නිවාස ඉදිරිම සම්බන්ධ උපදෙසක් අවශ්‍යයි.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නිවාස ඉදිරිම සම්බන්ධ උපදෙසක් අවශ්‍යයි.

    අළුතින් හදන තනි තට්ටුවේ ගෙදරක වහලයට හොඳ මොනවද?

    මගේ අදහසක් තිබ්බා ඇස්බැස්ටෝස් දාන්න. එත් එනවා කියන තහනමත් එක්ක එක අවුල් වගේ. එලකිරියේ ඉන්න ලඟදි ගෙවල් හදපු යාළුවන්ගෙන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ඉන්න යාළුවන්ගෙන් උපදෙසක් ඕන වහලයට හොද මොකක්ද කියලා තෝරාගන්න.

    Finish සිවිලිමක් තමයි ගහන්න ඉන්නේ (ලූණුමිදෙල්ල ලෑලි දාලා). උළු දාලා හිරිකඩ වලට සිවිලිම සවුත්තුවෙයිද?

    උළු වලින් හොද සමාන්‍ය පැතලි උළු ද? (උළු කැටයක් රු. 45). අළුතින් එන EURO කියන උළු එකද? (උළු කැටයක් රු. 70). EURO උළු කැට 140 ක් ඕන වහලේ වර්ග අඩි 100 ට.


    2d6jwq8.jpg


    යූරෝ උළු
    2v8ra5k.jpg


    Factory එකෙන් Color කරපු ඇස්බැස්ටෝස් රැලි තහඩු අඩි 12 එකක් රු. 3700 ක් විතර වෙනවා. වියදම් කරන මුදලත් එකක් උළු යි ඇස්බැස්ටෝස් තහඩුයි අතර වෙනසක් නැහැ වගේ.

    images


    පැවැත්ම සහ වියදමත් එක්ක මට උපදෙසක් ඕන වහලෙට දාන්න හොඳ මොනවද කියලා?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේකත් කියවලා බලපන්.



    ulu.jpg

    පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි.

    එපමණක්‌ නොව ඔහු තමුත් දන්නා තාක්‌ෂණික දැනුමද ප්‍රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්‌ෂණයක්‌ද හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම දැනුමින් නිපදවන උළු කැටවලට ඔහු ජීවිත කාලයටම සහතිකයක්‌ද ලබාදේ.

    කේ. ඒ. ඩී. ඇලෙක්‌සන් නිලන්ත අප්පුහාමි නමැති ඔහු සිය බිරිඳත් සමග එක්‌ව ස්‌වයං රැකියාවක්‌ ලෙස උළු මෝලක්‌ පවත්වාගෙන යමින් වෙළෙඳ පොළේ ඉතා අඩුමිලට උළු අලෙවි කිරීමේ නිරත වේ.

    ඇතැම් විට ඔබ එකවරම මෙසේ සිතිය හැකියි. ඔහුත් අනෙකුත් උළු මෝල් හිමියන් මෙන් ලාභ උපයන වෙළෙඳ උපක්‍රම අනුගමනය කරන තවත් එක්‌ ව්‍යාපාරිකයෙක්‌ යෑයි කියාය.

    නමුත් ඔහු ඊට වඩා වෙනස්‌ය. ඔහු වසර විස්‌සකට පමණ පෙර ඉතා කුඩාවට උළු මෝලක්‌ ආරම්භ කරන්නේ පොල් අතු සෙවිළි කළ නිවසක සිටය.

    ulu1.jpg


    අපේ පවුලේ මාත් සමග සහෝදර සහෝදරියො තුන් දෙනෙක්‌ ඉන්නවා. තාත්තා ගුරුවරයෙක්‌. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයේ තාක්‌ෂණ ශිල්පය ඉගෙන ගත්තා. අපි හිටියෙ පොල් අතු සෙවිලි කළ නිවසක. ඉතිං මටත් හිතුනා උළු සෙවිලිකළ නිවසක පදිංචියට යන්න. ඒ සඳහා මම පුංචියට උළු මෝලක්‌ පටන් ගත්තා. මගේ අරමුණ ඉටුවුණා. මටත් අපේ ගෙදර වහලයට උළු සෙවිලි කරන්න හැකියාව ලැබුණා. ඊට පස්‌සෙ මට හිතුනා උළු සෙවිළිකළ වහලයක්‌ සහිත නිවසක්‌ හදා ගන්න වෙර දරණ මිනිසුන්ට අත්වැලක්‌ වෙන්න. එනිසා මම අඩු මිලට උළු අලෙවි කිරීමට තීරණය කළා. ඒ සඳහා කළ යුත්තේ උළු කැටයක නිෂ්පාදන මිල අඩුකර ගැනීමයි. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයෙන් ඉගෙන ගත්ත දැනුම ප්‍රයෝජනයට අරගෙන මැටි අනන යන්ත්‍රයක්‌ නිපදවූවා. ඒ සඳහා මා යොදා ගත්තේ ඉවතලන යන්ත්‍ර සූත්‍රවල කොටස්‌. එහෙම තාක්‌ෂණ ක්‍රම නිර්මාණය කළ මම දැන් සම්පූර්ණයෙන්ම ස්‌වයංක්‍රීයව උළුකැට නිෂ්පාදනය කළ හැකි තාක්‌ෂණික පහසුකම් ඇති කරගෙන තිබෙනවා. මේ සියලු යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළේ මගේ දැනුම උපයෝගී කරගෙනයි. නිලන්ත මහතා තමාගේ ගමන් ගම සිහිකරමින්a අප හා කතාවට ප්‍රවේශ විය.

    ulu2.jpg


    ඔහු තාක්‌ෂණය පමණක්‌ උපයෝගී කරගෙන සෑහීමකට පත්වී නැත. සාම්ප්‍රදායික හතරැස්‌ රට උළු කැටය වෙනුවට නවීන තාක්‌ෂණයෙන් නිපදවන උළු කැටයක්‌ද ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

    යුරෝපයේ නිවෙස්‌වල වහළ සෙවිලි කිරීමට බහුලවම යොදා ගන්නා මෙම උළුකැටයට පවසන්නේ රෝමන් උළු එහෙමත් නැතිනම් පෘතුගීසි උළුකැට කියාය.

    මම ගොඩාක්‌ වෙලාවට විදෙස්‌ සංචාරවල නිරත වෙනවා. ඒ රටවල තිබෙන නිර්මාණ අපටත් භාවිත කළ හැකි ආකාරය ගැන මම සිතනවා. ඒ අනුව යුරෝපයේ කළ සංචාරයකදී එම රටවල නිවාසවලට සෙවිලි කර තිබූ උළු කැටයක්‌ රැගෙනවිත් ඒ සඳහා අච්චුවක්‌ ලංකාවේ නිපදවූවා.

    මේ උළු කැටය සඳහා අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ තියෙනවා. මම මෙම උළුකැටය අලෙවි කරන්නේ ජීවිත කාලයටම වගකීම් සහතියක්‌ද සමගයි.

    අප බොහෝ දෙනා නිවසක්‌ හදන්නේ ජීවිත කාලයටම එකයි. ඉතිං ඒ හදන ගෙදරට වහලයත් ජිවිත කාලයටම එකක්‌ විය හැකියි. සෙවිළි කරන උළුකැටත් එහෙම විය යුතුයි. පොල් අතු වහළෙන් උළු වහළයකට පැමිණි අයෙක්‌ ලෙස මම කැමැති නැහැ. මිනිස්‌සු වහළයට උළු සෙවිලිකරලා වහළය තෙමෙනවා කියලා චෝදනා කරනවට. එහෙම තෙමෙන්නේ බාල වර්ගයේ උළුකැට වහළයට සෙවිළි කළ විටයි.

    අද බොහෝ වෙළෙඳුන් අපගේ නොම්මර එකේ උළු මිලදී ගෙන ඒවා නොම්බර දෙක සහ තුන වර්ගයේ උළු සමග මිශ්‍ර කර අලෙවි කරනවා. මම කිසි විටෙකත් නොම්මර දෙක සහ තුන ප්‍රමිතියෙන් යුතු උළු විකුණන්නේ නැහැ. එහෙම ප්‍රමිතියෙන් අඩු උළු විකිණූ විට තමයි මිනිස්‌සු චෝදනා කරන්නේ උළු සෙවිළි කරපු වහළ තෙමෙනවා කියලා. නමුත් මගෙන් මිලදී ගත් උළු සෙවිලි කළ අයෙක්‌ වහළය තෙමෙනවා කිව්වොත්, උළු කැට කැඩුණා කිව්වොත් මම ඔවුනට නොමිලේ නැවත උළුකැට දෙනවා. මම ඒ වගකීම ගන්නේ මම නිපදවන උළුකැට වල තියෙන විශ්වාසය නිසයි.

    මමත් මගේ බිරිඳත් ස්‌වයං රැකියාවක්‌ විදියට කරන උළු කැට නිපදවීම කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්‌සකටත් වැඩියි. ඉතිං අපි මැටි අනන තැන සිට පෝරණුවට දාල උළු ටික පුච්චනකම් හැම දෙයක්‌ම දන්නවා. ඒ ගැන සොයා බලනවා. නිලන්ත මහතා පැවසූ දේ අපිද දැසින් දැක බලාගත්තෙමු. ඔහු උළු පෝරණුවට අවශ්‍ය දර පලා ගැනීම සඳහා යන්ත්‍රයක්‌ ද නිපදවා ඇත. මැටි හොඳින් මිශ්‍රවී පදම්වී ඒම සඳහා යන්ත්‍රයක්‌ නිපදවා තිබේ. මේ සියලු උපකරණ නිපදවූ ඔහුට උළු කැටයක්‌ නිපදවීම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත.

    ලුණුවිල පොල් පර්යේෂණ පාරේ සුප්‍රිමෝ උළු නමින් සිය උළු මෝල පවත්වාගෙන යන නිලන්ත මහතා වැඩිය ප්‍රසිද්ධියට අකමැතිය. එසේ වූ විට හොඳ තත්ත්වයේ උළු කැට නිපදවීමට තමාට කාලය හරස්‌වන බව පැවසීය.

    මට ඕනෙ මගේ වෘත්තියෙන් මිනිස්‌සුන්ට හොඳ සේවයක්‌ සලස්‌සන්නයි. අපි කෙනෙක්‌ රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නිලන්ත මහතා අප සමග සංවාදය නිමා කරමින් පැවසීය.

    ඔහු සරලය. එම සරල බව තම දියණියන් තිදෙනාටද ආදර්ශයක්‌ කර ඇත. බිරිඳටද ආභරණයක්‌ කරදී තිබේ. එනිසා ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි.

    උපාලි ද සේරම්
    තරංග රත්නවීර
    පිංතූර - නිශාන් එස්‌. ප්‍රියන්ත
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇස්බැස්ටස් දාන්න එපා මචො... ගොඩක් රටවල් දැන් ඇස්බැස්ටස් පාවිච්චියෙන් අයින් කරල තියෙන්නෙ...ඒකට හේතුව තමා ඇස්බැස්ටස් කියන්නෙ පිළිකාකාරකයක් වීම... වැඩියෙන් ගානක් ගියත් උළුදාන එක තමා හොදම දේ... රස්නෙ ටිකක් හරි අඩු වෙනව ඇස්බැස්ටස් හෝ තහඩු දානවට වැඩිය...:)ෆිනිශින් සිවිළිම ගහද්දි තාර ශීට් හරි ඒවගෙ දෙයක් හරි දානව උලුකැට සහ සිවිලිම අතරට ඒක හින්ද තෙමෙන එක ගැන වැඩිය බය වෙන්න දෙයක් නැහැ...
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    something to now about asbastos

    Asbestos has not been used in domestic building materials since the 1980s but it was not until 31 December, 2003 that asbestos and all products containing asbestos were banned throughout Australia. It is illegal to import, store, supply, sell, install, use or re-use these materials.

    People may be exposed to asbestos in their workplace, their communities, or their homes. If products containing asbestos are disturbed, tiny asbestos fibers are released into the air. When asbestos fibers are breathed in, they may get trapped in the lungs and remain there for a long time. Over time, these fibers can accumulate and cause scarring and inflammation, which can affect breathing and lead to serious health problems (6).
    Asbestos has been classified as a known human carcinogen (a substance that causes cancer) by the U.S. Department of Health and Human Services, the EPA, and the International Agency for Research on Cancer (2, 3, 7, 8). Studies have shown that exposure to asbestos may increase the risk of lung cancer and mesothelioma (a relatively rare cancer of the thin membranes that line the chest and abdomen). Although rare, mesothelioma is the most common form of cancer associated with asbestos exposure. In addition to lung cancer and mesothelioma, some studies have suggested an association between asbestos exposure and gastrointestinal and colorectal cancers, as well as an elevated risk for cancers of the throat, kidney, esophagus, and gallbladder (3, 4). However, the evidence is inconclusive.
    Asbestos exposure may also increase the risk of asbestosis (an inflammatory condition affecting the lungs that can cause shortness of breath, coughing, and permanent lung damage) and other nonmalignant lung and pleural disorders, including pleural plaques (changes in the membranes surrounding the lung), pleural thickening, and benign pleural effusions (abnormal collections of fluid between the thin layers of tissue lining the lungs and the wall of the chest cavity). Although pleural plaques are not precursors to lung cancer, evidence suggests that people with pleural disease caused by exposure to asbestos may be at increased risk for lung cancer.


    2hdctxh.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ පාර බජට් එකෙන් උලු කර්මාන්තෙ ටැක්ස් ෆ්‍රී කලා නේද? උලු මිල අඩු වෙයි එහෙම වුනොත්.
    හැබැයි ඔය මුලින් දාලා තියන උලු වහල කියන්නෙ ලෙඩ. එකක් වහලෙ බර වැඩියි. ඉතිං කල් යද්දි වහලෙ තැන් තැන් වලින් බහිනවා. බිත්ති පුලුරනවා හරියට ෆවුන්ඩේෂන් වැටිලා නැත්තං. අනික කාලයක් ගියාම තෙමෙනවා ඕවගෙ තියන පීලි වල අනං මනං එකතු වෙලා. සීට් වැහුවනං හොඳයි කියලා හිතෙනවා එහෙම වුනාම :dull:
     
    • Like
    Reactions: jeewantha05

    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    machan puluwan nam slab ekak dapan......... mokada siwilim gahala mona kalath slab ekak wage nee
    biththiya poddak issuwanam rasne ne
    aneka ge hadana idama wag thawa idamak gaththa wagene, idama ithuri........
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උළු දාපන් මචන්.ඔය උබ උඩ දාල තියෙන එක පට්ට ගති.

    මේකත් කියවලා බලපන්.

    උළු වහලයක් පට්ට සනීපයි ඉතින්..... හොද තැනක් බලලා උළු ටික ගත්තා නම් හරි.... :yes:


    ඇස්බැස්ටස් දාන්න එපා මචො... ගොඩක් රටවල් දැන් ඇස්බැස්ටස් පාවිච්චියෙන් අයින් කරල තියෙන්නෙ...ඒකට හේතුව තමා ඇස්බැස්ටස් කියන්නෙ පිළිකාකාරකයක් වීම... වැඩියෙන් ගානක් ගියත් උළුදාන එක තමා හොදම දේ... රස්නෙ ටිකක් හරි අඩු වෙනව ඇස්බැස්ටස් හෝ තහඩු දානවට වැඩිය...:)ෆිනිශින් සිවිළිම ගහද්දි තාර ශීට් හරි ඒවගෙ දෙයක් හරි දානව උලුකැට සහ සිවිලිම අතරට ඒක හින්ද තෙමෙන එක ගැන වැඩිය බය වෙන්න දෙයක් නැහැ...


    something to now about asbastos

    පැටියා;19342171 said:
    මේ පාර බජට් එකෙන් උලු කර්මාන්තෙ ටැක්ස් ෆ්‍රී කලා නේද? උලු මිල අඩු වෙයි එහෙම වුනොත්.
    හැබැයි ඔය මුලින් දාලා තියන උලු වහල කියන්නෙ ලෙඩ. එකක් වහලෙ බර වැඩියි. ඉතිං කල් යද්දි වහලෙ තැන් තැන් වලින් බහිනවා. බිත්ති පුලුරනවා හරියට ෆවුන්ඩේෂන් වැටිලා නැත්තං. අනික කාලයක් ගියාම තෙමෙනවා ඕවගෙ තියන පීලි වල අනං මනං එකතු වෙලා. සීට් වැහුවනං හොඳයි කියලා හිතෙනවා එහෙම වුනාම :dull:


    machan puluwan nam slab ekak dapan......... mokada siwilim gahala mona kalath slab ekak wage nee
    biththiya poddak issuwanam rasne ne
    aneka ge hadana idama wag thawa idamak gaththa wagene, idama ithuri........

    Thanks,
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    යුරෝ උළු ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් නැද්ද?

    සින්ක් ඇළුමිනියම් තහඩු ගොඩක් ගනන් නේද?, රස්නේ, වහිනවෙලාවට සද්දේ ගොඩක් වැඩි නේද?