නිවාස කිහිපයක් ඉවත් කිරීමක් නිසා උණුසුම් වූ මාතර

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18

    මේ වගේ දේවල් වෙන්නේ කොහොමද. ඉඩම සල්ලි දීලන්ම් අරන් තියෙන්නේ ඔප්පු තියනවනම් කොහොමද අයත් නැති වෙන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රජයේ දේපලවලට ඔප්පු හදලා අවුරුදු 100ක් හිටියත් අයිතියක් නෑ . මුන් රැවටිලා ගත්තද නැද්ද කියලා දන්නෑ . නමුත් නඩුවක් තිබිලත් තියෙන නිසා ඔතනට සල්ලි යටකරපු එකනම් මෝඩකමක් .
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මේ වගේ දේවල් වෙන්නේ කොහොමද. ඉඩම සල්ලි දීලන්ම් අරන් තියෙන්නේ ඔප්පු තියනවනම් කොහොමද අයත් නැති වෙන්නේ.

    මචං, සල්ලි දීලා ගත්තා කියලා, ඔප්පුවක් තිබුණා කියලා ඉඩමක නිරවුල් අයිතිය තියෙනවා කියලා කියන්න බැහැ. ඒ අයිතිය හොඳ අයිතියක් වෙන්න ඕනේ. පෙර අයිතිය එක්ක බලන්න ඕනේ.

    ලංකාවේ නීතිය අනුව සියළුම ඉඩම් අයිති රජයට. රජයෙන් කිව්වොත් අපි ඉන්න පෞද්ගලික ඉඩමක් වුණත් ඒ ඉඩම පොදු යහපත වෙනුවෙන් ඕනේ කියලා අපි ඒ ඉඩම රජයට දෙන්න බැඳිලා ඉන්නවා. එහෙම තමයි ඔය සංවර්ධන ව්‍යාපෘති වලට ඉඩම් පවරා ගන්නේ. ඒත් ඒ තීරණ වලට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. එතනදි මගේ ඉඩම පවරා ගත්තේ පොදු යහපත වෙනුවෙන් නෙමෙයි කියන එක අපි ඔප්පු කරන්න ඕනේ.
     
    නොපරවා ගැනීමෙ සහතියකින් කියවෙන්නේ මොකද්ද
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    නොපරවා ගැනීමෙ සහතියකින් කියවෙන්නේ මොකද්ද

    ඉඩමට අදාළ වරිපනම් බදු හරි වෙන බදු මොනවාහරි ගෙවන්නේ නැතුව හිටියොත් ඉඩම පිහිටි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට ඒ ඉඩම තහනමට ගන්න, පවරා ගන්න පුළුවන්. එහෙම ඉඩම පවරාගෙන නැහැ කියලා අදාළ පළාත් පාලන ආයතනයෙන් දෙන සහතිකේ තමයි ඒක.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    gon athal....you should know that you never can own a land by the government. good work by the government