නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාං&#3482

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දන්න තරමින් නිව්ටන් ගෙ නියම හරියි කියල කවුරුත් ඔප්පු කරලත් නෑ

    නමුත් එදිනෙදා ජීවිතේදි කරන ගණනය කිරීම් වලට නිව්ටනෙ ගෙ නියම model එකක් විදියට යොදාගන්නවා.

    model එකක් කියන්නෙ ස්වභාවධර්මයේ අපි දකින දේවල් පැහැදිලී කරන්න යොදාගන්න දෙයක්,
    අකෘතියක් :yes:

    ඒක හරි වෙන්නම ඕනෙ කියල එකක් නෑ . අපිට ඕන වැඩේ කරගන්න පුළුවං නං ඒ හොඳටෝම ඇති :D

    අනික මේ ලිපියෙ පොඩු කොසුවක් මට පේනවා
    නමුත් දැනට කට පියගෙන සිටිමි :)

     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    Mata hithena vidihata nam me lipiye anthimata kiyala thiyena vidihata skandaya guruthvakarshanayen swayaktha venne naha,,Newton 1 kiyala thiyenava,,1 nisaa thamayi baren vadi vasthuvak saha sahallu vasthuvak ekavara uda sita nidahas lesa atha hariyama bara vadi vasthuva ikmanin polovata vatenne

    22f17757801c9ae9afd6dd9374f877b1.png
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක නම් වැරදී බන්.. මේ නියම 3 වැරදී කියලා ඕනෙම් කැම්පස් එකක Maths කරන කෙනෙක් දන්නවා,
    ඕක ඔප්පු කරන්න පුළුවන් අවකලනයෙන්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක නම් වැරදී බන්.. මේ නියම 3 වැරදී කියලා ඕනෙම් කැම්පස් එකක Maths කරන කෙනෙක් දන්නවා,
    ඕක ඔප්පු කරන්න පුළුවන් අවකලනයෙන්
    කොහොමද බන් අවකලනයෙන් ඔක ඔප්පු කරන්නේ?:eek:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොහොමද බන් අවකලනයෙන් ඔක ඔප්පු කරන්නේ?:eek:

    මේක නම් වැරදී බන්.. මේ නියම 3 වැරදී කියලා ඕනෙම් කැම්පස් එකක Maths කරන කෙනෙක් දන්නවා,
    ඕක ඔප්පු කරන්න පුළුවන් අවකලනයෙන්

    ෆන් වැඩේ කියන්නෙ අවකලනයත් හොයාගෙන තියෙන්නෙ නිව්ටනුයි වෙන එකෙකුයි :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Higher mathematics..
    මට මතක නෑ,
    මම ඕවා පාඩම් කරන එකක්යැ, ඕනෙමනම් හොයලා දාන්නම්
    සිරාවටම හොයලා දෙන්න..දන්නෙ නැති නිසයි ඇහුව්වේ...
    නිව්ටන්වයි අවකලනයයි ලන් කරන්න ටිකක් අමාරුයි මම හිතන්නේ නම්...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සිරාවටම හොයලා දෙන්න..දන්නෙ නැති නිසයි ඇහුව්වේ...
    නිව්ටන්වයි අවකලනයයි ලන් කරන්න ටිකක් අමාරුයි මම හිතන්නේ නම්...

    ගියවෙලාවක කාටහරි කියලා ලියාගෙන ඇවිත් දාන්නම් හැබැයි තේරෙන්නේ නෑ කියලා අහන්න බෑ:dull::dull:
     

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    hath dei haamuduruwane???!!! issellama kiyanna thiyanne mae lipiya liyapu kena AL karala na.. (ekko commerce / art )

    Newton's laws wala PRADHAANAMA padanama thamai "awasthithika raamuwa" AL physics karana oonama ekek ooka dannawa...kawda mae "Wansa rathna" kiyanne? paththarekin da koheda Newtons laws kiyawala dan kathandara hadanne? ammapa wili lajjawe baa ban..shik lankaawe mehema GON PART dial kiyana aewa prasiddha karannath GONNU innawane?!! ooka oppu karanna gaththu udaaharane (tenis ball & train) ekenma thamai "awasthithi raamuwa" gana kiyawenne.. haiyoo gon wansaya.... shikkkk
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .........

    අනික මේ ලිපියෙ පොඩු කොසුවක් මට පේනවා
    නමුත් දැනට කට පියගෙන සිටිමි :)...........


    ....................

    ................
    Newton's laws wala PRADHAANAMA padanama thamai "awasthithika raamuwa"............

    ඔය තියෙන්නෙ ලස්සනට :D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගියවෙලාවක කාටහරි කියලා ලියාගෙන ඇවිත් දාන්නම් හැබැයි තේරෙන්නේ නෑ කියලා අහන්න බෑ:dull::dull:
    කොම හරි අහන් එන්නකෝ...;)
     

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    new_10148915.jpg



    නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් කියයි​



    ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කි‍්‍ර. ව. 1642 සිට 1727 දක්වා කාලය අතරතුර බි‍්‍රතාන්‍යයේ ජීවත් විය. සුප‍්‍රසිද්ධ ‘ඇපල් ගෙඩියේ කතාව‘ නිසා පාසල් යන කුඩා දරුවන්ට වුව ද ඔහුගේ නම හොඳින් හුරු පුරුදු ය.නිව්ටන් තමන්ට අයත් ඇපල් වත්තක වාඩි වී සිටියේ ය. හදිසියේ ම ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක, ඒ ඔස්සේ කල්පනා කරමින් ගුරුත්වාකර්ෂණ න්‍යාය ලොවට හඳුන්වාදීමට තරම් හේ තියුණු පරිකල්ථනා ශක්තියක් ඇත්තකු විය.

    එසේ ම විශ්වයේ කොතැනක හෝ පවතින වස්තුවක සිදුවිය හැකි චලිතයේ ස්වභාව විස්තර කැරෙන නියමයන් තුනක් ද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් දන්නා “ඕනෑම කි‍්‍රයාවකට සමාන හා ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත.’ යන නියමය නිව්ටන් ගේ එම නියමයන් තුනෙහි තෙවැන්නයි.කීර්තිමත් විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගැන පවසමින් අප මේ සූදානම් වන්නේ ඔහු පිළිබඳ අතීත පුනරාවර්ජනයක යෙදීමට යැයි දැන් ඔබට හැඟියාමට ඉඩ ඇත.

    නැත, අප මේ කතා කරන්නට සැරසෙන්නේ ඔහු පිළිබඳ නොව, දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද භෞතික විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අයිසැක් නිව්ටන් ගේ සොයා ගැනීම් ද අභියෝගයට ලක් කරන්නට සමත්ව සිටින අප රටේ ම විද්‍යා පර්යේෂකයකු ගැන ය. ඔහු නමින් කේ. ඒ. ඩී. වංශරත්නයි. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය මෙන් ම වස්තුන් ගේ චලිතය පිළිබඳ වන නියමයන් තුනම සදොස් බව වංශරත්න මහතා එක එල්ලේ ප‍්‍රකාශ කර සිටියි.ඔහු විසින් පැහැදිලි කරනු ලබන අන්දමට නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය මෙන් ම චලිතය පිළිබඳ වන නියමයන් ද අදාළ වන්නේ අපගේ එදිනෙදා ජීවිතයට අදාළ වන භෞතික සිදුවීම් සඳහා පමණි. සූර්ය කේන්ද්‍රික රාමුවෙන් ඔබ්බට විහිද නොයන එම නියමයන් යොදා ගනිමින් ;සෟරග‍්‍රහ මණ්ඩලයෙන් පිට ඇති වෙනත් ග‍්‍රහවස්තුවල චලිතය සම්බන්ධව ගණනය කිරීම් සිදුකිරීම් සම්පූර්ණයෙන් ම සදොස් කටයුත්තකි.

    නිව්ටන් ගේ මුළාවකෙසේ නමුත් මේ වන විටත් අප, අපගේ දැනුම් සීමාවේ පවතින කවර හෝ වස්තුවක චලිතය විස්තර කිරීම සඳහා යොදාගන්නේ නිව්ටෝනියානු භෞතික විද්‍යාවයි. නිව්ටන් ගේ නියමයන් පදනම් කරගනිමින් ගොඩනැඟුණු සූත‍්‍ර සහ සමීකරණ බොහොමයක් අපි මේ සඳහා උපයෝගී කර ගනිමින් සිටින්නෙමු. පොළොව මත පවතින වස්තුවක චලිතයේ පටන් ඈත දුරින් පිහිටි ග‍්‍රහ තාරකාවල චලිතයේ ස්වභාව විස්තර කිරීම දක්වා මෙම සමීකරණවල යොදාගැනීම පුළුල් පරාසයක පැතිර තිබේ.එබැවින් යම් හෙයකින් වංශරත්න මහතා පවසන ආකාරයේ දොසක් නිව්ටන් ගේ නියමයන් තුළ අන්තර්ගත වේ නම් ග‍්‍රහවස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප විසින් සිදුකරණ ලද ගණනය කිරීම බොහොමයක් ම හුදෙක් මුළාවක් පමණක් වනු ඇත. ඒ අනුව විශ්වයේ පවතින වස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප බැසගෙන සිටින නිගමනවලින් සෑහෙන ප‍්‍රමාණයක් ද බිඳ වැටීමට ඉඩ තිබේ.දැන් අපි වංශරත්න මහතා පවසන මෙම කාරණය උදාහරණයක් අනුසාරයෙන් පැහැදිලි කර ගැනීමට උත්සහ කරමු.

    ටෙනිස් බෝලයේ චලිතයඒ සඳහා ඔබත් මාත් දුම්රියක ගමන් කරමින් සිටින්නේ යැයි මඳකට උපකල්පනය කරන්න. එසේ ගමන් කරන අතරතුර මම ඔබට කුඩා ටෙනිස් බෝලයක් ගුවනින් එවන්නෙමි. මට දුරින්, එහෙත් දුම්රිය තුළම සිටින ඔබ විසින් එය අල්ලාගනු ලබන්නේ ය. දැන් මා විමසා සිටින්නේ මා ඔබ වෙතට එවූ බෝලය ගමන් ගත් ප‍්‍රවේගය කුමක් ද යන්නයි.ඔබේත් මගේත් ලෝකය දුම්රිය තුළට පමණක් සීමා වී පැවැතියේ නම් අප බෝලයේ ප‍්‍රවේගය ලෙස ගණනය කරනු ලබන අගය නියත වශයෙන්ම බැඳී පවතින්නේ දුම්රියේ චලිතය සමඟ පමණි. එනම් අප ගණනය කරන්නේ දුම්රියට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගයයි.එහෙත් දුම්රිය පොළොව මත ගමන් කරන බව (චලනය වෙමින් තිබෙන බව) අපි දනිමු. එබැවින් දුම්රියට සාපේක්ෂව බෝලය ලබාගත් ප‍්‍රවේගය උපයෝගී කරගෙන අපි එහි සත්‍ය ප‍්‍රවේගය ලෙස පොළොවට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගය ගණනය කරමු.

    එසේ වුණත් පෘථිවිය පවතින්නේ ද නොනවතින චලිතයක (භ‍්‍රමණ සහ පරිභ‍්‍රමණයක) නිරත වෙමින් බව අප අමතක කළ යුතු නැත. ඒ අනුව පෘථිවියේ චලිතය නොසලකා, පෘථිවියට සාපේක්ෂව මුලින් සඳහන් කළ ආකාරයේ ට බෝලයේ ප‍්‍රවේගය සෙවීම වැනි ගණනය කිරීම් සිදු කිරීම නිවැරැදි වන්නේ අප ගේ ලෝකය පෘථිවියට සීමා වී ඇති තාක් පමණි.එයින් ඔබ්බට ගිය කල මේ ගණනය කිරීම් සියල්ලක්ම පාහේ එහෙම පිටින් ම වැරැදියි. එසේ ම ඒ සඳහා උපයෝගී කරගත් සියලු සමීකරණ සහ නියතයන් ද නිශ්ප‍්‍රභ වන්නේ ය.

    වෙනත් ග‍්‍රහලෝක සම්බන්ධ කරගත් විශ්වීය ගණනය කිරීම්වල දි නිව්ටෝනියානු භෞතික විද්‍යාවෙන් අපට පිළිසරණක් නොලැබෙන්නේ එහෙයිනි. දුම්රිය තුළ වූ ලෝකයට කොටු වූ මගියකු ගේ විෂය පථය මෙන් නිව්ටන් ගේ නියමයන් තුළින් සිදුවන්නේ අපව හුදෙක් සූර්‍ය කේන්ද්‍රික රාමුවක් තුළට කොටු කිරීම පමණකි.වංශරත්න මහතාගේ මේ මතය ඔහු තහවුරු කරන්නේ නිව්ටන් ගේ සමීකරණයක් ආශ‍්‍රයෙන් ම ලබාගත් විසංවාදයක් ඇසුරෙනි.

    දැන් අපි තවදුරටත් මෙබඳු ගණනය කිරීම් ගැන කතා කිරීම පසෙක තබා වංශරත්න මහතා ගැන මඳක් කතා කරමු.භෞතික විද්‍යාවේ විවිධ පුළුල් විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ දිර්ඝ කාලයක් පුරා මහත් කැපවීමෙන් පර්යේෂණවල නිරතව සිටින ඔහු මෑතකාලයේ දී මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයේ පවතින අඩුපාඩු පිළිබඳ ද පෙන්වා දුන්නේ ය. මෙවර වංශරත්න මහතා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන න්‍යාය අභියෝගයට ලක් කරන්නේ නිව්ටන් ගේ ම ගණනය කිරීම් උපයෝගී කරගෙන වීම විශේෂත්වයකි. ඒ හැරෙන්නට එම නියමයේ සදොස් තැන්පර්යේෂණාත්මකව ඔප්පුකර පෙන්වීමට ද ඔහු සුදානමෙන් සිටියි.

    වෙනකක් තබා වස්තුවක් පොළොව දෙසට ආකර්ෂණය කරගනු ලබන ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවේ ස්කන්ධය මත රඳාපවතින බව නිව්ටන් පවසද්දී, එය එසේ නොවන බවට, එනම් ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධයෙන් ස්වායත්ත බවට ද වංශරත්න මහතා කරුණු ඉදිරිපත් කරයි.ඔහුගේ මේ අදහස් දැඩි සේ විවාදයට තුඩුදිය හැකි කාරණා බව නම් නොකිවමනාය. එබැවින් එම නිගමනයන් පුළුල් ව විවාදයකට බඳුන් කිරීම සඳහා ඉදිරිපත් වීම අපගේ සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ වගකීමකි. ඒ අනුව වංශරත්න මහතාගේ මතයේ සත්‍ය බව සනාථ වුවහොත්, ඔහු ගේපර්යේෂණ සෙසු ලෝකය ඉදිරියට ගෙනයාම සඳහා සහාය දීමත්, ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීමත් මෙරට රජය සතු වගකීමක් වන බවට ද විවාදයක් නැත.


    නිලූෂා නිරංජලා


    Kohenda ban maeka gathth? SOURCE ? ikmanata kiyapan!! haiyooo
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    koheda yana haal paaruwek..... nama prasidda karaganne boru begal adabaanawa....... mechchara kal pruthuwiye indan chandrika kaksha gatha karei, rocket yawwei thawa hena hena dewal okkoma kare newton priciples walata... meh yaka kiyana widiyata oya okkoma ehenam crash wenna ona
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපි A/L ගනන් හදද්දි එක එක උපකල්පන කරන්නේ ඔය එක එක අව්ල් තියෙන නිසා තමා මේ නියම වල.... ඒත් නිව්ටන් කියල තියෙන රාමු වල ඉදන් හිතද්දි ඒ නියම හරි (මට තේරෙන විදිහට )
     

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    "එම නිගමනයන් පුළුල් ව විවාදයකට බඳුන් කිරීම සඳහා ඉදිරිපත් වීම අපගේ සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ වගකීමකි. ඒ අනුව වංශරත්න මහතාගේ මතයේ සත්‍ය බව සනාථ වුවහොත්, ඔහු ගේපර්යේෂණ සෙසු ලෝකය ඉදිරියට ගෙනයාම සඳහා සහාය දීමත්, ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීමත් මෙරට රජය සතු වගකීමක් වන බවට ද විවාදයක් නැත.

    නිලූෂා නිරංජලා"


    BUDU AMMBOOOO ...!!! yako WILI LAJJAWE BAA OOOIII:shocked::shocked::shocked::shocked::shocked:
     

    Similar threads