ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවරගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
"මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීමයි."
"උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය අප මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක්."
"උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා."
"70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වන විට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි."
"අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි."
"විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම, ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා."
"එහෙත් එවැනි පියවර, උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වයේ දරුණු ප්‍රතිවිපාක වැළැක්වීමට අවශ්‍ය වනවා."
"ව්‍යාපාර ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා එය අත්‍යවශ්‍ය වනවා."
