනාශය, එය උතුම් කොට ගෙන එහි ඇලී වාසය කරන්නා වූ දෙවියාට ඉවසිය නො හෙන දුකකි. මරණය ළං වූ කල්හි දෙවියන්ට ඒ බව දත හැකි වන පෙර නිමිති පහළ වෙයි. දෙවියේ ඒ පෙර නිමිති වලින් මරණය ළංව තිබෙන බව දැන ගනිති. එසේ දැනගත් කල්හි ඒ දෙවියාගේ සන්තානය ශෝක ගින්නෙන් දැවෙන්නට වන්නේය. ඒ විපරිණාමය නිසා ම දෙවියාට බොහෝ සෙයින් සිදුවන්නේ පහළට වැටීමට ය.

    සමහර විටකදී දෙව් සැප විඳිමින් සිටිනා අතර චුත වී ඒ දෙවිවරු ඝෝර දුක් ඇති නරකයට ද වැටෙති. ප්‍රේත තත්ත්වයට ද වැටෙති. බල්ලන්, සිවලුන්, ඌරන්, කපුටන්, කබරයන් බවට ද පත්වෙති. පණුවන්, උකුණන්, මකුණන් බවට ද පත්වෙති. දිව්‍යස්කන්ධ පඤ්චකය නො බිදෙන ස්ථිර දෙයක් වේ නම් දෙවියන්ට මෙ බඳු විපරීත ස්වභාවයකට පත්වන්නට සිදු නොවේ. එසේ සිදුවන්නේ දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම ස්වභාවය නිසා ම ය. මෙසේ විපරීත ස්වභාවයකට පහත් බවට පත් කිරීම දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම දුඃඛයෙන් පෙළීම ය. අන්තයෙහි දී මේසා මහත් වූ විපරිණාම දුඃඛයකින් සත්ත්වයා පෙළෙන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දුකෙකි. මෙසේ සෑම දිව්‍යස්කන්ධපඤ්චකයක් ම පීඩන ස්වභාවය සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන සතරක් වූ දුඃඛ ස්වභාවයෙන් යුක්ත බැවින් ද එයින් පෙළෙන බැවින් ද දුඃඛ සත්‍යය තත් වූ පරිදි දක්නා වූ තථාගතයන් වහන්සේ දිව්‍යස්කන්ධ සියල්ල, දුඃඛ සත්‍යයට ඇතුළත් කොට වදාළ සේක. මේ දිව්‍ය ලෝකයේ දුඃඛ සත්‍යයයි.
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    Good Place කියල නෙත්ෆ්ලීක්ස් සිරිස් එකක් තියෙනවා
    එක ගොඩක් දුරට තේරුම් ගන්න පහසුයි
    දිව්‍යලෝකය කියන තැනට යන එක කියමු අපි බලාපොරොත්තු වෙන්නනේ
    ඔතන අපිට ඕනේ කරන හැම දෙයක්ම තියෙනවා හිතන පතන දේ ලැබෙනවා
    කාලය ඇති තරමක් තියෙනවා මැරෙන්නේ චුත වෙන්නේ නැ
    හිතන පතන සැප ඔක්කොම අර ගත්තම මිනිහට කරන්න දේවල් නැති වෙනවා එහෙම ඉන්න එකත් එපා වෙනවා
    අන්න එතැනදී නිවන කියන දේ ලොකු සුවයක්

    අපිට හැම දේම ලැබුන නම් කිසිම අගයක් නැ
    සතුටකුත් නැ
    එත් ඉදල හිටලා දෙයක් ලැබුනොත් සතුටුයි
    තියෙන දෙයක් නැති උනොත් දුකයි
    ඉතින් ඔය දුකත් සැප කිසිම දෙයක් නැති න්යුට්‍රල් එකක් වගේ තමා නිවන

    බ්‍ර‍හ්මයන්ගේ දුක්ඛය​

    සත්ත්වයකුහට නිකම්ම බ්‍ර‍හ්මත්වයට පැමිණිය නො හේ. බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නට නම්, බ්‍ර‍හ්ම ආත්ම භාවයක් හෙවත් බ්‍ර‍හ්ම ස්කන්ධපඤ්චකයක් ලැබීමට නම් එයට නිසි පින් කළ යුතුය. නිකම් නොලැබිය හැකි බව, පිනින් ම ලැබිය යුතු බව බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ සංඛත ස්වභාවයයි. සාමාන්‍ය මිනිසුන් කරන දාන ශීලාදි කාමාවචර කුශල බලයෙන් ද බ්‍ර‍හ්ම ලෝකයට නො පැමිණිය හැකිය. බ්‍ර‍හ්ම ලෝකයට පැමිණිය හැකි වනුයේ ධ්‍යානමය කුශලයෙනි. ඒ ධ්‍යාන කුශලය පහසුවෙන් උපදවා ගත හැකි කුශලයක් නොවේ. ධ්‍යානයක් ලැබිය හැකි වන්නේ, ගම් බිම් ගෙවල් දොරවල් අඹුදරුවන් නෑ මිතුරන් හැර දමා ජනයාගෙන් වෙන්ව අරණ්‍යාදි විවේක ස්ථානයකට එළඹ ලෙස බව දුරු කොට, නින්ද අඩුකොට, ආහාර පානාදිය දුරුකොට, ශීතලයෙන් උෂ්ණයෙන් මැස්සන් මදුරුවන්ගෙන් සාගින්නෙන් පිපාසයෙන් වන්නා වූ අමාරුකම් ගණන් නො ගෙන, ධ්‍යාන වැඩීම ම තමා අයත් ප්‍ර‍ධාන කටයුත්ත කරගෙන දීර්ඝ කාලයක් මුළුල්ලෙහි වීර්ය්‍ය කරන්නා වූ කෙනකුට පමණය. එසේ වීර්ය්‍ය කරන්නවුන් අතුරෙන් ද ඒ ධ්‍යානය ලැබෙන්නේ දහසකින් කෙනකුට පමණය. නවසිය අනූනව දෙනකුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේය.

    ධ්‍යාන වඩන්නා වූ තැනැත්තකුට ධන ධාන්‍යාදි වස්තුව අතහැර දමන්නට වීමත් දුකෙකි. අඹු දරුවන් නෑයන් මිතුරන් අත්හැර දමන්නට වීමත් දුකෙකි. හුදකලා වාසයත් දුකෙකි. රිසි සේ ආහාර පාන නො ලැබීමත් දුකෙකි. ඒ අතර යම් යම් දේවල් නැති කමින් වන්නා වූ තවත් දුක් බොහෝය. නො නිදා භාවනාවෙහි යෙදීමත් දුකෙකි. ඉදින් බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් නිපදවීමක් නැතිව, ඉබේ ම ලැබෙන දෙයක් උපදනා දෙයක් වේ නම් බ්‍ර‍හ්මත්වය පතන්නා වූ තැනැත්තා හට ධ්‍යාන උපදවා ගැනීම සම්බන්ධයෙන් වන දුක් රාශිය විඳින්නට නො වන්නේය. ඒ පීඩා රාශිය නො ලැබෙන්නේය.

    බ්‍ර‍හ්මස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් උපදවා ගත යුතු වූ සංඛත ධර්ම සමූහයක් නිසා ම බ්‍ර‍හ්මව උපදින්නට බලාපොරොත්තු වන තැනැත්තාට ඒ දුක් රාශිය විඳින්නට වන්නේය. ඒ දුක් රාශිය බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධ නිසා ම පැමිණෙන දෙයක් බැවින් එය බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය විසින් බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය පතන්නා වූ තැනැත්තාට කරන පීඩාවක් ම ය. යම් ධර්මයක් සත්ත්වයා හට මහත් වූ පීඩාවක් ගෙන දේ නම් පීඩා කරන්නා වූ පීඩා පමුණුවන්නා වූ ඒ ධර්මය යහපත් දෙයක් නොව දුඃඛයක් ම ය. එබැවින් ධ්‍යාන ඉපදවීම් වශයෙන් මහත් පීඩාවකට හේතු වන, මහත් වූ පීඩාවක් කරන්නා වූ ඒ බ්‍ර‍හ්මපඤ්චස්කන්ධය දුඃඛයකි. මේ සංඛත ස්වභාවය නිසා බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය දුකක් වන ආකාරය යි.

    ධ්‍යාන ඉපදවීමෙහි යෙදවීම් වශයෙන් සංස්කාර දුඃඛයෙන් සත්ත්වයා අනේකාකාරයෙන් ආදියෙහි පෙළා පසුව පහළ වූ බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධයෙහි ස්කන්ධ පඤ්චකය මමය කියා ගැනීම් වශයෙන් පවත්නා වූ සත්කායදෘෂ්ටි ගින්නය, මගේ යයි ගැනීම් වශයෙන් පවත්නා වූ තෘෂ්ණා ගින්නය, බ්‍ර‍හ්ම සම්පත්තියෙන් මත් වීම වූ මද ගින්නය, කුශල පක්ෂය අමතක වීම වූ ප්‍ර‍මාද ගින්නය යනාදි කෙලෙස් ගිනි ජාලා ඇවිලෙන්නට වන්නේය. වරක් ඇවිළගත්තා වූ කෙලෙස් ගින්නක් ඒ සත්ත්වයාගේ සන්තානය ජාති බොහෝ ගණනක් යන තුරුත් දවන්නේය. කෙලෙස් ගින්න මී විෂ වැනි සෙමින් සන්තානය පෙළන දෙයකි. මී විෂ ශරීරගත වූ දා පටන් ම ඒ ශරීරය පෙළන නමුත්, ආදියෙහි ඒ බව නො දැනෙන්නේය. දැනෙන්නට වන්නේ කල්ගත වී අතිශයින් ශරීරය පෙළන්නට වන් විටය. එමෙන් ම ක්ලේශයන් විසින් කරන දැවීම ද පටන් ගැන්මෙහි නො දැනෙන්නේය. තෘෂ්ණා මානාදි කෙලෙස් සත්ත්වයාට පටන් ගැනීමේ දී සොඳ දේ සැටියට ම වැටහෙන්නේය. ඒවායේ රෞද්‍ර‍වීමක් දැවීමක් ඇති බව සත්ත්වයාට වැටහෙනුයේ කෙලෙස් බලයෙන් නරකයට ගෙන ගොස් එහිදී දවන විටය. බ්‍ර‍හ්ම සන්තානයෙන් පැන නගින්නා වූ තෘෂ්ණා මානාදි ක්ලේශාග්නීහු ඒ සත්ත්වයා අපායට ගෙන ගොස් දීර්ඝ කාලයක් දවන්නට තවන්නට සමර්ථයහ. දවන්නා වූ ක්ලේශාග්නීන්ගෙන් යුක්ත බව බ්‍ර‍හ්මස්කන්ධ පඤ්චකයාගේ සන්තාප ස්වභාවය යි. සන්තාප ස්වභාවයෙන් යුක්ත බැවින් එය දුඃඛයකි.

    බ්‍ර‍හ්මාණුභාවය කොපමණ මහත් වුව ද, බ්‍ර‍හ්ම සම්පත්තිය කොපමණ මහත් වුව ද, බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය මහානුභාව සම්පන්න රූපාවචර ධ්‍යාන කුශල බලයෙන් උපන් දෙයක් වුව ද, එහි ද, බිඳී අභාවයට අවසානයට පැමිණීමක් ඇත්තේය. එය විපරිණාම ස්වභාවය යි. ඒ විපරිණාමය නිසා බ්‍ර‍හ්මත්වයට පැමිණ සිටියහුට නැවත පහළ කාම ලෝකයට වැටෙන්නට සිදු වේ. සමහර විට කාම ලෝකයේ දී තව තවත් පහළට වැටෙන්නට සිදුවීමෙන් අවීචි මහා නරකයට පවා පැමිණිය හැකිය. ප්‍රේත ද විය හැකිය. ඌරකු, බල්ලකු, බළලකු, කපුටකු, මැස්සකු, මදුරුවකු, උකුණකු, මකුණකු බවට ද පැමිණිය හැකිය. බ්‍ර‍හ්මත්වයේ සිටි තැනැත්තා හට එසේ ම සිටින්නට ඉඩ නොදී පහතට හෙලීම වනාහි බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය විසින් කරන පීඩනයකි. මෙ පමණ මහත් පීඩනයක් කරන විපරිණාම ස්වභාවය ඒ බ්‍ර‍හ්ම ස්කන්ධයෙහි ඇති කල්හි කෙසේ නම් එය දුඃඛයක් මිස යහපත් දෙයක් වේද? නො වේ ම ය. මේ විපරිණාම ස්වභාවයාගේ වශයෙන් බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ දුඃඛත්වය දැක්වීම ය. මෙසේ බ්‍ර‍හ්ම ස්කන්ධයෝ පීඩන ස්වභාවය, සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන දුඃඛ ස්වභාව අතරින් ම යුක්ත වන බැවින් දුඃඛ සත්‍යයට අයත් වන්නාහුය.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,279
    2,272
    113
    බඩු ගියාම දැනෙන එක වාගේ
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    බඩු ගියාම දැනෙන එක වාගේ
    පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ සැප වලට වූ දෙය ම ය
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,279
    2,272
    113
    පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ සැප වලට වූ දෙය ම ය
    Monsters Eat GIF
     
    • Haha
    Reactions: Nidarshana_k

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,073
    3,545
    113
    EARTH

    රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද?​

    විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු ඇතිවිය හැකි වූ ද, නානාප්‍ර‍කාර දුක් කරදර සන්සිඳීම ඒ දුක්ගිනි නිවීම මහත් වූ සුවයෙකි. එබැවින් රෝගයක සන්සිඳීමට සනීපවීම ය යි කියති. ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සන්සිඳීම් සැපය ය. දුකින් මිදීම නිසා එයට ‘විමුක්ති සුඛය’ යි ද කියති.

    තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නො දන්නා වූ, බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපය ය. සන්සිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත. එබැවින් ම ඒ ගැන ඔවුන් ගේ සැලකිල්ලක් ද නැත. සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයා ගෙන ආහාර පාන වස්ත්‍ර‍ ගෘහ යාන වාහනාදි පරිභෝග වස්තූන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි. අමාරුවෙන් ලැබුවත් එය එකෙණෙහි ම නැති වී යන්නක් මිස කල් පවත්නා සැපයක් නො වේ. ප්‍රිය වස්තූන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණෙකි. ඉන් පසු එය නැත. මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණෙකි. තවත් ඇති විඳීම් සැප පවත්නේත් ඒවා විඳිමින් ඉන්නා වේලාවේදී පමණ ය. ඉන් පසු ඒවා නැත. හොඳය කියා සලකන ඇලම් කරන දෙයක් නැතිවෙනවා නම් එය දුකෙකි. විඳින්නා වූ සෑම සැපයකින් ම නැතිවීමෙන් වන දුක ඇති වේ. එසේ ම ඒ නැති වී ගිය සුවය නැවත ලැබීමේ ආශාව ද ඒ නැති වීම නිසා ඇති වේ. විඳින සැම සැපයක් ම නැති වීමේ දුකක්, ආසා දුකක් ඇති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ “යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං” යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුක් ය යි වදාළ සේක. විඳීම් සැපයත් දුඃඛසත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇති නම් ඒ නිවනත් දුකින් මිශ්‍ර‍වූවක් වන්නේ ය. නිවන දුකින් අමිශ්‍ර‍ ශුද්ධ සුඛයක් වන්නේ විඳින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසා ය. එබැවින් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක් දැ යි ඇසූ භික්ෂුවකට “ඇවැත්නි, විඳීමක් නැති බව ම නිවනේ ඇති සැපය වන්නේය” යි වදාළ සේක. විඳීම් සැපයට වස්තු වන ආහාර පාන-වස්ත්‍ර‍-යාන-වාහන ගෙවල් ආදි සියල්ලත් දිරා බිඳී නැතිවී යන ඒවාය. සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරෙස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරෙස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තූන්ට ආසා කරන්නහුට ඒවායින් ඇති වන්නේත් මහ දුකෙකි. නිවනෙහිත් ඒවා ඇති නම් එය දුකින් මිශ්‍ර‍ තැනක් වන්නේ ය. ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේ ය.

    නිවනෙහි සැපයක් ඇතය යන කථාව පර්‍ය්‍යාය කථාවෙකි. කෙළින ්කියනවා නම් කිය යුත්තේ නිවන ම සැපය ය කියා ය. නිවන විඳින සැපයක් නොව නිවීම් සැපයෙකි. නිවනට පැමිණ නැති සත්ත්වයකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරාමරණාදි දුඃඛස්කන්ධයේ ප්‍ර‍මාණය දැක්වීමට උපමාවකුදු නැත. නිවනය කියනුයේ ඒ අනුපමේය මහා දුඃඛස්කන්ධයේ නිවීමට ය. සන්සිඳීමට ය. හිසේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ආදි එක් එක් දුඃඛ වේදනාවක සන්සිඳීම වුව ද මහත් වූ සැපයෙකි. සුළු දුකක් සන්සිඳීමත් සැපයක් වන කල්හි ඉහත කී මහා දුඃඛස්කන්ධයේ සන්සිඳීම කෙසේ සැපයක් නො වන්නේ ද? සැපයන් අතුරෙන් සියල්ලට ම මහත් සියල්ලට ම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නො වන සැපය නිවන් සැපය ය.

    නිර්වාණ සුඛයෙහි උසස් බව

    නිවනෙහි කාම සුඛය සම්පූර්ණයෙන් ම නැත. කිසි ම කාම වස්තුවකුදු එහි නැත. නිර්වාණය ම විමුක්ති සුඛය ය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍ර‍මාණ කළ හැකි ද්‍ර‍ව්‍යයක් ද නො වේ. එය සත්ත්වයන්ට ආධාරස්ථානයක් වශයෙන් කථා කරනුයේ ව්‍යවහාර පහසුව පිණිස ය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුඛයාගේ වටිනාකම කෙලෙසකින්වත් ප්‍ර‍මාණ කළ නො හේ. දින ගණනකින් ඒකාන්තයෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක් යම් කිසිවකුට වැළඳුන හොත් ඒ රෝගය සුව කිරීමට සමර්ථ වෛද්‍යවරයා එක් කෙනෙක් ම නම්, ජීවිතාශාව ඇති රෝගියා තමාගේ සකල සම්පත්තිය ම වුව ද ඒ වෙදැදුරාට දී රෝගය සුව කරවා ගෙන මරණයෙන් විමුක්තිය ලබා ගන්නේය. ඒ රෝගියා සිටුවරයෙක් නම්, සියලු සිටු සම්පත ම නො දෙත හොත් රෝගයට පිළියම් නො කළ හැකි ය යි වෛද්‍යවරයා කියා නම්, ඔහු මුළු සිටු සම්පත ම දී මරණයෙන් විමුක්තිය ලබා ගන්නේ ය. රෝගියා රජකු වී නම් රාජ්‍යය වුව ද දී මරණයකින් ම මිදීම ලබා ගන්නේ ය. මෙසේ බලන කල්හි එක මරණයකින් මිදීම වූ විමුක්ති සුඛය ම සිටු සම්පතක් පමණ ද රජ සම්පත් පමණ ද වටිනා බව කිව යුතුය. නිවනට නො පැමිණ විසුව හොත් අනාගතයෙහි එක් සත්ත්වයකුට ම ඒ ඒ ජාති වලදී පැමිණෙන මරණ සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් නො ව අනන්ත ය. එක මරණයකින් නිදහස් වීම ම රාජ්‍යයක් තරම් වුව ද වටිනා කල්හි අනන්තාපරිමාණ මරණයන්ගේ විමුක්තිය වූ නිවන් සුඛය කොතෙක් නො වටී ද? එහි වටිනාකම කවරෙකුට කෙලෙසින් නියම කළ හැකි වේ ද? නො හැකි ම ය. එක මරණයකින් මිදීමේ වටිනාකම ශතයක් පමණ වේ යයි සලකා ගණන් බැලුයේ ද නිවන් සුවයේ වටිනාකම ප්‍ර‍මාණ කළ නො හේ. නිවනට පැමිණීමෙන් ලැබෙනුයේ මරණ දුඃඛයෙන් මිදීම පමණක් නො වේ. ඇති තාක් සියලු ම දුක් වලින් නිදහස් වීම නිවනය. මරණ දුකින් නිදහස් වීමේ වටිනාකම ම පිරිසිඳිය හැකිද? නොහැකි ම ය

    නිර්වාණයාගේ විශාලත්වය

    දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව සූක්ෂම ධර්මයක් වුව ද අති විශාල දෙයකැයි ද කිය යුතුය. එහි විශාලත්වය දැක්වීමට උපමාවකුදු සුලභ නො වේ. ඒ විශාලත්වය නිරුද්ධ වන දුඃඛස්කන්ධයට අනුව දැක්විය යුතුය. අනාගත කාලයාගේ කොනක් නැත්තේ ය. නිවනට නො පැමිණියහොත් සත්ත්වයා ද ඒ කාලය මුළුල්ලෙහි ම නැවත නැවතත් කුඩා මහත් නොයෙක් ජාතිවල උපදනේ ය. එහි අවසානයක් නැත්තේ ය.

    එබැවින් සසර සැරිසරන එක් සත්ත්වයකුට අනාගත කාලයේ දී ලබන්නට වන ජාති දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ජරා දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ව්‍යාධි දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. මරණ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ශෝක දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. පරිදේව දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දුඃඛ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දෞර්මනස්‍ය දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. උපායාස දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. කැමති දෑ නො ලැබීමේ දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. නරකයෙහි ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. තිරිසන්ව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රේතව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත.

    සසර සැරිසරන සත්ත්වයාට හිමි වන මේ අනාගත දුඃඛස්කන්ධයාගේ මහත්වය යම් පමණ ද නිර්වාණයාගේ විශාලත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ කටුක බව යම් පමණ වේ නම් නිර්වාණයාගේ සුඛත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ රෞද්‍ර‍ත්වය යම් පමණ නම් නිර්වාණයාගේ සෞම්‍යත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ භයානකත්වය යම් පමණ වේ නම් නිර්වාණයාගේ රමණීයත්වය ද එපමණ ම වන්නේ ය.

    පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ සැප වලට වූ දෙය ම ය. එබැවින් ලෞකික සැපවල කිසි ම හරයක් නැත. නිවන් සුවය වනාහි වරක් ලදහොත් මතු කිසි කලෙක නො නැසෙන්නා වූ ස්ථිර සැපයෙකි. එය ම සැප අතුරෙන් සාරවත් සැපය වන්නේ ය.

    අති මධුර වූ අත්‍යුත්තම වූ මහාර්ඝ වූ මේ නිවන් සුවය ඇතමුන්ට කිසි ම ප්‍රයෝජනයක් නැති හිස් බවක් සැටියට සතයක් වත් නො වටිනා දෙයක් සැටියට බිය විය යුතු දෙයක් සැටියට වැටහෙනුයේ, කාම සුඛය ම වටිනා දෙයක් හැටියට වැටහෙනුයේ දුක නො හැඳිනීම නිසා ය. යමකට දුඃඛාර්‍ය්‍ය සත්‍යය වැටහුන හොත් ඔහුට මේ විමුක්ති සුඛයේ මධුරත්වය වැටහෙනු ඇත

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය/ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථ ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
    නිවන = රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සිත කිලිටි කර නොගැනීම.

    ඉතින් දදය නැත්තං නොකසන සැපය ලැබෙනව.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,570
    6,512
    113
    Back Bay-Beacon Hill, Boston
    Good Place කියල නෙත්ෆ්ලීක්ස් සිරිස් එකක් තියෙනවා
    එක ගොඩක් දුරට තේරුම් ගන්න පහසුයි
    දිව්‍යලෝකය කියන තැනට යන එක කියමු අපි බලාපොරොත්තු වෙන්නනේ
    ඔතන අපිට ඕනේ කරන හැම දෙයක්ම තියෙනවා හිතන පතන දේ ලැබෙනවා
    කාලය ඇති තරමක් තියෙනවා මැරෙන්නේ චුත වෙන්නේ නැ
    හිතන පතන සැප ඔක්කොම අර ගත්තම මිනිහට කරන්න දේවල් නැති වෙනවා එහෙම ඉන්න එකත් එපා වෙනවා
    අන්න එතැනදී නිවන කියන දේ ලොකු සුවයක්

    අපිට හැම දේම ලැබුන නම් කිසිම අගයක් නැ
    සතුටකුත් නැ
    එත් ඉදල හිටලා දෙයක් ලැබුනොත් සතුටුයි
    තියෙන දෙයක් නැති උනොත් දුකයි
    ඉතින් ඔය දුකත් සැප කිසිම දෙයක් නැති න්යුට්‍රල් එකක් වගේ තමා නිවන
    විඳින වේදනාව අනුව දුක සැප උපේක්ෂාව අර්තදක්වගෙන වැටිලා ඉන්න වලේ ගැඹුර ! හපොයි! පටිසෝතගාමි කියනවා, ලොකෝත්තර කියනවා හැබයි නිවනගැන කියන්න ගන්නේ හරිම සරල රලු මේ ලෝකෙන්ම හම්බවෙන, මේ සැඩ පාරෙම ඒ ගලන පැත්තටම ගලන වතුරේ කෝටු බෝටු! අහෝ කවදා නම් දුක්ඛ සත්‍යවත් අවබෝධවෙයිද?? :oo::oo:
     
    • Dislike
    • Like
    Reactions: nikdw and Answer

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,198
    3,944
    113
    Gampaha
    කව්ද නිවන කියලා එකක් තියනවා කිව්වේ ?