නිවැරදි සරණ ගමනය යනු ?
බුද්ධාදී රත්නත්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු,සියල්ලෝ ම ඒ රත්නත්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිත්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙනා රත්නත්‍රය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍රය හැදින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිටක් වශයෙන් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම “සරණ ගමන” යයි කියනු ලැබේ. බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිට සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදී රත්නත්‍රය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ.බෞද්ධයා යනු ද ඔහුට නමෙකි.
⋆ සරණ ගමනයේ ප්‍රභේද
සරණ ගමනයෙහි වනාහි “ලෝකෝත්තර සරණ ගමනය” , “ලෞකික සරණ ගමනය” යි දෙවැදෑරුම් වේ.බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදී ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නුපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයෙන් පුද්ගලයාට ප්‍රහීන වේ.ඉන් පසු රත්නත්‍රය පිළිබද මද සැකයකුදු ඒ ආර්ය ශ්රාවකයාට ඇති නොවේ.ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිවම ඒ අවස්ථාවේදී දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්න වූ ඒ සරණ ගමනය “ලෝකෝත්තර සරණ ගමනය” යි එහි බිදීමක් හෝ කිලිටි වීමක් නැත.ලෝකෝත්තර සරණ ගමනයාගේ සහයෙන් සරණ ගිය අර්යශ්රාවක තමේ මතු භවයකදී වුව ද අන්‍ය ශාස්තෘවරයෙකුගේ පිහිට නො සොයන්නේ ය.අන්‍ය ශාස්තෘවරයෙකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.
සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත්‍රය හැදින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිච්චා ආදී ක්ලේශයන් මැඩ රත්නත්‍රය උතුම් පිහිට සේ සලකා ගන්න වූ පෘතග්ජනයාගේ ඒ සරණ ගමනය “ලෞකික සරණ ගමන” ය.
මෙසේ සිදු වන්න වූ සරණ ගමනය
⋆ආත්මසන්නියන්යයතන සරණ ගමනය.
⋆තත්පරායණතා සරණ ගමනය.
⋆ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය.
⋆ප්‍රණීපාත සරණ ගමනය. යි සතර ආකාර වේ.
එහි ආත්මසන්නියන්යයතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද බුද්ධාදී රත්නත්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීම යි.
තත්පරායණතා සරණ ගමනය යනු” බුද්ධං සරණං ගච්ජාමි, ධම්මං සරණං ගච්ජාමි, සංඝං සරණං ගච්ජාමි”
යනාදීන් භික්ෂු සාමණේරාදෙන් අතුරෙන් යම් කිසිවෙකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍රය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සුදුවන සරණ ගමනයයි.
ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂයෙක් හෙවත් අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි.සංඝයාගේ අතවැසියෙක් වෙමි යැ යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.
ප්‍රණීපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යන්ට කරන උසස් ම ගෞරවය කිරීම වශයෙන් සිදු වන සරණ ගමනයයි.යමෙකු විසින් අන්‍යන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමටම වඩා උසස් කොට සලකන තැනටය.ඒ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ.
"බෞද්ධයාගේ අත්පොත " බුදු දහමේ මුලික කාරණා පැහැදිලි කරයි.මෙය තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසෙකු විය හැකිය.මෙම පොත කිසිවෙකුට පරිත්‍යාග කරන්නා කල්‍යාණ මිත්රයෙකි.ඔහු උසස් ධර්ම ධානයෙහි හිමිකරුවෙකි.හැකි තරම් share කර ඒ ධර්ම දානයෙහි හිමිකරුවෙකු වන්න.
තෙරුවන්සරණයි...!!
ග්‍රන්ථය නොමිලේ Download කර ගැනීමට පිවිසෙන්න http://on.fb.me/1ILwLJe
බම්ප් එකක් දාගෙන යන්න යන්න
සරණ ගමනය (බෞද්ධයාගේ අත්පොත [28 පිට] )

Last edited: