නිව්යෝර්ක්‌ හමුව උණුසුම් වෙයි ශවේන්ද්‍ර.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    නිව්යෝර්ක්‌ හමුව උණුසුම් වෙයි ශවේන්ද්‍ර.

    C43.jpg

    කීර්ති වර්ණකුලසූරිය

    විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌හි දේවස්‌ථාන මධ්‍යස්‌ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්‌ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

    මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වමින් සිටි එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්‌වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.

    එම අවස්‌ථාවේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

    "චැනල් ෆෝ" චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක්‌ වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක්‌ යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්‌වමින් ඇය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව කටයුතු කළ තැනැත්තියක්‌ යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

    මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්‌කසාද වූ තැනැත්තියක්‌ වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්‌වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට කට උත්තර නැතිවී තිබේ.

    මෙහිදී නැගී සිටි මැක්‌රේ "ඔබ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි නුදුන්නේ මන්දැයි" ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.

    "මම දෙවරක්‌ සාක්‌ෂි දුන්නා. ඒ සාක්‌කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක්‌ නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්‍රමවලට ගොදුරු වී තිබෙනවා" යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා කියා සිටියේය.

    මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත.

    චැනල් ෆෝ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ඒ සමගම නිහඬ වී තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොටිත් එක්ක හැප්පුන අපේ ශවේන්ද්‍ර සිල්වාට මුන් මොක්කුද ?
    මැක්‌රේල කියන්නෙ පනින රිලවි ටිකක් විතරයි:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කොටිත් එක්ක හැප්පුන අපේ ශවේන්ද්‍ර සිල්වාට මුන් මොක්කුද ?
    මැක්‌රේල කියන්නෙ පනින රිලවි ටිකක් විතරයි:lol::lol::lol::lol:

    :yes::yes::yes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    දැන් ඉතින් මෙහෙම දෙයකුත් තියනවා මෙතුමා ගැන සමාජයේ තියන පිළිගැනිම ගොඩක් වැඩිඋනා අපෙ කැකිල්ලෙ රජතුමා බයවෙන සින් එකක් එක මෙතුමාටත් ඇතුලට යන්න වෙයිද දන්නේ නැ :baffled::baffled::baffled::baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දැන් ඉතින් මෙහෙම දෙයකුත් තියනවා මෙතුමා ගැන සමාජයේ තියන පිළිගැනිම ගොඩක් වැඩිඋනා අපෙ කැකිල්ලෙ රජතුමා බයවෙන සින් එකක් එක මෙතුමාටත් ඇතුලට යන්න වෙයිද දන්නේ නැ :baffled::baffled::baffled::baffled::baffled:

    එහෙම දෙයක් නෑ , ශවේන්ද්‍රව ප්‍රමෝට් කරල ඔහෙට යැව්වෙ ආණ්ඩුවෙන් තමයි , මොකද ආමි එකේ පුද්ගලයෙක් විදියට ඕක ඇතුලට යන්න කොහොමත් බැරි වෙන නිසා ,
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන. තමතමන්ගෙ දේශපාලන මතය මොකක් හරි වෙන්න පුලුවන්. එ වුනාට අපේ රටට පිටරට උන් කෙලින්න එද්දි මෙන්න මෙහෙම උන් ඉන්න තෑනටම ගිහිල්ල තමයි පිලිතුරු දෙන්න ඕන. අපිට ඔය ප්‍රශ්න ඇති කරන උන් ලඟට ගිහින් උන්ටයි උත්තර දෙන්න ඕන.හුගක් දේශපාලකයො මෙ වගෙ 1ක් උනාම මොකක්ද කරන්නෙ ටිවි 1ක ඉස්සරහට අවිත් ගිරිය කඩාගෙන කෑගහනවයි තවත් මොකක් හරි ගොන් වෑඩක් කරල උන් ලකුනු දාගන්න හදන 1යි විතරයි.ටිවි 1ට මූන දාගෙන බොරුවට දඟලන්නේ නෑතුව උනුත් මේ ශවේන්ද්‍ර වගේ කරන්න පුලුවන් නම් පිටරට උන්ට කවදවත් අපෙ රටට මේ වගේ වෑඩ කරන්න බෑ.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    කොටිත් එක්ක හැප්පුන අපේ ශවේන්ද්‍ර සිල්වාට මුන් මොක්කුද ?
    මැක්‌රේල කියන්නෙ පනින රිලවි ටිකක් විතරයි:lol::lol::lol::lol:

    ඇත්ත කතාව මචන්.
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන. තමතමන්ගෙ දේශපාලන මතය මොකක් හරි වෙන්න පුලුවන්. එ වුනාට අපේ රටට පිටරට උන් කෙලින්න එද්දි මෙන්න මෙහෙම උන් ඉන්න තෑනටම ගිහිල්ල තමයි පිලිතුරු දෙන්න ඕන. අපිට ඔය ප්‍රශ්න ඇති කරන උන් ලඟට ගිහින් උන්ටයි උත්තර දෙන්න ඕන.හුගක් දේශපාලකයො මෙ වගෙ 1ක් උනාම මොකක්ද කරන්නෙ ටිවි 1ක ඉස්සරහට අවිත් ගිරිය කඩාගෙන කෑගහනවයි තවත් මොකක් හරි ගොන් වෑඩක් කරල උන් ලකුනු දාගන්න හදන 1යි විතරයි.ටිවි 1ට මූන දාගෙන බොරුවට දඟලන්නේ නෑතුව උනුත් මේ ශවේන්ද්‍ර වගේ කරන්න පුලුවන් නම් පිටරට උන්ට කවදවත් අපෙ රටට මේ වගේ වෑඩ කරන්න බෑ.

    අමුලික ඇත්ත මචෝ...... අපරාදේ ඔකට මවින්වත් යැව්ව නම් එලකිරිම තමා....හා...හ.හ්හා හිකිස්:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P මැක්‌රේට එපා වෙන්නැති, ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමඊ......
    මෙහෙදී ගොන් කතා කියන විමල් , මර්වින් වගේ නෙමි ශවේන්ද්‍ර සිල්වා නියම විධියට කරන්න ඔනිදේ කරලා......:):)++
     
    Last edited: