මේකයි කතාව.
අපේ ගෙදර එහා පැත්තේ හිස් ඉඩමක් තියෙනවා. මේ පැත්තේ ඉන්නවා හාඩ්වෙයාර් එකක් කරන හාදයෙක්. මිනිහා ඔය ඉඩමට දැන් අවුරුදු කිහිපයක ඉදලා කළුගල් බානවා සහ පටවනවා පොඩි ටිපර්වලින්. ඒ දවස්වල සතියකට සැරයක් වගේ තමයි කළේ ඒ නිසා අපිත් ගණන් ගත්තේ නැහැ. ඉඩම මිනිහගේ.
ඒත් දැන් මේ අවුරුද්දක දෙකක ඉදන් හැමදාම වගේ බානවා පටවනවා. අපි දෙතුන් සැරයක් ගිහිල්ලා හොදින් කතාකරලා කිව්වා මේක නවත්වන්න පොඩි දරුවෝ එහෙම අපේ ගෙදරත් අසල්වැසි ගෙවල්වලත් දැන් ඉන්නවා කියලා. මොකද බානකොට කළුගල් දූහුවිලි යනවා හුළග එක්ක. සද්දෙ හරියට ගල් කොරියක ඉන්නවා වගේ. ඒත් මේ මිනිහා ඇහුවේ නැහැ. පස්සේ අපි පොඩ්ඩක් තදින් කතාකළහම අපිත් එක්ක රණ්ඩුවට ආවා. නමුත් අපි ඒක දුරදිග ගෙනියන්නේ නැතිව පැමිණිලි කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.
අපි එහෙම කරපු බව දැනගෙනද කොහෙදෝ මේ මිනිහා මාස ගාණක් මේ ඉඩමේ මුකුත් කළේ නැහැ. ප්‍රාලේ එකෙනුත් කේස් එක ඉස්සරහට ගෙනිච්චේ නැහැ දැන් මොකවත් නැති නිසා.
ඒත් ඔන්න දැන් අලුත් අවුරුද්දේ මිනිහා ආයෙත් පරණ වැඩේම පටන් අරන්. තව දවසක් දෙකක් බලලා අපි ආයෙත් ප්‍රාලේ එකට පැමිණිලි කරන්න ඉන්නේ.
මේකට මීට අමතරව ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ග තියෙනවද? පැමිණිලි කරන්න ඉන්නේත් අපි විතරයි. ඔය ඉඩමට එහා පැත්තේ ගෙදර තවමත් හදනවා කවුරුත් පදිංචි නැහැ තවම. ඉඩමට ඉස්සරහා ගෙයක් තියෙනවා, ඒකත් තවම හදන ගමන්. මේ ගෙවල් දෙකේම ඉන්නේ ඔය හාදයගේ නෑයෝ. ඒ අය මේක ගැන හ්ම් සද්දයක් නැහැ.