නිළියන්ගේ_කැරැට්ටුව සුනිල් ටී හෙළි කරයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    නිළියන්ගේ_කැරැට්ටුව සුනිල් ටී හෙළි කරයි

    මම ගෙනාපු තරුණ නිළියක් දවස් හතට සල්ලිකාර පෙම්වත්තු හත් දෙනෙක් තියාගෙන හිටියා" සුනිල් ටී ප්‍රනාන්දූ නිළියන්ගේ කැරැට්ටුව හෙළි කරයි.

    7837287528av-15.jpg


    ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කර තිබෙන්නේ ඔහු ය. නමින් සුනිල් ටී ප්‍රනාන්දු වන ඔහු නොදන්නා කෙනෙක් සිටිය නොහැකි තරම්.
    සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නළු නිළියන් අතර ගෙවෙන ඔහුගේ ජිවීතය හා පෞද්ගලික තොරතුරු පිළිබදව පසුගිය දින ඉරිදා පුවත්පතකට ඔහු හෙළිකර තිබුනා.
    පහතින් දිග හැරෙන්නේ ඔහුගේ එම සංවාදයයි.



    • ඔබ ආදරය හොඳින් විඳින කෙනෙක් නේද?

    අනිවාර්යෙන්ම, මොකද මට තරම් නිළියන්ගේ ආකර්ෂණය වැඩි කෙනෙක් තවත් ඉන්නවා ද දන්නේ නෑ. නිළියෝ විතරක් නෙවෙයි විවිධ ක්ෂේත්‍රවල ඉන්න කාන්තාවන් පවා මාත් එක්ක යාළුකම් පවත්වනවා. විජය කුමාරතුංග, එච් ආර්. ජෝතිපාල, සනත් ගුණතිලක, රන්ජන් රාමනායකට නිළියන්ගෙන්, කාන්තාවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබුණා කියනවා. ඒ සියලු දෙනාත් මාත් එක්ක ආශ්‍රය කරලා තිබෙනවා. නළුවෙක් නොවී කාන්තාවන්ගේ ආකර්ෂණය දිනාගන්න මට හැකිවී තිබෙනවා. ඒ ගැන අාඩම්බරයක් තිබෙන්නේ. ඉතිං ඒ හින්ද‌ා මම හොඳට ආදරය විඳින කෙනෙක්.


    • ඔය විඳින ආදරය මුලින්ම සිතේ හටගත්තේ කොයි කාලයේද?

    මා හිතන්නේ පාසල් යන කාලයේ. එතකොට අවුරුදු 14-15ත් විතර ඇති. පාසල් කාලයේ ආදර සබඳතා ගොඩක් තිබුණා. මම ඒ කාලයේ ක්‍රීඩා කළා. එයින් ලොකු ජනප්‍රියත්වයක් මට තිබුණා. ඒකත් එක්ක ගැහැනු ළමයි මට කැමති වෙනවා. එතනදී මාත් හැමෝටම ආදරය කරනවා. ලව් එක කැඩෙනකොට ඒ ගැහැනු ළමයි තරහා වෙනවා. සමහර වෙලාවට යාළුවෙලා ඉන්නකොටත් තරහවෙනවා. එතකොට බූට් එකක් දෙනවා. ඊට පස්සේ එයා මට බූට් එකක් දෙනවා. එහෙම දේවල් හරියට සිද්ධ වුණා.



    • ඔබ අනංගයා වගෙයි පාසල් කාලයේ ඉඳලා තිබෙන්නේ, ඒ කාලයේදී ගැහැනු ළමයි තුන්දෙනකුට එකවර ආදරය කරන්න ගිහින් ගුටිකන්න ගියා නේද?

    ඔව්. මම ජනප්‍රිය නිසා අනංගයා වගේ තමයි හිටියේ. ඔය ගුටිකන්න ගිය කතාව ඔබ දන්නේ කොහොමද? ඒක හරිම රසවත් සිද්ධියක්. මම පාසල් ඇරුණම ගැහැනු ළමයින් තුන්දෙනෙකුට තැන් තුනකදී හමුවෙන්න වෙලාවන් දුන්නා. එක ළමයෙක්ට ලුනාව ස්ටේෂන් එකේ පස්වරු 2.00ට, අනෙක් ළමයාට 2.15ට මොරටුව ස්ටේෂන් එකට, අන්තිම ළමයාට 2.30ට මොරටුව ශාන්ත සෙබස්තියන් පල්ලියේ. ඉතිං මම පළමු ගැහැනු ළමයා හම්බවෙන්න ගියාම එයා එතැන හිටියේ නෑ. එතකොට මට පාපැදියක් තිබුණේ. ඒකෙන් තමයි පාසල් ගියේ. ඊට පස්සේ මම ​ෙදවැනි ළමයා ඉන්න තැනට ගියා. එයත් එතැන නෑ. පස්සේ බයිසිකලය පැද්ද‌ා තුන්වැනි ළමයා හම්බවෙන්න. ඒ ළමයා හිටියා. මම හිනාවෙන් එයත් එක්ක කතාකරනකොට මම දැක්කා අර අනෙක් දෙන්නා දෙපැත්තෙන් එනවා. මම දැනගත්තා ෂුවර් එකටම මට ගහන්න තමයි එන්නේ කියලා. එතකොට බයිසිකලය පදින්න හදනකොටම අර ගැහැනු ළමයා මගේ පොත් බෑග් එක උදුරගත්තා. මම දැනගත්තා මෙතැන හිටියොත් තුන්දෙනාම මට ගහන බව. පොත් බෑග් එක ද‌ාලා ගෙදරටම පෑගුවා. ගෙදර යනවිට එක ගෝරියයි.


    • ඒ කිව්වේ එතකොට ගෙදරට මේක අාරංචි වෙලාද?

    ඔව්. නංගි ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත්. එයා තාත්තට ලොකු කම්ප්ලේන් එකක් දුන්නා. පොඩි අයියා ක්ලාස් එකේ ගැහැනු ළමයි තුන්දෙනෙක් එක්ක යාළුවෙලා, ඒ ළමයි තුන්දෙනාම නංගිගේ මුහුණට කෙළ ගහලා තිබෙනවා. එයාට ඉස්කෝලේ යන්න බැහැ, වෙන ඉස්කෝලෙකට ද‌ාන්න කියලා කිව්වා. තාත්තා මට අඬගහලා ඇහැව්වා, මොකක්ද වුණේ කියලා. මම කිව්වා හිතවත්කම් තිබෙනවා, එච්චරයි කියලා. එතකොට තාත්තා, නංගිට ඉස්කෝලේ යන්න ඉඩ තියපන්. මට තවම අතට අහුවුණේ නෑ. අතට අහුවුණොත් උඹගේ අඬු කඩනවා කිව්වා. එය මට ජීවිතේට අමතක නොවන සිද්ධියක්. ඒ වගේම අප්‍රමාණ සුන්දර ආදර කතා මට තිබුණා.


    • ඔය අතරේ තාත්තගේ යාළුවෙක්ගේ දියණියකටත් ඔබ ආදරය ප්‍රකාශ කළා නේද? ඒකට මොකද වුණේ?

    ඔව් ඒ කතාව ඇත්ත. ඒ ප්‍රේමය තමයි මගේ හිතට හොඳට තදින් වැදුණු එක කියලයි මට හිතෙන්නේ. අපේ තාත්තගේ බේකරිය ඉස්සරහා තිබූ තාත්තගේම ශාන්ත මේරි ස්ටෝර්ස් ඉදිරිපිට ගෙදර තාත්තගේ යාළුවෙක් හිටියා. අපේ පවුල් දෙක හොඳ යාළුවෝ. ඉතිං අපි එකතුවෙලා මඩු පල්ලියට ගියා. එතකොට මට අවුරුදු 17ක් විතර ඇති. තාත්තා ඉතිං යාළුවෝ ඔක්කොම ලොරියේ ද‌ාගෙන තමයි මඩු පල්ලි ගියේ. ඒ මුදලාලිගේ දුව හරිම ලස්සනයි. අන්තිමේදී මම ඒ ළමයත් එක්ක යාළුවුණා. ඒකට ගෙවල්වලින් පොඩි කැමැත්තකුත් තිබුණා. ඒවත් කාලයත් එක්ක නැතිවෙලා ගියා.
    අද එයා කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. මගේ මිත්‍රත්වය එද‌ා වගේම අදටත් තිබෙනවා. මා හිතන්නේ අාදරෙයි කියලා දෙයක් තදට වැදුනේ එයා එක්ක සම්බන්ධ වුණාට පස්සෙයි.


    • ඒ කාලයේ කෙල්ලන්ට ලව් කරද්දී ඔබට තෑගි එහෙම හරියට ලැබෙන්න ඇති නේද?

    මට හරියට තෑගි බෝග ලැබුණා. මේස රෙදි, චොකලට්, ලේන්සු වගේ ගොඩක් දේ කෙල්ලන්ගෙන් ලැබුණා. පාසල් කාලයේ මට හිටියා හොඳ යාළුවෝ දෙන්නෙක්. සින්ක්ලෙයාර් ක්ලෝස් හා ඩන්ස්ටන් පීරිස් කියලා. ඒගොල්ලෝ තමයි මා වෙනුවෙන් ලව් ලෙටර්ස් ලියන්නේ. ඒ ගැහැනු ළමයි ලව් ලෙටර්ස් එව්වාම, ඒවාට උත්තර ලියන්නේ මේ දෙන්නා. එක්කෙනෙක් ඉංග්‍රීසියෙන් ලියනවා. අනෙක් එක්කෙනා සිංහලෙන් ලියනවා. මම එතකොට ශිෂ්‍ය නායකයෙක්. ළමයින්ගේ වැඩ කරන්න වෙලා තිබෙන නිසා පාසලේ කැපී පෙනෙන චරිතයක් වුණා. මගේ උදේ පීරියඩ් 2ක් මේ වැඩවලට යනවා. ඒ යාළුවෝ දෙන්නා තමයි මගේ ඒ පීරියඩ්වල සටහන් පවා ලියා දෙන්නේ. මම යවන විදිහට ගැහැනු ළමයින්ට ලියුම් යවන්නෙත් මේ දෙන්නයි. තෑගි බෝග ලැබෙන්නෙත් ඒ දෙන්නා අතටයි. මට ඉතින් ඔක්කොම ඔවුන් කියනවා. තෑගි කියන්නේ චොකලට්, කජු වගේ ඒවා අපි කෑවා. ඒ අයට කෑව විත්තිය කියන්න කියලා මට කියනවා. මාත් ඉතිං ඒ විදිහට දිගටම වැඩ කරගෙන ගියා.

    එක දවසක් ගැහැනු ළමයෙක් හමුවෙලා මම එවපු ලේන්සු ටික ඇයි එව්වේ කියලා ඇහුවා. එතනදී යාළුවන්ගෙන් මට පණිවිඩය හරියට හම්බවුණේ නෑ. මම කිව්වා මට එව්වේ නැහැනේ. ‘නෑ ඔයා මට ආපහු එවලා තිබෙනවා, ලේන්සු දුන්නාම තරහා වෙනවා කියලා’ මම කිව්වා, ඇත්තද, ආ .. මම එව්වා නේන්නම් කියලා කතාව ෂේප් කරගත්තා. ඒ වගේ වැරැදිත් වෙනවා. ඒ අතීතය හරිම සුන්දරයි. ගොඩක් දේවල් ඔය වගේ තිබෙනවා.


    • ඔබට මේ අතරින් තදටම හිතට වැදුණු ලව් එක මතකද?

    තදටම ලව් එක ගියේ අපේ තාත්තාගේ කඩේ ඉස්සරහා ගෙදර හිටිය ළමයා. ඒක මට ටිකක් තදට වැදුණා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇවිල්ලා කිව්වා මට එයාව කසාද බඳින්න ඕනෑ කියලා. මම එයාව බඳිනවා. මට ඒකට පර්මිෂන් දෙන්න කියලා. මම බැලුවා , ඇයි දෙවියනේ මගෙන් ඇවිල්ලා පර්මිෂන් ඉල්ලන්නේ. මම කිව්වා, ඔයා එහෙනම් බඳින්න. හැබැයි මාත් එයාට ආදරේ කරනවා කියලා. ඒ ප්‍රේමය මට තදින් වැදුණා. බොහොම සුන්දර ලව් එකක්. ඒක තවමත් මට මතකයි.


    • පාසල් අවධියෙන් පස්සේ කොහොමද ඔබගේ ප්‍රේම සම්බන්ධතා ඇතිවුණේ?

    පාසල් කාලයත් එක්ක අර ප්‍රේම සබඳතා නැතිවෙලා ගියා. ඊට පස්සේ රැකියාවක් කරන අදහස තමයි ආවේ. අපේ තාත්තට ව්‍යාපාර ගණනාවක් තිබුණා. එතකොට තාත්තට අවුරුදු 50ක් ඇති. දවසක් අයියවයි මාවයි ගෙන්වලා මොනවද කරන්න කැමති ව්‍යාපාර කියලා ඇහුවා. මම කිව්වා කැමති පික්චර්වලට කියලා. අයියට අනෙක් ඒවා දෙන්න කියලා. අයියා තමයි ග්‍රොසරි, බේකරි, ෂොප් සියල්ල එයා භාරගත්තා. මට පොල්ගස්ඕවිට වැලන්ටයින් සිනමා ශාලාවක් අරන් දුන්නා. අපේ තාත්තා වැලන්ටයින් මුදලාලි විදිහට මොරටුවේ ජනප්‍රිය චරිතයක්. ඒකත් එක්ක තමයි මම ජීවිතය ආරම්භ කරන්නේ. එතකොට චිත්‍රපට 3ක් (ඩිංගිරි මැණික, දෙයියන්ගේ රටේ, චන්ඩාලි) අරන් දුන්නා. ඒවත් එක්ක තමයි ඊට පස්සේ ජීවිතය ගත කළේ. තාත්තාට එතනදී තද විශ්වාසයක් මා කෙරෙහි තිබුණා. ඒ නිසා බය නැතුව මුදල් තාත්තා දුන්නා. ඒ කාලයේ ප්‍රේමය ගැන එතරම් ඔළුවට ආවේ නෑ.
    හැබැයි ඒ කාලයේ හැම ගර්ල් කෙනෙක්ම කතා කොළොත් ඉතිං සම්බන්ධයක් තමයි. මට වඩා වැඩිමල් ගැහැනු හම්බවුණත් ඒ අයත් එක්කත් සබඳතා තියාගත්තා. මට එය සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ගැහැනු කෙනෙක් එක්ක යාළු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වුණා. මම යාළුවූ, සබඳතා තියාගත් සමහරු අද වයසට ගිහින්. සමහරු මැරිලා. සමහර දේවල් මාධ්‍යට හෙළිකරන්න බැරි තරම් කතා තිබෙනවා. ඒ වගේ වැරදුණු තැන් ගොඩක් තිබෙනවා. කොලුකමට, කොලු කාලේ කරන දේවල් අසීමිතව මම කරලා තිබෙනවා.


    • පසු කාලයේදී ඔබ ජනප්‍රිය නිළි සෝනියා දිසා එක්ක චිත්‍රපට කරන්න ගත්තා. ඇයත් සමඟ ප්‍රේම සබඳතාවක් ඔබ ගෙන ගිය බවයි ප්‍රචාරය වුණේ. ඇත්තද ඒ කතාව?

    මෙහෙමයි. සෝනියා දිසා කියන්නේ මට අවුරුදු 27ක් වැඩිමල් කාන්තාවක්. මට පාසලේදී සිදුවූ අසාධාරණකම් හින්ද‌ා ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. එකකොට මම පළමු චිත්‍රපට 4 “චන්ඩි පැටවු, කෝ හතුරෝ, මද්දුමබණ්ඩාර, පුතුනි මට සමාවෙන්න” කියන ඒවා කරලා තිබුනේ “කෝ හතුරෝ” චිත්‍රපටය කරන කාලයේ සෝනියා දිසා හඳුනාගත්තේ. සෝනියා කිව්වා, “සුනිල් මේ යන විදිහට ෆිල්ම් කළොත් කවද‌ාවත් ඔයාට දියුණු වෙන්න බැහැ. ඔයා මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම නළු නිළියෝ දෙන්නම්. ඔයා මුදල් ද‌ාන්න” කියලා තමයි අපි පළමු චිත්‍රපටය “ජය අපටයි” පටන්ගත්තේ.
    එහිදී අපි දෙන්නාගේ බැඳීම හරිම ශක්තිමත් වුණා. එය තද බැඳීමක් වුණා. මෙතනදී මට එයා අම්මා කෙනෙක් වගේ උදව් කළා. එතකොට මම තරුණ ළමයෙක්. එයාගේ පුතත් මගේ වයසට ආසන්නයේ හිටියේ. අපි ගෙවල් උගස් කරලා “ජය අපටයි” අමාරුවෙන් කළේ. එතකොට මම ෆිල්ම් හතරම ෆේල්වෙලා හිටියේ. අදටත් එයාට මම ගරුකරනවා. එයා වැදගත් නෝනා කෙනෙක්. ඒ හමුවීම මිනිස්සු එක එක විදිහට හිතන්න ගත්තා. එක එක දේවල් කිව්වා.
    කාලයක් මට මතකයි සෝනියා - සුනිල් ටී. කිව්වාම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලයි මිනිස්සු කිව්වේ. ඒ තරමට අපේ බැඳීම ශක්තිමත් වුණා. ඒ දෙන්නා එකට ඉන්නවා කියන හැඟීම් මිනිස්සු තුළ තිබුණා. අවුරුදු 12-13ක් කාලය තුළ මම එයා එක්ක චිත්‍රපට 12ක් විතර කළා. ඒවා ඉතා සාර්ථක වුණා.එයාගේ ගෙදර තමයි මම එතකොට නැවතිලා හිටියේ. මිනිස්සු අනන්ත අප්‍රමාණ කතන්දර කිව්වා. මට ඒක අද‌ාළත් නෑ.
    මම තාත්තාට, සහෝදරයන්ට කියලයි චිත්‍රපටවලට ආවේ. සෝනියා නිසා තමයි මට තැනකට එන්න ලැබුණේ. අපි ඊට පස්සේ තියටර්ස් ගත්තා. ඒක හරි සුන්දර ජීවිතයක්. ​සෝනියා මට අලුත් ජීවයක් ලබාදුන්නා කිව්වොත් නිවැරැදියි.


    • ඔබ නිෂ්පාදකයෙක් හින්ද‌ා නිළියන්ගෙන් හරියට යෝජනා එන්න ඇති නේද? ඔවුන් ඔබෙන් මුදල් බලාපොරොත්තුවෙන් නේද සබඳතා ඇතිකරගත්තේ?

    හැම කෙනාම ආදරය තමයි බලාපොරොත්තු වුණේ. ඔය අතරේ මුදල් බලාපෙරොත්තු වූ අයත් හිටියා. මම හැමෝටම ආදරේ කරන කෙනෙක්. ආදරය කියලා ෂේප් වෙලා මඟ හැරයන්න තමයි ගොඩක් වෙලාවට මම කරන්නේ.


    • දුරදිග ගිය සම්බන්ධයක් ඔබ නිළියන් එක්ක තබා ගත්තාද?

    එහෙම කියන්න බැහැ. මම කෙළින් කතා කරන කෙනෙක්. නිළියෝ එක්ක මගේ සබඳතා තිබුණා. එහෙම කියලා මම හංවඩු ගහන්න තරම් කෙනෙක් නෙවෙයි. හැමෝටම ආදරය කරනවා. හැමෝම එක්ක සතුටු වෙනවා. ඒක ඒ වෙලාවට ඉවර වෙන විදිහට තමයි මම ගොඩක් වෙලාවට වැඩ කළේ.


    • ඔබ කාන්තාවන් සතුටු කරන්නෙක් බවට පත් වුණා නේද?

    සමහර වෙලාවට මම හරි නිදහස් විනෝදකාමී පුද්ගලයෙක්. මම විහිළු කරනවා. ඒ අය ඒවාට කැමතියි. මම සුන්දර දේවල් කරන්නේ. මගේ හිතේ දේවල් ඒ අයට දැනෙනවා ඇති. ඒ හින්ද‌ා තමයි මගෙත් සතුටක් බලාපො​ෙරාත්තුවෙන් ඔවුන් සබඳතා ඇති කරගන්නේ.


    • ඔබට විවාහයක් ගැන සිතුනේ කොයි කාලයේද?

    මට විවාහයක් ගැන සිතුනේම නෑ. මේ නිළියොත් එක්ක, කාන්තාවන් එක්ක සබඳතා තියාගෙන ඉන්න කාලයේදී මට විවාහයක් ඕනෑ වුණේ නෑ. මගේ වයස අවුරුදු තිස් ගණනටම ගිහිල්ලා කියලා මට දැනුණේ නෑ. මාව ගොඩක් දෙනා දන්නවා. හැම කෙනා එක්කම යාළුවෙනවා. සාමාන්‍ය ජීවිතයේ හැටි කියලයි හිතාගෙන හිටියේ. මට කිසි විශේෂයක් දැනුණේ නෑ. මට එකපාරටම දැනුණා, මම දැන් වයසට යනවා නේද කියලා. එතකොට මම සෝනියා හා කරූට කිව්වා, මට කසාද බඳින්න ඕනෑ කියලා. ඔවුන් උදව් කරන්නම් කිව්වා. මගේ හොඳම යාළුවා ජීවන් කුමාරතුංග ඔහුට මම කිව්වාම, ඔහු කිව්වේ සෝනියාගේ ගෙදරින් යන්න කියලයි. ගිහිල්ලා විවාහයක් කරගනිං කියලයි. ඒ වගේම සෝනියාගේ ගෙදරින් මම ගියා. සියලු දෙන දේවල් දීලා. ඊට පස්සෙයි විවාහයක් කරගත්තේ.


    • ඔබේ බිරිඳ හමුවීමත් සුන්දර කතාවක් වගෙයි කියලයි ආරංචි වුණේ, ඇත්තද ඒ කතාව?

    ඔව්, ඒක ඇත්තටම සුරංගනා කතාවක් වගෙයි. යුනයිටඩ් මෝටර්ස් අධිපතිතුමා බැඳලා සිටියේ මම විවාහ කරගත් කෙනාගේ අක්කාව. දවසක් ඒ ගෙදර කෑමකට මම ගියා. මම එද‌ා තමයි මගේ බිරිඳව මුලින් දැක්කේ. ඇය ඉලංගිකා. මට වඩා ගොඩක් බාල බව පෙනුනා. මම හිතුවා මෙයා තමයි මගේ නෝනා වෙන්න ඕනෑ කියලා. මම එයාට කැමතියි. පස්සේ මම සුරේෂ්ට ඒ ගැන කිව්වා. ඔහු කිව්වේ, මෙයාට කවුරුහරි ඉන්නවාද දන්නේ නෑ. බලමු කියලයි. එතකොට මටත් ගර්ල් ෆෙන්ඩ්ලා තුන්දෙනෙක් ඉන්නවා. මම ඔහුට කිව්වේ මාස 6ක් කල් දෙන්න කියලයි. දෙසැම්බර් වෙන විට කසාද බඳින්නම් කියලා. හැබැයි මේ ගර්ල් කිසි දෙයක් දන්නේ නෑ. මම තනියෙන්ම තමයි ප්ලෑන් කරන්නේ. දැන් යාළුවෙලා ඉන්න තුන්දෙනා නතර කර ගන්න එක තමයි මට ප්‍රශ්නය තිබුණේ. කොහොම හරි ක්‍රමානුකූලව, විවිධාකාර උප්පරවැට්ටි පාවිච්චි කරලා, ඒවා ඔක්කොම අයින් කරගත්තා. ඊට පස්සේ බඳිනවා කියලා උත්තර දුන්නා.


    • ඒ විවාහයත් වැඩිය ප්‍රසිද්ධ නොකර කරගත් එකක් නේද? ඇයි එහෙම කළේ.? කවුරුහරි කඩාකප්පල් කරයි කියලා සිතුවාද?

    නැකැත්, හඳහන් මුකුත් නෑ. මගේ ජීවිතයේ කිසිම දවසක ඒවා නෑ. මම එයාගෙන් උපන් දිනය ඇහුවා. දෙසැම්බර් 18 කිව්වා. මගේ උපන් දිනය දෙසැම්බර් 21. මම කිව්වා, දෙසැම්බර් 21 බඳිනවා කියලා. කැමති වුණා. හැබැයි ඔයාලගේ පවුලේ අය විතරයි, මගේ පවුලේ අය විතරයි. වෙන කවුරුත් කියන්න බැහැ. මම ආසා ඒකටයි කිව්වා. අරගොල්ලො ආවොත් මේක කඩකප්පල් වෙනවානේ. මම දින තීන්දු කරගත්තා. ජීවන්ට කිව්වා විවාහයට අත්සන් කරන්න එන්න කියලා. එද‌ාට චන්ද්‍රිකාගේ ජනාධිපතිවරණය ඉලේක්ෂන් එක තිබෙනවා. මඟුල ගන්න හම්බවෙන එකකුත් නෑ. එද‌ාට කචල් තියෙයි කිව්වා. ඊට පස්සේ දෙසැම්බර් 18 වයිෆ්ගේ උපන් දිනය දවසේ විවාහ වුණා. දැන් බැඳලා අවුරුදු 20ක් විතර වෙනවා. රාහු කාලය, නැකැත් මුකුත් නෑ, එද‌ා බැන්ද‌ාට වඩා සතුටින් අද ඉන්නවා. මට නැතිවුණේ රිකී පුතා විතරයි. ඔහු තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. ‘‘හීන හොයන සමනල්ලු’’ චිත්‍රපයත් ඒ කතන්දරය ‘‘බේස් ’’ කරලා තමයි හඳලා තිබෙන්නේ. අද අපි හොඳට පවුල් ජීවිතය ගෙනියනවා. මම ඉලංගිකාට ආදරේට කියන්නේ ‘‘කිකී’’ කියලයි.


    • ඔබේ බිරිඳ රූමත් කාන්තාවක්. ඔබ නිළියන් හා වෙනත් කාන්තාවන් එක්ක සබඳතා පැවැත්වීම ගැන එයා මොන වගේ ප්‍රතිචාරද දැක්වූයේ.?

    විවාහ වුණාට පස්සේ එවැනි සබඳතා මම තියාගත්තේ නෑ. හිතවත්කමක් විතරයි තිබෙන්නේ. මම වයිෆ්ට ආදරෙයි. මගේ ලෝකේ එයයි දුවයි විතරයි දැන් ඉන්නේ. නමුත් ඉතිං එක එක ප්‍රහාර එල්ල වෙනවා. වයිෆ්ට් එක එක්කෙනා කෝල් දෙනවා. මම අහවලා එක්ක ඉන්නවා, යට ඇඳුමේ පාට මේකයි කියලා. ගැහැනු තමයි කෝල්ස් දෙන්නේ. පිරිමි දෙන්නේ නෑ. මේ දවස්වලත් කෝල් එනවා. චිත්‍රපටයක් රිලීස් කරන කොට වයිෆ්ට එක එක කෝල් දීලා පවුල් කඩන්න හදන්නේ. එතකොට මගේ බිරිඳ (කිකී) ඒවාට හොඳින් උත්තර දීලා පැත්තකට වෙලා ඉන්නවා. ඒතරමට මගේ වයිෆ් හරිම හොඳයි. එයාට එන කෝල් එක පවා මට කියන්නේ නෑ. සමහර වෙලාවට එයා අප්සට් එකේ ඉන්න කොට මම අහනවා. එතකොට මට කියනවා, අද කෝල් එකක් ආවා, එ්ක හරි දරුණු එකක් කියලා. මට කවද‌ාවත් මගේ වයිෆ් ඒ අයගේ නම් මාත් එක්ක කියලා නෑ. මම අහන්නෙත් නෑ. මම කරන කර්මාන්තයේ වැරැද්දක් තමයි ඒ. එහෙම ලෝකයක තමයි අපි ජීවත්වෙන්නේ. මගේ වයිෆ් උගත්, නැණවත්, වචනයේ පරිසමාප්ව තියෙනවා. හොඳ නෝනා කෙනෙක්. ඒ නිසා තමයි ජීවිතයේ අන්තිම කාලයේ හරි එයා මා ළඟ ඉන්න බව මට විශ්වාසයක් තිබෙන්නේ. ඒ වගේම දුවත් මට විශ්වාසයි. එයා මේ වසරේ O/L කරනවා. ඒ දෙන්නාගේ විශ්වාසය මත තමයි මම අදටත් ජීවත් වෙන්නේ. කිකීට මමත් ආදරෙයි. කිකීත් මට ආදරෙයි.


    • නිෂ්පාදකවරු නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා කියනවා. ඔබ ඒ කියමනට එකඟද?

    එහෙම කියනවා නම් නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා නම් වැඩියෙන්ම ගන්නේ මම වෙන්න ඕනෙ. මොකද මම තමයි නළු නිළියෝ තෝරන්නේ. නිළියන්ගෙන් අහන්න බලන්න ඔවුන් මා එක්ක සම්බන්ධතා තියාගත්තත් ඒවා කියන එකක් නෑ. එහෙම මගේ නෑ. නමුත් හිතවත්, පාටිවලදී නටනවා, කනවා, බොනවා. හැමදේම එකට කරනවා. මිනිස්සු එතනදී පද හදනවා. මගේ වයිෆ් හරිම අවබෝධයෙන් ඉන්නේ. එයා බද‌ාගෙන කන කෙනෙක් නම් එතන ප්‍රශ්නයක්. නමුත් එයා ඒවා ගණන් ගන්නේ නෑ. ඒ වගේ නෝනා කෙනෙක් මට හුමුවුණ එක ලොකු පිනක්. එයා හරි විවෘත කෙනෙක්. කවද‌ාවත් මට නීති ද‌ාලා නෑ. එහෙම පවුල් මා දැක තිබෙනවා. එයා කියන්නේ දුවටත්, එයාටත් අවනම්බුවක් නොවන විදිහට ජීවත් වෙන්න කියලයි. ඕනෑම දෙයක් කළාට කමක් නෑ කිව්වා. මම ඒ දේ කරනවා. මම ඒ අයට අවනම්බුවක් කරන්නේ නෑ.


    • විවාහ වුණාට පස්සේ ඔබ ගැන බලාපෙරොත්තුවෙන් හිටි අය ඊර්ෂයා කරන්න ඇති නේද? ඔවුන් ඔබේ පවුල් ජීවිතය කඩන්න හැදුවේ නැද්ද?

    එහෙම කාන්තාවෝ ගොඩක් හම්බවෙලා තිබෙනවා. ළඟදී මේ කාන්තාවක් මට හම්බවෙලා කියනවා. ‘‘ඇයි සුනිල් මට ඔයා බඳින්න බැරිවුණේ. ඔයාව බැන්ද‌ා නම් අද මේ ලක්‍ෂරී ජීවිතය මම ගත කරනවානේ.’’ ඒවගේ දේවල් 10-15ක් විතර අය මට කිව්වා. ඒ අය දුක් වෙනවා. මම කිසි දෙයකට සැලෙන කෙනෙකුත් නොවෙයි. අපේ පවුල කඩන්න හැදූ අයත් ඉන්නවා. මගේ වයිෆ් ඒවා දන්නවා. තවමත් වෙමින් පවතින ඒවාත් තිබෙනවා. මගේ වයිෆ් ඒ සියලු දේ සතුටින් භාරගන්නවා. අපි දෙවියන්වහන්සේ එක්ක තමයි ජීවත් වෙන්නේ. මම කාන්තාවන් ආශ්‍රය කරනවා තමයි. ඒ කියලා ඔවුන්ට හිරිහැර කරලා නෑ. අපි කරන පව පින් අනුව තමයි සියලු දේ වෙන්නේ. ජීවිතය හොඳින් විඳිනවා. මට දැන් අවුරුදු 55ක්. අවුරුදු 80ක වැඩ කරලා තිබෙනවා. හෙට මැරුණත් දුකක් නෑ.


    • අද සමහර අලුත් නිළියන් ගැන කතා හැදෙන්නේ ඇයි? ඔවුන් මුදල් හම්බ කරන්න විවිධ වැඩ කරනවාද?

    මම තරම් නිළියෝ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්න නිෂ්පාදකයෙක් නැති තරම්. ‘‘ජීවිතේ ලස්සනයි’’ කියලා මම හැදූ චිත්‍රපටයෙන් අලුත් නිළියන් 4 දෙනෙක් සිනමාවට හඳුන්වා දුන්නා. ඒ නිළියෝ එතකොට අවේ බස්වල. සමහරු බොහොම දුප්පත්. චිත්‍රපටය ඉවරවෙන්න කලින් 4 දෙනාම කාර් ගත්තා. මට හරි ආඩම්බරයි. ඒ අය කාර් ගත්ත විදිහ මට වැඩක් නෑ. අද ඒ 4 දෙනාම හොඳ තත්ත්වයක ඉන්නවා. සමහරු කියනවා, මේ අය අනවශ්‍ය දේවල් කරලා සල්ලි හම්බ කරනවා කියලා. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

    ඒ 4 දෙනාගෙන් එක නිළියෙක් මට දවසක් අපූරු කතාවක් කිව්වා. මම ඇහැව්වා, ඔයාට මොනවද තිබෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්න නම් ගොඩක් තිබෙනවා. මම ඒවාට මුහුණ දෙනවා කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවාම සතියේ දවස් 5ට මම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක් තියාගන්නවා කිව්වා. ඒ 5 දෙනාට ටෙලිෆෝන් නොම්බර 5ක් දෙනවා. හැබැයි ඒ 5 දෙනා ලොකු සල්ලිකාරයෝ. සෙනසුරාද‌ා හා ඉරිද‌ා අවංක බෝයිෆ්‍රෙන්ඩ් තියාගන්නවා. එයාට වෙනම නොම්බරයක් දෙනවා. මේ අර නිළිය කිව්ව කතාව. ඔහොම තමයි එයා ජීවිතේ ගෙනියන්නේ. අපට හැමද‌ාම ෆන්ෂන් තිබෙනවා. පාටි තිබෙනවා. ඒවාට සල්ලි තියෙන්න ඕනෑ. අපි ජනප්‍රිය වෙන්න වෙන්න පුදුම ඩිමාන්ඩ් එකක් තිබෙන්නෙ. ඉතිං බෝයි ​ෆ්‍රෙන්ඩ්ලා අතදිගහැර අපට වියදම් කරනවා. එයා හොඳ ළමයෙක්. නමුත් මේ සමාජය මගින් ඇය නරකට යොමුකරලා. ජනප්‍රිය වීම නිසා මේ තත්ත්වය හරියට මේන්ටේන් කරන්න වෙනවා. එතකොට සල්ලි ඕනෑ, කාර් එකක් ඕනෑ. ඉතිං අයියේ මම වැරැදිද කියන්න. මම කිව්වා, නංගි ඔයා හරි. කල්පනාවෙන් යන්න. 5 දෙනා එක දවසට හම්බවුණු දවසට ඉවරයි. බෝයි​ෙෆ්‍රන්ඩ්ට අසුවුණොත් එ්කත් ඉවරයි කියලා.
    මේ අලුත් නිළියන් බඳින්න කැමැත්තක් නෑ. සමහරු නම් ඉක්මනින් බඳිනවා. බැඳලා අයින් වෙනවා. මම ගෙනා අනර්කලී දැන් ඒ විදිහට තමයි ඉන්නේ. ඇය විවාහ වෙලා දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ වගේ ඔලුව කල්පනා කරලා වැඩකරන නිළියන් අඩුයි. සල්ලි හොය හොයා යනවා. බඳින්නේ නෑ. බඳින්න එන අයත් දැන් අඩුයි. මේ හැමදේටම මුල මුදල්. සමහරු ගණිකාවන් බවට පත්වෙන්නෙත් ඔය තත්ත්වය හින්දමයි.



    nethfm
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගැහැනු කෙනෙක් එක්ක යාළු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වුණා. මම යාළුවූ, සබඳතා තියාගත් සමහරු අද වයසට ගිහින්. සමහරු මැරිලා. සමහර දේවල් මාධ්‍යට හෙළිකරන්න බැරි තරම් කතා තිබෙනවා. ඒ වගේ වැරදුණු තැන් ගොඩක් තිබෙනවා. කොලුකමට, කොලු කාලේ කරන දේවල් අසීමිතව මම කරලා තිබෙනවා.

    141.gif
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අපි නොදන්න අනර්කලී

    ඒ උනාට දැන් ඒකි හොදට ඉන්නවනේ බන්.සල්ලි කාරයෙක්ව බැන්දේ.බලපන් ඒකිගේ වයසේ අනිත් උන් තාමත් සල්ලි වලට පුක දිදී වටේ යන හැටි.:lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    රුවන්ගි රත්නායක - කාව්‍යා
    මේනකා මධුවන්ති
    නෙතු ප්‍රියන්ගිකා - සුබෝධිනී
    ඉමාෂා මධුෂානි -දෙව්මිණී
    මහේෂි මධුසංඛා - දිනේත්‍රා
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රුවන්ගි රත්නායක - කාව්‍යා
    මේනකා මධුවන්ති
    නෙතු ප්‍රියන්ගිකා - සුබෝධිනී
    ඉමාෂා මධුෂානි -දෙව්මිණී
    මහේෂි මධුසංඛා - දිනේත්‍රා

    මේනකා මධුවන්ති:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    mu mona unath open kiyala thiyenawa habei .. mu gahala nathi nilyek nathi wenna ba . sepa thamai

    17.gif
    නිලියොත් ඉතින් කැමැත්තක් නැති වුනත් ඇස් පියාගෙන අල්ලනව ඇති.
    ඉස්සරහට යන්න ඕන නිසා. ඒ කාලේ කැමරා ෆෝන් එහෙම තිබ්බනම් අපිටත් බලන්න තිබ්බ ලීක් වෙච්ච එකක් හරි....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    පොර සෝනියා දිසාගේ කේස් එක ගැන කෙලින්ම නෑ කියන්නේ නෑ. ඒක ඒ කාලේ ප්‍රසිද්ධ රහසක්. තට්ටයා පට්ට පොරක්. මොනවා නැතත් අරක පිං කරලා තියෙනවා :lol:
     
    • Haha
    Reactions: Jolly_Roger

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඒ උනාට දැන් ඒකි හොදට ඉන්නවනේ බන්.සල්ලි කාරයෙක්ව බැන්දේ.බලපන් ඒකිගේ වයසේ අනිත් උන් තාමත් සල්ලි වලට පුක දිදී වටේ යන හැටි.:lol:

    eaka hari bun dan nam hodata inna ekama eki anarkali witarada manda

    kalin itin hodata natuwane .. mole tiyena kella kiyala kiwa nisa mama arama kiwe