නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??
නිවසේ වහලය සැලසුම් කිරිම
නිවසේ මුදුන් ලීය ගෘහ මූලිකයාටත් පරාල ගෘහනිය හා දරුවන් ලෙස ගැනේ.මුදුන් ලීයට වරදක් වෙනවා යනු ගෘහමූලිකයාට අයහපතක් වෙනවා යන්න ඉන් කියවෙයි.
නිවසක් තැනීමේදී එහි බිත්ති අඩි නවයක් ඉක්මවා උස්‌විය යුතුය.
මුදුන්ලීය යටලී පරාල කුරුපා ගැසීමේදී ද වඩාත් සැලකිළිමත් විය යුතු බව වාස්‌තු විද්‍යා මතයයි. යටලීයක කෙලවර පරාල තුනක් මුට්ටු කිරීම සොහොන් මුට්ටුව ලෙස භාවිතාවන අතර එය ඉතා භයානක ප්‍රතිපල අත්කරවන්නකි .
මුදුන් ලීය තැබිමේදී නිවසේ දෙපස හරි හරියට බෙදෙන ආකාරයට නොතිබිය යුතුයි. එය අගල් කිහිපයක්‌හෝ එහා මෙහා කර තැබිය යුතුයි. ගිනි කතිරයට හසුනොවන ආකාරයට මැද හෝ උළු වහු මතට වැටෙන ආකාරයට ද නොතිබිය යුතුයි.
එමෙන්ම නිවසේ හරි මැදට සිටින සේ පරාල නොතැබිය යුතු අතර පරාල තුනකට වඩා එසේ පුරුද්දපු පරාල වහලයකට නොයෙදිය යුතුයි. තිරස් රේඛාවක ආකාරයටද මේ පුරුද්දන ලද ලී දඩු භාවිත නොකළ යුතුයි.
එමෙන්ම වහලයට පරාල යෙදීමේදී පරාල ජෝඩු ඔත්තේ සංඛ්‍යාවක් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල

Last edited: