නීටා ප්‍රනාන්දු හොඳම නිළිය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
නීටා ප්‍රනාන්දු හොඳම නිළිය

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා උ‌ළෙලේ දී 'පාංශු' රංගනයට නීටා ප්‍රනාන්දු හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබයි; ‌‌හොඳම ඇඳුම් නිර්මාණයත් 'පාංශු'ට

Paangshu_5.jpg

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.20, ප.ව.6.25- ‌දෙවන සංස්කරණය.ප.ව.7.45 ) ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංග ශිල්පිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක වූ ‘පාංශු‘ සිනමාපටය පසුගිය 18 දා ප්‍රංශයේ නීස් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබූ අතර එම චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිත රංගනය සඳහා 'විදෙස් භාෂිත අංශයේ හොඳම නිළිය' සම්මානයෙන් පිදුම් ලබා තිබේ. කුමාර කරව්දෙනිය දක්ෂතම ඇඳුම් නිර්මාණ ශිල්පියා ‌ලෙසද, විදෙස් භාෂිත සිනමා අංශයේ ‌‌හොඳම තිර රචනාවට පිදෙන සම්මානය සඳහා විසාකේස චන්ද්‍රසේකරන්ගේ නම නිර්දේශ විය.
එම චිත්‍රපටයේ ඇය නිරූපණය කරන ලද්දේ 'බබා නෝනා' නම් රෙදි සෝදන (ඩෝබි) කාන්තාවකගේ චරිතයකි. මීට ‌පෙරද ජාත්‍යන්තර සම්මානයට පත් නීටා ප්‍රනාන්දු කලාශූරී සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. ඇය ‌මේ වන විට 71 වැනි වියේ සිටියදී ‌රංගනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂය. 88/89 භීෂන සමයේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් පැහැරගෙන යන ලද පුතු ‌වෙනුවෙන් යුක්තිය ‌සොයන මවකගේ චරිතයක් ඇය ‌මෙහි දී රඟපෑවා ය. ජයග්‍රහණයේ ප්‍රීතිය විඳිමින් ඇය කියා සිටියේ " මගේ රංගන ජීවිතයේ මා කළ දුෂ්කරම චරිතය ‌මේකයි." කියා ය.
ඇඳුම් නිර්මාණයක් උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලකදී ලාංකීය නිර්මාණයකට ලැබුණු ප්‍රථම සම්මානය දිනාගත්තේ 'පාංශු' චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණිය යි. ‌‌මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂනය ‌කෙළේ ද කුමාර කරව්දෙණිය වීම විශේෂිතය.
'පාංශු' චිත්‍රපටය අධ්‍යක්ෂණය ‌කෙළේ විසාකේස චන්ද්‍රෙස්කරන් විසිනි. විසාකේස චන්ද්‍රසේකරන් සම්මානනීය රචකයෙකි, නාට්‍ය නිෂ්පාදක වරයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. සම්මාන ලැබීම ගැන විසාකේස කියා සිටියේ "අපගේ නිර්මාණයට ජාත්‍යන්තර අවධානයක් ලැබීම නිසා ‌මේ නිර්මාණයෙන් සාකච්ඡා ‌කෙරෙන නීතියේ ආධිපත්‍යය, යුක්තිය හා සංහිඳියාව යන ‌දේවල් ගැන කතා බහක් ඇති කරන්නට අපට හැකිවේවි. නීටා තම පුතු ‌වෙනුවෙන් යුක්තිය ‌සොයමින් දඬුවම් අයදින මවකගේ මුළු බර කරට ගත්තා. මා සිතන හැටියට නීටාගේ රංගන ජීවිතයේ ඇය ‌මෙතෙක් කළ විශිෂ්ඨතම රංගනය ‌මෙයයි" යනුවෙනි.

'පාංශු' චිත්‍රපටයේ නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, නිල්මිනි බුවනෙක, මැල්කම් මචාඩෝ, ‌ග්‍රේස් ආරියවිමල් ඇතුළු නළු නිළි පිරිසක් ‌සෙසු චරිත රඟපාති. සංගීතය චින්තක ජයකොඩි විසිනි. ටීවීටී ආයතනය සහ හැව්ලොක් ආට්ස් ස්ටුඩියෝ විසින් පාංශු නිෂ්පාදනය කර තිබේ. පාංශු ‌මොන්ට්‍රියෙල් සිනමා උළෙල ද නියෝජනය කර තිබිණ. පාංශු චිත්‍රපටය ‌මේ වන විට ජාත්‍යන්තර ඉහළ ‌පෙළේ සිනමා උළෙල 7 ක් සඳහා ‌තෝරාගෙන ඇත.
මනෝජ් රූපසිංහ
 
ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීට කලිනුත් ජාත්‍යන්තර සම්මානයක් හම්බ වුනා මතකයි...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    kohomada meka balanne?