මාලිගාවත්තෙත් මේ විදියම තමයි. පල්ලිය පාරේ දෙපැත්තේම වාහන නවත්තල කඩවල් කරගෙන යනවා. කොච්චර ලොකු පාරක් උනත් වාහන දෙකකට මාරුවෙන්න හිතන්නවත් බෑ දැන්. බේස්ලයින් එකට එකතු වෙන පොඩි පාරවල් ගොඩාක් තියෙනවා ඒවා පාවිච්චි කලානම් ඔය පැත්තේ තියෙන ට්‍රැෆික් එක පට්ට විදියට අඩු කරන්න පුළුවන්. ඒ පාරවල් වල 3 වීල් රෙපෙයාර්, බයිසිකල් රෙපෙයාර්, ග්‍රිල් වැඩ, යකඩ වැඩ කඩවල් ඔක්කොම පාරේ. ඒ මදිවට ගෙවල්වල දොරෙන් එලියට බහින්න පඩි හදල තියෙන්නෙත් මහ පාරේ.
පාරේ යන්නේ මේ වගේම හෙල්මට් නැතිව. මම හිතන්නේ එක පොලිස් කාරයෙක් පැත්ත පාලාතේ යන්නේ නැතිව ඇති. එක්කෝ එක උන්ට දීල තියෙන උපදෙස් එහෙම නැත්නම් බයට, සංහිඳියාව නැතිවෙයි කියල.