නිවුන් දරුවන්ගේ ගම්මානය - The twin town
නිවුන් දරුවන්ගේ ගම්මානය - The twin town

අසාමාන්‍ය නිවුන් දරු උපත් සිදුවන ඉන්දියාවේ '' කෝධිණි '' ගම්මානය
අසල්වැසි ඉන්දියාව යනු ලෝකයේ විවිධාකාර පුදුම, විශ්මයජනක, අසාමාන්‍යය සිදුවීම්, කතාන්දර,මිනිසුන් ගෙන් පිරුණු තෝතැන්නකි.
මේ තවත් එවැනි පුදුම සහගත එමෙන්ම ස්ථීර පිළිතුරක් සහ හේතුවක් නොමැති අසාමාන්‍යය ඉන්දියානු ගම්මානයක තොරතුරුයි.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මලප්පූරම් දිස්ත්‍රික්කයේ මලප්පූරම් සිට කිලෝමීටර් 30 පමණ බටහිර දෙසට ( ඉන්දියානු බටහිර වෙරල දෙසට) එන විට මේ අපූර්ව ගම්මානය හමුවේ.
වැඩි වශයෙන් මුස්ලිම් ප්රජාවකින් යුක්ත මෙහි 2008 වර්ෂයේ සංගණනයන්ට අනුව පවුල් 2000 පමණ ජනතාවකගේ වාසස්ථානය වූ මෙහි ඇති වඩාත් පුදුම සහගත කරුණ නම් ඒ ගම්මානයේ නිවුන් සොයුරු සොයුරියන් යුගල 200 අධික ප්‍රමාණයක් ජීවත් වීමයි.( යුගල 204 සහ ත්‍රිත්ව නිවුන් 2 )
නමුත් ඉන්දියාව යනු ලොව අවම නිවුන් දරු උපත් වාර්තාවන රටක් වීමද විශේෂත්වයකි.
Indian express පුවත්පතේ වාර්තාකරුවෙකු වූ '' මිතෝෂ් ජෝශප් '' මේ පිලිබඳ ගවේශනාත්මක වාර්තාකරණයක් ඉදිරිපත්කල මාධ්‍යවේදියෙකි.
ඔහු මේ අපුරු ගම්මානය සහ එහි වෙසෙන නිවුන් යුගලයන් පිලිබඳ වාර්තා පලකල අතර ජාත්‍යන්තර අවධානයද මේනිසා මේ කුඩා ගම්මානය කෙරෙහි යොමුවිණි.
තවත් විශේෂ කාරනාව වනුයේ මේ ගම්මානයේ උපත ලබා පසුව වෙනත් ප්‍රදේශ වලින් විවාහපත් වූ ගැහැණුන් හටද නිවුන් දරු උපත් සිදුවීමේ සුලභතාවයක් දකින්නට වීමයි.
වර්තමානයේ මේ ගම්මානයේ වෙසෙන වයස්ගතම නිවුන් යුගලය වනුයේ
Pathuty සොහොයුරියන්ය.( 1949 උපත ලැබිය )
Pathuty සොහොයුරියන්
වෛද්‍යය වරුන්ගේ නිගමනයන්ට අනුව ඔවුන් අනුමාන කරන්නේ මේ ප්‍රදේශයේ ජලයේ රසායනික සංයුතිය මීට බලපානු ඇති බව වුවත් එය සායනිකව තහවුරු කොට නොමැත.
වර්ෂ 2008 දී මේ ගම්මානයේ නිවුන් වැසියන් එක්ව '' The Twins and Kins Association '' නමින් ඉන්දියාවේ ප්‍රථම වරට නිවුන් දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් සංගමයක් පිහිටුවන ලදී.
තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්.
සටහන මා විසින්
එහෙනම් කිරී වාසි ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.

Last edited:

මටත් දෙවනියට හම්බ උනේ නිවුන්නු දෙන්නෙක් 