නිෂ්පාදකවරුන් 80000 ක් සිටින සිනමා පටයක්..

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    නිෂ්පාදකවරුන් 80000 ක් සිටින සිනමා පටයක්..



    1978794_274678289361705_1009166469_n.jpg


    :rolleyes::rolleyes:



    හෙළ සිනමාවට තවත් නවක ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු හඳුන්වා දෙමින් දිගහැරෙන “වරිගපොජ්ජ“ සිනමාපටය හෙට දිනයේ පටන් බොරැල්ල රිට්ස් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන් හි ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත.මේ චිත්‍රපටය සමඟින් තවත් මතු බලාපොරොත්තු තැබිය හැකි මෙරට සිනමාවට එක්වන මේ සිනමාකරුවා නමින් තුෂාර තෙන්නකෝන් වේ.
    නන්දසිරි ගමගේ ගේ ‘වරිගෙ’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටයේ එක් විශේෂයක්ද පවති.ඒ මේ සිනමාපටයට නිෂ්පාදකවරුන් 80000ක් සිටීමයි.මෙරට වැඩිම නිෂ්පාදකවරු සංඛ්‍යාවක් දායකත්වය සැපයූ සිනමාපටය ලෙස ඉතිහාසගත වන මේ සිනමාපටයේ බැරපැන දරා ඇත්තේ කාන්තා සමුපාකාරය මගිනි.එහි වු සමාජිකයින් සියලු දෙනාම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වශයෙන් මෙහිදි හඳුන්වනු ලැබේ.
    ජගත් මනුවර්ණ, සෝමවීර ගමගේ, නදීශානී නිලුක්‍ෂි, නයනා හෙට්ටිආරච්චි සමඟ පුපාලසිංහම් ෂදීපන් රංඟනයෙන් දායකත්වය සපයන මෙහි අධ්‍යක්‍ෂණය මෙන්ම තිර රචනය ද තුෂාරගෙනි. නන්දසිරි ගමගේ විධායක නිෂ්පාදකවරයාය. විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. සංස්කරණය සහ නිෂ්පාදන සැලසුම්කරණය ජයන්ත අංගම ගෙනි. උදය ප්‍රසන්න සහාය අධ්‍යක්‍ෂවරයාය. ධම්මික හේවාදූවගේ ගේ කලා අධ්‍යක්‍ෂණයකි. ජයන්තා රණවක අංග රචනයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් ද, ප්‍රවීන් ජයරත්න වර්ණ සංකලනයෙන් ද, දයා වලේබොඩ මූල්‍ය කළමනාකරණයෙන් ද මේ සඳහා එක්ව ඇත.


    14525_274678342695033_1752449723_n.jpg


    1654257_274678169361717_1517707727_n.jpg


    1782008_274678292695038_1469448205_n.jpg


    1920351_274678332695034_926591232_n.jpg


    http://cinema.lk/new-sinhala-film-releases/






     
    • Like
    Reactions: nitrox and stv

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    අනේ මන්ද බං රීබොන්ඩින් කරපු ලෙයර්ස් කපපු ඩයි දාපු බාගෙට අඳින කැකුලියෝ නම් ඔය ඕනිතරම් ඉන්නෙ:oo: ඕක තනිකරම වේ* නිරූපණයේ වැරැද්ද:dull:

    ප.ලි. අර වානරයාගේ මුණ නම් සිරාවට ඇවිල්ල තියෙනවා:yes:
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඒ කැකුළිගේ කිසිම වැදී ගතියක් නෑනෙ බං:dull:

    ඒක නම් මටත් හිතුනා
    අපිට පේන හැටිද නැත්තම් අපි බලන හැටිද මන්දා
    කොහොම වුනත් සම්පූර්ණ චිත්‍රපටය බලන්න වෙනවා හරියටම දැන ගන්න
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    කැකුලිගෙ රෙද්ද තව ටිකක් කොට උනනම් බලන්ඩ යන්ඩ තිබ්බා...:)
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    වෙනස් තේමාවක් සහිත චිත්‍රපටියක් වගේ.. බලන්නත් හිතෙනවා හෝල් ඒකට ගිහිල්ලා :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :):)වෙනස් තේමාවක් , හොඳ වැඩක් , අඩුපාඩු තිබුනත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න ඕනේ රටක සිනමාව දියුණු වෙන්නේ:):)
    :P උබලට නං ඉතිං ගෑනිගේ රෙද්ද තිබුනොත් ඇති :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :):)වෙනස් තේමාවක් , හොඳ වැඩක් , අඩුපාඩු තිබුනත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න ඕනේ රටක සිනමාව දියුණු වෙන්නේ:):)
    :P උබලට නං ඉතිං ගෑනිගේ රෙද්ද තිබුනොත් ඇති :P

    uba Robinhood wage ekek neda? hmmmm ubalage jathiye film ekak wageda :dull:
     

    Similar threads