නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරියි - මහ බැංකු අධිපති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1685005572-nandalal-weerasinghe-jj-L.jpg


    ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවරගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    "මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීමයි."

    "උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය අප මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක්."

    "උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා."

    "70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වන විට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි."

    "අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි."

    "විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම, ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා."

    "එහෙත් එවැනි පියවර, උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වයේ දරුණු ප්‍රතිවිපාක වැළැක්වීමට අවශ්‍ය වනවා."

    "ව්‍යාපාර ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා එය අත්‍යවශ්‍ය වනවා."

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අර නැවේ වන්දිය හොරාකාපු එකටත් හාමු සම්බන්දයි වගේ. නැත්තං හාමු කියන්නෙ කිසි දෙයක් කරගන්න බැරි නෝන්ජල් මැට්ටෙක්. නැත්තං මෙච්චර ලේසියෙක් ගොඩයන්න තිබ්බ වැඩේ කෙලවගනීද?

    දෙකෙන් කොයි එකද බන් @monson @2osama @EVC @hitter @hirashgeff
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහින්ද මහත්තයාගේ ආයෝජන වලට කවුරු කවුරුත් ගෙවන්න එපැයි 😄
     
    • Haha
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,205
    54,994
    113
    Colombo
    හාමුයි,නන්දෙයි 2048 ගේම ගහනව ගුපියනේ.පැනික් වෙන්න එපා :)
     
    • Sad
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • හැම වේදනාවම මිනිස්සුන්ටනෙ ආදර්ශෙටත් එක්ක ඔය පාර්ලිමේන්තු නිකමොන්ගෙ අවුරුදු 5 හෙන් පෙන්ෂන් දෙන එක නවත්තනව වගේ දේවල්, නිල නිවාස වල ඉන්නවට රෙන්ට් එකක් ගන්නව වගේ දේවල් කරන්න ඕන .ඔන්න එතකොටනෙ නිකන් මිනිස්සුන්න්ටත් ගැම්මක් එන්නෙ. රට හදන්න ඔන්න ඔන්න ඔහේ වේලක් නොකා හිටියට කමක් නෑ කියල.
     
    • Like
    Reactions: NRTG