නිවසට අවශ්‍ය කරන විදුලිය ජනේලයෙන්....

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    නිවසට අවශ්‍ය කරන විදුලිය ජනේලයෙන්....

    Window-Socket-3-798x350.jpg





    පවතින බලශක්ති අර්බුධයට පිළියම් සොයන විද්‍යාඥයන් විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන්ගේ නෙත ගැටෙන ප්‍රධානම විකල්ප බලශක්ති ප්‍රභවය නම් සුර්ය බල ශක්තියයි. අද වන විට බොහොමයක් ජනතාව එදිනෙදා අවශ්‍ය කරණ බලශක්තිය සදහා විකල්පයක් විදියට සුර්ය ශක්තිය භාවිතා කරනවා.


    සුර්ය ශක්තිය විදුලි බලය බවට පරිවර්තනය කිරීම සදහා යොදා ගනු ලබන පුවරු ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව ඔබ දැක ඇති. නමුත් අපි අද කතාකරන මෙම නවතම නිෂ්පාදනය නම් සුර්ය බලය විදුලි බලය බවට පත් කිරීම් සදහා භාවිතා කරනු ලබන්නේ ඉතාමත්ම කුඩා පුවරුවක්. පහත පින්තූරයෙන් ඔබට එය මනාව දැකගන්නට පුළුවන්. [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot][/FONT]



    Window-Socket-610x464.jpg




    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    Window-Socket-2-610x457.jpg








    Boa Oh සහ Kyuho Song යන ආයතන විසින් නිර්මාණය කරනු ලැබූ මෙම සුපිරි උපකරණය Windows Socket යන නාමයෙන් හඳුන්වනු ලබනවා. මෙහි තිබෙන (plastic suction plug) එකෙන් වීදුරු ජනේලයකට පහසුවෙන්ම එය සවි කිරීමට හැකියාව තිබෙනවා. වීදුරුවට සවි කර තිබෙන පැත්තෙහි (photovoltaic cell) ඇතුලත් වෙන අතර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි උපකරණයක් සදහා බලය සැපයිය හැකි වෙන plug එකක් ඇතුලත් කර තිබෙනවා. ජනේලයට වැටෙන සුර්ය ශක්තිය විදුලි බලය බවට පරිවර්තනය කරනු ලබන (photovoltaic) සෛල එම විදුලි බලය plug එක වෙත සපයනු ලබනවා. 1000mAh ධාරිතාවයකින් යුතු කුඩා බැටරියක් මෙම උපකරණයේ තිබෙනවා. එම බැටරිය පැය 5 - 8 වගේ කාලයකදී සම්පූර්ණයෙන්ම ආරෝපනය කරගන්නට හැකියාව තිබෙනවා. ඒ විදියට ගබඩා වෙන විදුලි බලය කුඩා විද්‍යුත් උපකරණයක් පැය 10 ක් පමණ කාලයක් ක්‍රියාත්මක කර තැබීමට සමත් වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි.







    මෙවැනි ආකාරයේම උපකරණ වෙළඳ පොලේ තිබුනත් ඒවා මෙතරම් දියුණු තත්වයේ ඒවා නෙවෙයි. මොකද ඒවා වලින් ලබා දෙනු ලබන විදුලි බලය සෑහෙන්නේ USB වයරයක් හරහා දුරකථනයක් වගේ දෙයක් charge කරගැනීමට පමණයි නමුත් මෙම උපකරණයට හැකියාව තිබෙනවා ඔබේ නිවසේ තිබෙන සාමාන්‍ය විද්‍යුත් උපකරණයක් වුනත් බල ගැන්වීමට. තවද මෙම උපකරණය නිවසේ තිබෙන වීදුරු ජනේලයන් වලට වගේම මෝටර් රථ සහ අහස්යානාවල් වල වීදුරු ජනේලයන් වලටද සවි කරගන්නට හැකියාව තිබෙනවා. දැන් ඔබට වැටහෙන්නට ඇති මෙම උපකරණය කොතරම් ප්‍රයෝජනවත් එකක් වෙනවාද කියා.




    මෙම උපකරණය ඉදිරි මාස කිහිපයේදී වෙළඳ පොළ සදහා නිකුත් කිරීමට නියමිතයි. නමුත් ඔබට හැකියාව තිබෙනවා ඔබේ දුරකථනය Charge කරගැනීමට හැකි මෙවැනි උපකරණයක් 29$ වගේ මුදලකට මිලදී ගැනීමට. ගන්න ආසයි වගේ නම් පල්ලෙහා ලින්ක් 1ත් බලන්නකෝ.....[FONT=&quot][/FONT]





    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    fan eka use karanna puluwan wei da ban? use karapu aya innawada?

    uba post karala thiyena link eke thiyena widiyata eeken phone eka witharai charge karanna puluwan..