මචං, සල්ලි දීලා ගත්තා කියලා, ඔප්පුවක් තිබුණා කියලා ඉඩමක නිරවුල් අයිතිය තියෙනවා කියලා කියන්න බැහැ. ඒ අයිතිය හොඳ අයිතියක් වෙන්න ඕනේ. පෙර අයිතිය එක්ක බලන්න ඕනේ.
ලංකාවේ නීතිය අනුව සියළුම ඉඩම් අයිති රජයට. රජයෙන් කිව්වොත් අපි ඉන්න පෞද්ගලික ඉඩමක් වුණත් ඒ ඉඩම පොදු යහපත වෙනුවෙන් ඕනේ කියලා අපි ඒ ඉඩම රජයට දෙන්න බැඳිලා ඉන්නවා. එහෙම තමයි ඔය සංවර්ධන ව්‍යාපෘති වලට ඉඩම් පවරා ගන්නේ. ඒත් ඒ තීරණ වලට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. එතනදි මගේ ඉඩම පවරා ගත්තේ පොදු යහපත වෙනුවෙන් නෙමෙයි කියන එක අපි ඔප්පු කරන්න ඕනේ.