නීතිය_අකුරටම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනතුරු වළක්වා ගන්න මංතීරු නීතිය අකුරටම



anathuru.jpg




මීට දින තුනකට ඉහතදී රථවාහන පොලිස් මූලස්ථානය මඟින් ආරම්භ කරන ලද අපරික්ෂාකාරී මාර්ග ධාවනය (මංතීරු නීතිය පිළිනොපැදීම) සම්බන්ධයෙන් අදාළ නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවූ රියදුරන් සංඛ්‍යාව දෙදහස ඉක්මවා ගොස් ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම මංතීරු අනුගමනය කිරීමේ නීතිය ගෙන ඒමට කටයුතු කරන ලද්දේ අපරික්ෂාකාරීරිය ධාවනය නිසා සිදුකෙරෙන අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවීමට පටන්ගත් නිසා බව රථවාහන පොලිසිය සඳහන් කරයි. මහා මාර්ගයේ මංතීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අවස්ථාවක ඒවා හරහා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම තුළින් මේ අනතුරු සිදුවන බව හඳුනාගෙන ඇත.
මංතීරු උපදෙස් මෙන්න
විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට මෙසේ එම මංතීරු කපාහැර සෙසු වාහන ඉස්සර කිරීම මෙහිදී සිදුකළ නොහැකි වෙයි.
බරවාහන, යතුරුපැදි, ත්‍රිරෝද රථ ධාවනය කළ යුත්තේ වම් පැත්තෙනි.
එහෙත් මාර්ගයේ වම් පැත්තේ තදබල ලෙස වාහන හිරවීමක් තිබේ නම් එවැනි අවස්ථාවක මාර්ගයේ දකුණු පැත්ත පැහැදිලිව තිබේ නම් එවැනි අවස්ථාවක එම වාහන දකුණු පැත්තෙන් ඉස්සර කිරීම වැරැද්දක් නොවන බව රථවාහන පොලිසිය පවසයි.
තවද කොළඹ සිට ඉතා දුර ප්‍රදේශයක් (උදා - මාතර, ගාල්ල, ත්‍රිකුණාමලය ආදී) බලා ධාවනය කෙරෙන බස් රථයකටද දකුණුපස මාර්ගය පැහැදිලිතාවක් තිබේ නම්, දකුණු පසින් ධාවනය වන වාහනයකට අනතුරක් සිදුනොවේ යැයි ඒ අවස්ථාවේදී ස්ථිර නිගමනයකට එළඹිය හැකි නම් පමණක් එම බස් රථවලටද දකුණුපසින් ඉස්සර කිරීමේ වරදක් නොමැති බව රථවාහන පොලිසිය ප්‍රකාශ කරයි.
තවද අපරික්ෂාකාරී මාර්ග ධාවනයේදී සිදුකෙරෙන වැරැදි සඳහා රථවාහන පොලිසිය මඟින් කිසිසේත් දඩ කොලයක් නිකුත් නොකරේ. එම වැරැද්ද සිදුකළ රියදුරා සෘජුවම උසාවිය වෙත යොමුකිරීමේ පත්‍රිකාවක් නිකුත් කෙරේ. එහිදී විනිසුරුවරයාගේ තීරණය මත ඊට අදාළ දඬුවම් නියම කෙරේ.
මංතීරු නීතිය යනුවෙන් රථවාහන පනතේ වරදක් සඳහන් වී නොමැත. එය මහාමාර්ගවල මංතීරු අනුගමනය නොකර සිදුකරන වැරැදි ඇතුළත් වන්නේද අපරික්ෂාකාරී රිය පැදවීම යන වරද යටතටම වේ.
පසුගිය සිකුරාදා (27) ආරම්භ කෙරුණ මෙම සොයා බැලීම් වෙනුවෙන් මහාමාර්ගවල රාජකාරියට වැඩි රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් යොදවා තිබේ. කොළඹ පමණක් නොව සමස්ත දිවයිනේම නගර හා මංතීරු ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් කටයුතු සිදු‍කෙරේ.
මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසියේ අවධානය යොමුවී ක්‍රියාත්මක වීමෙන් පසු මහමඟ තිබෙන රථවාහන තදබදය වැඩිවී ඇති බව ඇතැම් පිරිස් ප්‍රකාශ කළත් කෙසේවත් මෙවැනි දෙයක් සිදුවී නොමැති බව රථවාහන පොලිසිය පවසයි.
මහා මාර්ගයේ වාහන තදබදය වැඩියෙන් ක්‍රියාත්මක වන්නේ පෙරවරුව, පාසල් ඇරෙන කාලය සහ කාර්යාල අවසන් වන කාලය තුළ බව හඳුනාගෙන ඇත.
මංතීරු අනුගමනය නොකර රියැදුරන්ට අවශ්‍ය පරිදි හිතුමතයට ක්‍රියාකිරීමට ඉඩහැරීම නිසා රියදුරන් කොටසක් කෙසේ හෝ තම රථය අපරික්ෂාකාරී ලෙස හසුරවමින් ගොස් තම වාසිය ලබාගන්නා අතර එම නීතිය හරියාකාරව පිළිපදිමින් වාහන ධාවනය කරන රියදුරන්ව තම ගමන හරියාකාරව යාමට ඉඩ නොලැබී බොහෝ වේලාවක් මාර්ග තදබදය තුළ ගත කිරීමට සිදුවන බවද පොලිසිය කියයි.
එබැවින් මෙම නීතිය ක්‍රියාත්මක වීම තුළින් මහා මාර්ගයේ සංවරව වාහන ධාවනයට ඉඩ ලැබෙන අතර සිදුවන අනතුරු සංඛ්‍යාවද සම්පූර්ණයෙන් මේ වනවිටත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇතැයිද රථවාහන පොලිසිය කියයි.
 
Last edited:
  • Like
Reactions: ashmi

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Anith wahana walata kese wethath bus walatai three wheel walatai me neethiya dapu eka godak watinawa..para block karana tharamak karanne Oya dejathiya thamai..
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Anith wahana walata kese wethath bus walatai three wheel walatai me neethiya dapu eka godak watinawa..para block karana tharamak karanne Oya dejathiya thamai..

    අක්කලාට වගේ car නෑනේ ඉතින් හැමෝටම. දුප්පත් අපි යන්නේ එක්කෝ බස් එකේ නැත්නම් හදිස්සියකට wheel එකේ. අක්කලා වගේ අයට දුප්පත් අපේ දුක තේරෙන්නේ නෑ.... :(
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බයික්වලින් යන එවුන්ට තමයි වැඩියෙන්ම case එක
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    meka hariyata unoth hondayi. habeyi traffic set wei :(

    Na machan ehen mehen dala hira karagattama tamai traffic set wenne...

    Mehema line eke giyama tikak late wei but traffic eka ikmanata clear wenawa...

    assen ehen mehen daanna dunnama ehema karana eka kohoma hari issara wela yanawa... ani minissu paya ganan traffic eke katta kanna ona...

    meka hamotama sadarana nithiyak...

    Mama inna rate meka mama hodata athdakala tiyanawa...
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Me kathawa aththa. mamath japura hospital -> rajagiriya -> borella motor byke ekak padinne. Mata hitenawa meka genawata passe poddak traffic eka adui kyala.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කලාට වගේ car නෑනේ ඉතින් හැමෝටම. දුප්පත් අපි යන්නේ එක්කෝ බස් එකේ නැත්නම් හදිස්සියකට wheel එකේ. අක්කලා වගේ අයට දුප්පත් අපේ දුක තේරෙන්නේ නෑ.... :(

    ow ow Mage panda cross eka thama nawe..:P
    Ammo dakka kal..koheda athurudahan wela hitiye sudo?:love::D