නීතියෙන්ම සර්පයන් මරා දැමීම

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    82498389_510500326269521_8721122787508355072_n.jpg

    ඕස්ට්‍රේලියාවේ ආක්‍රමණශීලී ඔටුවන් මරා දමනවා මෙන් ඇතැම් රටවල නීතියෙන්ම සර්පයන් මරා දැමීමට ඉඩ ලබා දී ඇති බව ඔබ දන්නවාද?
    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Everglades වන උද්‍යානයේ ඒකදේශික සත්වයන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක්ව ඇති බුරුම පිඹුරා / Burmese Python (Python bivittatus) මරා දැමීමට එරට රජය මීට වසර කීපයකට පෙරම තීරණය කර තිබෙනවා. අද වන විට මෙම සත්වයා හේතුවෙන් ඇතැම් ක්ෂීරපායී හා කුරුළු විශේෂ වඳවීයාමේ තර්ජනයකටද ලක්ව ඇත. බුරුම පිඹුරා ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වන්නේ කෙසේද ? ඔබ සිතනවා විය හැක. අප රටේ මෙන් නොව බොහෝ බටහිර රටවල සර්පයන් හා අනෙක් උරගයින් සුරතලුන් සේ හදා වඩා ගනී, මින් පිඹුරු විශේෂ වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. නමුත් තම සුරතලාගේ වැඩීමත් සමග ආහාර ලබා දීමේ ගැටළු හා සුදුසු ප්‍රමාණයේ වාසස්ථානයක් ලබාදීමට නොහැකි බව වැනි කරුණු නිසා මොවුන්ව ස්වභාවික පරිසරයට මුදා හැරීම සිදු කරයි. මෙම ක්‍රියාවේ අතුරුඑලයක් ලෙස අද වන විට ඔවුන් අභිජනනය කොට සැලකියයුතු ගහණයක් බෝවී හමාරය. එම හේතුවෙන් ඔවුන්ව ආක්‍රමණශීලී විශේෂයක් (Invasive species) ලෙස නම්කොට ඇත. උදාහරණයක් ලෙස 2009 හා 2010 වසර වල පිළිවෙලින් බුරුම පිඹුරන් 350ක් හා 300ක් පමණ ඉවත් කිරීමට එරට බලධාරීන්ට හැකිව තිබේ. අද වන විට පිඹුරු මාංශ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රචලිත ආහාරයක් වී ඇත. නිකන්ම මරාදමනවාට වඩා මිනිසාගේ දෛනික ආහාර අවශ්‍යතාවන් සඳහා පිඹුරු මාංශ යොදාගැනීමද එරට නීතියෙන් අවසර ඇත. මෙලෙස බුරුම පිඹුරන් මරාදැමීම අනුමත කළ හැකිද? කෙටි පිළිතුර "ඔව්". මිනිසා විසින්ම ඇතිකළ මෙම පාරිසරික අසමතුලිතතාවය ඔවුන්ම දැන් නිවැරදි කරමින් සිටී. බුරුම පිම්බුරාගේ ස්වභාවික ව්‍යාප්ති කලාපයේ එනම් ආසියාතික කලාපයේ හොඳ ගහණයක් සිටින තාක් කල් මෙලෙස මරාදැමීම අනුමත කල හැක (අපගේ සංස්කෘතික හා ආගමික කෝණයෙන් බලනවා නම් එය අනුමත කල නොහැක නමුත් එමගින් ප්‍රායෝගික විසදුමක් ලැබෙන්නේ නැත. ඔවුන්ට එය අදාළ වන්නේද නැත). යම් සත්ව විශේෂයක් පරිණාමය වන්නේ ඔවුන් සිටින භූගෝලීය ප්‍රදේශයන්ට අනුරූපව අනුවර්ථනයන් සහිතවය එම සතුන් වෙනස් පරිසර පද්ධති වලට ගිහින් දැමීමෙන් සිදුවන්නේ පාරිසරික අසමතුලිතතාවක් පමණි. විශේෂයෙන්ම පිඹුරන් වැනි විලෝපිකයන්, ආහාර දාමයේ ඉහළ ස්ථානයක සිටියන විට (Apex predator ලෙස) ඔවුන්ගේ බෝවීමද සීග්‍රයෙන් ඉහළ යයි. චායාරූපයෙන් පෙන්වා ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වනජීවී කාර්යංශය මගින් අල්ලාගත් අඩි 15ක් තරම් වැඩුන සතෙක්ය
    සංජය කණිෂ්ක snakesofsrilanka
    චායාරූප : foxnews.com
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    TFS.

    රටකින් රටකට සතෙක් ගෙනගියාම පරිසරයට වෙන හානිය කාටවත් හිතා ගන්න බැහැ.

    ඕස්ට්‍රේලියාවේ උක් වගාවේ කෘමීන් වැලක්වීමට හඳුන්වා දුන් උක් මැඩියා (cane toad) දැන් ඕස්ට්‍රේලියා භූමියෙන් විශාල කොටසක් ආක්‍රමණය කරලා, හිතාගත නොහැකි තරම් විශාල විනාශයක් සිදු කරනවා. ඒ මදිවට, ඔවුන්ගේ පැවැත්මට අදාළ සියළු සැප සම්පත් සහිත පරිසරයක් පැවතීම නිසා ඔවුන් කොතරම් විශාලෙට වැඩෙනවාද කියලා පහල බලන්න.

    'Toadzilla' found in national park

    70891534723ebde50f84991cff2186ff

    Fri, 20 January 2023 at 10:01 am AEDT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    ඕකුන් පට්ට වේගෙන් හැදෙනවාලු නේද
    නොකන දේකුත් නැහැලු, අර කනවා කියලා ගෙනාපු කෘමියා නං කන්නෙ නැහැලු දැන්
    ගෙවල් වලට පැනල් බල්ලො සහ පූසන්ට කන්න දාල තියන පෙට් ෆුඩ් ටිකත් කාල යනවාලු
    මුන් විස නිසා මුන්ව කන කිඹුලො පවා මැරෙනවා කියලා මම දැක්කා
    ගොඩ යෑමක් නැති සීන් එකක් තියෙන්නෙ මුන්ගෙන් නං
     
    ඔව්, උන්ව ආහාරයට ගන්න සර්පයන් පවා මැරෙනවා. දැනටමත් NT, WA, NSW වලට පැතිරිලා. අවුරුද්දකට කිලෝමීටර් 40-60 අතර දුරක් පැතිරෙන බව තමයි කියන්නේ. හාවුන්, නරියන්, ඔටුවෝ, මුවන්, ඌරන්, එළුවන් ඔක්කොම ගෙනැල්ලා කරගත්තු විනාශයට වඩා ලොකු විනාශයක් මුන්ගෙන් වෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇමරිකාවේ ඔය වගේ බෝ වෙච්ච තමවත් කරදරයක් තමයි චීනෙන් ගෙනාපු Asian carp මාළු. ස්වදේශික මාළු වද වීගෙන යනවලු උන් නිසා.. හෙන ගේමක් දෙන්නේ crap මාළු අයින් කරන්න ගගවල් වලින්.
    තව Nutria කියල දකුණු ඇමරිකාවෙන් ගෙනාපු ඌරු මියෝ වගේ උන් වගේ කුත් හෙන විනාසයක් කරනවලු. උන්ව මරල නැටි පෙන්නුවම ආණ්ඩුවෙන් සල්ලිත් දෙනවා.

    $6 for Every Swamp Nutria Kill

    America's Most Hated Fish - Asian carp

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,958
    113
    Dubai

    කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා​

    image_e7e655fa03.jpg

    සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    ඊට හේතුව. මෙම ‘වර්වෙට්’ වඳුරන් දූපත් වැසියන්ට හිසරදයක් වීම සහ වගා හානි සිදු කිරීමය. සින්ට් මාර්ටෙන් රජය. වඳුරන් මරා දැමීම සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඇතිවය.

    මරා දැමීමට පෙර, වඳුරන් 450 ක් අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිතය. වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම වසර 3 ක කාලයක් තිස්සේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

    ‘වර්වෙට්’ කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවෙයි. වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ පැමිණි සංචාරකයන්ගෙනි. ඒ, දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවෙනි.

    (එන්.ඩී.ටීවී)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇමරිකාවේ ඔය වගේ බෝ වෙච්ච තමවත් කරදරයක් තමයි චීනෙන් ගෙනාපු Asian carp මාළු. ස්වදේශික මාළු වද වීගෙන යනවලු උන් නිසා.. හෙන ගේමක් දෙන්නේ crap මාළු අයින් කරන්න ගගවල් වලින්.
    තව Nutria කියල දකුණු ඇමරිකාවෙන් ගෙනාපු ඌරු මියෝ වගේ උන් වගේ කුත් හෙන විනාසයක් කරනවලු. උන්ව මරල නැටි පෙන්නුවම ආණ්ඩුවෙන් සල්ලිත් දෙනවා.

    $6 for Every Swamp Nutria Kill

    America's Most Hated Fish - Asian carp

    අපෙත් අර ටැන්කි සුද්ද හින්ද ඔය වගේමසීන් එකක් වෙනව නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපෙත් අර ටැන්කි සුද්ද හින්ද ඔය වගේමසීන් එකක් වෙනව නේ
    වෙනස තියෙන්නෙ ටැංකි සුද්දා මරන එක ඒ තරං ආතල් එකක් නැහැ, අනික වතුරෙ ඉන්න එකෙක්ව අල්ලන එක ඒ තරංම ලේසිත් නෑනෙ

    ඒ වගේද ගොඩ ඉන්න සතෙක් උනා නං වීක් එන්ඩ් එකේ එයා රයිෆල් එකකුත් අරගෙන කොහොමද hunting යන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    වෙනස තියෙන්නෙ ටැංකි සුද්දා මරන එක ඒ තරං ආතල් එකක් නැහැ, අනික වතුරෙ ඉන්න එකෙක්ව අල්ලන එක ඒ තරංම ලේසිත් නෑනෙ

    ඒ වගේද ගොඩ ඉන්න සතෙක් උනා නං වීක් එන්ඩ් එකේ එයා රයිෆල් එකකුත් අරගෙන කොහොමද hunting යන එක
    දැන් දඩුලේන්නු ඌරන්ට නන් ඔෆිශියල් ඕක වෙනව ගම් පැතිවල නන්.
     
    • Like
    Reactions: reuse and NRTG