නිවරදි ප්‍රාර්ථනාවක් කරන ආකරය
1) මේ මහ පින්කමෙන් කෙටිම කාලයකින්, පහසුම ආකරයෙන් සුඛ ප්රතිපදවෙන් සියලු දුකෙන් මිදෙම්වා,මෙ සියලු කෙලෙස් බරින් නිදහස් වේවා අජර අමර වූ නිවන ලෑබෙම්වා
2) නිවන් දකින තුරු උපදින සෑම උපතකම සම්මා දිථිථික වේවා
3) සෑම උපතකම ත්‍රිහේතුක වන්න ලෑබෙවා
4) සීල සම්පන්න වනන් ලබේවා, පහසුවෙන් සිල් රකින්න ලෑබේවා
5) සමධිය සම්පන්න වන්නෙම්මා
6) ප්‍රඥාව සම්පන්න වන්නෙම්මා
7) නිදුක් වන්නෙම්මා
8) නිරොගී වන්නෙම්මා
9) බාලයන්ගේ අසුර නොලබෙම්වා
10) කල්යාන මිත්‍රයන්ට/ සත්පුරුශයන්ට සිතුවිල්ලකින් වත් වරදක් නොවේවා
11) කල්යාන මිත්‍රයන්ගේ අසුර ලබම්වා
12) නිර්මල පර්යාප්තියම අසන්නෙම්වා
13) නිර්මල පර්යාප්තියම දරන්නෙම්වා
14) කල්යාන මිත්‍රයන්ගේ විශෙෂ අනුකම්පාව ලබන්නෙම්වා
තමන් යම් පිංකමක් සිදුකර යම්කිසි ප්‍රාර්ථනාවක් සිදුකිරීම වැරදිද?
සමහර දෙනාගෙ එක එක මත තියෙනවා. සමහරු කියනවා පිංකමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න එපා. මොකද ප්‍රාර්ථනා කලාට පසු සසර දික් වෙනවා කියලා. ඒ කියන්නෙ කෙනෙක් පිංකමක් කරලා මට දිව්‍ය මනුශ්‍යය සැප සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.එවිට එම ප්‍රාර්ථනාවට අනුව දිව්‍ය මනුශ්‍ය සැප ලැබීමට බොහෝ කාලයක් ඉපදීමට සිදුවෙනවා කියලා ඒ පිලිබඳ බොහෝ අයගේ විවිධ මත තියෙනවා.
තවත් පිරිසක් කියනවා පිංකමක් කලාම ප්‍රාර්ථනාවක් කල යුතුයි . පිංකමක් කර නිවන් අවබෝධය සඳහා හෝ වෙනත් යහපත් දෙයක් සඳහා ප්‍රාර්ථනාවක් කල යුතුයි කියලා. ප්‍රධාන වශයෙන් මෙවැනි මත දෙකක් සමාජයේ නොයෙක් දෙනා අතර තිබෙනවා. එහෙනම් අපි බලමු කාගෙවත් අදහසක් නොව බුදුරජාණන් වහන්සේ මේ පිලිබඳ දේශනා කලේ කෙසේද කියලා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිසියම් පිංකමක් කර යම් ප්‍රාර්ථනාවක් කල යුතුයි කියලා.
අපි පිංකමක් කර කල යුතු පලමු ප්‍රාර්ථනය තමයි නිවන ප්‍රාර්ථනා කරන එක.
කෙනෙක් ඉන්නවා මේ ආත්මෙම නිවන් දකින්න බලාපොරොත්තු ඇතිව, තව කෙනෙක් ඉන්නවා ලබන ආත්මේ නිවන් දකින්න හිතාගෙන, තවත් කෙනෙක් ඉන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්න හිතාගෙන, තවත් කෙනෙක් ඉන්නවා මෛත්‍රී බුදු සසුනේ නිවන් දකින්න හිතාගෙන.
එසේනම් කෙනෙක් නිවන් දකින්න සිතා සිටින්නේ ඒ ප්‍රාර්ථනා කරන විදියටම කියලා හිතමුකෝ.
එසේනම් කෙනෙක් නිවන් දකින මොහොත දක්වාම නිවන් මාර්ගය හරි විදියට සකසාගෙන ප්‍රාර්ථනා කලයුතුයි.
එසේනම් ප්‍රාර්ථනා කලයුත්තේ කෙසේද යන්න දැන ගැනීමට පලමුවම අපි දැනගමු මේ ශාසනයේ නිවන් මඟට ප්රවිෂ්ථ වීමට ප්රතිපදාවන් 4ක් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
( අංගුත්තර නිකායේ , චතුත්තක නිපාතයේ 296 වැනි පිටුවෙ, චට්ථ පතිපදා සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/469?s=10664
බුද්ධ ශාසනයක රහත්වීමේ ප්‍රථිපදා මොනවාද?
ඒ ප්‍රථිපදා නම්...
1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා
2. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා
3. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා
4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා
අපි එකින් එක බලමු මෙම ප්රථිපදාවල තේරුම් මොනවාද කියලා.
1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා
මෙහි තේරුම නම් සමහර පිරිසක් ඉන්නවා ඔවුන්ගේ ප්‍රථිපදාව දුකයි. ඒ වගේම ලබන අභිඤ්ඤාවත් දුකයි.
මෙහිදී ප්‍රථිපදාව යනු සමාධියකට වැඩෙන්නට යන කාලය. ඒ කාලය දුකයි. අභිඤ්ඤාව ලෙස සඳහන් කරන්නේ, සමාධියේ සිට විදර්ශනාව දක්වා යන කාලසීමාවේ ප්‍රමාණය. ඒ කියන්නේ මාර්ගපල අවබෝධය දක්වා යන කාල සීමාවත් දුකයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔවුන්ගේ ප්‍රථිපදාව දුකයි. නිවන වෙනුවෙන් යොදන වීර්යය දුක් සහගත වීර්යයකි. නිවන් මග වැඩෙන විටත් දුක් සහගත අභිඤ්ඤාවක් ලැබේ. මෙහිදී වරදවා වටහා ගැනීමක් කෙනෙකුට සිතේවි. කෙනෙක් නිවන් ලබනවා නම් නිවන කොහොමත් සැපයක් . සියලු දෙනාම යන්නේ එකම නිවනකට. මෙහිදී ප්‍රාර්ථනා අනුව රහතන් වහන්සේලා වර්ග කීපයක් ගැන මීට පෙර දැමූ පෝස්ට් එක මගින් එය ඔබට මනාව පැහැදිලි කරගත හැක.
ප්‍රාර්ථනා අනුව රහතන් වහන්සේලාගේ වර්ග මින් පෙර යෙදූ පෝස්ට් එක මෙතැනින්
https://www.facebook.com/1350354936/posts/10214851692989780?s=1350354936&sfns=xmwa
මෙම ප්රථිපදාවට උදාහරණයක් තමයි
චක්කුපාල රහතන් වහන්සේ
රහත් භාවය ලබාගැනීම පිණිස බොහෝ දුක් විඳින්නට සිදු වුණා.
ඒ වගේම රහත් භාවය ලබලත් බොහෝ දුකසේ කාලය ගතකොට පිරිණිවන් පෑම සිදුවුණා.රහතන් වහන්සේලාට දුකක් ඇතිවීමට කාරණයක් නැති වුණත් පිරිණිවන්පාන කාලසීමාව වනතෙක් කායික වශයෙන් බොහෝ දුක් විඳින්නට සිදු වුණා.
2. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා
මෙහි තේරුම නම් සමහර පිරිසක් සිටිනවා ඔවුන්ගේ ප්‍රථිපදාව දුකක් නමුත් ලබන අභඤ්ඤාව සැපයක්.
මෙම ප්රථිපදාවට උදාහරණක් තමයි
මහා සීව තෙරුන්වහන්සේගේ කතාව.
මෙම තෙරුන්වහන්සේ සමාධියක් වඩන්න බොහෝ වෙහෙස මහන්සි වුණා. අවුරුදු 30ක් පමණ රහත්වීම පිණිස කාලය ගත වුණා. නමුත් සමාධියෙන් විදර්ශනාවක් ලබන්න ඉතාම ඉක්මනට හැකියාව ලැබුණා. රහත්භාවය ලැබුවාට පසු පිරිණිවන් පාන මොහොත දක්වා කායික අපහසුවෙකින් තොරව සැපසේ වැඩ සිටියා.
3. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා
මෙහි තේරුම නම් කෙනෙකුට ඉතා ඉක්මනින් සමාධිය වැඩෙනවා . නමුත් අභිඤ්ඤාව ලබන්න විශාල කාලයක් ගත වෙනවා.
මෙයට හොඳම උදාහරණයක් තමයි සුද්ධෝදන රජතුමා
සුද්ධෝදන රජතුමා එක ධර්ම දේශනාවක් අසන විට සෝවාන් වුණා. නැවත බොහෝ කාලයකට පසු ධර්ම දේශනාවක් අසා සකෘදාගාමී වුණා.තවත් කාලයක් ගොස් ධර්ම දේශනාවක් අසා අනාගාමී වුණා. මරණසන්න කාලයකදී ධර්ම දේශනාවක් අසා රහත් පලය ලබනවා. මෙහිදී ප්‍රථිපදාව සැපයි. දුක් විඳීමක් සිදුවුණේ නෑ. නමුත් අභිඤ්ඤාව ලබන්න බොහෝ කාලයක් ගියා.
4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා
කෙටිම කාලයකදී සැපවත් වූ ප්රථිපදාවකින් නිවන් දකින පිරිස
මෙයට උදාහරණයක් නම්
භාහිය දාරුචීය මහ රහතන් වහන්සේ
බණපද 4ක් අසා කෙටි වෙලාවකින් රහත්ඵලය ලැබුවා. ප්රථිපදාවත් සැපයක්, ලබන අභිඤ්ඤාවත් සැපයක්.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා
" අයං භික්කවේ පටිපදා උභයනේව පනීතාකහායතී"
මින් හොඳම ප්‍රථිපදාව නම් සැපවත් වූ ප්රථිපදාවකින් සැපවත් වූ අභිඤ්ඤාවක් ලැබීම. බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කර ඇත්තේ මෙම ප්‍රථිපදාවයි.
මෙයින් අපට පෙනීයන්නේ මේ ආකාරයෙන් සැපසහිත වූ නිවන් මාර්ගයක් වඩා ගැනීමට යම් ප්‍රාර්ථනයක් සිදුකල යුතු බවයි.
එසේනම් එම ප්‍රාර්ථනා කෙසේ සිදුකල යුතුදැයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී.
ඔබ යම් පිංකමක් කර ප්‍රාර්ථනා කල යුත්තේ මෙසේය.
1. නිවන සඳහා ප්‍රාර්ථනාව
මේ මහා පුණ්‍ය සම්භාරය හේතුවෙන් කෙටිම කාලයකදී පහසුම ආකාරයකින් සුඛ ප්‍රථිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. අවසාන ප්‍රථිපදාව වූ "සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා" ආකාරයෙන් මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා.අජරවූ අමර වූ නිවනම ලැබ සැනසෙම්වා!!
2. නිවන් දකින තුරාවට ඔබ නිවන සකසා ගැනීම සඳහා වූ ප්‍රාර්ථනාව.
මේ මොහොතේ පටන් නිවන් දකින මොහොත දක්වාම සැම කල්හි මිත්යාදුශ්ථික නොවී සම්මා දිට්ථික වන්නෙම්වා!!
දස වස්තූක මිත්‍ය දුශ්ථි පිලිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා මින් පෙර දැමූ පෝස්ට් එකට පිවිසෙන්න
https://www.facebook.com/1350354936/posts/10214988088839591?s=1350354936&sfns=xmwa
3. ත්‍රිහේතුක වීම පිණිස ප්‍රාර්ථනාව
නිවන් දකින කෙනාට තිහේතුක කුසල සම්පත්තියක් තිබිය යුතුය. ද්විහේතුකව හෝ අහේතුකව ඉපදුනොත් නිවන් දැකීමට නොහැකි වේ. එබැවින් ත්‍රිහේතුක කුසල සම්පත්තියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එමනිසා ත්‍රිහේතුක වන්නෙම්වා!
ත්‍රිහේතුක පිලිබඳ වැඩිපුර විස්තර දැන ගැනීමට පිවිසෙන්න
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-2.html
4. ශීලය සඳහා වූ ප්‍රාර්ථනාව
ශීල සම්පන්න වන්නෙම්වා! පහසුවෙන් සිල් රැකීමට හැකියාව ලැබේවා!!!
5. සමාධිය ලැබීම පිලිබඳ ප්‍රාර්ථනාව
සමාධි සම්පන්න වන්නෙම්වා!!!
6. ප්‍රඥ්ඥාව ලැබීම පිලිබඳ ප්‍රාර්ථනාව
ප්‍රඥ්ඥා සම්පන්න වන්නෙම්වා!!
7. නිදුක් නිරෝගී සම්පත්තිය සඳහා ප්‍රාර්ථනාව
නිවන් දකින මොහොත දක්වා නිදුක් නිරෝගී වේවා!!
8. කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම සඳහා ප්‍රාර්ථනාව
නිවන් දකින මොහොත දක්වා
කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා!!!
9 . අසත්පුරුෂ ඇසුර නොලැබීම සඳහා ප්‍රාර්ථනාව
නිවන් දකින මොහොත දක්වා බාලයන්ගේ අසත්පුරුෂයන්ගේ ඇසුර නොලැබේවා!!!
10. කල්‍යාණ මිත්රයින් හට අපෙන් වරදක් නොවීම සඳහා ප්‍රාර්ථනාව
අපගේ කල්‍යාණ මිතුරන් හට අපෙන් සිතුවිලි මාත්‍රයකින් වත් කිසිදු වරදක් සිදු නොවේවා!!
11. කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ලැබීම සඳහා වූ ප්‍රාර්ථනාව
නිවන් දකින තුරාවට කල්‍යාණ මිතුරන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා!!!
12. පිවිතුරු නිර්මල සද්ධර්මයම ඇසීම සඳහා වූ ප්‍රාර්ථනාව
නිවන් දකින තුරාවට විකුර්ථි ධර්ම දේශනා නොව, භාග්‍යවතුන් වහන්සේගේම පැහැදිලි පිවිතුරු නිර්මල සද්ධර්මයම ශ්‍රවණය කිරීමට හැකිවේවා!! එම ධර්මයම පුරුදු පුහුණු කිරීමට හැකිවේවා!! නිවැරදිව අන්‍ය මිතුරන්ටත් දේශනා කිරීමට හැකිවේවා!!
මේ ආකාරයෙන් අප පිංකමක් කොට ප්‍රාර්ථනා කල යුතුයිද නැද්ද යන්න දැන් ඔබට අවබෝධ වෙනවා ඇති.
තෙරුවන් සරණයි!!!
------ Post added on Mar 31, 2023 at 11:53 PM
1) මේ මහ පින්කමෙන් කෙටිම කාලයකින්, පහසුම ආකරයෙන් සුඛ ප්රතිපදවෙන් සියලු දුකෙන් මිදෙම්වා,මෙ සියලු කෙලෙස් බරින් නිදහස් වේවා අජර අමර වූ නිවන ලෑබෙම්වා
2) නිවන් දකින තුරු උපදින සෑම උපතකම සම්මා දිථිථික වේවා
3) සෑම උපතකම ත්‍රිහේතුක වන්න ලෑබෙවා
4) සීල සම්පන්න වනන් ලබේවා, පහසුවෙන් සිල් රකින්න ලෑබේවා
5) සමධිය සම්පන්න වන්නෙම්මා
6) ප්‍රඥාව සම්පන්න වන්නෙම්මා
7) නිදුක් වන්නෙම්මා
8) නිරොගී වන්නෙම්මා
9) බාලයන්ගේ අසුර නොලබෙම්වා
10) කල්යාන මිත්‍රයන්ට/ සත්පුරුශයන්ට සිතුවිල්ලකින් වත් වරදක් නොවේවා
11) කල්යාන මිත්‍රයන්ගේ අසුර ලබම්වා
12) නිර්මල පර්යාප්තියම අසන්නෙම්වා
13) නිර්මල පර්යාප්තියම දරන්නෙම්වා
14) කල්යාන මිත්‍රයන්ගේ විශෙෂ අනුකම්පාව ලබන්නෙම්වා
ප්‍රාර්ථනා ඉෂ්ඨ කරවන සීලය