May 13, 2023 at 10:02 pm | lanka C news
කොළඹ නගරයේ කැරලිකාරී තත්වයක් ඇති කිරීමට සංවිධානාත්මක පිරිසක් උත්සාහ කරන්නේ රජයට ලද බුද්ධි තොරතුරු මත කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ම ආරක්ෂාව තර කිරීමට ඊයේ රාත්‍රියේ සිට කටයුතු කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සංවිධානාත්මක පිරිසක් මෙම කටයුත්තට සූදානම් වන බවට ලද තොරතුරු මත ඒ අවට ආරක්ෂක අංශ රැඳවීමට පියවර ගැනීමත් සමඟ එම උත්සාහය අසාර්ථක වී ඇතැයිද පොලිසියේ ඒ ආරංචි මාර්ග කියා සිටී.
750ක් පමණ පිරිසක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කැරලිකාරී ලෙස හැසිරෙන්නේ යැයි ලද බුද්ධි තොරතුරු අනුව මෙසේ කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණි.
මෙම වැඩපිළිවෙළට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව මෙන්ම ගිනි නිවන රථ කැඳවා ඇත.