අදහස් දැක්වීමට ස්තුති. (+)
නොපෙනුන පලියට නැත යැයි තීරණය කරන කෙනෙක් නෙවේ මම. නමුත් කරුණු විමසීමෙන් තීරණයකට එළඹීමට කැමතියි. ගැටළු කිහිපයක්ම තිබෙනවා මිත්‍රයා. මම පසුව දන්වන්නම්..![]()
හොඳයි
අදහස් දැක්වීමට ස්තුති. (+)
නොපෙනුන පලියට නැත යැයි තීරණය කරන කෙනෙක් නෙවේ මම. නමුත් කරුණු විමසීමෙන් තීරණයකට එළඹීමට කැමතියි. ගැටළු කිහිපයක්ම තිබෙනවා මිත්‍රයා. මම පසුව දන්වන්නම්..![]()
මම හිතන්නේ මෙ වාස්තු විද්‍යාව ලොකූ බොරුවක් කියල
මට ඔබේ ප්‍රශ්නයට ඔව් හෝ නැත කියා පිළිතුරු දීමට නොහැකියි ඊට හේතුව
බටහිර රටවල සංස්කෘතිය හා පෙරදිග රටවල සංස්කෘතිය හාත්පසින් ම වෙනස්
එනම් ,ඉන්දියාව , ලංකාව ඇතුලු අපගේ කලාපයේ වාස්තු ක්‍රම භාවිතා වනවා වගේම නිවාස සහ පවුල යන්න එකාත්මිකව පවතිනවා සීයා ආච්චි ගේ පටන් කුඩාම දරුවා දක්වා සියලු දෙනා එක්ව සිටින පවුල් එකක සහිත සංස්කෘතියක් අප වටා පවතින්න්නේ. දෙදෙනෙකුගේ විවාහයක් මරණය දක්වාම බැඳී පවතිනා හා ඒ හා බැඳී සිරිත් රාමුවක් සහිත සංස්කෘතියක්,
බටහිර සංස්කෘතිය මීට හාත්පසින් වෙනස්
ස්වාධීන පවුල් සංකල්පයක ජීවත්වන ඔවුන් එකතරා වයසකදී ස්වාදීන පුද්ගලයන් ලෙස සමාජගත වනවා මෙන්ම oවුන්ට ස්වාමියා බිරිඳ පියා මව පවා බැඳීමක් රහිත චරිත පමණයි , ඔවුන් ජීවත් වන්නේ ගොඩනැගිලි වල මිස ඒවා නිවාස නෙමයි ,නිවාස කියන්න පුළුවන් " නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන " වලට මිස රාත්‍රියක් ගතකරන ස්ථාන වලට නොවේ . අන්න එලෙස නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන සකසාගැනීම වෙනුවෙනුයි මේ වාස්තු විද්‍යාව නිර්මාණය වී තිබෙන්නේ .
දැන් මචන්, බටහිර රටවල් පවුල කියන සංකල්පය ගොඩ නගන්න , අපිට පුළුවනි නේද? මම කියන්නේ , ඔය බටහිර රටවල ගෙවල් ටික බිමට සමතලා කරලා, වාස්තු සංකල්ප අනුව ගෙවල් ටික අයෙත් හැදුවා නම් , බටහිර පවුල් සංකල්පේ ගොඩම තමය් නේද?
මගේ ටිකිරි මොලේට තේරෙන හැටි තමය් ..වැරදි නම් කියල දෙන්න...
මහත්මයානිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??
නිවසේ වහලය සැලසුම් කිරිම
නිවසේ මුදුන් ලීය ගෘහ මූලිකයාටත් පරාල ගෘහනිය හා දරුවන් ලෙස ගැනේ.මුදුන් ලීයට වරදක් වෙනවා යනු ගෘහමූලිකයාට අයහපතක් වෙනවා යන්න ඉන් කියවෙයි.
නිවසක් තැනීමේදී එහි බිත්ති අඩි නවයක් ඉක්මවා උස්විය යුතුය.
මුදුන්ලීය යටලී පරාල කුරුපා ගැසීමේදී ද වඩාත් සැලකිළිමත් විය යුතු බව වාස්තු විද්‍යා මතයයි. යටලීයක කෙලවර පරාල තුනක් මුට්ටු කිරීම සොහොන් මුට්ටුව ලෙස භාවිතාවන අතර එය ඉතා භයානක ප්‍රතිපල අත්කරවන්නකි .
මුදුන් ලීය තැබිමේදී නිවසේ දෙපස හරි හරියට බෙදෙන ආකාරයට නොතිබිය යුතුයි. එය අගල් කිහිපයක්හෝ එහා මෙහා කර තැබිය යුතුයි. ගිනි කතිරයට හසුනොවන ආකාරයට මැද හෝ උළු වහු මතට වැටෙන ආකාරයට ද නොතිබිය යුතුයි.
එමෙන්ම නිවසේ හරි මැදට සිටින සේ පරාල නොතැබිය යුතු අතර පරාල තුනකට වඩා එසේ පුරුද්දපු පරාල වහලයකට නොයෙදිය යුතුයි. තිරස් රේඛාවක ආකාරයටද මේ පුරුද්දන ලද ලී දඩු භාවිත නොකළ යුතුයි.
එමෙන්ම වහලයට පරාල යෙදීමේදී පරාල ජෝඩු ඔත්තේ සංඛ්‍යාවක් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
යකඩ පර්ලින් දාලා ගහන ගෙවල් ගැන මොකක්ද මතය?නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??