නිවුනු සොයුරිය සොයා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    1,625
    2,155
    113
    1024px-Space_probe_Venera_on_the_venus_surface_(artist_recreation).jpg



    මව් පොළවේ නිවුන් සොයුරිය කවුද? හඳද? අඟහරුද? සිකුරුද?

    ඇත්තටම මහ පොළවේ නිවුන් ග්‍රහයා කියන්නේ සිකුරු ග්‍රහයාටයි. ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සමානයි. ඝණත්වයෙන් සමානයි. හැබයි සම්පූර්ණයෙන්ම ජීවයට විරුද්දයි. වායුගෝලයෙන් 90% වක්ම වගේම කාබන් ඩයොක්සයිඩ් වලින් පිරිලා තියෙන්නේ. ඒ හින්දා සම්පුර්න වායුගොලයම අතිවිශාල හරිතාගාරයක් වගේ. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 420ක් පමණ වන අතර එම අගය ඊයම් උනු කිරීමට ප්‍රමාණවත්. පීඩනය වායුගොල අනු දෙකක්. මුහුදේ කිලෝමීටර 1 කක ගැඔුරක ඇති පීඩනයට සමාන අගයක්. සල්පියුරික් ඇසිඩි වලින් සෑදුන වලාකුළු වලින් සම්පූර්ණ ආකාෂයම වැහිලා

    1982 දී මේ කෘර ලොකය මතු පිටට පිටසක්වල යානයක් ගොඩ බානවා. විනාඩි කිහිපයකින් පොළව විදන සද්දයකින් මුළු ප්‍රදේශයම වැහිලා යනවා. විනාඩි ගාණකට පස්සේ යානය‍ෙන් නිකුත්වෙන රොඩියෝ සංඥාවකින් සිකුරු ග්‍රහායාගේ පොළව හැදිලා තියෙන්නේ අවුරුදු පහකට පමණ පෙර හැදුණු අධිඋශ්ණත්වයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයකින් කියලා වාර්ථාවක් යවනවා. මේ ඇත්තටම සිකුරු මත ගොඩබෑ සෝවියට් වෙනෙරා 14 යානයෙන් පොළවට එවන ලඳ සංඥාවයි. සිකුරු මතට ගොඩ බෑ අවසාන යානාව වූ වෙනෙරා 14 යානය තම කැමරා කවරයම විද වැරදි ප්‍රතිඵලයක් පෘතුවියට එවන ලද තවත් අසාර්ථක මෙහෙයුමක් වූ ආකාරයයි. ඇත්තටම එය අසාර්ථක මෙහෙයුමක්ද?

    1956 දී පලමු වරට රේඩියෝ දුරේක්ෂ මගින් සිකුරුගේ මතුපිට නිරීක්ෂණය කිරීමේදි උෂ්නත්වය සැලකියයුතු මට්ටමකින් ඉහල බව නිරික්ෂණය කර තිබුණද මතුපිට උෂණත්ව පිඪනය උෂ්ණත්වය වැනි සාධක පිළිඹදව වැඩි අවබෝධයක් ලබාගත නොහැකි ව පැවතුනි. ඒ ඝන වලාකුළු වලින් ආවරණය වී තිබූ මතුපිට රේඩියෝ සංඥා වලට බාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. නමුත් සීතල යුද්ධයේ අභ්‍යාවකාෂ යුගය ප්‍රථම වරට තවත් ග්‍රහලෝකයක් ගවේෂණයට මඟ පෑදීය.

    1961 දී ඇමරිකානු මයිනර් යානයට තරඟයක් දීම සදහා රුසියානුවන් විසින් තම පලමුවන අන්තර් ග්‍රහලෝක යානය පළමු සිකුරු කොරිඩෝවේදී පිටත් කළ අතර යානය රොකර්ට්ටුවෙන් වෙන්වීමටත් ප්‍රථම විනාශ වී ගියේය. දෙවන යානය (venera 1) රොකට්ටුවෙන් ගැල වුනත් ගමනාන්තයට පෙර සියළු සබඳතා වලින් ඉවත් වී ගියේය. නමුත් සිකුරු කරා ගිය පලමු යානය බවට එය පත්විය. 1962 වසරේ ඇමරිකානු මයිනර් 1 යානයට අත්වන්නෙත් පළමු යානයට අත්වූ ඉරනමමයි. ඊළඟ වසර 5 තුල අවස්ථා දහයකින් සර්ථක වන්නේ එකම ඇමරිකානු යානය වූ මයිනර් 2 යානය පමණයි. නමුත් එහි ප්‍රධාන මෙහෙයුම සෞරග්‍රහමන්ඩලය ගවේෂනයයි.

    1967 දී සොවියට් අභ්‍යාවකාෂ වැඩසටහන මුහුණ දී තිබූ දුෂ්කර තත්වයත් සමග ප්‍රධාන කාර්යංෂය සතුව පැවති විශාල වැඩ කොටසක් වෙනත් කාර්‍යංෂ වලට පවරා දීම අනුව වෙනෙරා වැඩසටහන ලවොච්කීන් ආයතනයට ලබා දෙන අතර දෙවන ලෝක යුද්ධය සමයෙහි ලා 5 වැනි ගුවන් යානා නිෂ්පාදනය කල එම ආයතනයට ලැබෙන මුල් යානා මේවන විටත් බොහෝ දුරට නිර්මාණය කර අවසන් තත්වයේ පැවතිණි. එම යානා අතරින් වැනේරා 3 සිකුරුගේ වායුගෝලය තුලට ඇතුළුවූ අතර වැනෙරා 4 පළමු සාර්ථක යානය ලෙස සිකුරුගේ වායුගෝලිය දත්ත පොලවට එවන ලදී. නමුත් සිතුරුගේ කර්කෂ ස්භාවය විසින් මතුපිටට කිලොමීටර 27 ක් තිබියදී හා මව් යානයෙන් වෙන්වී විනාඩි 93 තට පසු යානය පොඩිකර දමන ලදී ඒවන විට යානය තුල උෂනත්වය සෙලසියස් 270 ක් හා පීඩනය වායුගෝල 22 ක් ලෙස සටහන්ව පැවති අතර යානය කිසිලෙසකවත් එවැණි තත්ව දරාගැනීමට සැලසුම් කර නොතිබිණි. ඊළඟ යානා දෙකටද මෙම සිදුවීමම සිදුවන බව දැන දැනත් යවන ලද වැනේරා 5 සහ වැනේරා 6 ද වායුගෝලය තුල විනාෂ වූ අතර ක්‍රමානුකූලව මතුලිටට සමිප විය. විනාඩි 54 , 52 ක කාලයක් මෙම යානා දෙක දත්ත සැපව්වත් මෙම යානා දෙකම පැරිෂුට් පද්දතියේ කරන ලද වෙනස් කම් මත ගමන් කරන ලද දුර වැඩි වන ලදී.

    1970 දියත්කිරීමේ කොරිඩෝව තුල පළමු ගොඩබෑමේ යානය දියත්කරන ලද අතර 1970 දෙසම්බර් මස නියමිත කක්ෂය තුලදී වැනේරා 7 යානය දියත් කරන ලදී. යානය සාර්ථකව පලමු අදියර පසුකරන ලද අතර කර්කෂ සිකුරු පැරිෂුටය විනාෂකර දමන ලදී. අවසානයේ පැයට කි.මී. 60 ක වේගයෙන් සිකුරු මත ගැටිනි. යානය සමඟ සියළු සබඳතා ගිලිහිනි. නමුත් පසුව කරන ලඳ නිරික්ෂන වලින් මව් යානව විසින් හසුකර ගන්නා ලඳ ඉතා දුර්වල සංඥාවකින් යානයේ අහිරහස විසදිණි. වැලාවලට වඩා යාන්කමට ඝණති පොළවෙහි වැදුනු යානය වැරදි දිසාවකට මුහුණලා සිටීම නිසා ලැබෙන සංඥා මව් යානයට ග්‍රහනය වීම දුර්වල විම නිසා යානය මිය ගියැයි සිතා තිබීමයි. යානය විනාඩි 29 කිායාත්මක වි තිබිනි. වැනේරා 8 පලමු වරට සිකුරු මතට සාර්ථකව ගොඩ බෑ අතර විනාඩි 56ක් සිකුරුගේ කර්කෂ පරිසරය තුල ක්‍රියාකිරිමට ටයිටෙනියම් වලින් සකස් කරන ලඳ මෙම යානයට හැකිවිය.

    70 දසකය තුල වැඩිදියුනු කල නව සැලසුමකට අනුව නිපද වු යානා හතරක් දියත් කරන ලද අතර මුල් යානා දෙක පලමු වතාවට සිකුරු මත ජායාරූප ලබා ලැනීමටත් වෙනත් දත්ත ලබා ගැනීමටත් හැකිවු අතර තාක්ෂණික දෝෂ නිසා කැමරා ලෙන්ස් කැප් විවෘත්‍ර නොවීම මත බලාපොරෙත්තු වූ දත්ත ලබා ගැනීම සම්පූර්ණ කර ගැනීමට හැකිවුයේ නැත. නමුත් ඊළඟ යානා දිත්වය වූ වැනෙරා 11 සහ වැනෙරා 12 වල කැමරා ලෙන්ස් කැප් දෙකම විවෘත්‍රවූයේ නැත. නමුත් වෙනත් දත්ත පොළවට එවන ලඳ අතර ක්‍රමානුකූලව තම ආයු කාලය විනාඩි 53 සිට 110 තෙක් වැඩි කර ගැනීමට සහ පොළව පිළඹඳව දත්ත සපයන ලදී.

    516px-Cut-away_model_of_a_Soviet_communications_satellite.jpg


    1981 82 කාලය තුල අවසාන ගොඩබැසීමේ යානා වූ වැනේරා 13 සහ 14 යානා දියත් කරණ ලදී. විනාඩි තිහක සහතික කරන ලද ආයුකාලයකින් යුක්තවු මෙම යානා පැලැටිනම් වලින් නිලදවන ලද පීඩන කුටියකින් සමන්විතවූ අතර බොහෝ පරේක්ෂන උපකරණ පිටත සවිකරණ ලදීග පළමු වතාවට වර්ණ කැමරාවකින් සමන්විතවු මෙම යානා සර්ථක ගමනතින් පසු සිකුරු මත ගොඩ බෑ අතර ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ලබා දෙමින් විනාඩි 120ක් හා විනාඩි 54 ක් දත්ත සම්ප්‍රේෂණය කරනලදී. වැනේරා 14 තම කැමරා ලෙන්ස් කැප් එක විදිමින් ලබා දුන් වැරදි සංඥාව ඇර සම්පූර්ණ මෙහෙයුමම සම්පූර්ණ සර්ථකත්වයක් ලබා ගන්නා ලදී. සිකුරු මත ඇති ශබ්දයන් පවා යානා මගින් සන්ප්‍රේෂණය කරන ලද අතර එමගින් සුළං වේගය පිළිඹදව ලබා ගත් දත්ත මගින් කෘර කටෝර වායුගෝළයකින් යුතු සිකුරු පුදුමාකාර ලෙස නිසංසල සුළඟකින් යුතු බව සොයා ගන්නා ලදී

    The-Venus-surface-at-the-landing-sites-of-VENERA-14-The-VENERA-panorama-has-been.png



    අවසාන වැනේරා යානා ලෙස 15 සහ 16 යානා ගුවන්ගත කල අතර එම යානා සම්පූර්ණ යෙන් සාර්ථක වෙමින් තම ගමන නිමා කලත් එම යානා රේඩාර් නිරික්ෂණ පමනක් දත්ත ලබා ගැනීමට සකස් කල ඒවා විය. ඇමරිකානු මයිනර් 5 සහ පයිනියර් වීනස් මෙහෙයුම් පවා වායුගේලීය මෙහෙයුම් වලට පමනක් සීමා වු අතර අවසාන සොවියට් මෙහෙයුම් ලෙස වේගා යානා මගින් වැනෙරා 14 ට සමාන ගොඩ බැසීමේ යානා දෙකක් නිකුත්කල අතර වේගා දෙක ගොඩබැසීමේ යානය සර්ථක මෙහෙයුමක් සිදුකල අතර වේගා 1 යානය සාර්ථක ගොඩබැසීමක් සිදු කලද වායුගෝලීය කැළබීමක් නිසා විද්‍යාත්මක උපකරණ ගොඩ බැසීමට පෙර ක්‍රියාත්මක විය. වේගා මෙහෙයුම් සිකුරු වලට වඩා හැලීගේ වල්ගා තරුව නිරීක්ෂණයට සැකසූ ඒවා විය. ඇමරිකානු මැගලන් යානය මගින් රේඩාර් මගින් සිකුරු ග්‍රහයා සිතියම් ගත කරන ලඳ අතර අවසාන යානය ලෙස ජපාන යානයක් මේ වන විට සිකුරු වටා කක්ෂ ගතව සිටී.

    සොවියට් දේෂය බිද වැටීම සමග නැතිවූ තාක්ෂණ අතරට වැනේරා සීත කිරීමේ තක්ෂණයත් එක්වූ අතර මේ වන විට එවන් කටෝර තත්වයන් යටතේ කියා කරහැකි කිසිදු යානාවක් නිෂ්පාදන මට්ටමේ නැත. එමෙන්ම නැවත කිසිදිනක සිකුරු තුළට ගොඩ බානු ඇතයි සිතීමට නොහැක.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    14,031
    11,801
    113
    Kuwait-Galle
    බලහන් ඉතින් නැති උන ඉතාමත්ම වටිනා තාක්ෂණ දැනුමක්....
    සොවියට් දේෂය බිද වැටීම සමග නැතිවූ තාක්ෂණ අතරට වැනේරා සීත කිරීමේ තක්ෂණයත් එක්වූ අතර මේ වන විට එවන් කටෝර තත්වයන් යටතේ කියා කරහැකි කිසිදු යානාවක් නිෂ්පාදන මට්ටමේ නැත. එමෙන්ම නැවත කිසිදිනක සිකුරු තුළට ගොඩ බානු ඇතයි සිතීමට නොහැක.
    සුපිරි ත්‍රෙඩ් එක මචන්.. අසාවෙන් කියෙව්වේ..
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,625
    2,155
    113
    බලහන් ඉතින් නැති උන ඉතාමත්ම වටිනා තාක්ෂණ දැනුමක්....
    සැහෙන්න දැනුම නැතිවෙලා තියනවා බන්. ලෝහ වර්ග ගනනාවක් හදන හැටි නැත්තටම නැතිවෙලා තියනවා. රුසියාවේ විතරක් නෙමේ ඇමරිකාවේ පවා. අද සැටර්න් රොකට් එන්ජිමක දහන කුටිය හදන්න දන්න එකෙක් නැහැ. ලේත් වැඩ වලට.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,602
    5,415
    113
    ඇයි අහන්නේ,එන්නද
    සැහෙන්න දැනුම නැතිවෙලා තියනවා බන්. ලෝහ වර්ග ගනනාවක් හදන හැටි නැත්තටම නැතිවෙලා තියනවා. රුසියාවේ විතරක් නෙමේ ඇමරිකාවේ පවා. අද සැටර්න් රොකට් එන්ජිමක දහන කුටිය හදන්න දන්න එකෙක් නැහැ. ලේත් වැඩ වලට.
    Ei e
     
    • Like
    Reactions: S.GUNE