නිවැරදිව දැනුවත්වෙමු! පිළිකාව ජයගනිමු!

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    නිවැරදිව දැනුවත්වෙමු! පිළිකාව ජයගනිමු!

    නිවැරදිව දැනුවත්වෙමු! පිළිකාව ජයගනිමු!

    මේක මගේ post එකක් නෙමේ නමුත් අපේ රටට ඉතාමත් වටිනා සත්‍ය ලිපියක් නිසා පල කලෙමි...

    38186369_2145721605501127_2123353946205454336_n.jpg



    මීට දශක කීපයකට පෙර ඉතා කලාතුරකින් අසන්නට ලැබුණ පිළිකා රෝග තත්ත්වය අද සමාජය පුරා ම ව්‍යාප්ත වී හමාර ය. ලෝකයේ වසරකට පිළිකා රෝගයට ලක්වන ප‍්‍රමාණය මිලියන ගණනකි. මේ වන විට අප රටේ ද මේ තත්ත්වය ඉතා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර මෙසේ වීමට හේතු සොයා ඊට පිළියම් නො යෙදුවහොත් හෙට දවසේ අප ද අපේ සමීපතමයන් ද පිළිකාවේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නො හැකි වනු ඇත.

    මේ සඳහා හේතු සොයාගෙන යාමේ දී නවීන තාක්ෂණය මේ කෙරෙහි ඍජුව ම බලපා ඇති බව අද බටහිර විද්‍යාඥයන්ට පවා ප‍්‍රතික්ෂේප කිරීමට නො හැකි වී ඇත. මෙහි ඇතැම් කරුණු දැනගත් විට ඔබ මවිතයට පත්වනු නිසැක ය. බහුජාතික සමාගම්, ව්‍යාපාරිකයන් හා ඇතැම් ඖෂධ ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ ව්‍යපාර ජාලයේ ම පුරුකක් වන ඇතැම් මාධ්‍ය මේ සත්‍යය හෙළිදරව් වීම වැළැක්වීමට හැකි සෑම දෙයක් ම කරති.
    එහෙත් යමෙක් මහජනයා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්ත නම් කටුක වුව ද මේ සත්‍යය හෙළිදරව් නො කර සිටිය නො හැකි ය. මන්ද අප කෙසේ වෙතත් අපගේ දූ දරුවන්ටවත් නිරෝගී ජීවිතයක් හිමිකර ගැනීමට ඉඩ පාදා දීම අද දවසේ අපගේ පරම යුතුකම වන බැවිනි.

    මේ පිළිබඳව ගවේෂණයක යෙදීමේ දී පටු ව්‍යාපාරික අදහස්වලින් වෙන්වුණ ලොවපුරා ආහාර විද්‍යාඥයන් මෙන් ම විද්වතුන් හා පර්යේෂකයන් රැුසකගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව නිරෝගී සිරුරු තුළ පිළිකා සෛල නිපදවන පිළිකාකාරක රැුසක් හා පිළිකා අවදානමට එරෙහිව ගත හැකි පියවර ගණනාවක් හෙළිදරව් කර ගැනීමට හැකි විය.

    ඇස තුළින් රිංගන පිළිකා මාරයා

    * දිගු වේලාවක් රූපවාහිනිය හෝ පරිගණක තිර ඉදිරියේ සිටීම ද අහිතකර බව හෙළි වී ඇත.
    * ප‍්‍රමිතියෙන් තොර ඇස් කණ්නාඩි හා අවු කණ්නාඩි.
    * නිවසින් පිටත ආලෝකවත් කිරීම සඳහා හැකි සෑම විටම ක්‍ත්‍ඛ විදුලි පහන් යොදා ගන්න. (මේවා බිඳුන පසු ඉතා විෂ සහිත බැවින් ප‍්‍රවේශමෙන් භාවිතා කරන්න.)
    * ඇස සරසන රූපලාවන්‍ය ආලේපන.

    කන තුළින් රිංගන පිළිකා මාරයා

    * විකිරණශීලිත්වයෙන් වැඩි ජංගම දුරකථන ප‍්‍රබල පිළිකාකාරකයකි.
    * හැකි සෑම විට ම උසස් තත්ත්වයේ ජංගම දුරකථනයක් මිළ දී ගන්න.
    (මිලෙන් අඩු බාල දුරකථනවල විකිරණශීලිත්වය ඉතා ඉහළ ය.)
    * හැකි සෑම විට ම භාවිතය සීමා කරන්න.
    * ඇමතුම් හැකිතාක් කෙටි කරන්න.
    * ඇමතුමක දී දකුණු කන භාවිතයෙන් වළකින්න.
    * hand free උපකරණයක් භාවිත කරන්න.
    * සිරුරට ස්පර්ශ වන අයුරින් තබා ගැනීමෙන් වළකින්න.
    * රාත‍්‍රී කාලයේ දී නිදි යහන ආසන්නයේ තබා ගැනීමෙන් වළකින්න.

    නාසය තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * ටැල්ක් සහිත සියලූ පුයර වර්ග පිළිකාකාරක බව සොයාගෙන ඇත.
    * බොහෝ සුවඳ විලවුන් වර්ග ද අහිංසක නොවන බව අනාවරණය වී ඇත.

    මුව තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සීනි ප‍්‍රබල පිළිකා පෝෂකයකි. හැකි සෑම විට ම අඩුවෙන් භාවිත කරන්න.
    * පැණි රස කෑම සීමා කරන්න.
    * සුදු පිටි වර්ග හා සහල් වෙනුවට නිවුඞ්ඩ සහිත සහල් හා ධාන්‍ය වර්ග ආහාරයට ගන්න.
    * මේස ලූණුවල සුදුපැහැය ලබාගැනීමට යොදන රසායනිකය ප‍්‍රබල පිළිකාකාරකයකි.
    * මොනෝසෝඩියම් ග්ලූටමේට් හෝ එය අඩංගු වෙනත් රසකාරක ප‍්‍රබල පිළිකාකාරක වේ.
    * පොල්තෙල් හැර වෙනත් තෙල් වර්ගවලින් කීප වරක් බැදීම් කිරීමේ දී එහි සංයුතිය වෙනස් වන බව සොයාගෙන ඇත.
    * සෝඩා අඩංගු බීම වර්ග සියල්ල ම ඉතා අහිතකර ය.
    * සකස් කළ මස් වර්ග සියල්ල ම අහිතකර වේ.
    * විවිධ රසායනික වර්ග ගණනාවක් තුළින් දින කීපයක් තුළ දී ලොකු මහත් කර කෘති‍්‍රමව නිපදවන බොයිලර් කුකුල් මස් ද අහිතකර වේ.
    * ක්ලෝරින් අධික ජලය අහිතකර ලෙස බලපායි.
    * මාගරින් වර්ග ද අහිතකර බව සොයාගෙන ඇත.
    * ක්ෂුද්‍ර තරංග උඳුන් මගින් DNA සංයුතිය වෙනස් වන බව සොයාගෙන ඇත.
    * DCD ඇතුළු විෂ රසායන සහිත පිටිකිරි වර්ග ද ඉතා අහිතකර ය.
    * දුම්වැටි ඇතුළු සියලූ මත්ද්‍රව්‍ය පිළිකාකාරක වේ.
    * රතු මස් වර්ග සියල්ල ම සුදුසු නොවන බව සොයාගෙන ඇත.
    * Pet වර්ගයේ සියලූ ප්ලාස්ටික් භාජන දෙවන වර භාවිත නො කළ යුතු වේ.
    * ප‍්‍රමිතියෙන් තොර බත් ඔතන කොළවලට වඩා භාජනයක කෑම ගෙන යා හැකි නම් එය අගනේ ය.

    කය තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සියලූ ඩයි වර්ග හා වර්ණකාරක ද විෂ සහිත ය.
    * සම මත තවරන බොහෝ කෘත‍්‍රිම ආලේපන
    * හිසකෙස් සඳහා යොදන ඇතැම් කන්ඩිෂනර් වර්ග
    * කය නො වෙහෙසා අලසව හා ව්‍යායාම රහිතව සිටීම
    * අධික ස්ථුලභාවය ශරීරය තුළ ඔක්සිජන් රහිත ආම්ලික පරිසරයක් ගොඩනගයි. මෙය පිළිකාවකට අතවැනීමකි.

    මනස තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සිත තුළ දිගුකල් පවතින ද්වේෂය හා වෛරය පිළිකා ඇතිවීමට හේතු වන බව සොයාගෙන ඇත.
    * සිත තුළ පවතින අසහනකාරී බව දැඩි ආතතිය හා කනස්සල්ල ද පිළිකා ඇතිවීමට හේතු වන බව සොයාගෙන ඇත.
    * ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම හා අවිවේකය ප‍්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරවයි.

    පිළිකා වර්ධනය වළක්වන හා ප‍්‍රතිශක්ති පද්ධතිය දියුණු වන කරුණු

    * කෘෂි රසායන නො යෙදූ නැවුම් පලතුරු හා එළවළු හැමවිට ම යහපත් ය. අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු හා පලතුරු තුළින් පිළිකා වර්ධනය වළක්වන එන්සයිම ශරීරයට ලැබේ. නිතර ආහාරයට අමු එළවළු (සලාද, මැල්ලූම් ආදිය) එක්කර ගන්න.
    * නිතර සීනි නො යොදා පලතුරු යුෂ පානය කිරීම ද ඉතා හිතකර වේ.
    * සුදු ලූනු ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
    * කහ ශරීරයේ ගෙඩි සහිත තත්ත්වයන් ඇතිවීම වළක්වයි
    * පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට ගැනීම හිතකර ය.
    * කටු අනෝදා පිළිකා වළක්වන, මර්ධනය කරන පලතුරකි.
    * කැරට් අමුවෙන් ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම ඉතා හිතකර වේ.
    *Green Tea පිළිකා නාශකයකි.
    * විටමින් සී සහ ඊ අඩංගු පලතුරු නිතර ආහාරයට ගන්න.
    * විටමින් D (දිනකට විනාඩි 20ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය සපුරා ගත හැකි ය.*
    * පිරිසිදු ළිං ජලය (ශරීරයේ ආම්ලික ස්වභාවය පිළිකා වර්ධනයට රුකුලක් වේ. පිරිසිදු ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කිරීම හා දිනපතා පිරිසිදු ජලය ස්නානය කිරීම තුළින් සිරුරේ ආම්ලිකතාවය අඩු වේ.)
    * ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා ෙසෙල වර්ධනය සිදු නො වේ. දිනපතා ම ස්ව වායු ව්‍යයාමයන්හි නිරත වන්න.
    * Anti-Oxidant අඩංගු ආහාර ශරීරයේ විෂ තත්ත්වයන් පාලනය කරයි. (ධාන්‍ය වර්ග, සුදු ලූනු, පැණි කොමඩු, වියළි මිදි ආදිය)
    * නිවුඞ්ඩ සහිත සහල් වර්ග (හෙළ පාරම්පරික සහල් වර්ග)
    * සියලූ ම ධාන්‍ය වර්ග හිතකර වේ.
    * කාබන් යම් පුමාණයක් ශරීරගත වීම මගින් ශරීරය තුළ පවතින පිළිකාකාරක විෂ තත්ත්වයන් පහව යන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මෙහි දී ඔවුන් සොයාගෙන ඇත්තේ ග‍්‍රාමීය පරිසරවල වෙසෙන ජනතාව තුළට ආහාර තුළින් කාබන් ඇතුල් වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. (අඟුරුවලින් දත් මැදීමෙන්, බත් දංකුඩ, දර පෝරණු පාන්වල කළු පැහැති කොටස, රොටීවල පිළිස්සුන කොටස් ආදිය ආහාරයට ගැනීමේ දී නිරායාසයෙන් ම යම් කාබන් ප‍්‍රමාණයක් ශරීරගත වන බවයි.)
    * භාවනා කිරීම තුළින් සිරුරේ DNA සංයුතිය යහපත් ආකාරයට වෙනස් වන බවත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
    * තරහ වෛර නොමැති සිතින් වාසය කිරීම, සමාව දීම, මෙත් සිතින් කටයුතු කිරීම හා නිතර සතුටින් සිටීම තුළින් හිතකර හෝමෝන නිපදවන බව ද සොයාගෙන ඇත.

    ඉහත කරුණු අධ්‍යයනය කිරීමේ දී කාරණා දෙකක් පැහැදිලි වේ. එනම් ධර්මානුකූලව බලන කල මාරයාට අයත් ඇස, කන, නාසය, දිව, කය, මනස තුළින් මාරයා විවිධාකාරයෙන් ඇතුළු වීමේ ප‍්‍රවණතාවය තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමග ම සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති බව ය. අනෙක නම් අතීතයේ අප සතුව තිබූ ධර්මානුකූල සරල ග‍්‍රාමීය ජීවන රටාව තුළ ඉහත කී පිළිකාකාරක කිසිවක් ම මුණ නො ගැසෙන අතර පිළිකා මර්ධක බොහොමයක් ම නිරායාසයෙන් ම ලැබී ඇති බව ය.
    මෙම කරුණු දැනගෙන ඔබගේ ජීවන රටාව යහපත් ලෙස හැඩගස්වා ගැනීමෙන් හා එ්වා ඔබේ දූ දරුවන්ට කියා දීමෙන් නිරෝගී මතු පරපුරක් බිහිකර ගැනීමට හැකියාව උදා වේවා යන්න අපගේ පැතුමයි.


    සිංහළ වෙදකම
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    ෆෝන් වලින් නං එක වෙලාවකට හැදෙන්නේ නෑ ලු තව වෙලාවක හැදෙනවලු :baffled:

    TFS ++

    TFS......mobile phone nam komat wadayak ban....

    මේක රිවිර පත්තරේ මේ ගැන තිබ්බ විස්තරයක් මන් දාන්නම්. මේකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා ෆෝන් වලින් වෙන්න පුළුවන් දේ ගැන.


    විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා.

    එමෙන්ම මේ පිළිබද ඉලෙක්ට්‍රෝනික උපාංග පිළිබද විවිධ සමීක්ෂණ ආයතන මගින් ද අවස්ථා ගණනාවකදී හෙළි කරන ලද වාර්තා පෙන්වා දෙන්නේ එමගින් හිසට,මොළයට දැඩි බලපෑමක් ඇතිකරන බවයි.මොළයේ ක‍්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කිරීමට තරම් මෙම විකිරණ ප‍්‍රබල බවට අනාවරණය වී තිබෙනවා.එබැවින් සිරුරට හානි කරන මෙම විකිරණශීලී බවින් වැඩි ජංගම දුරකථන හැකි තරම් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ කටයුතු කළ යුතුයි.

    ලොව පුරා විසිරී සිටින බිලියන 2කට අධික ජංගම දුරකථන භාවිත කරන්නන් මෙම අවදානමට මුහුණ දී සිටින බව පවසන විද්‍යාඥ ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා ඇත්තේ ලොව පුරා ජංගම දුරකථන භාවිත කරන්නන් ලක්ෂ 5කගේ පමණ මොළයේ ආබාධ,දුර්වලතා පිළිබද වාර්ෂිකව තොරතුරු වාර්තා වන බවයි.එමෙන්ම වර්ෂයකට විද්‍යුත්චුම්බක විකිරණශීලීත්වය නිසා මොළයේ පිළිකා තත්ත්වයන් හටගත් අවස්ථා ගණනාවක් ද වාර්තා වන බව ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔබ ඇති දුරකතනය විසිකර දැමීම කළ නොහැකි නිසා මෙවැනි අවදානමකින් වැළකීමට හැකිතරම් ආරක්ෂා වීම සදහා ඔබට ගතහැකි සරල පියවර කිහිපයක් ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා තිබෙනවා.

    ජංගම දුරකතනය භාවිත කිරීමේදී සෑමවිටම headset භාවිත කරන්න.මෙය ඔබේ ජංගම දුරකතනය විහිදුවන විකිරණ මගින් ඔබේ මොළය ප‍්‍රවේශම් කරගැනීමේ සුදුසුම ක‍්‍රමවේදයයි.මේ නිසා විකිරණ කිසිසේත්ම ඔබගේ මොළය හරහා ගමන් නොකරන නිසා විකිරණ නිසා ඇතිවන හිසරදය වැනි මූලික රෝග වැළදීමක් සිදු නොවන බවයි.ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසන්නේ.
    පොදු ස්ථානයකදී හැර ඔබේ නිවසේ හෝ නිදහස් තැනක සිටී නම් Speaker භාවිත කිරීමේ හැකියාවක්ද පවතිනවා.
    කෙටි කාලයක් දුරකතන ඇමතුම් සදහා වෙන් කරන්න.දීර්ඝ ඇමතුම් මගින් විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුව විද්‍යුත්චුම්බක විකිරණ විහිදුවීම ප‍්‍රබල වීමට පටන් ගන්නා බැවින් හැකිතරම් ඇමතුම් සදහා වෙන් කරන කාලය කෙටි කරන්න.
    ඔබට හැකි සෑම අවස්ථාවකම කෙටි පණිවුඩ භාවිතා කරන්න.මෙමගින් ඇමතුම් සදහා ඔබ වෙන්කරන කාලය අඩුවනවා සේම එමගින් ඔබගේ මොළය තුළ විකිරණ ගමන් කිරීමේ ප‍්‍රවණතාව අඩුවේවි.නමුත් ඔබ කෙටි පණිවුඩ යැවිය යුත්තේ ඔබට ඒ සදහා පූර්ණ අවධානය යොමු කළ හැකි නම් පමණයි.නැතහොත් ඔබ ගමන් කරන,රිය පදවන අතරතුර කෙටි පණිවුඩ යැවීම කිසිසේත් නොකළ යුතුයි.
    ඔබ ඇමතුම් ගන්නා අවස්ථාවල ඔබේ සිරුරට ස්පර්ශ වන ආකරයෙන් ජංගම දුරකතනය තැබීමෙන් වළකින්න.ඔබ headset භාවිත කරනවා නම් ජංගම දුරකතනය මේසයක් හෝ වෙනත් තැනක තැබිය හැකියි.අඩු තරමින් ඔබේ සාක්කුවේ හෝ ජංගම දුරකතනය තැබීමෙන් වැළකිය යුතුයි.මන්ද මුළු සිරුරටම මෙම විකිරණ අහිතකර බැවිනි.සිරුරට ස්පර්ශ වන පරිදි ජංගම දුරකතනය තැබීමෙන් විකිරණ මගින් සිදුවන හානියට අමතරව ඔබේ සිරුර තුළ ක‍්‍රියාකාරීත්වයට විවිධ අයුරින් අහිතකර බලපෑම් එල්ල කරනවා.
    ලෝහ වලින් තැනූ ආවරණයක් තුළ ජංගම දුරකතන තැබීමෙන් වළකින්න.ඇතැම් පුද්ගලයන් මතුපිට විවිධ විසිතුරු ලෝහවර්ග වලින් තැනූ ආවරණ තුළ ජංගම දුරකතන රදවා ගනිමින් ඇමතුම් ලබාගන්නා නමුත් එය ඉතාම අහිතකරයි.හැමවිටම ප්ලාස්ටික්,සමින් කරල ලද හෝ රබර් ආවරණ මේ සදහා සුදුසුයි.එමෙන්ම ලෝහ මතුපිටක් මත ජංගම දුරකතන තබාගෙන headset භාවිත කිරීමත් නොකළ යුතුයි.මන්ද ඔබ headset භාවිත කිරීමෙන් විකිරණවලින් ආරක්ෂා වුවත් ලෝහ මතුපිටක් මත තැබීමෙන් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් පවතින නිසා එය සෑම අතින්ම අනාරක්ෂිතයි.
    ඇමතුමක් ලැබෙන සැණින් ජංගම දුරකතනයට පිළිතුරු දක්වන්න එපා.ඇමතුමක් ලැබෙන විට තත්ත්පර කිහිපයක් නාදවන්නට ඉඩ හැර පිළිතුරු දෙන්න.මුල් තත්ත්පර කිහිපය විකිරිණශීලීත්වය වැඩි බවයි පැවසෙන්නේ.
    සංඥා දුර්වල අවස්ථාවලදී සහ ආරෝපණය අවම මට්ටමක ඇති විටෙක ඇමතුම් ගැනීමෙන් වළකින්න.එවැනි අවස්ථාවල ජංගම දුරකථනය මගින් විහිදුවන විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය ඉතා ඉහළ අගයක් ගැනීම මීට හේතුවයි.





    කවුද බෝයි;23478232 said:
    ova kalin balaganna vidiyak nadda. ecg ekakin puluvanda

    හැම එකම බැහැ මන් හිතන්නේ. මම ඕක ගැන හෝදලා වෙනම Post එකක් ලගදීම දැන්නම්.

    28168607_1665400306831432_4832194853450917817_n.jpg


    28058788_1665400333498096_1268956898442661752_n.jpg
    [/COLOR]