නිවසක සතුට සැනසුම

Mar 23, 2012
35
9
0
නිවසක සතුට සැනසුම

z_p02-house1.jpg
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි


බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.
මෙලොව ජීවිතය සහනදායි වීම කෙරෙහි වාසය කරන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත්ය. මානුෂික දිවිපෙවත පිළිබඳව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන දම් දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකරගත හැකි ආකාරය ඉතා පැහැදිලිව දේශනා කළ සේක. වෙසෙසින්ම නිවසක ස්වාමි භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්තව හා භක්තිමත්ව කටයුතු කිරිම මගින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාන්හි දේශනා කළහ. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් බැඳෙන භින්න රුචික ස්ත්‍රියක හා පුරුෂයෙකුට වඩා හදවතින් නැගෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ස්වාමි භාර්යාවන් නිවසකට සිරිය කැන්දන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. භාර්යාවක හා ස්වාමිපුරුෂයෙකු විසින් සිය ගෘහ ජීවිතයේදී ඔවුනොවුන් විෂයෙහි ඉටුකළයුතු යුතුකම් හා වගකීම් මගින් යථොක්ත ගෘහ ජීවිතය අර්ථසම්පන්න වන ආකාරය සිගාලෝවාද සුත්‍රයේ දී පැහැදිලි කෙරෙයි.
ගෘහපතියා කේන්ද්‍ර කොට ගෙන කරුණු දක්වන සිගාලෝවාද සූත්‍රයේදී බටහිර දෙස වශයෙන් සලකාගත් භාර්යාව විෂයෙහි පැවතිය යුතු ආකාරය කාරණා පහකින් විස්තර වෙයි.
z_p02-house.jpg

1. ගරුකිරීමෙන් (සම්මානනාය)
2. අවමන් නොකිරීමෙන් (අනවමානනාය)
3. භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)
4. නිවසේ කාර්යභාරයන් භාරදීමෙන් (ඉස්සරියවොස්සග්ගෙන)
5. ආභරණ ආදිය ලබාදීමෙන් (අලංකාරානුප්පදානෙන)


මෙසේ ස්වාමියා විසින් යුතුකම් ඉටුකරනු ලබන භාර්යාව ඊට ප්‍රත්‍යුපකාර වශයෙන් ස්වාමියා විෂයෙහි යුතුකම් පහකින් සැලකිලි දැක්විය යුතුය.
1. මැනවින් කටයුතු සංවිධානය කිරීමෙන් (සුසංවිහිතකම්මන්තා)
2. ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීමෙන් (සංගහිතපරිජනා)
3. අන් පුරුෂයන් පිළිබඳ නොසිතීමෙන් (අනතිචාරිනි)
4. ස්වාමියා විසින් රැස්කරනු ලබන ධනය රැකීමෙන් (සම්භතංඅනුරක්ඛන්ති)
5. සියලු කටයුතුවල දක්‍ෂව අනලස්ව යෙදීමෙන් (දක්ඛා ච හොති අනලසා සබ්බ කිච්චේසු)


මෙසේ ඔවුනොවුන් විෂයෙහි යුතුකම් ඉටුකරන්නා වූ සාමයෙන් හා සහජීවනයෙන් යුත් ස්වාමි භාර්යාවන් වසන නිවස දෙවියෙකු හා දෙව¼ගනක විසින් අරක්ගත් දේව විමානයක් වැනි යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
ස්වාමිපුරුෂයෙකු විසින් සිය භාර්යාව වෙත ඉටු කළයුතු යුතුකම්
ගරුකිරීමෙන් (සම්මානනාය)

ස්වාමි පුරුෂයෙකු විසින් බිරිඳක් කෙරෙහි දක්වන විශේෂ ගරුකිරීමක් නැත.ඇය බොහෝ විට ස්වාමියාට ගරුසරු දක්වමින් දිවිගෙවීමට කැමැත්තක් දක්වන්නීය. එහෙත් මෙහිලා ගරුකිරීම යනු ඇයට නිවසේ අදාළ ගරුත්වය ලබාදීමට ස්වාමියා කටයුතු කිරීමයි. පතිනියක වශයෙන් තම දෙමාපිය හැරදමා විවාහ ජීවිතයට එළඹෙන තැනැත්තිය තමාට දෙමාපියන්ගෙන් මෙතෙක් ලැබුණු ආදර කරුණාව ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිය ස්වාමියාගෙන්.ඇයට වචනයෙන් මෙන්ම හැසිරීමෙන් ද අදාළ ගරුත්වය ලබාදීම ස්වාමියාගේ යුතුකමයි. ඇය ස්වාමි පුරුෂයෙකුගේ කීකරු භාර්යාව වුවද ඇයට ද අදාළ ආත්ම ගරුත්වයක් ඇති බව ඔබ විසින් තරයේ මතක තබාගත යුතුය. ගෙදරදොර ජීවිතයේදී මෙන්ම සමාජ ජීවිතයේ දීද ඇයගේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු සංවිධානය කිරීම ස්වාමි පුරුෂයෙකුගේ වගකීම වෙයි.
අවමන් නොකිරීමෙන් (අනවමානනාය)

ස්වකීය භාර්යාවට ගරු සරු දැක්වීම මෙන්ම අවමන් නොකිරීමට ද ස්වාමිපුරුෂයා විසින් වගබලා ගත යුතුය. භාර්යාව යනු ස්වාමිපුරුෂයා වෙත නීතියෙන් හිමිකර දෙන වහලියක නොවේ.ඇය ස්වාමිපුරුෂයා වෙත සියලු කටයුතු ඉටුකර දෙමින් යටහත් පහත්ව සිටිනුයේ ස්වාමි පුරුෂයා කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන් මිස ඇයගේ දුර්වලකමක් නිසා නොවන බව වටහා ගත යුතුය.ඇය ද මනුෂ්‍යයෙකු බැවින් ඇය අතිනුදු අතපසු වීමෙන් හෝ වැරදි අඩුපාඩු සිදුවිය හැකිය. එවන් මොහොතක ඇය වෙත පරුෂ වචන දමා ගැසීම හෝ කායික පීඩාවන්ට ඇය ලක්කිරිම පුරුෂයෙකු වශයෙන් නොකළ යුතු ක්‍රියාවකි. ඇතැම් විට ඇයගේ දෙමාපියන් විසින් දෙන ලද දායාදයන්හි ප්‍රමාණය පිළිබඳ අවතක්සේරුවෙන් කථා කිරීම හා ඇගේ දෙමාපියන්ගේ අඩුපාඩු කථාකරමින් ඇය වෙහෙසට පත්කරන වසල ගුණ ඇති ස්වාමි පුරුෂයින් මෙම සාමජයෙහි ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැත. එවන් ස්වාමි පුරුෂයන්ගේ අතගෙන දිනකට
දහස්වර සුසුම් හෙළමින් කල්ගෙවන කාන්තාවන් වසන අපායවල බඳු නිවෙස් සුලභය. එය ස්වාමියෙකු වශයෙන් ශාපයකි.
තම දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ මවට තලා පෙලා හිංසා කරන පියවරුන් කෙරෙහි දරුවන් තුළ කෙසේ නම් සෙනහසක් ඇතිවන්න ද? එබඳු අවාසනාවන්ත පියවරුන් පිළිබඳ දරුවන් තුළ වැඩෙන පිළිකුල ඇතැම් විට දරුවා අතින් පියා මිය යාමේ සිදුවීම දක්වා වර්ධනය වී ඇති අවස්ථා අප දැක ඇත්තෙමු. එබැවින් භාර්යාවගේ යම් යම් දෝෂයන් ඇතත් ඒවා සුහදව සාකච්ඡා කිරීමෙන් සකස් කරගන්නවා විනා ඇය විවිධ කායික හා මානසික පීඩාවන්ට පත්කරන්නෙක් නොවීමට තරයේ මතක තබාගත යුතුය. නිවසේ පැවැත්ම සඳහා ඔබ විසින් දිවා රාත්‍රි වෙහෙසමින් මුදල් සොයන බව සත්‍යයකි. එහෙත් ඇය නිවසේ සිට දරුවන්ගේ කටයුතු සිදු කරමින් ස්වාමිපුරුෂයාගේ රෙදි පෙරෙදි පවා සෝදා දෙමින් කුදු මහත් කටයුතු සිදුකරන තැනැත්තියයි. ඇය අහිංසක දරුවන්ගේ මවයි.
සුරාපානය කොට නිවසට පැමිණ භාර්යාවගේ නැති දොස් පවා ඇය කෙරෙහි ආරෝපණය කරමින් ඇය මානසිකව අන්ත දුක්ඛිත තත්ත්වයට පත්කරන ස්වාමියා මෙලොවම නිරයට මං පාදා ගන්නෙකි. ඇතැම් විට සිය බිරිඳ මිතුරන් ඉදිරියේ අවඥාවට පත්කළ පුරුෂයින් නිසා මානසිකව බිඳ වැටී ජීවිතාන්තය දක්වා රෝගි තත්ත්වයන්ගෙන් පීඩාවිඳින කාන්තාවන් ද බොහෝ වෙති. භාර්යාව යනු ස්වාමි පුරුෂයෙකුට මවකි. එබැවින් ඔබ ඇයට නින්දා අපහාස කරන්නේ නම් එය මවට නින්දා කිරීම හා සමාන වූවකි.
භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)

තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ පහස සෙවීම තරම් භාර්යවකගේ සිත බිඳ හෙළන තවත් දෙයක් නොමැත. ඇය තුළින් නොලැබෙන තාවකාලික සුවයක් පතා වෙනත් කාන්තාවන් කෙරෙහි ගමන් කරන්නවුන් සිය පවුල් ජීවිතය මෙන්ම ස්වකීය සෞඛ්‍යයද පිරිහීමෙන් අන්ත අසරණ තත්ත්වයන්ට පත්වන ආකාරය සාමජය තුළින් මැනවින් පැහැදිලි වේ. මෙහිලා පුරුෂ පක්‍ෂය තුළ පවත්නා දුර්වලතා මෙන්ම කාන්තාවගේ ද දුර්වලතාවන් හේතු වන බව නොකියා ම බැරිය. පුරුෂයෙකු කාන්තාවක සරණපාවා ගන්නේ සිය දුක සැප දෙකෙහි නොසැලී අත්වැල් බැඳ ගමන් කිරීමටය. එමෙන්ම ඔහුගේ කායික හා මානසික අවශ්‍යතාවන්ද ඇය විසින් සපුරා දීම ඔහුගේ ජීවිතය තෘප්තිමත් වීමට බලපායි. තෘප්තිමත් පුරුෂයෙකු වෙනත් කාන්තාවන් සොයා යාමට ඇති ඉඩකඩ සීමිතය. එබැවින් ස්වාමි පුරුෂයා තමා වෙත රඳවා ගැනීමේ වගකීම කාන්තාවක සතුය. එසේම වෙතත් කෙතරම් යහපත් භාර්යාවක සිටිය ද පරදාර සේවනයෙහි ලොල් පුරුෂයෝ සිටිති. ඔවුන් තෙවැනි සිකපදය බිඳ ගැනීමෙන් අකුසල් රැස්කර ගනිති. පරදාර සේවනය නිසා වන අකුසලයෙන් සසර ස්ත්‍රී භාවයේ උපත ලැබීමට හා නපුංසකයන්ව උපත ලැබීමට හේතුවන බව ද කර්ම විපාක දක්වන තන්හි පැහැදිලි කොට ඇත.
තමා ඇති දැඩි කළ මවුපියන් ද නැදෑ හිතමිතුන් ද හැර දමා කොටෙකු වෙත පෙම්බැඳ ඔහු සමග ඒමට තරම් රාගයෙන් මත් වූ සිටු කුමරියකගේ මනස ශක්තිමත් වූ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිවේ. තමාට හිමි රජකම හැර දමා සැඩොලියක හා විවාහ වීමට තරම් සාලිය කුමරුගේ සිත සකස් වූයේ රාගයේ බලවත් කම නිසාවෙනි.ආදරය පේ‍්‍රමය වැනි නොයෙක් වචනයන්ගෙන් මෙම මානසිකත්වය හැඳින්වුව ද එහි අවසන ඇත්තේ භාවික හැගීම විසින් බුද්ධිය පරාජය කිරීමයි.
කාම සේවනය පිණිස ගිහියාට තහනමක් බුදුසමය විසින් පනවා නොමැති අතර එය පාපයක් වශයෙන් බුදුසමය හඳුන්වා දී නොමැත. එහෙත් කාම මිථ්‍යාචාරයෙහි නියැළෙමින් පරදාර සේවනයෙහි නියැළෙන ගිහියා වසලයෙකු බවත්, ඔහු පරාභවය කෙරෙහි අභිමුකව ගමන් කරන්නෙකු බවත් බුදුසමය පෙන්වා දෙයි.

මතු සම්බන්ධයි
 
Mar 19, 2012
251
19
0
මංකොල්ලකාරයා;12363686 said:
reputation_neg.gif
නිවසක සතුට සැනසුම 03-23-2012 01:09 PM අභයතිස්ස ta kiyala huko ganin ponnayo




I didn't do that but that rep was funny :lol:


an unmarried monk, preaching at a time of sky rocketing cost of living!

"When Money Goes Out The Door, Love Goes Out The Window".
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මංකොල්ලකාරයා;12363686 said:
reputation_neg.gif
නිවසක සතුට සැනසුම 03-23-2012 01:09 PM අභයතිස්ස ta kiyala huko ganin ponnayo

umba owa ganan ganna epa machan. Elakiri eke den tika kaleka indala kalakanni tikak innawa, Mokak hari honda post ekak dapuwama eka winasa karanawa.
:yes::yes:
 

Similar threads