නිළි ඕෂධී හේවාමද්දුමියන්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    නිළි ඕෂධී හේවාමද්දුමියන්

    නිළි ඕෂධී හේවාමද්දුමියන්/ චාමි ශාන්

    Posted by admin on April 16th, 2015
    oosage-300x162.jpg


    මහින්ද මැතිතුමා අගමැති කරන්න වලිකන ෆේස්බුක් බලකායට ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමමින් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුමියන් විසින් දුන්නු වොයිස් කට් එකක් ‘දිනූ දේශය අනතුරේ’ පිටුවේ දාලා තියෙනවා.
    මේක ගැන එක එකා අවලං කතා කියන්න ඉඩ ඇති නිසා ඇත්ත තත්වය පැහැදිලි කරන්න හිතුනා.



    ඕෂධී කියන්නේ පේනවට වඩා රූමත් සහ අපි හිතනවට වඩා ඉතා බුද්ධිමත් නිළියක්. එයා ඔය ෂූටින් අනං මනං නැති වෙලාවට රටේ තත්වය ගැන තමයි වැඩිපුරම හිතන්නේ. කාලෙකට ඉස්සර එයා එහෙම හිත හිතා ඉන්නකොට තේරුණා රට බේරාගත්තු මහින්ද මැතිතුමා පරද්දන්න ද්‍රෝහී බලවේග ක්‍රියාත්මක වෙන බව. එයා එවෙලෙම තීරණයක් ගත්තා ඒකට විරුද්දව එයාට පුලුවන් දෙයක් කරන්න.
    ඊට පස්සේ පහුවදාම එයා තනියම අරලිය ගහ මන්දිරයට ගිහින් මහින්ද මැතිතුමා හම්බඋනා.



    මහින්ද මැතිතුමා එයාගේ අධිෂ්ඨානය අහලා හරි සතුටුූඋනා. “මේ වගේ තරුණ දරුවෝ ලොකෙටම ආදර්ශයක්” කියන රුවන් වැකිය ඒ මොහොතේ එතුමාගේ මුවින් පිටවුනාලු.


    එදායින් පස්සේ තමයි ඕෂධී රට බේරාගත් නායකයා වෙනුවෙන් හැම තැනම දුව පැනලා උද්යෝගයෙන් වැඩ කරන්න ගත්තේ. නිකම්ම නෙමෙයි. දුක් මහන්සියෙන් රඟපාලා හම්බකරගන්න තුට්ටු දෙක දේශපාලනේ කරන්න පෙට්‍රල් ගහලා නාස්ති කරනවයි කියලා ගෙදරින් බනිද්දිත්.


    මහින්ද මැතිතුමා පැරදුනු වෙලාවේ වැඩියෙන්ම ඇඬුවේ ඕෂධී. එකදිගට දවස් හතරක්ද කොහෙද.


    මෙදාපාර සිංහල අවුරුදු නැකතටත් තමුන්ගේ ගෙදර දාලා ඕෂධී තංගල්ලට දිව්වේ ඒ රට ගැන තිබුනු කැක්කුම නිසාමයි. එතන හිටපු සෙනඟ කන්දරාව දැක්කාම ඕෂධීට පුදුම හිතුනා. ඒ සේරම සෙනඟ ගෙන්නුවේ ෆේස්බුක් එකෙන් කියලා ඕෂධී විතරක්යැ අපිත් දන්නවනේ?
    ඉතිං ඕෂධීට හිතුනා මෙච්චර ප්‍රාතිහාර්යයක් කරපු ෆේස්බුක් වැඩකාරයන්ට ස්තුතියක් නොකලොත් හොඳ නෑ කියලා. ඉතින් එයා කාල්ටන් මන්දිරේ පුරා පැය ගානක් හෙව්වා ඒ වගේ ෆේස්බුක් පිටුවක ඇඩ්මින් කෙනෙක්ව. අන්තිමේ හොයලා හොයලා කොරිඩෝවක ඔය කණුව අයිනේ ඉඳලා යන්තම් එක්කෙනෙක් අල්ලගත්තා. ඒ ගමන ඕෂධීම එයාගේ “නොකියා එක්ස්පීරියා” ෆෝන් එකේ රෙකෝඩින් දාලා එයාට අල්ලගන්න කියලා තමයි ඔය වොයිස් කට් එක දුන්නේ.



    සමහර හාල්පාරුවෝ හිතං ඉන්න පුළුවන් ඔය Abeetha සහෝදරයා හරි ඒවගේ වෙන කෙනෙක් හරි, බේබිලා එක්ක ෆන් එකේ චැටක් දාගෙන හිටපු ඕෂධී ගාවට ගිහින් කන්කෙඳිරි ගාලා ඔන්න ඕය කණුව ගාවට එක්කගෙන ඇවිත් ඔය වොයිස් කට් එක ගන්න ඇති කියලා. ඒම මතයක් තියෙනවනං ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: