මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටට වරද දාල තියෙන්නෙ. පුද්ගලිකව මම ඒ මනුස්සය ගැන දන්නව. උගත් හොද මනුස්සයෙක් දේශපාලනයෙන් අයින් උනෙත් ඒකයි. එහෙත් දාල තියෙන චොදනා ඒ කෙල්ලව සමූහ දූෂණය කරා කියල, කොල්ලට ගහල මරන්න හෙවුව කියල, පොලීසියෙන් තර්ජනය කරනව කියල, ගෙවල් කුඩු කරා කියල.. පොලීසියේම ඇන්ට්‍රි පොත් වලින් හිස් පිටු කඩන් මාර ගේම් ගැහුවෙ.. මේ රට, මිනිස්සු මිලෙච්ච තැනට දාල කතන්දරේ ගොඩ නැගුවෙ. අර මනුස්සය නිකමටවත් දන්නෙ නෑ තමන්ට විරුද්ධව මෙච්චර බරපතල චෝදනා තියනවද කියල.. ඒ රටවල් වල හුරතල් කරනව මුන්ව. පරික්ෂණයෙදී ප්‍රශ්න අහනකොටම කෙල්ල කරන්නෙ සමූහ දූෂනේ මතක් වුනා කියල කලන්තෙ දාන්න, අමාරුයි වගේ රගපාන එකලු. අරුන් එතනින්ම ඒක නවත්තල මේකිව සනසනවලු. මේකි හිනාවෙවී කියනවා...
මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.
මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.


