නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ළමය කැමැත්තෙන් ඇවිල්ල වදිනවා නම් වරදක් නැහැ
    ඇයි කැමැත්තෙන් වඳින්නෙ? ස්තූති කරානම් ඇතිනෙ. මොකද්ද යටහත් බවේ තියන හරිදේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    වඳින එකම අපචාරයක් තමයි. වඳින්නේ යටත් කියලා පෙන්නන්න නේ. ඇයි යටත් වෙන්නෙ කාටවත්? වහල් කම තමයි. වහල් කම කියන්නෙ අපචාරයක් තමයි. 🙂
    True... A consequence of this practice is the sad outcome of a spineless Nation. Personally I hate it. My father never let us do it. My son never does this except for Buddhist clergy and for both grandparents during the NewYear times - but they tell him not to. Teach them to respect the elders not to worship them.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    ලෝකේ ඉන්න පීචංම ජනවර්ගය බිහිවෙන්නෙ මෙහෙමයි.

    ගුරන්ටත් වඳිනවා, දොස්තරටත් වඳිනවා, දෙසපාලුවටත් වඳිනවා, පොලිස්කාරයටත් වඳිනවා, ග්‍රමසේවකටත් වඳිනවා, ඔෆිස් එකේ ලොක්කටත් වඳිනවා, කැම්පස් උන් සින්නන්ටත් වඳිනවා,

    බලුගැත්තර ජාතියක් මේක
    :yes: :yes:
     
    • Like
    Reactions: topkollek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇයි කැමැත්තෙන් වඳින්නෙ? ස්තූති කරානම් ඇතිනෙ. මොකද්ද යටහත් බවේ තියන හරිදේ
    වදින එක කොහොමද යටහත් බවක් වෙන්නේ. ඒක ගරු කරන විදියක්. බලපන් ජපන්නු කොන්ද නවල අනිත් එකාට ගරු කරන්නේ ඒ වගේ තමයි.

    1200px-Japan_-_Tokyo_%289980668875%29.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාවෙ වඳින එක වැරදි නම්, ජපානයේ ආචාර කරන විදිහත් වැරදියිද එතකොට?

    වදින එක කොහොමද යටහත් බවක් වෙන්නේ. ඒක ගරු කරන විදියක්. බලපන් ජපන්නු කොන්ද නවල අනිත් එකාට ගරු කරන්නේ ඒ වගේ තමයි.
    මමත් මේ දැන් කිව්වා විතරයි 😁
    ------ Post added on Nov 12, 2023 at 4:47 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    මම නම් ඔයවගේ ඒවට කැමති නෑ. මම ඔවා කරන්නෙත් නෑ. දැක්ක මත් හෙනම අවුල්. මොකද මගේ හිත මම දන්නවා එතරම් හොඳ එකක් නෙමේ කියලා. එක නිසා ඕනේ එකෙක් මම ඈතින් තීයන් ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: මම දන්නේ නෑ ගුරුවරයෙක් කොහොම හිතනවාද කියලා මටනං එහෙම ළමයෙක් වෙළඳ ගන්න කිසිම උවමනාවන් නෑ. අනවශ්‍ය දෙයක්.
     
    • Like
    Reactions: ttj and Mr Bones

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලංකාවෙ වඳින එක වැරදි නම්, ජපානයේ ආචාර කරන විදිහත් වැරදියිද එතකොට?


    මමත් මේ දැන් කිව්වා විතරයි 😁
    ------ Post added on Nov 12, 2023 at 4:47 PM
    හරි එහෙනම් ගුරුවරු ඒ විදිහට ළමයින්ටත් ගරු කරන්න ඕන මොකද කියන්නේ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වදින එක කොහොමද යටහත් බවක් වෙන්නේ. ඒක ගරු කරන විදියක්. බලපන් ජපන්නු කොන්ද නවල අනිත් එකාට ගරු කරන්නේ ඒ වගේ තමයි.

    1200px-Japan_-_Tokyo_%289980668875%29.jpg
    ඔතන මචං ගරුත්වය ගන්න කෙනත් ඔලුව නමල ප්‍රති ගෞරවයක් කරනවා නේද???

    මෙහේ එහෙම නෑ නේ...

    දන ගහල කොන්ද නමන්නේ නැතිව අත් එකතු කරලා ආයුබෝවන් කියන එක වගේ දෙයක් කියලා මට හිතෙන්නේ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වදින එක කොහොමද යටහත් බවක් වෙන්නේ. ඒක ගරු කරන විදියක්. බලපන් ජපන්නු කොන්ද නවල අනිත් එකාට ගරු කරන්නේ ඒ වගේ තමයි.

    1200px-Japan_-_Tokyo_%289980668875%29.jpg
    හරි එහෙනම් ගුරුවරු ඒ විදිහට ළමයින්ටත් ගරු කරන්න ඕන මොකද කියන්නේ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔතන මචං ගරුත්වය ගන්න කෙනත් ඔලුව නමල ප්‍රති ගෞරවයක් කරනවා නේද???

    මෙහේ එහෙම නෑ නේ...

    ගුරුවරයෙක්ට ගරු කරද්දී ක්‍රමය වෙනස්.
    ලංකාවෙත් ඔයිට සමානව ගුරුවරයා ආශීර්වාද කරනවා

    main-qimg-543a492429b36c599b5e25807cf5f9ce.webp

    ලංකාවෙත්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ගුරුවරුන්ට වඳින්නෙ යටත් වීමක් විදිහට නෙමෙයි, ගරු කිරීමක් විදිහට
    දෙමව්පියන්ට, තමන්ගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට වදින එක වැරැද්දක් නෑ. ඒක ගරු කිරීමක් තමයි. බුදු දහමේ හැටියට ඒක වදින කෙනාට පිං සිද්ධ වෙන ක්‍රියාවක්.
    දේශ පාලුවන්ට, කොහෙවත් නැති අපතයන්ට ලාභ ප්‍රයෝජන තකා හෝ වන්දිබට්ට කම් වෙනුවෙන් වදින එක තමයි යටත් වීම සහ නොකළ යුතු දේ.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගුරුවරයෙක්ට ගරු කරද්දී ක්‍රමය වෙනස්.
    ලංකාවෙත් ඔයිට සමානව ගුරුවරයා ආශීර්වාද කරනවා

    main-qimg-543a492429b36c599b5e25807cf5f9ce.webp

    ලංකාවෙත්
    ඔතනත් ගුරුවරයාත් හිස නමල ශිෂ්‍යයාට ආචාර කරනවා නේ. ටිකක් පරක්කු වෙලා ෆොටෝ එක ගත්ත නම් තව නැමිලා ඉදියි...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔතනත් ගුරුවරයාත් හිස නමල ශිෂ්‍යයාට ආචාර කරනවා නේ. ටිකක් පරක්කු වෙලා ෆොටෝ එක ගත්ත නම් තව නැමිලා ඉදියි...
    ඉතින් ලංකාවෙත් ආචාරය පිලිගන්නවනේ. පහු වෙලා ෆොටෝ ගත්ත කියල වෙනසක් නැහැ.

    bow-japan-historic-greeting_16x9.jpg
     
    • Like
    Reactions: ttj

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    දෙමව්පියන්ට, තමන්ගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට වදින එක වැරැද්දක් නෑ. ඒක ගුරු කිරීමක් තමයි. බුදු දහමේ හැටියට ඒක වදින කෙනාට පිං සිද්ධ වෙන ක්‍රියාවක්.
    දේශ පාලුවන්ට, කොහෙවත් නැති අපතයන්ට ලාභ ප්‍රයෝජන තකා හෝ වන්දිබට්ට කම් වෙනුවෙන් වදින එක තමයි යටත් වීම සහ නොකළ යුතු දේ.
    ඔව්, එකඟයි... ගරු කිරීමක් විදිහට වඳින එකේ වැරැද්දක් නැහැ... ඒකෙන් ලොකු බැඳීමක් ඇති වෙනව... ඔය බැඳීම් නැතිවෙලා හැමදේම සල්ලි වලින් මනින්න පුරුදු උන නිසා තමයි ලෝකෙ දැං තියෙන කාලකන්නි කුජීත තත්වෙට පත් උනේ :-(
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ගුරුවරයෙක් තම සිසු සිසුවියන්ව වැළඳගැනීම.

    ඔව්, සමහර විට ඔයාලගෙ වචන වලට අනුව මම outdated සංස්කෘතියක් ඔලුවෙ තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. මගේ outdated සංස්කෘතිය අනුව අර වඳින ළමයා තමයි හරි.

    * ඒ outdated සංස්කෘතිය අනුව කවුරු කළත් (රජා කළත්, ගුරුවරයා කළත්, පැවිද්දෙක් කළත්, ගිහියෙක් කළත්) වැරැද්ද වැරැද්දමයි.

    මම මේක මෙහෙම අහන්න හේතුව මේ වගේ අයව තමයි ගොඩක් වෙලාවට වර්ණනාවට ලක් වෙන්නෙ. නමුත් මගෙ දරුවෙක් (විශේෂයෙන්ම දුවෙක්) ඔතන හිටියා නම් මම ඔය පුද්ගලයාව මඟහැරලා යවනවා.
    ඔබේ මතය?

    Repost නම් sorry.

    https://fb.watch/ogo7aZ58Gj/?mibextid=Nif5oz

    https://fb.watch/ogoMOZBYxw/?mibextid=NnVzG8&startTimeMs=23330
    නීතියට අනුව කොහොමද කියල මම දන්නෙ නැහැ. ඔය පල්ලෙහා පච කෙලින උනුත් දන්නෙ නැහැ, උන්ගෙ මනස්ගාත කියෙව්වට. මෙකෙ ලෝයර් කෙනෙක් ඉන්නවනම් අපිව දැනුවත් කරන්න ප්ලීස්.

    මේ මට හිතෙන හැටි

    ලංකවෙ සංස්ක්ෘතිය අනුවනම් මෙතන කිසිම වැරැද්දක් නැහැ. ලංකාවෙ ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ගුරුවරුන්ට පුලුවන් නම් ලමයින්ට ශාරීරික දඬුවම් කරන්න, බනින්න, මේක මොකද්ද? බලෙන් හග් කරන එකයි, බලෙන් පාරෙ දණ ගස්සල වැඳුම් ගන්න එකෙයි, කිසිම වෙනසක් මට නම් පේන්නෙ නැහැ.
    ලංකාව ගෝත්‍රික රටක් නෙමේ කියල හිතමුකො, ළමයින්ට ශාරීරිකව දඬුවම් කරන උන්ට හිරේ යන්න වෙනව, ළමයින්ගෙ මානසික හානි වෙන දේවල් ගැන සංවේදී වැඩිහිටියො ඉන්නව, පොඩි උන් ලව්ව හරක් වගේ පොත් බෑග් වල දාල බර අද්දවන්නෙ නැහැ, අනවස් ය, තේරුමක් නැති විෂය කරුනු ඔලුවට පුරෝ ගන්න බල කරන්නෙ නැහැ, අදට වඩා දියුණු වෙච්ච රටක් කියල හිතමුකො.

    අන්න මෙක සම්පූර්ණයෙන්ම වැරදියි. සම්පූර්ණයෙන්ම අන් එතිකල්. කැමති ලමයින්ට හග් කරන්න, කැමති ලමයින්ට වඳින්න, කැමති ලමයින්ට ඔය මොකුත් නොකර ඉග්නෝ කරල යන්න නිදහස තියෙන්න ඕනෙ. ගුරුවරය ගිහිල්ල ලමයව හග් කරන එක වැරදියි. එතන ලමයට චොයිස් එකක් නැහැ.

    ලංකාව වගේ රටවල, මේ වගේ පොඩි පොඩි දේවලින් තමයි ලමයින්ගෙ ස්වාදීනත්වය ටිකින් ටික මොට්ට කරල දාන්නෙ. බලහත්කාරෙන් පිදුම් ගන්නව. ලොකු ලොක්කො ගාව දන ගහන්න, දෙකට නැමෙන්න පුරුදු කරනව.

    edit - බලෙන් වැඳුම් ගන්න එකයි, බලෙන් හග් ගන්න එකයි දෙකම එකක්. දෙකෙන්ම ලමයට හානියක් වෙන්නෙ. එකක් හරි, අනික වැරදියි කියන්නෙ වරදි කතාවක්. දෙකම අන්ත ගෝත්‍රික දේවල්. දෙකම 100% child abuse
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක වැරැදියි
    වදිනකොට ඔලුව අතගන එක වෙනයි,
    එකත් නවත්තන්න ඕන,ජපන්නු වගෙ ඈතින් ඉදන් ඔලුව පාත් කරන්න උගන්න්න ඕන
    ඒ හොදටම ඇති
    හැම එකාටම වදින්න ගිහිල්ල තමයි අපිට කෙල උනෙ

    මූ තනිකරම ලමය බදාගනන්වනෙ


    ලමයින්ට පොඩි කාලෙ ඉදලම උගන්න්න්න ඕන අනවශය විඩියට අත පත ගන්න දෙන්න එපා,
    කාගෙවත් ඔඩොක්කුවෙ ඉදගන්න එපා
    දෙන දෙයක් ගන්න එපා
    පබ්ලික් තැන් වල නේකඩ් නාවන්න එපා
    අනන් මනන්

    පෙඩො කේස් වලින් 50% එහා වෙන්නෙ ගෙදර වටේ එකෙක්ගෙන්මයි
    තාත්ත, සීය, මාම, බාප්ප, වගෙ එවුන්

    ඊයෙ මෙ කොට්ටාවෙ, මාකුබුර තියනව " ගම්මානය " කියල බත් කඩයක්
    එකට ආපු පවුලක් තාත්ත, පොඩි ගෑනු ලමයෙක් එලියට එක්කන් ගිහිල්ල කඩෙ ඉස්සර අයිනෙ චූ කෙරෙව්ව
    කඩෙ වොස් රූම් තියෙද්දි
    පාරෙ යන හැමඑකාටම පේනව
    ලමයට වයස 6-7ක් වගෙ

    පකේ අප්පල තමයි ඉන්නෙ