නිවනේ නිවීම

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිවනේ නිවීම

    "ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපදිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං"

    මෙයම ශාන්තය, මෙයම ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.


    අද වෙනකොට භාවනාවට උනන්දුවක් දක්වන බොහොමයක් බෞද්ධයන් මීතිරිගල ආරණ්‍ය සේනාසනය ගැන දැනුවත්. එහෙම දැනුවත් නැතිනම්, ලංකාවෙ බුදුදහමේ ප්‍රායෝගික මාර්ගය එහෙමත් නැතිනම් සතිපට්ඨාන භාවනාව, ඉදිරියට ගන්න කැපවුණ සීමිත ආයතන වලින් එකක් විදිහට නිස්සරණ ආරණ්‍ය සේනාසනය හඳුන්වා දෙන්න පුලුවන්.

    මේ ආයතනයේ සිදුවුන එක්තරා සුවිශේෂ සිදුවීමක් (1988) තමා "නිවනේ නිවීම" කියන දේශනා මාලාව දේශානා වීම. මෙම දේශනාවලිය එදා පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන් විසින් තම ගුරු හිමියන් වූ පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේ විසින් කරන ලද ආරාධනයෙන් සිදුකරන ලද්දක්. මෙම දේශනා මාලාවට මුල් වෙන හේතුව හරි අපූරුයි. එදා නිස්සරණ වාසී ස්වාමීන් වහන්සේලාට අභිධර්මය ඉගැන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමෙන් පසු උන්වහන්සේලා භාවනා කිරීම උදෙසා ඒ අභිධර්ම දැනුම යොදා ගන්නවා වෙනුවට අභිධර්මයේ සංගෘහිත නානාවිධ "ලැයිස්තු" කටපාඩම් කරමින් නානාවිධ සංකල්ප ප්‍රායෝගික ප්‍රයෝජනයෙන් ඔබ්බට ගිය අර්ථයකින් පරිහරණය කරමින් කාලය ගත කිරීමට පෙලඹිලා තියනවා. මෙහි ඇති අනතුර දුටු මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ තම ශිෂ්‍යය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා "නිවීම" එහෙමත් නැතිනම් "නිවන" යන මාතෘකාවෙන් ධර්ම දේශනාවලියක් පවත්වන ලෙස. මෙම දේශනා මාලාව තුලදී උන්වහන්සේ සූත්‍ර අටුවා සසඳමින්, මනා සංයමයකින් යුතුව සාම්ප්‍රදායික මත විවේචනයකද යෙදෙමින් බුදුසමයේ "නිවීම" යන පදයට අරුත් විවරණයක් ලබාදී තිබෙනවා. (මෙහිදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මේ අර්ථ විවරණ අභිධර්මයේ සමහර මූලික කරුණු සමග සමපාත නොවෙන බව හැබැයි මම කියන්න කැමතියි ඒකෙන් අභිධර්මය වැරදියි කියන පණිවිඩය ගන්න එපා)

    අද වන විට මෙම දේශනාවලිය දෙස් විදෙස් යෝගාවචර බෞද්ධයන් අතර ප්‍රචලිත වෙලා තියනවා. මේ දේශනා මාලාවට විවිධ ස්වාමීන් වහන්සේලා විසින් ටීකා සැපයීම් කරලා තියනවා. මෙයින් වඩාත්ම ප්‍රසිද්ධ අනාලයෝ ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන ලද විවරණයත් ( Numata Center for Buddhist Studies, University of Hamburg in collaboration with the Barre Center for Buddhist Studies) නිස්සරණ ආරාණ්‍යයේ වර්ථමාන ස්ථානාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ විසින් සිංහල බසින් කරන ලද විවරණයත් ය. මම අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නෙ ඒ දෙවනියට කියපු විවරණය. නිස්සරණ සේනාසන වෙබ් පිටුවෙන් කටුකුරුන්දේ ස්වාමීන්වහන්සේගේ දේශනාවලියත්, උන්වහන්සේගේ එම දේශනාවලියට ධම්මජීව ස්වාමීන්වහන්සේ විසින් දෙන අටුවාවත් බාගත කරගෙන සවන් දීමට පුලුවන්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිවන කියන්නෙ මොකක්ද කියල පැහැදිලි නැද්ද?

    කාලයත් එක්ක සූත්‍ර වලට විවිධ අර්ථකථන ලැබුණනෙ කොල්ලො. ඒ වගේම මනුශ්‍යයන්ගෙ භව නිරෝධයට තියන ස්වාභාවික බය නිසා නිවණ එක්තරා විදිහක භවයක්ය, පැවැත්මක් ඇති ස්වර්ගයක් වගේ දෙයක්ය යන කාරණා පසුගිය සියවස වෙනවිට ලංකාවෙ තදින්ම තිබිලා තියනවා. ගොඩක් අතීතයේ ඉඳන් විපස්සනාධූර භික්ෂූන් වහන්සේලාගෙ අභාවය සිද්ද වීමත් සමග මිනිස්සු දාන සීල දෙකට පමණක් සීමා වීමත් සමග මේ ගැටළුව තවත් උග්‍ර කරා වෙන්න පුලුවන්. නමුත් 1950 වෙන විට බුරුමය මූලික කරගෙන ඇතිවුන "විපස්සනා පුණුරුදය" එක්ක නැවතත් භාවනාව ජනගත වීම නිසා නිවණ මොනවගේ දෙයක් විය යුතුද කියලා අර්ථදක්වා ගැනීම වැදගත් වුනා.


    ස්තූතියි🙏
    ------ Post added on Feb 15, 2023 at 9:11 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන කියන්නෙ මොකක්ද කියල පැහැදිලි නැද්ද?
    අර්ථකතන නම් බොහොම තියෙනව, නමුත් මම හිතන්නෙ මහත්තය, හරියටම මෙන්න මේකයි කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුටම පමණයි. අවබෝධයෙ තරමට අත්දකින දෙයක්නෙ.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,811
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර්ථකතන නම් බොහොම තියෙනව, නමුත් මම හිතන්නෙ මහත්තය, හරියටම මෙන්න මේකයි කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුටම පමණයි. අවබෝධයෙ තරමට අත්දකින දෙයක්නෙ.
    සිදුහත් තාපසය නිවන නම් මෙයයි කියල දනගෙනද නොදැනද භාවනා කරේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සිදුහත් තාපසය නිවන නම් මෙයයි කියල දනගෙනද නොදැනද භාවනා කරේ

    නොදැනගෙන. එතුමාට විවිධ ගුරුවරු විවිධ නිවන් (දුක නැති තැන) කියලා දුන්නා.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සිදුහත් තාපසය නිවන නම් මෙයයි කියල දනගෙනද නොදැනද භාවනා කරේ
    👇
    නොදැනගෙන. එතුමාට විවිධ ගුරුවරු විවිධ නිවන් (දුක නැති තැන) කියලා දුන්නා.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    nipund

    Well-known member
  • May 17, 2007
    798
    1,088
    93
    නොදැනගෙන. එතුමාට විවිධ ගුරුවරු විවිධ නිවන් (දුක නැති තැන) කියලා දුන්නා.
    🙏, කලින් ලියපු දෙයක්

    අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .
    ඒකට යන්න තමා උගන්නනෙ .🙂

    එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    🙏, කලින් ලියපු දෙයක්

    අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .
    ඒකට යන්න තමා උගන්නනෙ .🙂

    එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉

    හම්බවුනත් ඉතින් ඒකත් ලෝකය (දුක ) තුල සතුටක්නෙ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,382
    113
    Monawa kivvath meka ata araganna be.pina madi.niwana gena kiyawa kiyawa imu itin :dull:
     
    • Love
    Reactions: NRTG