නිවුන් දරුවන්ගේ ගම්මානය - The twin town

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිවුන් දරුවන්ගේ ගම්මානය - The twin town

    නිවුන් දරුවන්ගේ ගම්මානය - The twin town :shocked::shocked:

    wGIDYCU.jpg

    අසාමාන්‍ය නිවුන් දරු උපත් සිදුවන ඉන්දියාවේ '' කෝධිණි '' ගම්මානය

    අසල්වැසි ඉන්දියාව යනු ලෝකයේ විවිධාකාර පුදුම, විශ්මයජනක, අසාමාන්‍යය සිදුවීම්, කතාන්දර,මිනිසුන් ගෙන් පිරුණු තෝතැන්නකි.
    මේ තවත් එවැනි පුදුම සහගත එමෙන්ම ස්ථීර පිළිතුරක් සහ හේතුවක් නොමැති අසාමාන්‍යය ඉන්දියානු ගම්මානයක තොරතුරුයි.
    ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මලප්පූරම් දිස්ත්‍රික්කයේ මලප්පූරම් සිට කිලෝමීටර් 30 පමණ බටහිර දෙසට ( ඉන්දියානු බටහිර වෙරල දෙසට) එන විට මේ අපූර්ව ගම්මානය හමුවේ.

    qxnMFkV.jpg

    tW1uQpq.jpg

    xuLozoJ.png

    වැඩි වශයෙන් මුස්ලිම් ප්‍රජාවකින් යුක්ත මෙහි 2008 වර්ෂයේ සංගණනයන්ට අනුව පවුල් 2000 පමණ ජනතාවකගේ වාසස්ථානය වූ මෙහි ඇති වඩාත් පුදුම සහගත කරුණ නම් ඒ ගම්මානයේ නිවුන් සොයුරු සොයුරියන් යුගල 200 අධික ප්‍රමාණයක් ජීවත් වීමයි.( යුගල 204 සහ ත්‍රිත්ව නිවුන් 2 )
    නමුත් ඉන්දියාව යනු ලොව අවම නිවුන් දරු උපත් වාර්තාවන රටක් වීමද විශේෂත්වයකි.
    Indian express පුවත්පතේ වාර්තාකරුවෙකු වූ '' මිතෝෂ් ජෝශප් '' මේ පිලිබඳ ගවේශනාත්මක වාර්තාකරණයක් ඉදිරිපත්කල මාධ්‍යවේදියෙකි.
    ඔහු මේ අපුරු ගම්මානය සහ එහි වෙසෙන නිවුන් යුගලයන් පිලිබඳ වාර්තා පලකල අතර ජාත්‍යන්තර අවධානයද මේනිසා මේ කුඩා ගම්මානය කෙරෙහි යොමුවිණි.
    තවත් විශේෂ කාරනාව වනුයේ මේ ගම්මානයේ උපත ලබා පසුව වෙනත් ප්‍රදේශ වලින් විවාහපත් වූ ගැහැණුන් හටද නිවුන් දරු උපත් සිදුවීමේ සුලභතාවයක් දකින්නට වීමයි.
    වර්තමානයේ මේ ගම්මානයේ වෙසෙන වයස්ගතම නිවුන් යුගලය වනුයේ
    Pathuty සොහොයුරියන්ය.( 1949 උපත ලැබිය )

    RxeQz29.jpg

    Pathuty සොහොයුරියන්

    වෛද්‍යය වරුන්ගේ නිගමනයන්ට අනුව ඔවුන් අනුමාන කරන්නේ මේ ප්‍රදේශයේ ජලයේ රසායනික සංයුතිය මීට බලපානු ඇති බව වුවත් එය සායනිකව තහවුරු කොට නොමැත.

    වර්ෂ 2008 දී මේ ගම්මානයේ නිවුන් වැසියන් එක්ව '' The Twins and Kins Association '' නමින් ඉන්දියාවේ ප්‍රථම වරට නිවුන් දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් සංගමයක් පිහිටුවන ලදී.

    IRQFZLb.jpg

    uy19IJj.png

    TZumJuJ.png

    HdHiq9V.png

    HdHiq9V.png

    xcBXI3k.jpg

    තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්.
    සටහන මා විසින්
    එහෙනම් කිරී වාසි ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.:yes::yes:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේවා දැකලා අපේ නිවුන් දරුවෝ ඕනා උනුත් එහේ යයිද දන්නේ නෑ වතුර හොයාගෙන. :lol:
    TFS !
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේවා දැකලා අපේ නිවුන් දරුවෝ ඕනා උනුත් එහේ යයිද දන්නේ නෑ වතුර හොයාගෙන. :lol:
    TFS !
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    එහෙම ගියත් පාඩු නෑ නේ :yes::yes:.....මම ඊට වඩා කැමතියි ඒ ගමෙන් ගෑනු කෙනෙක් කසාද බදින්න :lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    එහෙම ගියත් පාඩු නෑ නේ :yes::yes:.....මම ඊට වඩා කැමතියි ඒ ගමෙන් ගෑනු කෙනෙක් කසාද බදින්න :lol::lol::lol:
    ආස ඇති :P මටත් දෙවනියට හම්බ උනේ නිවුන්නු දෙන්නෙක් :P හරියට එක දවසක් නිදාගෙන නැ දැන් අවුරුදු 2 කින් විතර :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආස ඇති :P මටත් දෙවනියට හම්බ උනේ නිවුන්නු දෙන්නෙක් :P හරියට එක දවසක් නිදාගෙන නැ දැන් අවුරුදු 2 කින් විතර :D

    ටහිකෙයි කිව්වලු.....:D:D ඒ වුනාට ඒක මාර ආදරණීයයි බන්. අපෙත් නෑදෑ වෙන අයියා කෙනෙකුට ඉන්නේ නිවුන් දුවල දෙන්නෙක්. කොච්චර ආමාරු වුනත් ඒ ජීවිතේ ආදරේ, සන්තෝසේ පිරිලා බන්. උඹ ඒක අත්දැකීමෙන් දන්නවා ඇති.:love::love:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :lol::lol::lol::lol::lol::lol::lol:මම නම් හෙන ආසයි බන් දෙබිඩි කෙසෙල් කන්න....

    ඉස්සර අච්චිලා එහෙම කෙල්ලොන්ට පූට්ටු වෙච්ච කෙසෙල් කන්න දෙන්නෙ නෑ. හේතුව ඇහුවම කියන්නේ නිවුන්නු හම් බෙනවා කියලා. උබටත් මේවා කෑවා වගේ නෙමෙයි නිවුන්නු හම්බෙයි
    :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉස්සර අච්චිලා එහෙම කෙල්ලොන්ට පූට්ටු වෙච්ච කෙසෙල් කන්න දෙන්නෙ නෑ. හේතුව ඇහුවම කියන්නේ නිවුන්නු හම් බෙනවා කියලා. උබටත් මේවා කෑවා වගේ නෙමෙයි නිවුන්නු හම්බෙයි
    :lol:

    ඒකත් හෙන ෂෝක් ඇති බන්..... :yes::yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ආස ඇති :P මටත් දෙවනියට හම්බ උනේ නිවුන්නු දෙන්නෙක් :P හරියට එක දවසක් නිදාගෙන නැ දැන් අවුරුදු 2 කින් විතර :D

    mage kalin kallage fatta loku hinayak bn eka :rolleyes: :love: eth dan inne duwek eyata.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    Good post mcn.. TFS

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
    :sorry:
    එහෙන් මනමාලයෙක් හොයාගන්න බැරිද දන්නෙ නැ:rolleyes: