නිවැරදිව CV එකක් හදාගමු.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්... ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි..
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    සාර්ථක CV එකක් සාදා ගනිමු - 3 (සාර්ථක CV එකක් කොහො&#

    සාර්ථක CV එකක් සාදා ගනිමු - 3 (සාර්ථක CV එකක් කොහොම විය යුතුද)

    හොඳ CV එකක්, සාර්ථක CV එකක් හදන්න කියල හරියටම කියන්න පුළුවන් ක්‍රමයක් නෑ.

    නමුත් මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි කියල කියන්න පුළුවන්.

    • ඔබ අයදුම් කරන රැකියාවට එය විශේෂිත විය යුතුයි. රැකියා 10කට ඔබ අයදුම් කරනවා නම් ඒ 10ටම එකම CV එක දාන්න බෑ. (එක සමානම රැකියා අවස්ථා හැර) මොකද විවිධ රැකියා සඳහා තිබෙන අවශ්‍යතා වෙනස් නිසා.
    • පැහැදිලිව, පිරිසිදුව තර්කානුකූලව පිළිවෙළකට සැකසූ, පහසුවෙන් කියවිය හැකි ආකාරයට එය සැකසිය යුතුයි. අපිළිවෙළට සැකසූ CV එකක් කියවන්න කවුරුත් කැමති නෑ.
    • එහි තිබිය යුතු සියළුම තොරතුරු තිබිය යුතු අතර කෙටි විය යුතුයි. කිසිම කෙනෙක් කැමති නෑ රචනා වගේ CV කියවන්න.
    • එය අන්තර්ගතය, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ යන ඒවායින් නිවැරදි විය යුතුයි. බොරු දාන, හරියකට දෙයක් ලියාගන්න බැරි කෙනෙක්ව වැඩට ගන්න කවුරුවත් කැමති නෑ. ඔබගේ භාෂා ඥාණය හොඳ යයි ඔබ CV එකෙහි සඳහන් කර ඇතිනම් මෙය තවත් වැදගත්.
    • හොඳ කඩදාසියක ඔබගේ CV එක මුද්‍රණය කරගන්න. දුර්වර්ණ වූ, පොඩි වුනු කඩදාසි වල CV දුන්නොත් එතනින්ම ඔබගේ නොසැළකිළිමත් බව ප්‍රදර්ශනය වනවා.


    තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    සේවා යෝජකයින් එක්ක කරල තිබෙන සමීක්ෂණයකින් මෙවන් තොරතුරු ටිකක් සොයාගෙන තිබෙනවා.

    • ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස වැරදි (56%ක් සේවා යෝජකයින්ට මෙමෙ වරද අසු වෙලා තිබෙනවා) ඉහතත් මේ ගැන කියවුනා. ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස නිවැරදිව CV එක සෑදිය යුතුයි. ඔබට ඒ පිළිබඳ ගැටළු තිබෙනවා නම් හොඳ භාෂා දැනුමැතියෙක්ගෙන් ඔබගේ CV එක නිවැරදි කරගන්න.
    • ඉල්ලුම් කරන රැකියාවට අදාල වන ආකාරයට සාදා නෑ. (21%ක්) මේකත් ඉහත කතා කළා. එක රැකියාවකට හදන CV එකක් තවත් රැකියාවකට නොගැළපෙන්න පුළුවන්. ඉතින් ඔබ රැකියා කිහිපයකට ඉල්ලුම් කරනවා නම් ඒවාට ගැලපෙන ලෙස වෙන වෙනම CV සෑදිය යුතුයි. ඒත් එක්කම කියන්න ඕනෙ නෑනෙ, ඒව පටළවගන්නෙ නැතිව තියාගෙන සම්මුඛ පරීක්ෂණයට, අදාල එක අරන් යන්න ඕනෙ කියන එක.
    • CV එකෙහි දිග හරි හැටි තේරුම් අරගෙන නෑ සහ දුර්වල පෙර රැකියා ඉතිහාසයක් (16%). CV එක ඕනෙවට වඩා කෙටි උනොත් ඔබගේ දුර්වලතාවයක් ඒක. තම පළමු රැකියාවට යන පුද්ගලයෙක්ට උනත් පාසලේ, විශ්ව විද්‍යාලයේ, වෙනත් ආයතනයකදී කල දේවල් පිළිබඳ CV එකට ඇතුලත් කළ හැකි විය යුතුයි. එහෙම කියල ඔනෙ එකයි එපා එකයි ඔක්කොම දාන්න එපා. ගැළපෙන දේවල් දාන්න. රැකියා කිහිපයක් කරල තවත් රැකියාවකට මාරු වෙන කෙනෙක් නම්, පෙර රැකියා වල කල දේවල් පිළිවෙලකට එකතු කරල තියන්න. පෙර රැකියා හරි හැටි කරල නැතිනම් උබට හොඳ ලකුණක් නම් ලැබෙන එකක් නෑ.
    • CV එකෙහි Format එක නිවැරදිව සකසා නෑ හා bullets භාවිතා කරල නෑ. (11%). CV එක තුල පිළිවෙලක් තිබිය යුතුයි. එක් එක් කොටස් පැහැදිලිව වෙන් කරල, එක කොටසක් තුළ දේවල් කියනකොට bullets and numbering හරි හැටි භාවිතා කරල හැදුවෙ නැතිනම් බලන කෙනාටත් එපා වෙනව.
    • තම නිපුණත්වයන් දක්වා නෑ (9%). ඔබට තිබෙන හැකියාවන්, ඔබගේ ධාරිතාවය දක්වන දේවල් අනිවාර්යයෙන් CV එක තුල තිබිය යුතුයි. ඒවත් ඉල්ලුම කරන රැකියාවට අදාල ඒවා පමණයි.
    • අයදුම්කරුවා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක හා ඊ මේල් ලිපින වල ගැටළු (8%). දුරකථන අංකයක් යෙදුවොත් එය කාර්යයාලීය වේලාවන් තුළ සැමවිටම ක්‍රියාකාරීව තිබිය යුතුයි. ඔබ ඉල්ලුම් කළ රැකියාවේ සේවා යෝජකයා ඔබට කොයි වෙලේ කතා කරයිද දන්නෙ නෑනෙ. අනිත් එක ඊමේල් ලිපිනය. වැදගත් පෙනුමක් තිබෙන ඊ මේල් ලිපිනයක් නැතිනම් අලුතින් හෝ සකසා ගන්න. සමහරු හුරතල් නම් කොටස් දාල, Code Names කොටස් දාල තමන්ගෙ ඊ මේල් ලිපින සකසා ගන්නව. සමහරු අමුතු domain තියෙන ඊ මේල් පහසුමක් භාවිතා කරනවා. ඒව එකක්වත් CV එකට දාන්න එපා. ඔබගේ නම තිබෙන professional email address එකක් සකසා ගන්න.
    • අවිනිශ්චිත අනාගත අරමුණු / පුද්ගලික profile එකක් යොදා තිබීම (5%). ඔබට පැහැදිලි අනාගත ඉලක්කයක් තිබිය යුතුයි. එහෙම ඉලක්කයක් නැති කෙනෙක් අරගෙන යම් සමාගමකට වැඩක් තියෙනවද??? අනිත් එක, ඔබ හරි හැටි ඔබව හඳුනාගෙන හොඳ Personal Profile එකක් සකසා ගත යුතුයි. වචන 150ක පමණ ඡේදයක් ප්‍රමාණවත්.
    • සාවද්‍ය තොරතුරු එක් කර තිබීම. (2%). බොරු ලිව්වොත් නම් ඔබ අමාරුවෙ. ඒ නිසා කවදාවත් බොරු නම් දාන්න එපා.
    • (නොගැලපෙන) ඡායාරූපයක් යොදා තිබීම (1%). සමහර සේවා යෝජකයින් ඡායාරූපයක් යොදනවට කැමති නෑ, සමහරු ඡායාරූපය බලල විතරක් ඔබව මනිනව. ඉතින් කෝකටත් හොඳයි ඡායාරූපයක් නොදා ඉන්න එක. (රැකියාවට රූපය අදාල නම් දැම්මට කමක් නෑ)

    සම්පූර්න ලිපිය.
    http://careerguidancelk.blogspot.com/2015/05/make-perfect-cv-part-3-good-cv.html