නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්
නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්
පියදාස රණසිංහ
ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි චන්දි රසිකා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිංගික අතවරයක් කළ බවට තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අයෙකු මෙම මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකරු අකුරේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අතවරයට ලක්වූ බව කියන නිළිය විසින් මිරිහාන අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලිසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඇය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව තමා බත්තරමුල්ල සෙත්සිරිපාය අසල මාර්ගය අයිනේ රැඳී සිටින විට සැකකරු පැමිණ තමා ඔහුගේ ජීප් රියට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් ටයි පටියකින් දෑත් පිටුපසට කර බැඳ දමා එම රිය තුළදීම අතවරයක් කළ බව කියයි.
කාලයක් තිස්සේ පැමිණිලිකාරිය හා එම සැකකරු අතර මිත්‍රත්වයක් පවත්වාගෙන ගොස් පසුව අමනාපයෙන් සිටි බවද අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ විනිසුරු ධම්මික හේමපාල මහතා වැඩිදුර විමර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කළේය.
http://www.divaina.com/2014/12/05/news27.html