කොහොම වුනත් හොදම දේ සහරාන් ගෑන හොයන්නේ නෑතිව උපදේස් නොදී හිටපු මුස්ලිම් කෙනා තමන් වෙනුවෙන් කතා කරන්න අරන් තියෙන්නේ සින්හල ලෝයර් කෙනෙක්
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට "අපහාස කළ සාක්ෂිකාරියක්" වශයෙන් නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා එම කොමිසමෙන් ඊයේ (17) ඉල්ලීමක් කළේය.
ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතා මෙම ඉල්ලීම කළේ, තමන් නීතිඥවරයෙකු ලෙස ප්‍රශ්න විමසු අවස්ථාවේ සාක්ෂිකාරිය, ප්‍රතිචාර දැක්වු අකාරය පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළ කරමිනි.
ජනාධිපති කොමිසමට නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය කැඳවා තිබුණේ 2019 ජුනි මස 19 වැනිදා
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය.
එම නිවේදනය නිකුත් කර තිබුනේ නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබු සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයට අදාළ ලිපි ගොනුවක් සම්බන්ධයෙන් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙසය.
ඇය පැවසුවේ, "මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළේ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අප දෙපාර්තමේන්තුව අසළට පැමිණ සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්. සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් 2018 ජුලි 07 පිටු 300ක ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදුන්නා කියලා හිමිනම ප්‍රකාශ කර තිබුණා. සත්‍ය වශයෙන්ම එම ලිපි ගොනුව, දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 2019 මැයි 06 වැනිදා. මේ පිළිබඳව නීතිපතිවරයා එවක වැඩබලන පොලිස්පතිවරයාට 2019 ජුනි 18 උපදෙස් ලිපියක් යැව්වා. ඒ ලිපිය පදනම් කරගෙනයි නීතිපතිවරයාගේ වාචික උපදෙස් පරිදි මා මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ," යනුවෙනි.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා, "මෙම නිවේදනයේ තියෙනවාද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යොමුකළ ප්‍රශ්නගත ගොනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් වරදක් හෝ පැහැර හැරීමක් සිදුව නැහැ කියලා."
"එසේ සඳහන් වෙනවා ස්වාමිනි. නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපිය යොමුකරන අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මෙම සිදුවීමට අදාළව කිසිදු අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබුණේ නැහැ," නිශාරා ජයරත්න මෙනෙවිය පිළිතුරු දුන්නාය.
එහිදි කොමිසමේ සභාපතිවරයා යළි විමසා සිටියේ, "2020 නොවැම්බර් 27 වැනිදා මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ඔබ දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ කර ඇත්නම්, එයයි ඔබ ඊට පෙර නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණුයි එකිනෙකට පටහැනි නේද," යනුවෙනි.
"මාධ්‍ය නිවේදනය නිකුත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් දාලා අභ්‍යන්තරය විමර්ශනයක් සිදු කිරීමට පෙර. පසු අවස්ථාවකයි කමිටුව මගින් විමර්ශනයක් කර නිර්දේශ ඉදිරිපත් කළේ," යැයි රජයේ අධිනීතිඥවරිය පිළිතුරු දුන්නාය.
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබීය.
"ඔබ ඔය නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළ 2017 වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් උපදෙස්දීමට තරම් තොරතුරු EER 08 /2017 ගොනුව තුළින් ඉදිරිපත් කරලා නැහැ කියන්නේ ඒ වෙද්දි නීතිපතිවරයා දරපු මතය නේද?"
"2019 ජුනි 18 නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යැව්වේ උපදෙස් ලිපියක්. ඒක මතයක් නෙමේ. ඒ මතයි මම මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ, නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරින් දෙදෙනා වැරැද්දක් කළේ නැහැ කියලා නීතිඥතුමා මගේ කටින් ගන්න උත්සහ කරන්නේ මම එක පිළිගන්නේ නැහැ," යැයි නිශාරා ජයරත්න මෙනවිය පිළිතුරු දෙමින් පැවසුවාය.
ඇය එම පිළිතුර ලබාදුන් ස්වරූපයත් සමග ජනාධිපති නීතිඥවරයා "කවුද ඔබේ විනය නිලධාරියා" යැයි විමසීය.
"මම හිතන්නේ නැහැ සභාපතිතුමනි මේ නීතිඥවරයා අසන ප්‍රශ්න මේ කොමිසම විසින් සොයා බලන විෂය පථයට අදාළයි කියලා," රජයේ අධිනීතිඥවරිය ජනාධිපති කොමිසම ඉදිරියේ කීවාය .
"මේ කොමිසම පත්කරලා තියෙන එක අරමුණක් තමයි මේ බෝම්බ ප්‍රහාර සිදුවීමේදි රජයේ නිලධාරින් අතින් යම් පැහැරහැරීමක් සිදුවෙලා තිබුණා ද යන්න සොයාබැලීම. ඒ නිසා ඔබ මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂිකාරියක් විතරයි," යනුවෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව යළි ප්‍රශ්න ඇසීම ආරම්භ කළ ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා, "ඔබ නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළ නීතිපතිවරයාගේ මතය වෙලා තියෙන්නේ 2017 වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය උපදෙස්දීමට තරම් ගොනුවක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ කියන එක නේද?" යැයි විමසීය.
"මේ නිවේදනයට පදනම් වු ලිපිය සකස් කළේ මම නෙමේ. ඒක හැදුවේ රටේ නීතිපතිවරයා. ඔහුගේ මතය මට ප්‍රකාශ කරන්න බැහැ," නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.
එහිදි ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලු ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා, " ස්වාමිනි මම නීතිඥවරයෙකු ලෙස මෙම සාක්ෂිකාරියට ප්‍රශ්න යෝජනා කළත් ඇය ඒවාට සෘජු පිළිතුරු නොදි වෙනත් දේ පවසනවා. ඒ නිසා මම මේ ගරු ජනාධිපති කොමිසමට යෝජනා කරනවා මෙම සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන්න කියලා," යැයි සඳහන් කළේය.
ඊට පිළිතුරු දුන් නිශාරා ජයරත්න මෙනෙවිය, "ගරු සභාපතිතුමනි මම කිසිම අවස්ථාවක කොමිසමට අපහාස කළේ නැහැ. මට දැන් හිතෙනවා නීතිඥ සහයක් ලබාගත යුතුයි කියලා. ඒ නිසා මට නැවත පැමිණෙන්න දිනයක් ලබාදෙන්න," යනුවෙන් පැවසුවාය.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, ලබන 21 වන සඳුදා පෙරවරු 10ට නීතිඥ නියෝජනයක් සහිතව පෙනී සිටින ලෙස සාක්ෂිකාරියට දන්වන ලෙසය